Thursday, May 21, 2020

අලුත් පැෂන් එකේ මාස්ක් මෝස්තර - Stylish Covid 19 Face Masks

අද විලාසිතා බවට පත්ව ඇති බොහෝ දේවල් මුලින්ම ලෝකයට ආවේ වෙනත් අරමුණක් ඉටුකරගැනීමට යොදා ගත් යම් යම් දේවල් විදියටයි. පතල් කම්කරුවන්ට පහසුවෙන් ඉරෙන්නේ නැති, වැඩි කාලයක් පාවිච්චි කළ හැකි සවි ශක්තියෙන් යුක්ත කලිසමක අවශ්‍යතාවක් ඇති වූ විට ලෝකයට ඩෙනිම් කලිසම් බිහි වුණා. අද එය විලාසිතාවක් බවට පත්ව තිබෙනවා. පළමු ලෝක යුද්ධ සමයේ ගැහැනුන් ද හමුදා සේවයට එක් වුණා. ඔවුන්ට එහිදී ඇඳිය හැකි පහසු ඇඳුමක් වුණේ කලිසමයි. කාන්තාවන් කලිසම් අඳින්නට හුරු වුණේ එයින් පසුව බව පැවසෙනවා. මේ වන කලිසම කියන්නේ කාන්තාවන්ගේ විලාසිතා අතර එක දෙයක් බවට පත්ව තිබෙනවා. මේ ආකාරයටම කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යත්ම සියලු දෙනාම මුඛ ආවරණ පාවිච්චි කරන්න පටන් ගත්තා. එහි අරමුණ එකිනෙකා අතර වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වාලීමයි. කොහොම වුනත් මිනිසුන්ට මේ වෛරසය සමග තවත් සෑහෙන කාලයක් ජීවත් වෙන්න සිදුවෙන බව දැනගත් විලාසිතා නිර්මාණකරුවන් දැන් මුඛ ආවරණයටත් විලාසිතා ආරෝපණය කොට ඇති බව පෙනෙනවා. මේ තියෙන්නේ එවැනි ‘අලුත් පැෂන් එකේ මාස්ක් මෝස්තර‘ ටිකක්.