පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, July 24, 2014

අභීත දියණිගේ පුතු ගැන කියවෙන යහපත් මහරජ ටෙලි නාට්‍යය - Story of the Dong Yi's Son, Wind of Palace, Yahapath Maharaja



අත්තටු නෑ -ඒත් එයා ඉගිළෙයිනාට්‍යයයෙන් පසුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ප්‍රේකෂකයන් වෙත අලුතින්ම තිළිණ කළ කොරියානු ටෙලි නාට්‍යය තමයි යහපත් මහරජ’. ‛යහපත් මහරජකොරියානු බසින් යි සාන්විදිහටත්, ඉංග්‍රීසි බසින් වින්ඩ් ඔෆ් ද පැලස්යනුවෙනුත් හැඳින්වෙනවා. මේ නාට්‍යයේ ඇති තවත් විශේෂත්ව කිහිපයක්ම තියෙනවා. මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ කලකට පෙර ඔබ නැරඹූ සුජාත දියණිනාට්‍යය අධ්‍යක්ෂණය කළ ලී බ්‍යුන්ග් හූන්’. ඒ වගේම මෙයට තිර රචනයෙන් දායක වන්නේ කිම් යි-යංග්’. ඔහු ද ඔබට නුපුරුදු කෙනෙක් නොවේ. අභීත දියණිසහ ඉසිවර වෙදැදුරුයන නාට්‍ය සඳහා තිර රචනයෙන් දායක වුණේ ඔහුයි.

ඓතිහාසික කතා ප්‍රවෘත්තියක් ඔස්සේ නිර්මාණය වුණු මෙය කොරියාවේ එම්.බී.සීරූපවාහිනි නාලිකාව ඔස්සේ 2007 සැප්තැම්බර් 17 වැනිදා සිට 2008 ජූනි 16 දක්වා සෑම සතියකම සඳුදා සහ අඟහරුවාද දිනයන්හිදී විකාශනය වුණා. අප රටෙහි මෙය මාස පහක පමණ කාලයක් ධාවනය වන්නට නියමිත බවයි දැනගන්නට ලැබී තිබෙන්නේ.

කොරියාවේ ජෝසොන්රාජ වංශයේ 22 වැනි පාලකයා වූ ජොංජෝරජුගේ පාලන සමය පිළිබඳ මෙම කතාව නිර්මාණය වී තිබෙනවා. ජොංජෝකියන්නේ ඔබ නැරඹූ අභීත දියණියටෙලි නාට්‍යයේ දොං යිගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙක්. සාමාන්‍ය ජනතාව කෙරෙහි මෙම රජු දැක්වූ දයානුකම්පාව පිළිබඳ ඉතිහාසය පුරාම බොහෝ සාක්ෂි සාධක හමුවෙනවා. මේ නාට්‍යය මුල් තැන දෙන්නේ ද ඒ දයානුකම්පාව නිරූපණය කිරීමටයි.

මේ කතාව දිග හැරෙන්නේ රජුගේ කුඩා සමයෙන්. ඔහු රජ මැඳුරේ සේවය කරන දරුවන් දෙදෙනෙකු හා මිතුරු වෙනවා. ජොංජෝගේ සීයා වූ යොංජෝරජු විසින් ජොංජෝගේ පියා වූ, ඔටුන්න හිමි සාදෝකුමරුන්ව රජ මැඳුරේ සහල් ගබඩාවේ සිර කරනවා. ඔහුට කෑම හෝ ජලය ලබාදෙන්නේ නැහැ. ඔහු මෙසේ කරන්නේ ඔටුන්න හිමි කුමරු තමාට එරෙහිව කුමන්ත්‍රණයක් කරනු ඇතැයි යන සැකය නිසයි.  තම පියාව ගළවා ගැනීමට ජොංජෝට අවශ්‍ය වෙනවා. ඔහු සිය මිතුරන් වූ සොං සොන්ග්සහ පාර්ක් ඩා සුගේ උදව් ඇතිව සිය පියාවූ ඔටුන්න හිමි කුමරුන්හට සමාව දෙන්නැයි යොංජෝරජුගෙන් ඉල්ලා සිටිනවා. නාට්‍යය ජොංජෝරජුගේ ළමා විය පිළිබඳ කතා කිරීම එතැනින් නවතා ඔහුගේ තරුණ විය කරා ගෙන යනවා. ඔහු සිය ළමා වියේ මිතුරියක වන සොං සොන්ග් යොංසමඟින් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගන්නවා.

ටෙලි නාට්‍යය දැන් සෑහෙන දුරක් විකාශනය වී තිබුණත් මේ ඓතිහාසික කතාව පිළිබඳ යමක් සඳහන් කළේ තවමත් මෙය නරඹා නැති අය ඉන්නවා නම් ඔවුන් වෙනුවෙන්.

මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ජොංජෝරජු සිය රාජ්‍ය කාලය ඉතා දැහැමිව ගෙන යන්නට උත්සාහ කරන අතරේ සිය පියා පිළිබඳ ජනතාව නොදන්නා සත්‍යය හෙළිකොට ඔහුගේ නම පිරිසුදු කරන්නට බොහෝ වෑයමක් ගන්නවා. මෙම රජුගේ සොහොන වර්තමානයේ යුනෙස්කෝ ලෝක උරුමයක් බවට ද පත්වී තිබෙනවා.

ජොංජෝරජුගේ චරිතය නිරූපණය කරන ලී සෝ-ජින්

ජොංජෝ’ රජු

ජොංජෝරජුගේ චරිතය නිරූපණය කරන්නේ දකුණු කොරියානු රංගන ශිල්පියකු වන ලී සෝ-ජින්’. ඔහු ප්‍රේක්ෂක ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වුණේ  දාමෝසහ යි සාන්’ (යහපත් මහරජ) යන ඓතිහාසික නාට්‍යවලින්.

මෙහි ජොංජෝරජුගේ පෙම්වතිය වන්නේ සොං සොන්ග් යොං’. ඇයගේ චරිතය නිරූපණය කරන්නේ හන් ජි-මින්විසින්. ඇය ඕල් ඉන්සහ දා ජැන්ග් ගොම්’ (සුජාත දියණී) යන නාට්‍යවල සුළු චරිත සඳහා දායක වී තිබෙනවා. එම චරිතවලින් පෙන්වූ දක්ෂතාවල ප්‍රතිපලයක් හැටියට තමයි ඇයට මේ වගේ ප්‍රධාන චරිතයක් සඳහා දායක වෙන්න අවස්ථාවක් ලැබී තිබෙන්නේ.

සොං සොන්ග් යොංලෙෂ චරිත නිරූපණය කරන හන් ජි-මින්’ 

සොං සොන්ග් යොං’ 

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හඬකැවීම් අංශයේ ප්‍රධානියා වන අතුල රන්සිරිලාල් මහතාගේ අධීක්ෂණයෙන් සිංහල බසට හැරවුණු මෙය සිංහල ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීම සඳහා ප්‍රවීන මෙන්ම නවක ශිල්පීන් ද ඇතුළු දෙසියයකට ආසන්න පිරිසක් දායක වී තිබෙනවා. ප්‍රවීන ශිල්පීන් අතර කරුණාරත්න අමරසිංහ, පරාක්‍රම පෙරේරා, සීලරත්න සෙනරත්, රත්නා ලාලනී අබේවික්‍රම, රෝහණ සිරිවර්ධණ, ප්‍රසන්න ෆොන්සේකා, ලාල් සරත් කුමාර ආදීන් පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

මෙහි තේමා ගීතය අතුල රන්සිරිලාල් විසින් නිර්මාණය කොට ඇති අතර එයට සංගීතය මුසු කොට ඇත්තේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසිනි. ගායනා කරන්නේ ප්‍රවීන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක විසින්.


මෙම නාට්‍යය 2007 වසරේදී කොරියාවේ එම්.බී.සී. සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ බව  විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙහි ප්‍රධාන නළු නිළි දෙපළ විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලැබුවා. එමෙන්ම හොඳම ගැටවර චරිතයට හිමි සම්මානය දිනාගත්තේ ද මෙම නාට්‍යයේම රංගන ශිල්පියෙක්. එමෙන්ම හොඳම තිර රචනය වෙනුවෙන් කිම් යි-යංග් ද සම්මානයෙන් පිදුම් ලැබුවා. 


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න