Tuesday, April 6, 2021

ගස් කැපුවත් වස කෑවත් මට කමක් නෑ - මේ කේතුමතී පුරයයි

 

ගස් කැපුවත් වස කෑවත් මට කමක් නෑ

තෙල් බිව්වත් තෙල් නෑවත් මට කමක් නෑ

අපට ඡන්දෙ වැටෙනව නම් කමක් නෑ

කමක් නෑ කමක් නෑ

 

ගස් නැතිවට අපට ප්‍රියේ

ඔක්සිජනුත් හොඳට තියේ

චුට්ට චුට්ට වසත් කැවේ

ගොක්කොළ අතු නිතර මැවේ

 

ගස් කැපුවත් වස කෑවත් මට කමක් නෑ . . .

 

ඡන්ද දිනේ ළඟ එනවා

උදෑසනම අපි යනවා

කතිර ගසා වස කනවා

අපි ගොනාට ඇන්දෙනවා

 

ගස් කැපුවත් වස කෑවත් මට කමක් නෑ . . .