පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, November 21, 2014

කසාදෙන් පස්සේ දුවෙක් හදන්න ද පුතෙක් හදන්න ද කැමති? - How To Get A Baby Boy Or Girl Naturally



මම නම් කැමති මුළින්ම දුවෙක් ලැබෙනවා නම් . . .

අනේ  . . . මම නම් කැමති පුතෙකුට අයියෝ . . .

ඒ වුණාට දුවෙක් තමයි හොඳ . . .

සාමාන්‍යයෙන් විවාහ වෙන්න ඉන්න අය අතර මේ වගේ කතා බහ නිතර සිදුවෙනවා. මේ විදිහට කතා වුණත් යම්කිසි වෙළෙඳ භාණ්ඩයක මාදිලියක් තෝරාගන්නවා වගේ දුවෙක් ද පුතෙක් ද කියන එක තෝරගන්න කාටවත් ඉඩක් නැහැ. ඒත් තමන් කැමැති කෙනෙක් ඉපදෙනවා නම් කවුරුත් කැමතියි. ඒ නිසා ලෝකයේ විවිධ රටවල මේ සදහා විවිධ ක්‍රම හොයාගන්න උත්සාහ කළා. ලෝකයේ විවිධ රටවලින් මේ වගේ විවිධ ක්‍රම හොයාගන්න පුලුවන්. හුඟක් දෙනෙක් විද්‍යාත්මක පදනමක් ඇති දේවලි ගැන වැඩි උනන්දුවක් දක්වන බවත් පේනවා. කොහොම වුණත් මේ ළඟදි දවසක් අනත්ර්ජාලයේ තිබිලා මේ වගේ විස්තරයක් හම්බ වුණා. මේක පළ කරලා තිබුණේ සුප්‍රකට http://www.babycentre.co.uk වෙබ් අඩවියේ. අනෙක් හැම ක්‍රමයක් වගේම මේ ක්‍රමයෙත් විද්‍යාත්මක පදනමක්, විද්‍යාත්මක තහවුරු කිරීමක් නැති වුණත්, මෙය අත්හදා බැලුවා කියා අහිතකර කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. අනෙක සඳහන් කරලා තියෙන ඇතැම් කරුණුවල යම්කිසි පදනමක් තියෙන බවත් පේනවා. පාර අයිනේ තියෙන අඹ ගහකට පොල්ලකින් ගැහුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැනේ. වැදුනොත් ගෙඩිය බිම. නැත්නම් පාඩුවේ යන එකනේ තියෙන්නේ. එහෙනම් මේ අඹ ගෙඩියටත් පොල්ලෙන් ගහලා බලමු.

මුළින්ම අපි බලමු පුතෙක් ඕන නම් කරන්න ඕන මොනවද කියලා

1. කාන්තාවකට ඔසප් වූ දිනයේම ලිංගිකව එක් විය යුතුයි. මොකද එවැනි දවසට පිරිමි ශුක්‍රාණු ගැහැනු ශුක්‍රාණුවලට වඩා වේගයෙන් පිහිනා ගොස්  ඩිම්බය වෙත පළමුව ඩිමිබ්ය වෙත ළඟා වෙන බව පැවසෙනවා. (මේ කතාවේ ඇත්ත නැත්ත නම් මට තේරෙන්නේ නැහැ)

2. පිරිමියාට පෙර කාන්තාව සුරතාන්තයට පත් විය යුතුයි. එවිට කාන්තාවගේ යෝනියෙන් භාෂ්මික ද්‍රාවණයක් ගළන්න පටන් ගන්නවා. මෙම ද්‍රාවණය පිරිමි ශුක්‍රාණු සඳහා ඉතා හිතකර බවයි විශ්වාස කෙරෙන්නේ.

3. පිරිමියකුගෙන් නිකුත්වන පිරිමි ශුක්‍රාණු සංඛ්‍යාත්මකව වැඩි වීම. මෙයට හේතුව නම් මේවා අතරින් පිරිමි ශුක්‍රාණු කාන්තා ශුක්‍රාණුවලට වඩා ශක්තිමත් බවින් අඩුවීමයි. එබැවින් පිරිමි ශුක්‍රාණු සංඛ්‍යාවෙන් වැඩි වූ විට ඩිම්බය කරා පිරිමි ශුක්‍රාණු ළඟාවීමේ වැඩි හැකියාවක් තිබෙනවා.

4. සතියක් තිස්සේ ලිංගික එක්වීමෙන් වැළකී ඔසප් දිනයේම ලිංගිව එක්වීම. එවිට පිරිමි ශුක්‍රාණු සංඛ්‍යාව ඉහළ මට්ටමකින් රඳවාගත හැකියි. (මේ කතාවේ ඇත්ත නැත්ත නම් මට තේරෙන්නේ නැහැ)

5. මාසයේ ඔත්තේ දිනවල පමණක් ලිංගිකව එක් වීම.

6. ලිංගික එක්වීමකට පෙර පිරිමියාගේ ලිංගික අවයව සිසිල්ව පවතින අයුරින් ඇඳුම් ඇඳීම. තවත් විදිහකින් කිව්වොත් ලිහිල් ඇඳුම් වැඩි වශයෙන් ඇඳීම.

7. ලුණු සහිත ආහාර, මස්, මාළු, සුදු පිටි, පාස්තා, නැවුම් පලතුරු, එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගැනීම. නමුත් කිසිම කිරි ආහාරයක් ගැනීමෙන් වැළකිය යුතුයි. චොක්ලට්, බෙල්ලන්, පාන් වැනි ආහාරවලින් ද වැළකී සිටිය යුතුයි.

හොඳයි දැන් බලමු දුවෙක් ලැබෙන්න නම් මොනවද කරන්න ඕන කියලා

1. ඔසප් චක්‍රයේ මුල්ම සමයේ ලිංගිකව එක් විය යුතුයි. ඒ කියන්නේ ඔසප් වන්නට දින කිහිපයකට කලින්  කියන එකයි. එයට හේතුව නම් ගැහැණු ශුක්‍රාණු පිරිමි ශුක්‍රාණුවලට වඩා වැඩි කාලයක් ජීවත්වන බව සාමාන්‍ය පිළිගැනීම නිසයි. එවිට ඩිම්බය පිටවෙන දිනය වන විට එය කරා ළඟාවන්නට ජීවත්ව ඉන්නේ ගැහැනු ශුක්‍රාණු පමණයි.

2. පිරිමියා කාන්තාවට පෙර සුරතාන්තයට පත් විය යුතුයි.

3. ඔසප් දිනයට දින 4 - 5 ක පෙර අනාරක්ෂිත ලිංගික එක්වීම්වලින් වැළකී සිටිය යුතුයි. එවිට පිරිමි ශුක්‍රාණු ඩිම්බය කරා  මුළින්ම ගමන් කිරීම හැකිතාක් අවම කරගත හැකියි.

4. පිරිමියාගේ ලිංගික අවයව උණුසුම්ව තබාගත යුතුයි. එනම් තරමත් හිරගතියෙන් යුක්ත ඇඳුම් ඇඳිය යුතුයි. නමුත් මෙහි අහිතකර පැත්තකුත් තියෙනවා. නිතර හිර ඇඳුම් ඇඳීම පිරිමින්ගේ ලිංගික සරු භාවයට හානියක් සිදුවන්නත් පුලුවන්. එයත් මතක තබාගන්න.

5. දිවා කාලයේ ලිංගිකව එක් වීම

6.මාසයේ ඉරට්ටේ දිනවල ලිංගික එක් වීම.

7. ඔබගේ ඇඳ යට ලී හැන්දක් සහ කොට්ටය යට රෝස පැහැ රිබන් පටියක් තබා ගැනීම. (මේ කතාවේ ඇත්ත නැත්ත නම් මට තේරෙන්නේ නැහැ)

8.  කිරි වැඩිපුර බොන්න. කිරි සහිත ආහාර වැඩිපුර ගන්න. ලුණු නැති හෝ ලුණු රහිත ආහාර වැඩිපුර ගන්න. බත්, පාස්තා, ලවණ සහිත ජලය, මස් හා අර්තාපල් කෑමට ගන්න. මස් අඩුවෙන් ගන්න. ඒ වගේම වයින්, බියර්, නැවුම් පලතුරු, නිවිති, තක්කාලි, හතු, කෝපි සහ තේ දිහා බලන්නෙවත් නැතිව ඉන්නවා නම් තමයි වැඩේ සාර්ථක වෙන්නේ.

මේ ක්‍රමවලින් ඇතැම් ඒවායේ විද්‍යාත්මක පදනමක් තියෙන බව පේනවා. ඇතැම් ඒවායේ නම් එවැන්නක් පෙනේනන නැහැ. නමුත් ඒවා අත්හදා බැලුවා කියා කිසි දෙයක් වෙන්නේ නැහැ. සියල්ල තියෙන්නේ ඔබේ අතේ. අන්තිමට කියන්න තියෙන්නේ මේ ක්‍රම අත්හදා බැලුවාට කමක් නැහැ, ඒත් බලාපොරොත්තු වුණු විදිහට දුවෙක් හෝ පුතෙක් නොලැබුණා කියා හිතේ කනස්සල්ලක් ඇති කරගන්න එපා. ඉපදෙන්නේ දුවෙක් වුණත් පුතෙක් වුණත් ඒ ඔබ දෙදෙනාගේ දරුවා. ඒ කණස්සල්ල දරුවාට දැනෙන බව අමතක කරන්නත් එපා. 

4 comments:

  1. මීට සාර්ථකයිනෙ අර චක්‍රය අනුව කල‍ානං. සෑහෙන්න ප්‍රතිශතයක් හරි!

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක හරි. මේකත් මේ හදිසියේ හම්බ වුණු එකක්. මේ දෙකම කළා නම් වැඩේ තවත් ෂුවර්!

      Delete
  2. මචං මේකේ එකක් වැරදි කියලා හොඳටම දන්නවා.ඔසප් දිනට දින 7ක් පෙර හා දින 7ක් පසු යන කාලය තුල ගැබ් ගන්නේ නෑ බං

    මම"ජිවිතයට science" Blog එකෙන්

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර ඒවා වැරදියි නම් තමයි. ඒත් කළා කියලා අවුලක් නැති නිසා ඔන්න ඔහේ ලියලා දැම්මා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න