පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, July 9, 2014

ස්වප්නා ටෙලිනාට්‍යයේ සුරාජ් - Suraj of Swapna alias diya aur baati hum


ස්වප්නාකියන්නේ මේ දිනවල සිරසනාලිකාවේ විකාශනය වනප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂකයන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් වුණු ටෙලි නාට්‍යයක්. දියා ඕර් බාති හම්නමින් ඉන්දියාවේ විකාශනය වූ මෙය එහි ද අතිශය ජනප්‍රියත්වයට පත්වුණු නිර්මාණයක්. ඒ නිසාම එන් කනවන් එන් දෝසන්නමින් දෙමළ බසිනුත්, ඊ තාරම් ඉලාලුනමින් තෙලිගු බසිනුත්, පරස්පරම්නමින් මලයාලම් බසිනුත්, තෝමේ ආමේ මිලේනමින් බෙංගාලි බසිනුත්, ආකාශදීපනමින් කන්නදා බසිනුත් දෙබස් කැවීම් සහ ප්‍රතිනිර්මාණය වීම් සිදුවෙලා තියෙනවා. පාකිස්ථානයේ ද ජනප්‍රියත්වයට පත් වූ මෙය Destine Implinite  නමින්  රුමේනියාවේත් විකාශනය වුණා. මෙය කොයි තරම් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ද කියා දැන් ඔබට සිතා ගන්නට පුලුවන්. මේ නාට්‍යයට රංගනයෙන් දායක වන ශිල්පීන් ද මේ හා සමානවම ජනප්‍රියයි. විශේෂයෙන් මෙහි ප්‍රධාන චරිතය දෙකින් එකක් වන සුරාජ්කියන්නේ ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක්. මේ චරිතය නිරූපණය කරන්නේ අනාස් රෂිඩ්’. මේ අනාස් ගැන ඔබත් එක්ක විස්තර ටිකක් බෙදාහදාගන්න එක හොඳයි කියලා සිතුවේ මේ නිසයි.

1980 අගෝස්තු 31 වැනිදා පන්ජාබයේ මැලේර්කොට්ලා හි උපන් අනාස් රෂිඩ් මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක්. සාම්ප්‍රදායික මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු සැබෑ පන්ජාබ් වැසියෙක් විදියටයි කවුරුත් හඳුන්වන්නේ. පන්ජාබ් වැසියන් ගී ගයන්නට ඉතා කැමතියි. අනාස් ගැන කියන්න තියේනනේත් ඒ කතාවම තමයි. ඒ වගේම ඔහුට ඉතා හොඳින් කෑම බීම පිළියෙල කරන්නත් පුලුවන්. උර්දු, පර්සියන් සහ පන්ජාබ් බස හොඳින් කතා බහ කළ හැකි ඔහු නේපාල බසත් තරමක් දන්නවා. ඔහු පවසන්නේ තමාට ඉන්දියාවේ ඇති සියලුම භාෂා ඉගෙනගන්නට කැමැත්තක් ඇති බවයි.

ඔහු රංගනයට පිවිසුනේ ඉන්දියාවේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණු කහින් තෝ හෝගාටෙලි නාට්‍යයෙන්. ඒ 2006 වසරේදී. ඔහු එම ටෙලි නාට්‍යයෙන් ද ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසගේ ආදරයට ලක් වුණා. ඉන් පසුව ඔහුට ඓතිහාසික නාට්‍යයක ප්‍රිත්වි රාජ් චවුහාන් නම් මහරාජා කෙනෙකුගේ චරිතයක් ලැබුණා. චවුහාන් කියන්නේ ඉන්දියාවේ බොහෝ දෙනෙකුගේ ගෞරවාදරයට පත් වුණු රජකෙනෙක්. රජතුමා ගැන මිනිසුන්ගේ හිතේ මැවුණු ප්‍රතිරූපයට හානි නොවෙන විදිහට මේ චරිතය කරන්න ඔහුට හැකියාව ලැබුණු බව තමයි බොහෝ දෙනෙක් පවසන්නේ. කෙසේ වුවත් ඔහුගේ මුල් ටෙලි නාට්‍යයෙන් දිනාගත්තු ප්‍රේක්ෂක ප්‍රතිචාරය එසේම රැකගනිමින් තවත් ප්‍රේක්ෂකයන් පිරිසක් ආකර්ෂණය කරගැනීමට ස්වප්නාඑසේත් නැත්නම් දිල් ඕර් බාති හම්ටෙලි නාට්‍යය  උපකාරී වුණු බවයි ඔහු පවසන්නේ.

ස්වප්නා


2013 වසරේ ඉන්දියාවේ පවත්වන ලද ඉන්දියානු රූපවාහිනි ඇකඩමි සම්මාන උළෙලේදී’  දියා ඕර් බාති හම්නාට්‍යයයේ කළ සුරාජ්ගේ චරිතය වෙනුවෙන් ජූරියේ හොඳම සම්මානයත්, 2013 වසරේ ඉන්දියානු ටෙලි සම්මාන උළෙලේදීමෙම ටෙලි නාට්‍යය වෙනුවෙන්ම හොඳම නළුවාට හිමිසම්මානයත් දිනාගන්නට අනාස්ට හැකිවුණා. 2006 වසරේ සිට මේ දක්වා ටෙලි නිර්මාණ අටකට පමණ රංගනයෙන් දායක වුණු අනාස් දියා ඕර් බාති හම්ටෙලි නාට්‍යයෙන් පස්සේ ඉන්දියානු ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වුණේ හොඳම ස්වාමි පුරුෂයාලෙසටයි. ඔහු එම ටෙලිනාට්‍යයේ අනෙක් ප්‍රධාන චරිතය වන සන්ධ්‍යානම් පොලිස් නිලධාරිනියගේ සැමියා ලෙස ඉතා දක්ෂ රංගනයක යෙදෙනවා. මේ නාට්‍යයේ සන්ධ්‍යාගේ චරිතය නිරූපණය කරන්නේ දීපිකා සිංග්. ඒ වගේම පුංචි තිරයේ හොඳම යුවල ලෙසද ඔවුන් දෙදෙනා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. කෙසේ වුවත් විවාහ ජීවිතය ගැන මේ තරම් හොඳින් රංගනයේ යෙදෙන්නට ඔහුට හැකියාව තිබුණත් ඔහු යුග දිවියක් ගැන අත්දැකීම් ඇති අයෙක් නම් නෙවෙයි. මොකද ඔහු තවමත් අවිවාහකයි.   මේ නිසා එක් අවස්ථාවක විවාහය ගැන එක් මාධ්‍යවේදියෙක් ඔහුගේ ප්‍රශ්නයක් ඇසුවා. ඔහු ඒ ගැන කිව්වේ මෙන්න මේ විදියටයි.

දැන් මට මනමාලියක් තෝරාගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් වගේම ඉන් බාහිරවත් මට සෑහෙන්න අවස්ථා තිබෙනවා.ඉස්කෝලේ යන වයසේ ඉන්න ගෑනු ළමයි, විශ්ව විද්‍යාලේ තරුණියන්, ඒ විතරක් නෙවෙයි විවාහක අයත් මට ආදරය කරන්න පටන් අරන්. මම මගේ දුරකතන අංකය කාටවත් නොදී හිටියත් මේ අය ඒක කොහොම හරි හොයාගෙන. මට නිදාගන්නවත් දෙන්නේ නැති තරමට දුරකතන ඇමතුම් එනවා. මට දැන් හිතාගන්න බැරිව ඉන්නේ කාව විවාහ කරගන්නද කියලා.” 

ඔහු මෙසේ පවසන්නේ සිනාහවෙමින්. 

ජනප්‍රිය නලුවෙක් වුණාම රසිකාවියන්ගේ දැඩි ආදරයට ලක්වෙන් එක වළක්වන්න පුලුවන් දෙයක් නෙවෙයි. අනාස්ටත් එහෙම තමයි. හැබැයි රසිකාවියක් නිසා අනාස්ට හරි අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න වුණා කියා බොහෝ මාධ්‍යවල පළවුණා. ඔහු ඒ අත්දැකීම ගැන කිව්වේ මෙන්න මේ විදිහටයි.

හයිද්‍රාබාද්වල මට රසිකාවියක් හිටියා. ඇය මා හමුවන්නට මුම්බායිවලට එන බව මට කීවා. මුලින්ම මම ඇයව පුලුවන් තරම් මග හැරියා. නමුත් ඇය මට විවිධ දුරකතන අංකවලින් කතා කරලා මාව හමුවෙන්නම ඕනෑ කියලා ඇවිටිලි කළා. දවස් නවයකට පස්සේ මම කැමති වුණා ඇය හමුවන්න. ඇය හිටියේ බුර්කාවක් ඇඳගෙන. ඇයගේ මුහුණ පෙන්වන කොටයි මම දැක්කේ ඇයට ඕන නම් අවුරුදු 17 ක් හෝ 18ක් විතර ඇති කියලා. ඇය පසුගිය දවස් නවය පුරාම මට කතා කරලා තියෙන්නේ මුම්බායිවල ඉඳන්. ඒ දවස නවයටම ඇය එක දවසක්වත් නාලා හිටියේ නැහැ. එකම ඇඳුමෙන්මයි ඉඳළා තියෙන්නේ. මෙහෙම කියන්න හොඳ නැති වුණත් නොකියා බැහැ. ඇය ළඟින් ආවේ අහළ පහළක ඉන්නත් බැරු තරම් දුර්ගන්ධයක්. මම යාලුවෙකුට කතා කරලා ඔහුවත් ගෙන්වාගෙන ඇයව දුම්රිය නැවතුම් පළක් අසළින් බස්සලා, හයිද්‍රාබාද්වලට ප්‍රවේශ පත්‍රයකුත් අරන් දුන්නා. දුම්රිය ආරක්ෂක නිලධාරී මහතෙකුට මම කිව්වා හයිද්‍රාබාද්වලට යනකම් මෙයාට බහින්න නම් දෙන්න එපා කියලා.

ඉන්දියානු ටෙලි නාට්‍ය නිළියක් වන රාති පාන්ඩේ සමඟ ඔහුගේ කුමක් හෝ සම්බන්ධයක් තිබෙන බවට බොහෝ කටකතා පැතිර ගියා. ඔවුන් ආදරය කරන බවත්, විවාහවන්නට සූදානමින් ඉන්න බවත් මේ කටකතා අතර වැඩිපුර කතාබහට ලක්වුණා. මේ ගැනත් ඔහුගෙන් ඇසුවා. නමුත් ඔහු ඒ කටකතා සියල්ල ප්‍රතික්ෂේප කළා.

රාති

රාතියි මමයි අතරේ ඔය කියන විදියේ කිසිම සම්බන්ධයක් දැන් ඇත්තෙත් නැහැ. ඉස්සර තිබුණෙත් නැහැ. අනෙක් අප කසාද බඳින්න යන්නෙත් නැහැ. නමුත් අපි දෙන්නා හොඳ යාලුවෝ. ඒ යාලුකම දිහා බලාගෙන ඉන්න බැරි අය තමයි මේ වගේ කටකතා හදන්නේ. ඒත් මට අනෙක් අය හිතන දේවල්වලින් වැඩක් නැහැ. මම මේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැඳිලත් නැහැ.” 

අනාස් සහ රාති


ඔහු එය පැවසුවේ නම් ටිකක් තරහින්.

ඔහු කවදා හරි නිළියක් සමඟ විවාහ වෙනවද කියලා තවත් එක් අවස්ථාවක මාධ්‍යවේදියෙක් ඇහුවා. ඔහු එය ඇහුවේ රාති පාන්ඩේ සහ ඔහු අතර යම් සම්බන්ධයක් තියෙන බව ඔහුට අඟවමින්.

මගේ අම්මා මට නිදහස දීලා තියෙනවා විවාහයට මට කැමති කෙනෙක්ව තෝරාගන්න. ඒත් මම හැදුණු වැඩුණු පරිසරයත් එක්ක මට කවදාවත් නිළියක්ව නම් විවාහ කරගන්න බැහැ. මට ගෙදරින් ඒකට නම් අවසරයක් ලැබෙන එකක් නැහැ. මගේ අම්මත්, සොයුරියත් දෙන්නම බුර්කා අඳින සාම්ප්‍රදායික මුස්ලිම් අය. එහෙම තියෙද්දි මගේ බිරිඳ රූපවාහිනියේ ඉන්නව දකින්න මම කැමති නැහැ. අපේ පවුල්වල අය කැමතිත් නැහැ.




No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න