පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, November 26, 2016

මංගල ප්‍රේමදාස නම් අසහාය හඩ අනුකරණ ශිල්පියා - Mangala Premadasa, the incomparable sound imitating Man


මංගල ප්‍රේමදාස පිළිබඳ අප දැන සිටියේ ඉතා කුඩා සමයේ සිට වුවද අන්තර්ජාලයේ ඔහු පිළිබඳ සොයා බලද්දී සොයාගත හැක්කේ එකම එක විස්තරයක් පමණි. ඒ ඇම්.ඩී. ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද, ඔහු විසින් රචිත ‘අකුරුවලින් සත්තු අඳිමු‘ නම් ළමා කෘතිය පිළිබඳව පමණි. 




නමුත් ඔහු සැබවින්ම දක්ෂතාවය පෙන්වා ඇත්තේ ලේඛකයෙකු ලෙස නොව හඬ අනුකරණ ශිල්පියකු වශයෙනි. අපි කුඩා කාලයේ සිටම ඔහුගේ හඬ අනුකරණය කිරීම් දක්ෂතාවයන් දැක ඇත්තෙමු. දැනට වසර 40ක පමණ කාලයක් තිස්සේ හඬ අනුකරණයෙහි නියැළෙන ඔහුට විවිධ හඬ 600 කට අධික ප්‍රමාණයක් අනුකරණය කිරීමෙහි හැකියාව ඇති බව පැවසේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘හඳ මාමා‘ ළමා වැඩසටහනෙහි පෙත්තප්පුගේ හඬ ඉදිරිපත් කරන්නේ ඔහු බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය.

හඬ අනුකරණය පිළිබඳව අන්තර්ජාලය පිරික්සා බැලීමේදී බොහෝ ශිල්පීන් හමුවේ. ඔවුන් සහ මංගල ප්‍රේමදාස නම් ශිල්පියා අතර පැහැදිලි වෙනසක් දැකිය හැකිය. ලෝකයේ මෙබඳු බොහෝ ශිල්පීන් දක්ෂතාව පෙන්වන්නේ එකම වර්ගයේ හඬ, එනම් සතුන්, කාර්, බස්, නැව් වැනි එක් වර්ගයකට අයත් හඬ අනුකරණය කිරීම සඳහා පමණි.  නමුත් මංගල ප්‍රේමදාස අප අවට ඇසෙන ඕනෑම හඩක් අනුකරණය කොට පෙන්වීමෙහි අති දක්ෂයෙකි. කෙසේ වුවත් ඔහු පිළිබඳ එතරම් කතා කොට නොමැති බව පෙනෙන්නේ අනුන්ගේ ගීත ගයා එක රැයින් ජනප්‍රිය වන පුද්ගලයන් පිළිබඳ වෙබ් පිටු බොහෝ ගණනක් තිබුණ ද, ඔහු පිළිබඳ ලියැවුණු එකදු වෙබ් පිටුවක් හෝ නොමැති බැවිනි.


ඔහුගේ හඩ අනුකරණ දක්ෂතාවයෙන් බිඳක් දැකගත හැකි මේ කෙටි වීඩියෝව ඔහුට උපහාරයක් වනු ඇතැයි සිතමි.

Sunday, November 13, 2016

ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් හැදුවා මමත්


නිකං ආසාවට වගේ මොබයිල් ෆෝන් එකෙන් මමත් ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් හැදුවා. බලන්න කොහොමද කියලා.

Saturday, November 12, 2016

ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කරන නළුවන් අකල් මරණවලට පත්වනවාද? Does Portraying Jesus Foretell DEATH?


ජේසුස් වහන්සේගේ චරිතය සිනමා නිර්මාණ සඳහා ඉදිරිපත් කළ ලෝක ප්‍රකට නළුවෝ බොහෝ වෙති. අප රටේ ද නිෂ්පාදනය කළ ‛ක්‍රිස්තු චරිතය’ සිනමා නිර්මාණය සඳහා සුප්‍රකට නළු විජය කුමාරතුංගයන් රංගනයෙන් දායක වූවේය. කෙසේ නමුත් ඔහුට අත්වූවේ අකල් මරණයකි. ජේසුස් වහන්සේගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන ශිල්පීන් අකල් මරණයකට පත්වන අප රටේ ද කසුකුසුවක් ඇති වූ අතර ලෝකයේ බොාේ දෙනෙකු අතර ද එම මතය පවතින බැව් පෙනෙන්නට තිබේ. මෙයට හේතුව වශයෙන් බොහෝ දෙනෙක් පවසන්නේ බහුතර ලෝක වාසීන්ගේ ආගමික නායකයකු වන ජේසුස් වහන්සේගේ චරිතය ඉදිරිපත් කිරීම  ‛වස් වදින්නට’ හේතුවක් වන බවය. මෙය සැබවින්ම සිදුවන්නක්දැයි සොයා බැලීම වටින්නේය. මේ සඳහා ජේසුස් වහන්සේගේ චරිතය ඉදිරිපත් කළ සුප්‍රකට රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවක් ගෙන ඔවුන්ගේ ජීවිත පිළිබඳ සොයා බැලීමෙන් මෙය අවබෝධ කොට ගත හැකිය. 

ඔහු ජේසුස් වහන්සේ චරිතය ඉදිරිපත් කළේ මෙල් ගිබ්සන්ගේ ‛පැෂන් ඔෆ් ද ක්‍රියිස්ට්’ නම් සිනමා නිර්මාණය සඳහා 2004 වසරේදීය. ඔහු තවමත් ජීවතුන් අතර සිටින මුත් එක් අවස්ථාවක පවසා සිටියේ මෙම චරිතය ඉදිරිපත් කිරීමෙන් පසු සිට රංගන ජීවිතය සහමුළින්ම පරිහානියට පත් වූ බවය. 

‛ගොස්පල් ඔෆ් ජෝන්’ සිනමා නිර්මාණය සඳහා 2003 වසරේදී ජේසුස් වහන්සේගේ චරිතය ඉදිරිපත් කළ ඔහු තවමත් ජීවත් වන්නේය. 

1999 වසරේදී ‛මේරි, මදර් ඔෆ් ජීසස්’ සඳහා ජේසුස් වහන්සේගේ චරිතය ඉදිරිපත් කළ මොහු තවමත් ජීවත් වන්නේය. 

‛ද ඩේ ඔෆ් ක්‍රියිස්ට් ඩයිඩ්’ සඳහා 1980 දී රංගනයෙන් දායක වුණු  ඔහු තවමත් ජීවත් වන්නේය. 

2000 වසරේදී ‛ද මිරකල් මේකර්’ සිනමා පටයට ජේසුස් වහන්සේ චරිතය ඉදිරිපත් කළ මොහු තවමත් ජීවත් වෙයි. 

1973 වසරේදී ‛ගෝඩ්ස්පෙල්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වුණු මොහු අකල් මරණයකට පත් වූයේ නැත. 

‛ජීසස්’ නම් සංගීතමය චිත්‍රපටය සඳහා 2005 දී රංගනයෙන් දායක වුණු මොහු අකල් මරණයකට පත් වූයේ නැත. 

1973 වසරේදී ‛ජීසස් ක්‍රියිස්ට් සුපර්ස්ටාර්’ සඳහා රංගනයෙන් දායක වුව ද මොහු තවමත් හොඳින් ජීවත් වෙයි. 

1927 වසරේදී ‛කිංග්ස් ඔෆ් ද කිංග්ස්’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වුණු මොහු 1958 වසරේදී මිය යන විට 83 වැනි වියෙහි පසුවූයේය. එබැවින් එය අකල් මරණයක් ලෙස දැක්විය නොහැක. 

1977 වසරේ නිෂ්පාදනය කළ ‛ජීසස් ඔෆ් නාසරෙත්’ සඳහා ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කළ මොහු අකල් මරණයකට පත් වූයේ නැත. 

1965 වසරේදී ‛ද ග්‍රේටස්ට් ස්ටෝරි එවර් ටෝල්ඩ්’ සඳහා රංගනයෙන් දායක වුණු මොහු දැනට 87 වැනි වියෙහි පසු වෙයි. 

1961 වසරේදී නිෂ්පාදනය කෙරුණු ‛කිංග්ස් ඔෆ් ද කිංග්ස්’ සිනමා නිර්මාණය සඳහා ජේසුස් වහන්සේ චරිතය ඉදිරිපත් කළ මොහු 1969 වසරේදී මිය යන විට 42 වැනි වියෙහි පසුවූවේය. ඒ ඔහු ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කිරීමෙන් වසර 8 කට පසුය. ඔහු සැබවින්ම අකල් මරණයකට ලක් වූවෙක් යැයි සැළකිය හැකිය. 

2013 වසරේ රූපවාහිනි කතා මාළාවක් වූ ‛ද බයිබල්’ සඳහා ද, 2014 දී ‛සන් ඔෆ් ගෝඩ්’ සිනමා නිර්මාණය සඳහා ද ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කළ මොහු දැනට 36 වැනි වියෙහි පසුවෙයි.