පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, April 3, 2016

සියදිවි නසාගන්නන්ට ජපනුන් යන ඔකිගහාරා වනය


මෑත දවසක The Forest කියන චිත්‍රපටයක් බැලුවා. ඒක බැලුවාට පස්සේ මේක ලියන්න හිතුනා. 


මේ කියන්න යන්නේ ජපානයේ තියෙන සියදිවි නසාගැනීම්වලට වගේම අද්භූත සිදුවීම්වලටත් ප්‍රසිද්ධි වනාන්තරයක් ගැන. තියෙන්නේ ජපානයේ ෆූජියාමා කන්ද පාමුල. වනාන්තරයේ නම ඔකිගහාරා (Aokigahara). ඉහත කියපු චිත්‍රපටයේ වැඩි දර්ශන සංඛ්‍යාවක් සඳහා පදනම් වෙලා තියෙන්නේ මේ කියපු වනාන්තරයයි. මෙය සියදිවි නසාගැනීමේ වනාන්තරය’, රුක් මුහුදවැනි නම්වලින් ද ප්‍රසිද්ධියි. ෆූජියාමා කන්දේ වයඹ පැත්තට වෙන්න පිහිටා ඇති වර්ග කිලෝමීටර් 35 ක පමණ වනාන්තරයක්. මෙය තුළ ගල් ලෙන් සෑහෙන සංඛ්‍යාවක් ද තිබෙනවා. මෙහි ගස්වැල් කොයි තරම් ඝනත්වයකින් තිබෙනවාද කිව්වොත් බාහිර ලෝකයත් එක්ක තියෙන සම්බන්ධය මෙය තුළදී සහමුළින්ම බිඳ වැටෙනවා. වනාන්තරයේ ඇති සොබා දහමේ හඬ හැර අන් කිසිවක් ඇසෙන්නේ නැහැ. 



ජපාන මිත්‍යා කතාවල දක්නට ඇති යූරිහෙවත් කෝපාවිෂ්ට ආත්මසමඟ මේ වනාන්තරයට ඇත්තේ දැඩි සම්බන්ධයක්. මෙය සියදිවි නසාගැනීම්වලට කොයි තරම් ප්‍රසිද්ධ ද කිව්වොත් 2010 වසරේදී මෙහි සියදිවි නසාගැනීම් 54ක් සිදු වුණා. මෙ හේතුව නිසා මෙහි පිවිසුම් ද්වාරය අසල  දැන්වීම් පුවරු ද සවි කොට තිබෙනවා. තමන්ගේ දිවි තොර කරගැනීමට පෙර තම පවුලේ පිරිස ගැන සිතනා ලෙසත් ගැටලුවක් ඇත්නම් සිය දිවි නසාගැනීම් වැළැක්වීමේ සංවිධානයක් අමතන ලෙසත් ඒවායේ සඳහන්ව තිබෙනවා. 




මෙහි ඇති යමහල් පාෂාණ උලකින් හෝ සවලකින් හෝ ඇන බිඳදමන්නට බැරි තරම් ශක්තිමත්. කොයි තරම් ඝන වනාන්තරයක් ද කිව්වොත් මෙය තුළ ගමන් කිරීම සඳහා නම් කොට ඇති නිල මාර්ග පවා වැරදී මෙය තුළ ඉතා ඉක්මණින් අතරමංවිය හැකි තත්වයක් පවතිනවා. 



මේ හේතුව නිසාම මෑත කාලයේ සිට මෙය නරඹන්නට පැමිණෙන්නන්, තමන් ගමන් කරන මග දිගට ප්ලාස්ටික් පටි ගැට ගසමින් ගමන් කරන්නට පුරුදුව සිටිනවා. එවිට ඔවුන්ට තමන් පැමිණි මාර්ගය මේ ප්ලාස්ටික් පටිය ඔස්සේ පැමිණ පහසුවෙන් සොයා ගත හැකියි. 


සියදිවි නසාගැනීම් 



ජපානයේ වැඩිම සිය දිවි නසාගැනීම් සංඛ්‍යාවක් වාර්තාවන්නේ මෙතැනින්. ඒ වගේම සියදිවි නසාගැනීම් සිදුකරන ස්ථාන අතරින් ලෝකයේ තුන්වැනි තැනට වැටෙන්නේ ද මෙයයි. මේ සම්බන්ධව ඇති සංඛ්‍යාලේඛන පිළිබඳ යම් යම් ගැටලු ඇතත් 1988 වසර දක්වා සාමාන්‍යයෙන් වසරකට සියදිවි නසාගැනීම් 30ක් පමණ වාර්තා වුණා. 



2003 වසරේදී මළ සිරුරු 105ක් ද, 2002 වසරේදී 78ක් ද සොයා ගැනුණා. 2010 වසරේදී 200 දෙනෙකුටත් වඩා මෙහි සිය දිවි නසාගැනීම්වලට උත්සාහ කොට ඇති බවත් 54 දෙනෙකු එසේ සියදිවි නසාගෙන ඇති බවත් වාර්තා වෙනවා. ජපානයේ මුදල් වර්ෂය අවසන් වන මාර්තු මාසය තුළ සිය දිවි නසා ගැනීම් ඉතා ඉහළ යන බව ද පැවසෙනවා. 2011 වසරේදී සිය දිවි නසාගැනීම් සඳහා බහුල වශයෙන් භාවිත කොට තිබුණේ කඹයක එල්ලීම හෝ මාත්‍රාව ඉක්මවා ඖෂධ වර්ග ගැනීමයි. මෑත කාලයේ සිට මෙය තුළ සිදුවන සියදිවි නසාගැනීම් ප්‍රසිද්ධියට පත්කිරීම මෙහි පාලනාධිකාරිය මගින් අධෛර්යමත් කොට තිබෙනවා. එයට හේතුව මේවා වැඩි වශයෙන් ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් පුද්ගලයන් තුළ සියදිවි නසාගැනීම් සඳහා යම් පෙළඹවීමක්ඇතිවිය හැකිය යන මතය නිසයි. 


මෙය තුල මියගියවුන්ගේ ආත්ම හෙවත් යූරි (කෝපයෙන් සිටින ආත්ම) මෙහි නිතර හොලමන් කරන බව ජපානය පුරා ඉතා ප්‍රසිද්ධයි.



The Forest චිත්‍රපටයේ දර්ශන කිහිපයක්

4 comments:

  1. -මෑත කාලයේ සිට සියදිවි නසා ගැනීම් ධෛර්්‍යමත් කිරීම මෙහි පාලනාධිකාරිය විසින් අධෛර්‍යමත් කොට තිබෙනවා.-
    සිරස ආයතනය ලංකාවේ සමාජයට කල විශාලම විනාශය... සියදිවි නසාගනීම් මිනි මරුම් දූෂණ රස කර කර අමු අමුවේ විකුණා බඩ වියත රැක ගැනීම. අද සිදුවන සෑම මිනිමරුමකටම දූෂණයකටම සිරසත් වග කියන්න ඕනා නේද!

    ReplyDelete
    Replies
    1. හරි හැටි පුවතක් හොයාගන්න බැරි අපේ රටේ සියලුම පාහේ මාධ්‍ය සියදිවි නසාගැනීම් වැනි පුවත් රසකරමින් නාට්‍යමය ආකාරයෙන් පා ඉදිරිපත් කරන බව නම් ඇක්ක. සිරස පමණක් නොව බොහෝ මාධ්‍ය කරන්නේ එයයි. මොවුන් සැබෑ මාධ්‍යෙව්දීන් නෙවන නිසා ඔවුන්ට මාධ්‍ය සදාචාරය ගැන හොයන්න වුවමනාවකුත් නැහැ.

      Delete
  2. ලස්සන චිත්‍රපටයක්, ටිකක් බයත් හිතෙනවා..

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න