පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Monday, April 24, 2017

බණ්ඩිරිප්පුව ථූපාරාමයෙන් ජීවිතයට අලුත් දෙයක් - Life from Bandirippuwa Thuparama Viharaya


අපට පොහොසත් ජන සාහිත්‍යයක් ඇති බව කුඩා කාලයේ සිටම දැන සිටියත් ඒ බව අප දෑස් ඉදිරියේ ප්‍රත්‍යක්ෂ කරගන්නට ගෙවී කාලයේ කාලයේ මට කිසිදු අවස්ථාවක් ලැබී නැත.නමුත් පසුගිය දිනෙක මට එවැනි අපූරු අවස්ථාවක් ලැබිණි. ඒ කවදත් අපේ දේවල් අපට මතක් කරදෙන්නට වෙර දරන දරන ලුණුවිල, බණ්ඩිරිප්පුව ථූපාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය විනීත තිස්ස හිමියන්ගේ සහ විහාරස්ථ යොවුන් පාරමී තරුණ බෞද්ධ සමිතියේ උත්සාහයට පින්සිද්ධ වෙන්නටය. උන්වහන්සේ මෙයට පෙර ද කිහිප වතාවක්ම අපෙන් ගිලිහී යන අපේ කම අපට මතක් කරදෙන්නට බොහෝ වැඩසටහන් සංවිධානය කළහ. මෙවර උන්වහන්සේ අපට අපූරු ප්‍රාසාංගික අත්දැකීමක් ලබාදෙමින් අපේ ජන සාහිත්‍යය ජීවිතයට කෙතරම් සම්බන්ධදැයි මොනවට මතක් කරදුන්හ. මෙවර උන්වහන්සේ මේ සහා ඇරයුම් කොට තිබුණේ ප්‍රවීණ ශිල්පී පසිඳු පහළමැදගම සමග තුන්හෙල ජන ගී  කල්ලියට ය.



අප කෙතරම් ජන කවි, ජන ගී අසා තිබුණත් අපගේ උපතේ සිට මරණය දක්වා ගෙවී යන ජීවිතයේ සෑම සියලු අවස්ථාවක්ම ඒ ජන සාහිත්‍යයෙන් නිරූපණය කරන්නට ජන කවියා සමත් වී ඇති ද යන්න අප දෑස් ඉදිරියේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්නට ලැබුණේ තුන්හෙල ජන ගී  කල්ලියේ ‘ජීවිතය - The Life' ප්‍රසංගය නැරඹීමෙන් පසුය. බිලිකු ඉපදෙන විට ගැයෙන නැලවිලි ගීයේ සිට මරණ මංචකයේ ගැයෙන වැලපුම් කවි දක්වා ජන කවිය කෙතරම් අපූරු ලෙස අපගේ ජීවිතයට සම්බන්ධ වී ඇතිදැයි මේ ප්‍රසංගය නැරඹීමෙන් පැහැදිලි විය. ඔවුන් සෑම ජන කවියක්ම, ගීයක්ම ප්‍රාසාංගිකව ඉදිරිපත් කොට තිබුණු අපූරුව මෙසේ පැහැදිල කළ නොහැකිය. 

විහාරස්ථාන භූමිය පිරිතිරී ගොස් සිටි ජන ගංගාව දැකීමෙන් මට සිතුනේ මිනිසුන් තවමත් සිය හදවත් පත්ලේ අපේ කමට කෙතරම් ඇල්මක් සවාගෙන සිටීද යන්න ය. එහෙත් දිනෙන් දින අපේ කම අපෙන් ගිලිහී යන බව නම් අප සිත්හි තබා ගත යුතුය. එබැවින් මෙවැනි ප්‍රසංග අපට ඉදිරියේ දී වැඩි වැඩියෙන් අවැසි වනු ඇත. ඒ සදහා ජන සාහිත්‍යය අධ්‍යයනය කරන ශිල්පීන් මෙන්ම ඒවා පිළිබද දැනුවත්ව එවැනි ප්‍රසංග සංවිධානය කරන්නුවන් වැඩි වැඩියෙන් බිහි විය යුතුය.



ඔබ ද අවස්ථාවක් ලැබුනහොත් කවදා හෝ මේ ප්‍රසංගය නරඹන්න යැයි ඉල්ලා සිටිමි.


අවසන් වශයෙන් මේ සද්කාර්යය සංවිධානය කළ පූජ්‍ය විනීත තිස්ස හිමිපාණන් ඇතුළු  යොවුන් පාරමී තරුණ බෞද්ධ සමිතියට ස්තූති පූර්වක පුණ්‍යානුමෝදනාවක් කරනු ද කැමැත්තෙමි.






ප්‍රසංගයේ අවස්ථා කිහිපයක් පහළින්






































2 comments:

  1. mama mema lipiya ada dekke aiyee mama karapu weda mata puduma sathutak ediriye mama weda karanaw

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න