පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, November 19, 2014

රෝහිත් ෂර්මාගේ ක්‍රිකට් ඉනිමට පෙම්වතිය වූ සොෆයාගෙන් නිරුවත් ඡායාරූප ඉනිමක් - Rohit Sharma gave a double century and Sofia Hayat awarded him with a nude shoot

සොෆයා සහ රෝහිත් 

පසුගිය නොවැම්බර් 13 වැනිදා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පැවැත්වුණු සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරගය ගැන ලෝකයේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒකට හේතුව තමයි ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ශර්මාගේ පිති හරඹය. ඔහු පන්දු 173ක්දී ලකුණු 264ක් ලබාගනිමින් ලෝක වාර්තාවක් පිහිටෙව්වා. ඒ එක්දින තරගයකදී තනි ක්‍රිඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරගනිමින්.

තමන්ගේ ළඟම හිතවතෙක් මේ වගේ දස්කමක් කරන කොට ඒ සතුට විඳ දරාගන්න බැරිව සමහරු විවිධ දේවල් කරනවා. රෝහිත්ටත් මේ වගේ ළඟම හිතවතියක් සිටියා. ඇය සොෆයා හයට්. 1974 වසරේ එක්සත් රජධානියේ කේන්ට් ප්‍රාන්තයේ උපන් ඇය සාම්ප්‍රදායික මුස්ලිම්  පවුලක දැරියක්. ඇගේ පියා, සමුරාද්, කර්මාන්ත ශාලා සේවකයෙක්. ඒ වගේම දැඩි මතධාරී ආගමිකයෙක්. ඔහු ගැහැනුන් කෙරේ ගෞරවයක් තිබුණු තැනැත්තියක් නොවේ යැයි Dishonoured නමින් ලියැවුණු ඇගේ ජීවිත කතාවේ සඳහන් කොට තිබෙනවා. එක්සත් රාජධානියේ සාම්ප්‍රදායික මුස්ලිම් පවුලක උපන්නත් පසුකාලයේ ලෝකයා ඇය හඳුනාගත්තේ බොලිවුඩ් නිළියක් විදිහටයි. ඒ විතරක් නොවෙයි ඇය සරාගී නිළියක් හැටියටත් ප්‍රසිද්ධයි.

කොහොම වුණත් සොෆයා හයට් සහ රෝහිත අතර 2012 වසරේ ප්‍රේම සබඳතාවයක් තිබුණා. මේ වන විට එය නැහැ කියා තමයි කියන්නෙ. ඒ නිසා ඔවුන් අතර හිතවත් කම තවමත් එහෙමම තියෙනවා. ඒ හිතවත් කම කොයි තරම්ද කිව්වොත් රෝහිත්ගේ මේ ක්‍රිකට් දස්කම වෙනුවෙන් ඔහුට කිසිදාක අමතක නොවෙන විදියේ තෑග්ගක් දෙන්න ඕන කියලා ඇය සිතුවා. ඒ අපූරු තෑග්ග තමයි ඇගේ ටිව්ටර් සමාජ වෙබ් අඩවියේ තමන්ගේම නිරුවත් ඡායාරූප කිහිපයක් පළ කරන එක. (මෙම ඡායාරෑප සියල්ල මෙතැනින් නරඹන්න පුලුවන්) මේ සිදුවීමත් එක්ක රෝහිත්ගේ ලෝක වාර්තාව, ඔහුගේ ඓතිහාසික ඉනිම ගැන  ක්‍රිකට් ක්‍රිඩාවට උනන්දුවක් නොදක්වන අයත් හොයන්න  පටන් ගත්තා. හැබැයි ඒ වැඩි දෙනෙක් පිවිසිලා තිබුණේ ක්‍රිකට්වලට සම්බන්ධ වෙබ් අඩවිවලට වඩා හයට්ගේ ට්විටර් වෙබ් පිටුවටයි. මේ විදිහට ලෝකයේ බොහෝ දෙනෙක් රෝහිත් ගැනත්, සොෆයා හයට් ගැනත් බොහෝ දේවල දැනගත්තා. ඇය තම් ට්විටර් වෙබ් පිටුවේ මෙන්න මෙහෙම සඳහන් කොට තිබුණා.

සොෆයාගේ ට්විටර් පිටුව. ඇගේ ටිව්ටර් පිටුවට මෙතැනින් පිවිසෙන්න පුලුවන්.


රෝහිත් ෂර්මාගේ ඓතිහාසික ලකුණු රැස්කිරීම වෙනුවෙන් මගේ මේ නිරුවත් ඡායාරූප දැක්ම කැපකරමි. ජය වේවා! මෙය ඔබටයි! ඉන්දියාවට අභිමානවත් දිනයක් වේවා!

කෙසේ වුවත් ඇය චිත්‍රපට දර්ශනයක් නොවන අවස්ථාවක නිරුවත් වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. පසුගිය කාලයේ පැවති අයිස් බකට් රැල්ල සමයේදී ද ඇය නිරුවත් වුණා. (එය මෙතැනින් නරඹන්න පුලුවන්) ඒ විතරක් නොවෙයි නිරුවත්වීමෙන් ක්‍රීඩකයන්ට උපහාර කරන්නට ඉදිරිපත් වුණු මුල්ම කාන්තාව සොෆයා පමණක් නොවෙයි.  ඉන්දියානු මෝස්තර නිරූපිකාවක වූ පූනම් පාන්ඩේ 2011 දී පැවසුවේ ශ්‍රී ලංකාව සමඟ පැවති ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ජයග්‍රහණය කළොත් තමන් නිරුවත් ඡායාරූපයකට පෙනී සිටින බවයි. ඇය මුළින්ම සඳහන් කළේ තමන් මුළුමනින්ම නිරුවත් වන බව වුණත් අන්තිම මොහොතේ ඇය එම පොරොන්දුව වෙනස් කරමින් අඩනිරුවත් ඡායාරූප කිහිපයක් පමණක් ඉදිරිපත් කළා.

පූනම් පාන්ඩේ 

මෙය ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල ද දක්නට ලැබුණු අවස්ථා තිබෙනවා. 

ලැරිස්සා 

ලුසියානා 

ෆයිෆා පාපන්දු ලෝක කුසලානය තම රටවල් ජයග්‍රහණය කළහොත් පැරගුවේ ලැරිස්සා රිකල්මේ සහ ආර්ජන්ටිනාවේ ලුසියානා සල්සාර් ද මෙසේ නිරුවත් වන බවට පොරොන්දු ලබා දී තිබුණා. 

1 comment:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න