පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, November 23, 2015

මල්ලී, කිරි පැකට් එකයි - පලතුරු බීම දෙකයි ගේන්න!


ගම්පහට කිට්ටුව රතුපස්වල පැත්තේ මගේ අතිජාත මිත්‍රයෙක් ඉන්නවා. දැනට අවුරුදු ගාණකට කලින් මිනිහ වැල්ලවත්ත පැත්තේ තැනකින් කොම්පියුටරයක් ගන්නවා කියලා මටත් එන්න කිව්වා ඒක ගැන පොඩ්ඩක් බලන්න. මිනිහා මේක ගත්තේ නම් සෑහෙන්න ආමාරුවෙන්. ගෙදරින් සල්ලි ඉල්ල ගත්තා. ගෙදර තිබුණු තවත් මොනවද වික්කා. ණයට ගත්තා. අන්තිමේදී කොම්පියුටරේ ගන්න වෙලාව වෙනකොට අතේ සතේ නැති වෙනකල්ම සල්ලි හිඳුණා. මේ හින්දාම තවත් යාළුවෙක් කැමති වුණා වැඩ ඇරිලා යන ගමන් තමන්ගේ වාහනෙන් කොම්පියුටරේ ගෙදරට ගෙනත් දෙන්න. 

අපි තුන් දෙනත් එක්ක වැල්ලවත්තෙන් මේකත් පටවගෙන කඩුවෙල පැත්තට එන්න පටන් ගත්තා. මාලඹේ හරියෙදි යාළුවා කිව්වා, 

මොනව හරි බීලා යමු නේද බං?” 

කියලා. 

“ඕන නෑ. දැන් කෙලින්ම ගෙදරනේ යන්නේ. ගෙදර ගිහින් තේකක් බොමු” 

කියලා මම කිව්වා. මම එහෙම කිව්වේ දැන් මේකා අතේ සල්ලි නැති හින්දයි. අන්තිමේදී කොහොම හරි මාලඹේ හරියෙදි වාහනේ නතර කරලා කඩේකට ගියා මොනව හරි බොන්න. 

“උඹ මොනවද බං බොන්න කැමති?” 

යාළුවා මගෙන් ඇහුවා. මේකා අතේ සල්ලිත් නැති නිසා වැඩි බරක් දෙන්නත් හොඳ නැහැනේ. ඉතිං මම කිව්වා, 

“කිරි පැකට් එකක් බොමු” 

කියලා. යාළුවා ඊට පස්සේ බීම ඕඩර් කළා. 

“මල්ලී අපට කිරි පැකට් එකයි, පලතුරු බීම දෙකකුයි ගේන්න!” 

මම ඉතිං කිරි  පැකට් එක බිව්වා. 

අරුන් දෙන්නා පලතුරු බීම බිව්වා. 

ඔන්න ඉතිං යාළුවන්ට සල්ලි ඉතුරු කරන්න ගිහින් මට වුණු දේ. 

20 comments:

  1. බිල ගෙව්වේ කවුද?

    ReplyDelete
    Replies
    1. ලියල තියෙන කෙනාලු හෙහ්

      Delete
    2. මම ගෙවන්න හිටිය නම්. මමත් ඉතිං පලතුරු බීම එකක්ම තමයි බොන්නේ. අපරදේ. ඉතිං මට අහන්න තිබුණේ, ‘උඹලා බොන දෙයක්ම මටත් ගනිං‘ කියන්නයි. කොහේද මට එහෙම මොලයක් ආවේ නැහැනේ.

      Delete
  2. වෙන කවුද ඉතිං. අපේ දුප්පත් යාළුවනේ. ඒකනේ සල්ලි ඉතුරු කරන්න හැදුවේ.

    ReplyDelete
  3. සෝචනීයයි හරිම ලොල් සහගතයි හැක්

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. අතිශය වේදනාකාරී අත්දැකීමක්.

      Delete
  4. මොනවද බං මේ මෙලෝ රහක් නැති කතා. මේව ලියන්න වටින ඒවද . උඹ ඉදහිට හොඳට ලියනව .ඒ වුනාට සමහර පෝස්ට් සත පහකට වැඩක් නෑ.
    මම කියන එක කෙළින්ම කියනව. තරහ වෙන්න එපා. පට්ට වල්ලපට්ට කියල කියන්නත් මට පුලුවනි. ඒත් උඹ නොමඟ යනවනෙ

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත වෙන්න පුළුවන්. මටත් හිතෙනවා සමහර ඒවා මෙලෝ රහක් නැහැ කියලා. බ්ලොග්වලට ආධුනික වුණාම ඔහොම තමයි. බලමු හොද දෙයක් කරගන්න පුළුවන් වෙයාිද කියලා.

      Delete
    2. Niranjan Karunathilake
      \\මටත් හිතෙනවා සමහර ඒවා මෙලෝ රහක් නෑ කියලා.//
      නෑ නෑ...
      මෙලෝ රහක් නැත්තේ නෑ...
      මේ වගේ ඒවා හරි ලියාගෙන යමන්...
      [මේ කතාව වෙන එකක තිබුණා නම් බලන්ට තිබුණා අගේ...]

      ඇත්තටමත් මේක පට්ටයි...

      ඉල්ලා ගෙන "මිල්ක්මේඩ්" ගා ගැනිල්ලක් නේ කරලා තියෙන්නේ...???
      හෙහ්...

      Delete
    3. ඔබේ අදහසට බොහෝ ස්තූතියි. කොහොමත් ඉතිං මට හිතෙන හැම දෙයක්ම මම දිගටම ලියනවා. මොකද මේක මගේ ලෝකය නේ. එපිට ලෝකයේ අය නොයෙක් දේ කියනවා තමයි. ඒවටත් ගරු කරන ගමන් මට හිතෙන හැම දේම මේකට ලියනවා.

      Delete
    4. ජාති...
      ඒ වුණාට උඩ තියෙන බ්ලොග් වලට ආධුනික වුනාට කියන කොටස ඉල්ලා අස් කර ගන්ට...
      පෝස්ට් 110ක් දාලා මේ 2015ට විතරක්...
      ලක්ෂ ගාණක් බලලා තියෙනවා...
      කොහේද බොලේ අධුනික???
      ඔයාලා ආධුනික නම් එතකොට අපි මොක්කුද???
      හෙහ්...

      Delete
    5. මොකක් හරි දෙයක නොදන්න දෙයක් තියේ නම් එතනත් පොඩි ආධුනික බවක් තියෙනවා.

      Delete
    6. මචන් බලපන් උබ කලින් දාල තියන පෝස්ට් දිහා. මොන තරම් සුපිරිද . බ්ලොග්කාරයෙක් කියල කට ඇරල කියන්න පුලුවන් එකෙක් උඹ. උඹ ලියන දේවල් වලට ඉහළ ප්‍රමිතියක් අපි අපේක්ෂා කරනවා. මෙහෙම ඒව දැම්මට කමක් නෑ. ඒත් වැඩිපුරම ලියපන් ශාස්ත්‍රීය දේවල්. ඉතාම සංයමයෙන් අකුරු කරන දර්ශනයක් සහිත බ්ලොග් කාරයො ඉන්නෙ අතලොස්සයි. එයින් එකෙක් උඹ. බ්ලොගර් කෙනෙක් විදියට උබ රැක ගන්න එක අපේ වගකීම .ඒකයි එහෙම කිව්වෙ.

      Delete
    7. ඔබේ අදහසට මම එකගයි. දිගටම ශාස්ත්‍රීය වගේ ඒවා ලිව්වා. පොඩි සරල ඒවා කීපයක් දාන්නත් හිතුන නිසා මෙහෙම කතා දෙක තුනකුත් දැම්මා. කොහොමත් වැඩිපුරම දැනුම ලැබෙන දේ ලියන්න තමයි කැමැත්ත.

      Delete
  5. ඉතින්??? දැන් මොකද්ද ඔහේ කියන්න හදන්නේ...

    ReplyDelete
  6. හිත හොද උනහම කෙලවෙනවම තමා

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න