පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, January 9, 2015

අවසානයේ සිංහලයන් පරාජයට පත්විය - At Last, Sinhalese Defeated



නව ජනපතිවරයෙක් අපට දැන් ලැබී තිබේ. පැවැති රජයේ අඩුපාඩු නිවැරදි කරමින් නව රජයක් යටතේ අප රටට නව යුගයක් උදාවනු ඇත. කෙසේ මුත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලෙස බැලීමේදී අපට පැහැදිලිව පෙනෙන කරුණු කිහිපයක් තිබේ. එනම් පැවති රජයේ වැරදි අඩුපාඩු බොහෝ තිබුණ ද සිංහල බහුතරය ඇති බොහෝ දිස්ත්‍රික්කවලින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප වී නොමැති බවය. නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට වැඩි වශයෙන්ම හේතු වූයේ උතුරේ දෙමළ ජනතාවගේ හා නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ලැබුණු බහුතර ඡන්ද ප්‍රතිශතයයි. පැවති රජයේ නාස්තිය, දූෂණය, පවුල් පෝෂණය, ප්‍රතිපත්තිමය දේශපාලනයක් නොව මිථ්‍යා විශ්වාස අනුව රට පාලනය කරන්නට උත්සාහ දැරීම, සාමාන්‍ය ජනතාව අනුමත නොකරන දේ සිදුකිරීම, සාමාන්‍ය ජනතාවට දැනෙන තරම් සහන නොලැබීම  ආදී බොහෝ හේතු නිසා මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට බලය අහිමි විය. කෙසේ මුත් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා තීරණයට හිස නවා, විරුද්ධ පාක්ෂිකයන් සිය සමාජ වෙබ් අඩවිවල සඳහන් කොට තිබූ අනාවැකි පුස්සක් කරමින් ඔහු සරල ලෙස සිය පරාජය පිළිගෙන නව රජයට කිසිදු බාධාවක් නොකරමින් අරලියගහ මැඳුරෙන් නික්ම ගියේය. 

මේ මැතිවරණයෙන් පොදු ජන මතය ජයග්‍රහණය කළ බව සැබෑය. නමුත් සිංහලයන් පැරදී ඇති බව පැහැදිලිව පෙනේ. මෙය කියවන යමෙක් මෙහිදී මට ජාතිවාදී ලේබලයක් අලවන්නට දෙවරක් නොසිතනු ඇත. ඒ පිළිබඳ ගැටලුවක් මට නැත. සිංහලයන් බහුතර රටක නායකයකු පත්කරගැනීමේ තීරණාත්මක සාධකය අද හිමිව ඇත්තේ දෙමළ සහ මුස්ලිම් ජනතාවටය. පසුගිය කාලය මුළුල්ලේම සිංහලයන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් මේ රටේම අසරණ වෙමින් පැවතුණි. ඉදිරියේදී එහි වෙනසක් වේද නොවේද යන්න පිළිබඳ කිසිවක් පැවසිය නොහැක. හකීම් ප්‍රමුඛ මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ සන්ධානය සිය අරමුණු හකුළා නොගනු ඇත. උතුරු නැගෙනහිර වෙසෙන්නේ ශ්‍රී ලාංකිකයන් බව සැබෑය. අපි ද මුළු ලංකාවේම සිටින්නේ ශ්‍රී ලාංකිකයන් යැයි පවසන්නට කැමැත්තෙමු. මුස්ලිමුන් තමන් ශ්‍රී ලාංකිකයන් යැයි සිතන්නට කැමැති නම් ශ්‍රී ලාංකාව හා පාක්සිථානය අතර ක්‍රිකට් තරග පැවැත්වෙද්දී පාකිස්ථානය වෙනුවෙන් අත්පොඩි නොගසනු ඇත. සාමාන්‍ය දෙමළ ජාතිකයන්ට හා මුස්ලිමුන්ට අවශ්‍යතාවයක් නැති බව පෙනුනත් එහ ජාතීන් නියෝජනය කරන දේශපාලන නායකයන්ට අවශ්‍යවන්නේ වෙනම කලාප බිහිකොටගෙන වෙන්වන්නටය. එවැන්නක් සිදුනොවේවා යැයි මම ප්‍රාර්ථනා කරමි. 

යම් හෙයකින් මේ ප්‍රාර්ථනා ඉටු නොවුනහොත් අවසනායේ සිංහලයන් සදහටම පරාජයට පත්වනු නොඅනුමානය.

26 comments:

  1. සිංහල අපේක්ෂකයෙකුට දීනීමට හේතුවුයේ සුලුජාතික් චන්ද බැවින් සමහරුන් මෙම මැතිවරණය දකින්නේ ජාතිවාදයට වැදුණු පහරක් ලෙසිනි. එසේම මෙය සුලුජාතිකයන් ජාතිවාදය ප්‍රතිෂේප කිරීමක් ලෙස දකිති. සිංහලයන්ගේ පටු චින්තනය ගැන දුකයි. සුලුජාතිකයන් සිරිසේන වෙනුවෙන් චන්දය දීමට හේතුව ඔවුන්ට නොතෙරීම පුදුමය. ලංකාවට අවශ්‍ය සියලු ජනතාව බේදයකින් තොරව සිටිය යුතු රටකි. ජාති ආගම් නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සංවිදාන තිබෙන තුරු එය සිදු නොවේ. සිරිසේනගේ ජයට හේතු වුයේ එවැනි දේශපාලන ක්‍රියාකාරීන් වේ.

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම සුළු ජාතිකයන් ඡන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට නොවේ. ඔවුන් සිය ඡන්දය ඔහු වෙනුවෙන් භාවිත කළේ සිය දේශපාලන නායකයන් එසේ කරන්නැයි ඔවුනගෙන් ඉල්ලා සිටි බැවිනි. මෙය ජාතිවාදයට වැදුණු පහරක් ලෙස කෙනෙකුට අර්ථදැක්විය හැකිවා මෙන්ම මුස්ලිම් හා දෙමළ ජාතිවාදය තීව්‍ර කිරීමට ගත් ආරම්භයක් ලෙස ද මෙය අර්ථගැන්වීමට හැකිය.

      Delete
    2. ඔබේ පෝස්ටුව පිළිබද මා කළ අදහස් දැක්වීම මම මෙතැනද පළකරමි. එ් මෙහි එන අයගේ ද දැනගැනීම පිණිසය

      සමස්තයක් ලෙස ඔබගේ අදහස් සමග මට එකග වන්නට හැකිය. මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනපතිවරණය ජයග්‍රහණය කිරීම අවශ්‍යව තිබුණත්, ඔහු ටීඑන්ඒ හා හකීම් ඇතුළු මුස්ලිම් ජාතිවාදීන්ගේ යෝජනාවලට කැමැති නොවන්නට ඇත්තේ රට ගැන යම් හැගීමක් තිබූ නිසා යැයි මට ද සිතේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවන්නට හේතුවූයේ මහින්ද ඉවත හෙළන ලද එම ඡන්දය. අනෙක මෙම සුළුජාතික පක්ෂවල නිධන්ව පවතින දේශපාලන අරමුණු ඔවුන් කිසිම අවස්ථාවක යටපත් කරගන්නේ නැත. සිරිසේන මහතාට කටයුතු කරන්නට සිදුවන්නේ එවැනි පිරිසක් සමගය. සන්ධීය ක්‍රමයකට රට ගෙන යාම අවදානම් කාර්යයක් විය හැක. මන්ද ෂයිලොක් මස් රාත්තලම ඉල්ලන්නා සේ සුළු ජාතික කොටස් ද නිතරම රටෙන් කෑල්ලක් ඉල්ලා සිටින බැවිනි. එබැවින් මෛත්‍රිලාප සිරිසේන මහතා මේ සියලු අභියෝග ජයගෙන ජනතා අභිලාෂයන් ද ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

      Delete
  2. ඉතා භයානක පණිවිඩයක් ලැබී තිබේ.සියළු දෙනාටම යළි නිදහසේ සිතන්නට කාලය පැමිණ ඇත.රටේ තීරණාත්මක බලය වී ඇත්තේ සංවිධානාත්මක සුලු ජාතීන්ය.2015 ද 1815 සේම ඉතා වැදගත් වසරක් ලෙස ඉතිහාසගත වනු ඇත.1815 දීද වෙනසක් අත්හදා බැලීය.

    2005 දී මහින්ද බලයට ආවේද අහම්බෙනි.ජවිපෙ නොසිටින්නට අද මහින්ද කියා ජනපති කෙනෙක් නැත.ජවිපෙට වෙනම දේශපාලන න්‍යාය පත්‍ර තිබිනි.ඒ ගැන ඔවුනට දොස් කියන්නට බැරිය.
    මේ ගැන මාරයා ගේ ලිපිය දුටුවාද.ඔහු එහි අගනා විග්‍රහයක් කර තිබුනි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙය ඇත්ත.
      1815 - සුද්දන් රට අල්ලා ගැනීම
      1915 - සිංහල මුස්ලිම් කෝලාහලය
      2015 - ?

      Delete
    2. 2015 සහජීවනය කියන්නේ මොකක්ද කියා හැම ජාතියකටම අයත් මිනිස්සු ඇත්තටම තේරුම් ගන්නා සමයක ආරම්භය.

      Delete
    3. සියලු දෙයටම තව කල් තිබේ.

      Delete
  3. සහතික අැත්ත අපි පරාදයි

    ReplyDelete
    Replies
    1. නමුත් හිටපු නායකයා සමග මාරාන්තික වෛරයෙන් පසුවන්නන්ට එය දැනෙන්නේ තව බොහෝ කලකට පසුවය.

      Delete
  4. නාස්තිය, දූෂණය, පවුල් පෝෂණය, මිත්‍යා විශ්වාස අනුව රට පාලනය කිරීම.......යනාදී වැරදි තිබුනත් ජාතියට ආදරේ නිසා සිංහලයන් මහින්දට චන්දෙ දිය යුතුව තිබුනු බවද ඔබ කියන්නෙ.?
    ජාතිවාදය ඇවිලවීම කපටි පාලකයන්ගේ උපක්‍රමයක් බවත් උන් එකෙක් වත් අනිත් උන්ට වඩා ජාතියට ආදරේ නොකරන බවත් ඔබට වැටහෙන්නේ නැද්ද?
    ජාතියට ආදරය කිරීම යනු ආත්මාර්ථකාමිත්වයේ ලක්ෂණයකි. මේ “ජාතිය“ අවශ්‍යතාව අනුව පටු වෙයි. සතුරාගෙන් මිදීමට පහසු වීම සඳහා ගෝත්‍ර ගතවූ  මානවයා ශිෂ්ටාචාර ලෝකයට පය තැබූ පසු ගෝත්‍රික ලක්ෂණ ක්‍රමයෙන් ඉවත දැම්මත් තවම ඔබ වැනි ගෝත්‍රික අදහස් දරන්නන් සිටීම මානව වර්ගයාගේ උන්නතියට බාධාවකි.

    ReplyDelete
    Replies
    1. //නාස්තිය, දූෂණය, පවුල් පෝෂණය, මිත්‍යා විශ්වාස අනුව රට පාලනය කිරීම......// මේවා තිබුණත් මහින්දට ඡන්දය දිය යුතු බව මා කියන්නේ නැහැ. සියලු දේශපාලඥයින් පාඩමක් ඉගෙනීමට නම් ඔහු මෙසේ පැරදිය යුතුයි. එවිට ඔහුගේ මෙන්ම සෙසු අයගේ ද දෑස් විවිර වේවි. ජාතිවාදය ඇවිස්සීම හොද දෙයක් නොවන බව මා දන්නවා. නමුත් අපේ අන් ජාතීන් ජාතිවාදීව හැසිරෙමින් තමන්ගේ ජාතිය වෙනුවෙන් වැඩ කරන විට අප නිකම් බලා සිටිය යුතුය යන්න සමග මම එකල වන්නේ නැහැ. අප බොහෝ දෙනෙකුට ඇත්තේ මේ මානසිකත්වයයි. ඔවුන් ‘සිංහල‘ කියා ලියන්නට ද බයයි. ඒ තමන් ජාතීවාදියෙක්ය යන ලේබලයට අසුවේය යන්න නිසයි. නමුත් අනෙක් ජාතීන් එසේ බිය වන්නේ නැහැ. මෙය ගෝත්‍රවාදය වන්නට පුලුවන්. නමුත් මට එයින් මිදෙන්නට ඕන කමක් නැහැ. මොකද සිංහලයෙක් හැටියට මම ශ්‍රී ලාංකික කියනවාට වඩා ‘සිංහල‘ යන්නට කැමැති නිසයි. සිංහලයාගේ බස අභ්‍යවකාශයට පවා යැවුනේ එය සුවිශේෂී ජාතියක් නිසයි.

      Delete
    2. මහින්ද ජාතිවාදය ඉස්සරහට දමා අප සියල්ලන්ගේ "පොකට්ටුවට" කෙලිය බව මිනිසුන් තේරුම් ගන්නේ කවදාද ?ලංකාව සුළු ජාතීන්ගෙන් බේරා ගැනීමට මැරෙන තුරු ඔහු (මහින්ද) ජනාධිපති පුටුවේ සිටිය යුතුද? මෙය මාර තියරියකි.

      Delete
    3. රාජපක්ෂ ආණුඩුවෙන් ජාතිවාදී පාලනයක් අරන් ගිය කතාව ඇත්ත වුණත් එයින් අසාධාරණයට ලක්වුණු සිංහලයාට සාධාරණයක් වුණේ නැහැ. උතුරෙන් සිංහලයක්ව එළවනවා. නමුත් අතීතයේ සිහංලයන් උතුරේ ජීවත් වුණා. නමුත් දැන් උතුර දෙමළ ජාතිකයන්ගේ නිජ බිමලු. නැගෙනහිරත් සිංහලයන් ජීවත් වුණා. නමුත් දැන් එහි සිටින සිංහලයන්ට ඡන්ද අයිතියක්වත් නැහැ. මහින්දගේ පාලන යුගයේ හෝ ඔවුන්ට සාධාරණයක් වුණේ නැහැ. ඉදිරියේදී හෝ මේ සිංහලයන් වෙනුවෙන් හඩක් නැගෙයි කියලා හිතන්න අමාරුයි. මට තියෙන දුක අන්න ඒකයි.

      Delete
    4. තව එකක්. සිංහල අප සිංහල ජාතිය වෙනුවෙන් අදහසක් ඉදිරිපත් කළ සැනින් ජාතිවාදීන් කියා ලේබල් අලවන්න ඉක්මන් වන අපේ අය, මුසල්මානුවා නැගෙනහිරින් කෑල්ලක් ආගමික පදනම මත ද, දෙමළා උතුරින් වෙනම කෑල්ලක් ජාතිය නම් පදනම මත ද ඉල්ලන විට පිට්ටු කටේ සිරවූවන් සේ සිටින්නේ ඇයි කියා තේරුම් ගන්නට බැහැ.

      Delete
    5. උතුරෙන් සිංහලයන් එළවලා නැහැ. මහින්ද උතුරේ ඒ කාලේ හිටිය සිංහලයන්ට නැවත පදින්චිවෙන්න අවස්ත්හ්වක් දුන්නේ නැහැ.

      Delete
    6. උතුරෙන් සිංහලයන් එළවා නැහැ. නමුත් ඔවුනට එහි නීත්‍යානුකූලව පදිංචිවන්නට රජයෙන් අවශ්‍ය පහසුකම් සපයා නැහැ. ටීඑන්එ් පවසන්නේ උතුර දෙමළ ජාතිකයන්ගේ පමණක් නිජබිම නිසා සිංහලයන් එයින් පිටවිය යුතු බවයි. ඔබ මෙය දන්නවා ඇතැයි මා සිතනවා. මඩකලපුව ඇතුළු නැගෙනහිර බොහෝ පළාත්වල ජීවත්වන සිංහලයන්ගේ ඉරණම ද එයයි. මඩකලපුවේ සිංහලයන්ට ඡන්ද අයිතියත් නැහැ. පැවති රජයේ රැස්වීමක් පැවැත්වූ අවස්ථාවේ දී සිය ඡන්ද අයිතිය ඉල්ලා උද්ඝෝෂණය කළ සිංහලුන්ට පොලීසියෙන් පහර දුන්නා. මේවාට විසදුම් ලැබිය යුතුයි. දෙමළුන් වෙනුවෙන් දෙමළ දේශපාලඥයන් කතා කළත්, මුස්ලිමුන් වෙනුවෙන් මුස්ලිම් දේශපාලඥයන් කතා කළත් සිංහලයන් වෙනුවෙන් කිසිම දේශපාලඥයෙක් කතා කරන්නේ නැහැ. යම් විදිහකින් කතා කළත් ඒ තැනැත්තා ජාතිවවාදියෙක් ලෙස හංවඩු ගසනවා. මේ අසාධාරණය නැති කළ යුතුයි. සමානාත්මතාව ඇති පාලන තන්ත්‍රයක් බිහිවිය යුතුයි.

      Delete
  5. MONAWA UNATH RAJA PASSA HORU AYE ENNE NEHE

    ReplyDelete
  6. ඔනෑම තක්කඩියකුඩේ අවසන් නෑවතුම ජාතිවාදය කියන ප්‍රකට කියමන කොච්චර ඈත්තද කියලා අවබෝද කරගන්න පුලුවන් මරාවාදීන් මේ දවස්වල හෑසිරෙන විදිය දෑක්කහාම.
    දුමින්ද සිල්වා,නිමල් ලන්සා,මර්වියා ලාගේ කුඩු වලින් අනාතනාත උන කොල්ලන් 95%ක් සිoහලය.සාරුවා සුනිල් අතින් දූශනය වූ ගෑහෑනුන්ගෙන් අති බහුතරය සිoහලය.මහින්ද ඈතුලු හොර නඩය හොරාකෑවේ දෙමලාගේ හා මුස්ලිමුන්ගේ සල්ලි පමනක් නොවේ.
    අගමෑති සීයා ජමාල් වන් පකිස්තාන් කාරයෝද,මෑලේසියන් කාරයන්ද සමග මෙරටට කුඩු කන්ටේනර් ගනාන් සම්ප්‍රාප්ත කරද්දී සිoහලේ ගෑලවුම්කරු මරා නෑසූකන්ව හිටියේය,STF ආරක්ශාව සහිතව කුඩු රටපුරා බෙදාහරිද්දී නෑසූකන්ව හිටියේය.
    මරා සිoහල ජාතියට කල විනාශය ගෑන ලියන්නට වචන නෑත.
    ප්‍රබාකරන්30 ස් වසරක් දෙමලුන්ගේ ගෑලවුම්කරු ලෙස පෙනීසිට දෙමල ජාතිය සුන්නද්දූලි කලේය !
    මහින්දත් අපට කලේ ඵ් ටිකය.
    අරලියගහ මන්දිරේ අඩි සියගන්නක් පොලව යට ඉදිමින් යුද්දය කලේ මම යෑයි පාරම්බාමින් සිoහල යුදවීරයා හිරේ දෑම්මේය.
    රණවිරුවන් කානු කපන්නන් බවට පත්කලේය.තෑපල් චන්ද්යෙන් පෙන්නුවේ ඵ්කය.
    මහින්ද හිතුවේ සිය පoතිය ගෑන මිස ජාතිය ගෑන නොවේ.........ජාතිවාදය බලය රෑකගෑනීම සදහා ඔහුට අවියක් වුනි......තත්වය අදටත් ඵසේමය.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

      Delete
  7. මහින්ද හා ඔහුගේ පාලනය ගැන ජනතාව අතර යම් කලකිරීමක් ඇති උනේ ඒ පාලනයේ තිබුණ වංචාව දූෂණය හා අනවශ්‍ය මුදල් නාස්තිය කියන කාරනේ නිසා මිස මහින්ද බෙදුම්වාදයට විරුද්ධ වූ නිසා නෙවෙයි. මමනම් කියන්නේ අපි මේව පටලගන්න ඕන නෑ කියන එක. අනෙක උතුරේ දෙමළ සංධානය අනුගමනය කරන බෙදුම්වාදයටයි නැගෙනහිර මුස්ලිම් බෙදුම්වාදයටයි විරුද්ධව මහින්ද හෝ සන්ධානය නැවත ක්‍රියාකළහොත් ඔවුන්ගේ පැරණි පාලනයේ වන්චාවෙන් පිරි දූෂිත බවත් නාස්තිකාර බවත් සලකා ඔවුන්ගේ බෙදුම්වාදයට එරෙහි බව ජාතිවාදයක් ලෙස ගැනීම මුලාවක්. ඒ වගේම අපි අපිම රවටාගැනීමක්. ඇත්තෙන්ම වෙන්න ඕනේ මේ අළුතෙන්ම පත්වුන ජනාධිපති සිරිසේන මහතා දූෂණයෙන් තොර යහ පාලනයක් ගෙනයන අතරම උතුරේත් නැගෙනහිරත් සියළුම බෙදුම්වාදයන් පරාජය කර කොන්ද කෙලින් තියාගෙන කටයුතු කිරීමයි. මමනම් හිතන්නේ මේ රටේ වැඩි දෙනා විධායක ජනාධිපති ක්‍රමේ අහෙසි කරන්න කියල ඉල්ලලා නැති නිසා මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ කිරීමට හදිස්සි වීමත් අනවශ්‍ය දෙයක් කියන එක. වෙන්න ඕනේ කොන්ද කෙලින් තියාගෙන වංචාව දූෂණය නාස්තිය වගේම සියළු බෙදුම්වාදයනුත් නැතිකර දැමීමට කටයුතු ක්කරන එකයි. අමතක කරන්න එපා මුස්ලිම් කොන්ග්‍රසය ටී එන් ඒ එක ගෙනයන්නෙත් ඔවුන්ගේ ජාතිවාදයක් කියන එක. දූෂණය වංචාව නාස්තිය වලක්වපු යහ පාලනය තුලින් බෙදුම්වාදයන් පරාජය නොවුනොත් සුලුතර බෙදුම්වාදයන් පරාජයට පත්කළහැකි එඩිතර නායකත්වයක් සමග නැවත ගොඩනැගෙන සන්ධාන දේශපාලන බලවේගයක පැරණි වංචාව දූෂණය නාස්තිකාරබව ඉවත් කරලීම ඊට විකල්පය වෙන්නත් පුළුවන්. අපි ඒකත් මතක තියාගන්නම ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මම ද එකග වෙමි. අප රටේ පාලකයා වන්නේ කවුරුන් වුවත් රටේ යහ පාලනය මෙන්ම සියලු දෙනා නීතියට යටත් කළ හැකි ක්‍රමයක් ඇති කළ යුතුය. අප රටේ සිංහල බහුතරය ඇති පළාත්වල ඕනෑම අයකුට රිසි සේ සැරිසරන්නට නිදහස තිබුණත් දෙමළ හා විශේෂයෙන් මුස්ලිම් බහුතරය ඇති ප්‍රදේශවල එවැනි නිදහසක් ඇත්තේ ඉතා අඩුවෙනි. ඒවායේ ඇතැම් අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කරන්නට පොලීසිය ද මැලිකමක් දක්වයි. පැවැති රජය මේවාට ක්‍රියාමාර්ග ගත්තේ නැත. නව රජය තරාතිරම් නොබලා මෙවැනි දෑ පිටුදැකිය යුතුය. ජාති හා ආගම් භේදයකින් තොරව සියලු දෙනාට නිදහසේ ඕනෑම තැනක් ජීවත්වන්නට නිදහස තිබිය යුතුය. මෙය එක් ජාතියකගේ නිජ බිමක් නොව සියලු දෙනාගේම නිජබිම විය යුතුය. නමුත් තවමත් එවැන්නක් සිදුවී නැත. මඩකලපුවේ හා උතුරේ අනාථ වූ සිංහලයෝ ඕනෑ තරම් සිටිති. ඔවුන්ට ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ හා රජයේ නිලධාරීන්ගේ සරණක් නැත. ඒවාට රජය මැදිහත් විය යුතුය. නැතහොත් අනාගතයේදී තවත් බොහෝ ගැටලු සහගත තත්වයන් ඇතිවිය හැකිය.

      Delete
  8. අපි නම් දන්න විදිහට ඔය පත්වුණ ජනාධිපතිත් අගමැතිත් දෙන්නා ම සිංහල මිනිස්සු............. ඉතින් සිංහල මිනිස්සු පරදින්නේ කොහොමෙයි???????

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නිදහස ලබපු දවසේ ඉදන් බිහිවුණු සියලු නායකයෝ සිංහලයන්. නමුත් ඔබට මතක ඇති එක කාලයක් ලංකාවේ රජුන් තනන්නා විදිහට තොන්ඩමන් මහතා ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඔහු සිංහලයෙක් නෙවෙයි. දැන් කියන්න පුලුවන් ඔහු ශ්‍රි ලාංකිකයෙක් කියලා. අපේ රටේ තවම ශ්‍රී ලාකික විදිහයට හිතන ජාතියක් බිහිවෙලා නැහැ. සිංහලයන් එහෙම හිතන්න කැමති වුණත් වෙනත් ජාතීන් එහෙම හිතන්නේ නැහැ. එවැනි ජාතියක් ජීවත්වෙන්නේ අයැදුම් පත්‍රවල සහ මාධ්‍යවල ආදියේ පමණයි. නමුත් ලංකාවේ බහුතරය සිංහල. කවදාවත් සුළු ජාතික ඡන්ද නැතිව අපේ රටේ සිංහල නායකයෙක් පත්කරගන්න බැහැ. එවිට පාලකයන්ට අකැමැත්තෙන් වුණත් සුළු ජාතීන්ලේ සාධාරණ නොවන ඉල්ලීම් ඉටුකරන්න සිද්ධ වෙනවා. නැගෙනහිර පළාතේ බොහෝ කාලයක් ඉදන් මුස්ලිම් තමයි බහුතර ජාතිය. දන්න කාලේ ඉදන් නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන තර්ජනයට ලක්වෙනවා. නමුත් නායකතයා සිංහල බෞද්ධ. දීඝවාපිය ඩෝසර් කළ කාලේ නායිකාව සිංහල. උතුර දෙමළුන්ගේ නිජබිම කියලා එහේ සිංහල මිනිස්සුන්ට ඉන්න එපා යන්න කියනවා. නමුත් නායකයා සිංහල. මඩකලපුවේ සිංහලුන්ගේ ඡන්ද අයිතියවත් නැහැ. එහේ දේශපාලන නායකත්වයවත්, රාජ්‍ය නිලධාරීන්වත් ඒ ගැන පියවර ගන්නේ නැහැ. නමුත් නායකත්වය සිංහල. අගමැති පවා සිංහල. දෙමළුන් ගැන, දෙමළ ජාතිය ගැන දෙමළ ජාතික දේශපාලඥයින් ඉදිරිපත් වෙලා ක්‍රියාකරනවා. මුස්ලිමුන් ගැනත් කියන්න තියෙන්නේ ඒ ටික. නමුත් සිංහල ජාතිය, ඔවුන්ට සිංහල සුළුතරය ඉන්න පළාත්වලදි සිදුවෙන අසාධාරණකම් ගැන කතා කරන්න සිංහල දේශපාලඥයෝ නැහැ. කවුරු හරි කතා කළ ගමන් ඔහු ජාතිවාදියෙක් බවට පත්වෙනවා. නමුත් නායකයා සිංහල. සිංහල බහුතරය වෙසෙන පළාත්වල දෙමළ හා මුස්ලිම් ජාතිකයන් රිසිසේ ජීවත්වෙනවා. ව්‍යාපාර කරගෙන යනවා. පල්ලි හදනවා. කෝවිල් විදේශ ආධාරවලිනුත් හදනවා. නැගෙනහිර පැත්තේ බෞද්ධ විහාරස්ථානවලට ප්‍රහාර එල්ලවෙනවා. (සමහර විට ඔබ ඉන්න සර්වාගමික රටේ මේවා ගැන වාර්තාවෙන්නේ නැතිව ඇති. වාර්තා වුණත් ජාතිවාදියෙක් කියලා හංවඩු ගැහෙයි කියන බයට කට වසාගෙන ඉන්නවා ඇති).

      ඉතිං මේ සියලු දේ සිද්ධ වෙන්නේ ජනාධිපති හා අගමැති සිංහලයන්ව සිටින රටක. මෙවර මුස්ලිමුන් පැවසූයේ ඉදිරියේදී රටේ නායකත්වය බිහි කරන්නේ මුස්ලිමුන් බවයි. මුස්ලිමුන් සිටින රටවල වෙනත් ජාතීන් හා ආගම්වලට ඇති සමානාත්මතාවය ගැන ඔබ දන්නේ නැතිව ඇති කියායි මා සිතන්නේ. ඒ ගැන විස්තර ටිකක් සොයාගන්න. අපේ රටේ මුස්ලිම් නායකයන් තම ජාතිය අන්තවාදියට ඇදගනෙ යන බවත් ඔබ දන්නේ නැතිව ඇති. එවැනි තත්වයකදී රජුන් තනන්නන් බවට පත්වෙන මුස්ලිමුන් බහුතර පළාත්වල සිංහලයන්ගේ ඉරණම ගැන කවර කතාද?

      එබැවින් ජනාධිපති හා අගමැති සිංහල වුවත් අවසානයේ පරාද වී ඇත්තේ සිංහලයන්ය.

      බොහෝ දෙනා මෙය පිළිගන්නේ තව බොහෝ කලකට පසුවය. එවටි අශ්වයා පැනගොස් හමාරය.

      Delete
  9. ඔබේ අදහස සමග එකඟයි..සිංහලායට තමාට කෙළ වූ බව අඳුනාගන්නට සෑහෙන්න කලක් යාවිද නොයාවිද කියා දැන්මම කියන්නට බැරිය.හැබැයි යන තාලේ හැටියට නම් ඒ හැටි කලක් ගත නොවනු ඇත.මහින්දා ගෙදර යවන්නට අවශ්‍ය වූයේ මහින්ද සමග බද්ධ වෛරයකින් පසුවූ සහ වෛරය අතින් ප්‍රභකරන්ට පමණක් දෙවැනි වන චන්ද්‍රිකාගේ ලණු සිස්ටම් එකේ ගොදුරක් වූ මෝඩයන්ටය. නමුත් ඔබ කියන්නා සේම සිරිසේනට ඡන්දය දුන් දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් ප්‍රකාශ වන්නේ සිරිසේන කෙරෙහි වන පැහැදීමක් හෝ ප්‍රසන්නතාවක් නොව ඔවුන්ගේ නායකයන්ගේ සහ ඔවුන් බහ්තරයකගේ පොදු අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙය නියම විදිහට තේරුම් ගන්නට බොහෝ දෙනෙකුට බැහැ. බොහෝ දෙනෙක් සිතන්නේ මෙවැනි අදහසක් දැරීම යනු මහින්දට කඩේ යාම බවයි. නමුත් අප කඩේ යායුත්තේ රට, දැය, සමයට මිස අන් කිසිවකට හෝ නොවේ. මන්ද අනෙක් සියලු ජාතීන් ද සිය ජාතියට හා ආගමට කඩේ යන නිසයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න