Thursday, July 24, 2025

ශ්‍රී ලංකාවේ ඉතිහාස අධ්‍යාපනය: අතීතය දෙස බලමින් අනාගතය ගොඩනැගීම - History Education in Sri Lanka: Looking to the Past, Building the Future



මෑතකාලීනව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැඩි කතාබහක් ඇති වී තිබේ. මේ අතර, ඉතිහාසය විෂය අනිවාර්ය විෂය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වූ බවට පැතිර ගිය ආරංචිය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. ඇතැමුන් තර්ක කරන්නේ වෘත්තියක් ලබා ගැනීමට ඉතිහාසය ඉගෙනීමෙන් ඇති පලක් නොමැති බවය. එහෙත්, බොහෝ දියුණු රටවල ඉතිහාසය අනිවාර්ය විෂයයක් වන අතර, ඇතැම් රටවල ස්ථිර පදිංචිය (PR) ලබා ගැනීමට පවා ඉතිහාසය පිළිබඳ පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී, අපගේ ඉතිහාස අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතු බව පැහැදිලිය.

නූතන රැකියා වෙළඳපොළට සරිලන පරිදි අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය පිළිගත යුතුය. කෙසේ වෙතත්, ඉතිහාසය යනු හුදෙක් කරුණු කට පාඩම් කරන විෂයයක් ලෙස සැලකීමෙන් එහි සැබෑ වටිනාකම මගහැරී යයි. ඉතිහාසය යනු අතීතයේ සිදු වූ සිදුවීම් පිළිබඳව පමණක් නොව, එම සිදුවීම් අපගේ වර්තමානයට සහ අනාගතයට බලපාන ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන විෂයයකි. එය විචාරාත්මක චින්තනය, විශ්ලේෂණ කුසලතා සහ හේතුඵල සබඳතා තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය කරයි. මේවා ඕනෑම වෘත්තියකට අත්‍යවශ්‍ය මූලික කුසලතා වේ.

නමුත්, අපේ රටේ ඉතිහාසය ඉගැන්වෙන ආකාරය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේයැයි කිවහොත් එය නිවැරදිය. බොහෝ විට ඉතිහාසය යනු හුදෙක් දත්ත සහ වර්ෂයන් සමූහයක් ලෙස ඉදිරිපත් කෙරේ. දරුවන්ට එමගින් කතාවක්, අත්දැකීමක් හෝ චිත්තවේගී බැඳීමක් ඇති කර ගැනීමට අවස්ථාව නොලැබේ. මේ නිසා, ඉතිහාසය අලස විෂයයක් බවට පත් වී ඇති අතර, එහි සැබෑ ආලෝකය දරුවන්ට නොපෙනේ.

අපගේ ප්‍රධානම අරමුණක් විය යුත්තේ ඉතිහාසය ඉගැන්වීමේ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කිරීමය. ඉතිහාසය හුදෙක් පොත්පත්වලින් පමණක් ඉගැන්වීම වෙනුවට, එය සජීවී අත්දැකීමක් බවට පත් කළ යුතුය. උදාහරණයක් ලෙස, ඓතිහාසික ස්ථාන නැරඹීමට අවස්ථා ලබා දීම, අතීත සිදුවීම් නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම, අන්තර්ක්‍රියාකාරී ක්‍රියාකාරකම් භාවිත කිරීම සහ සමකාලීන සිදුවීම් සමඟ ඉතිහාසය සම්බන්ධ කර ඉගැන්වීම වැනි ක්‍රමවේද අනුගමනය කළ හැකිය. නවීන තාක්ෂණය, විශේෂයෙන්ම දෘශ්‍ය සහ ශ්‍රව්‍ය මාධ්‍යයන්, ඉතිහාසය වඩාත් සිත්ගන්නාසුළු ආකාරයකින් ඉදිරිපත් කිරීමට උපකාරී වේ. සජීවීකරණ, වාර්තා චිත්‍රපට සහ අන්තර්ජාල සම්පත් භාවිතයෙන් දරුවන්ට අතීතය වඩාත් සමීප කරවිය හැකිය.

මෙමගින් සිදුවන්නේ කුමක්ද? දරුවන් ඉතිහාසය හුදෙක් ඉගෙන ගන්නවා වෙනුවට එයට ආදරය කිරීමට පටන් ගැනීමය. ඔවුන්ට තමන්ගේ මුතුන් මිත්තන්ගේ කැපකිරීම්, ඔවුන් මුහුණ දුන් අභියෝග සහ රට ගොඩනැගීමට දායක වූ ආකාරය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලැබේ. මෙම අවබෝධය තුළින්, දරුවන් තුළ තම මව්බිම කෙරෙහි අප්‍රමාණ වූ ආදරයක් සහ පක්ෂපාතිත්වයක් ස්වභාවිකවම ගොඩනැගේ. ඔවුන් තම රටේ අභිමානවත් ඉතිහාසය පිළිබඳව ආඩම්බර වන අතර, එම ඉතිහාසය රැක ගැනීමටත්, රටේ අනාගතය වෙනුවෙන් කැප වීමටත් පෙළඹේ.

ඉතිහාසය යනු හුදෙක් අතීතය පිළිබඳව දැන ගැනීමක් පමණක් නොවේ. එය වර්තමානය තේරුම් ගැනීමට සහ අනාගතය සැලසුම් කිරීමට අවශ්‍ය පාඩම් අපට කියා දෙයි. ජාතියක් ලෙස අප මුහුණ දුන් ජයග්‍රහණ සහ පරාජයන්, ගත් නිවැරදි තීරණ සහ වැරදි පියවරයන් ඉතිහාසය තුළින් අපට අධ්‍යයනය කළ හැකිය. මේවා අනාගතයේදී වඩාත් ඥානවන්ත තීරණ ගැනීමට අපට මග පෙන්වයි.

එබැවින්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ඉතිහාස විෂයයේ වැදගත්කම අවතක්සේරු නොකළ යුතුය. එය අනිවාර්ය විෂයයක් ලෙස තබා ගැනීම අතිශයින් වැදගත්ය. එහෙත්, ඊටත් වඩා වැදගත් වන්නේ ඉතිහාසය ඉගැන්වෙන ආකාරයෙහි සැලකිය යුතු වෙනසක් ඇති කිරීමයි. ඉතිහාසය කටපාඩම් කරන විෂයයක් වෙනුවට, විශ්ලේෂණාත්මක, අත්දැකීම් සහිත සහ දරුවන්ගේ සිත් තුළට කාවදින ආකාරයට ඉගැන්වීමෙන්, අපට දේශයට ආදරය කරන, වගකිවයුතු අනාගත පුරවැසියන් පිරිසක් බිහි කළ හැකිය. ඔවුන් රටේ අභිමානය රැක ගනිමින්, එය තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැපවනු ඇත. ඉතිහාසය යනු හුදෙක් අතීතය පිළිබඳ දැනුමක් නොව, ජාතියක හදවත සහ ආත්මයයි. එය නිවැරදිව ඉගෙනීමෙන් අපට වඩාත් ශක්තිමත්, එක්සත් සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකිය.


Wednesday, June 11, 2025

වාහන සමග ඇතිවන අපූරු ආධ්‍යාත්මිික බැඳීම් - The Mysterious Bond Between Man and Machine: A Sri Lankan Belief


 

ශ්‍රී ලාංකිකයන් වන අපගේ ජන සමාජයේ තදින් මුල් බැස ගත් විශ්වාසයන් බොහොමයක් තිබේ. ඇතැම් ඒවා ආධ්‍යාත්මික වන ඒවා වන අතර ඇතැම් ඒවා සංස්කෘතික . අතරේ අපගේ දෛනික ජීවිතයේ ආශ්චර්යයන් තුළින් මතු වන ඒවා තිබේ. ඒවා සිත්ඇදගන්නාසුළුය. විශ්වාස කරන්නට නොහැකි වුව විශ්වාස නොකර බැරි දේවල්ය. අතරින් එකක් සම්බන්ධ වන්නේ වාහනවලටය. එය එක්කෝ යතුරු පැදියක්, මෝටර් රථයක් හෝ ත්‍රිරෝද රථයක් හෝ විය හැකිය. වාහනයේ හිමිකරුවා සහ වාහනය අතර ගොඩනැගී ඇති ගුප්ත බැඳීම පිළිබඳවය. මේවායේ හිමිකරුවන්ට ඒවා හුදෙක් යකඩවලින් සැදි යන්ත්‍රයක් පමණක් වන්නේ නැත. ඒවා ස්වකීය ආරක්ෂකයින්, හවුල්කරුවන් හෝ නිහඬ සගයන් බවට පත් වේ.

මේ විශ්වාසයන් කිසිදු පොතක පතක හෝ ආගමික ග්‍රන්ථයක හෝ දේශනාවක අඩංගු වන්නේ ද නැත. ඒවා විවිධ පුද්ගලයන්ගේ සංවාද, කතා සහ පුදුමාකාර සිදුවීම් සමග සමාජය තුළ හුවමාරු වනු දක්නට ලැබේ. දීර්ඝ කාලයක් තිස්සේ වාහන පදවන ඇතැම් රියදුරන් මෙසේ පවසනු ඇතැම් විට ඔබට ද ඇසී තිබෙනවා විය හැකිය.

මගේ වාහනේ නම් කවදාවත් මාව අතරමං කරලා නෑ. ඒක මාව හොඳට අඳුනනවා.”

මෙය මා ද පුද්ගලිකව අත්දැක ඇති දෙයකි.

එක්තරා අවස්ථාවක මාගේ යතුරු පැදියේ නැගී යද්දී එහි ඉන්ධන අවසන් වී ඇති බව දැනුණි. යතුරු පැදිය ගැස්සී නතර විය. මා සිටියේ ද හුරුපුරුදු ප්‍රදේශයක නොවේ. මගේ සිත තුළ යම් තිගැස්මක් ද ඇති වන්නට පටන් ගැනුණි. නමුත් මොහොතකින් පුදුමයකින් වාගේ මාර්ගයේ පසෙකින් තිබුණු කුඩා සිල්ලර වෙළෙඳ සලක් මගේ නෙත ගැටුණි. මෙවැනි ඇතැම් සිල්ලර වෙළෙඳ සල්වල ප්‍රෙටල් විකිණීමට තිබිය හැකි බැවින් ඒ පිළිබඳ විපරම් කොට බැලීමි. සැබවින්ම එහි පෙට්‍රල් විකිණීමට තිබිණි. මට එකවර දැනුණේ සතුටක් හා විස්මයකි. මට දැනුණේ පෙට්‍රල් ඇති තැනක් හමු වන තුරු යතුරු පැදිය කෙසේ හෝ මා රැගෙන ආවා වැනි හැඟීමකි. 

මෙය මට පමණක් සීමා වූ අත්දැකීමක් නොවේ. වාහන පදවන බොහෝ දෙනෙකුට කියන්නට මෙවැනි කතා ඕනෑ තරම් තිබිය හැකිය. ඔවුන්ගේ වාහනය දෝෂ සහගත වූයේ ගරාජයක් කිට්ටුව බව පවසනු ඇත. එසේත් නැත්නම් වාහනය කරදර දුන්නේ ළඟම හිතවතකුගේ නිවසක් අසල දී බව පවසනු ඇත. ඇතැම් අවස්ථාවල දී වාහනයේ ඉන්ධන අවසන් වන්නේ නිවසට පැමිණි පසුය. මේවා අහඹු සිදුවීම් ද? එසේ වන්නට ඕනෑ තරම් ඉඩ තිබේ. නමුත්, එවැනි අත්දැකීමක් එක්වරකට වඩා ලැබෙන්නේ නම්, සහ එවැන්නක් අවශ්‍යම මොහොතේ සිදු වේ නම්, එහි අහඹු සිදුවීමකට වඩා වැඩි යමක් තිබෙන බැව් විශ්වාස කරන්නට පෙළඹේ.

මේ විශ්වාසය අපගේ සංස්කෘතිය තුළ තදින්ම මුල් බැස ගෙන තිබේ. ශ්‍රී ලාංකේය ජන සමාජයේ ජනතාව තමා දෛනිකව භාවිත කරන යම් යම් දෑ සමග මනෝභවමය බැඳීමක් ඇති කරගන්නට හුරුපුරුදුව සිටිති. එය පණ ඇති සතකු වන්නටම ඕනෑ නැත. බොහෝ විට නිවස, මෙවලම් සහ වාහන සමග මේ බැඳීම ගොඩ නැගෙන බැව් පෙනේ. අපි ඒවා සමග කතා කරමු. ඒවාට නම් පවා තබන අවස්ථා තිබේ. ඒවා පණ ඇති යමක් සේ සලකා ආදරය කරුණාව දක්වන්නෙමු. කාලයත් සමග ඒවා ද අප කෙරෙහි කාරුණිකව ප්‍රතිචාර දක්වන්නේ යැයි හැඟෙන්නට පටන් ගනී.

මෙය පසුපස එක්තරා ආකාරයක ආධ්‍යාත්මික තාර්කික බවක් ද පෙනෙන්නට තිබේ. පෙරදිග පවතින බොහෝ විශ්වාස පද්ධති තුළ, විශේෂයෙන් බුදු දහම සහ හින්දු දහම තුළ, සෑම දෙයක් තුළම ශක්තියක් ඇතැයි උගන්වනු ලබයි. අප නිතර පරිහරණය කරන වස්තූන්, අපගේ අරමුණු, අපගේ ආදර සැලකිල්ල, අපගේ මනෝභාවයක් වැනි අපගේ ශක්තිය අවශෝෂණය කර ගනියි. ඇතැම් වාහන සමග එහි හිමිකරුවා දැඩි බැඳීමක් ගොඩ නගා ගන්නේ මන්ද යන්න මෙය ඔස්සේ විස්තර කළ හැකිය. මෙය සෑම කෙනෙක්ම අත්නොදකිනවා විය හැකිය. නමුත් එවැන්නක් සිදු වී විට එය කිසිදා අමතක වන්නේ ද නැත.    

මෙය යමක් හඳුනා ගැනීමේ රටාවක්, තවත් ආකාරයකින් පවසතොත් මනසේ ඇතිවන රැවටිලිකාරී තත්ත්වයක් යැයි සංශයවාදීන් (යමක් සත්‍ය සේ පිළිගැනීමට නම් එයට තාර්කික පදනමක් සහ සාක්ෂි අවශ්‍ය බව තරයේ පිළිගන්නා පිරිස) පැවසිය හැකිය. පෙට්‍රල් අළෙවියට ඇති සිල්ලර වෙළෙඳසල් හෝ ඉන්ධන අළෙවි සල් ශ්‍රී ලංකාවේ සෑම අතම විහිදී පැතිරී තිබෙන බව ඔවුන් ඇතැම්විට පවසනවා විය හැකිය. එවැනි ස්ථානයක් දුටු විට ඉදිරියේ දී යම් කරදරයක් වේ යැයි යටි සිතෙන් හඳුනාගෙන කලින්ම ඒ සඳහා පියවර ගැනීමක් ලෙස ලෙස ඔවුන් පවසනවා විය හැකිය. එහි සත්‍යයක් තිබිය හැකිය. මිනිස් මොළය සෑදී ඇත්තේ අහඹු අවස්ථාවන්ගේ පවා රටාවන් සහ අර්ථයන් සොයා ගත හැකි වන පරිදිය. අපට සාමාන්‍ය සිදුවීම්වලට වඩා පුදුමාකාර, අදහාගත නොහැකි දෑ පහසුවෙන් මතකයේ රැඳෙයි. 

නමුත ඒ නිසාම අප කතා කරමින් සිටි විශ්වාසය අර්ථයක් නොමැති දෙයක් බවට පත් වන්නේද?

එනම්, ඔබේ යතුරු පැදිය කිසිදා ඔබ අතරමං නොකරන්නේ යැයි ඔබ තුළ පවතින විශ්වාසය තුළ ඇත්තේ පාක්ෂික බවකි. එහි ඇත්තේ විශ්වාසය, කෘතඥතාව සහ මිනිසුන් සහ ඔවුන් අවට පවතින ලෝකය අතර වූ අදෘශ්‍යමාන සබඳතාව පිළිබඳ ප්‍රකාශනයකි.

ජීවිතය යනු එකිනෙකාට, සොබා දහමට හෝ අප දෛනිකව භාවිත කරන අජීවී වස්තූන් සමග වූ සබඳතාවන් පිළිබඳ කතාන්දරවල එකතුවක් මිස අන් කිසිවක් නොවේ.

වේගයෙන් ඉදිරියට ඇදෙමින් ඩිජිටල්කරණයට ලක් වන ලෝකය තුළ ඇතැම්විට මෙවැනි විශ්වාසයන්ගේ වටිනාකමක් තිබෙන්නට පුළුවන්. අප දැවැන්ත ශක්ති වියමනක කොටසක් බව අපට ඒවා මතක් කර දෙයි. අපට අයිති අජීවී දෑ ඇතුළු අප වටා පවතින සියලු දේ ආරක්ෂා කරන්නටත් ගෞරව කරන්නටත් එවැනි විශ්වාසයක් නිසා අප තුළ දිරිගැන්වීමක්, පෙළඹවීමක් ඇති වෙයි.

ඔබගේ වාහනය හුදෙක් ඔබව තැනින් තැනට රැගෙන යාම සඳහා උදව් වන යන්ත්‍රයක් පමණක්ම නොවේ. එය ඔබගේ  දෛනික ජීවිතයේ සාක්ෂිකරුවෙකි. ඔබගේ දෛනික ජීවිතයේ සහකරුවෙකි. එය විද්‍යාත්මක හෝ ආත්මීය හෝ ආදරණීය හෝ දෙයක් විය හැකි අතර ඔබත් එයත් අතර යම් බැඳීමක් පවතින බව පිළිගන්නට ඔබ හෝ මම පැකිළෙන්නේ නැත. 

අනෙක් අතට අප ආදරණීය ලෙස සලකන යමක් වේ නම්, එය අජීවී හෝ සජීවී වුවද, ඒ ආදරයම යළි පෙරළා අප වෙත නොලැබෙන්නේ යැයි කාට පැවසිය හැකිද?

 

Thursday, May 8, 2025

Pope Leo XIV (Robert Francis Prevost): The First American Pope and a Global Shepherd



On May 8, 2025, history was made within the hallowed walls of the Vatican as white smoke rose from the Sistine Chapel, signaling the election of a new pope. The conclave of cardinals had chosen Cardinal Robert Francis Prevost, a U.S.-born prelate with deep Latin American roots, to lead the Catholic Church. Taking the name Pope Leo XIV, he became the first American pope in the Church’s two-thousand-year history—a decision that both surprises and inspires Catholics around the world.

Born on September 14, 1955, in Chicago, Illinois, Robert Prevost grew up in a devout Catholic family with strong spiritual and moral values. Drawn to religious life from a young age, he joined the Order of St. Augustine (OSA) and was ordained a priest in 1982. His early years of priesthood were not confined to the comforts of America. Instead, he immersed himself in missionary work, especially in Peru, where he would spend nearly two decades of his life.

In Peru, Prevost earned a reputation as a humble servant of the poor and a gifted leader, eventually serving as bishop of Chiclayo. His ability to bridge cultural divides, understand pastoral challenges on the ground, and nurture community life made him highly respected across Latin America. Despite his U.S. origins, his years in Peru gave him a truly global identity—something that would later play a crucial role in his papal election.

In 2014, Pope Francis brought Prevost to Rome, appointing him to key positions in the Vatican, including membership in the Congregation for Bishops. In 2023, he was named Prefect of the Dicastery for Bishops, putting him in charge of selecting bishops for dioceses around the world. This influential role allowed him to shape the global episcopate with a focus on pastoral care, humility, and inclusiveness—values that resonated deeply with the spirit of Pope Francis’ papacy.

Prevost's low-key demeanor, theological grounding, and international perspective made him a trusted figure in the Roman Curia, even as tensions swirled around the Church’s future direction.

Traditionally, the Vatican has been hesitant to elect a pope from the United States. This reluctance stems from concerns that an American pope might be perceived as too closely aligned with a global superpower, potentially complicating the Church's diplomatic neutrality and moral authority. For decades, there was a quiet understanding that the papacy should avoid direct association with the world's most dominant political and economic force.

However, Prevost’s background helped overcome these longstanding reservations. His Peruvian residency, fluent Spanish, missionary work, and long Vatican service all positioned him as a true man of the Church, not of a nation.

Upon his election as pope, he chose the name Leo XIV, invoking the legacy of previous Popes Leo—especially Leo XIII, known for his encyclicals on social justice and workers' rights. The name signals a possible commitment to renewing Catholic social teaching in a divided world and addressing the pressing issues of our time, including migration, climate change, poverty, and secularism.

Pope Leo XIV enters the papacy at a time of significant challenges: declining church attendance in the West, clergy abuse scandals, political polarization, and tensions between conservative and progressive factions within the Church. Yet, his life’s journey—from the streets of Chicago to the barrios of Peru, and finally to the highest seat of Catholic leadership—embodies the kind of inclusive, global vision the Church increasingly needs.

As the first American-born pope, he brings not a symbol of power, but a symbol of connection between continents, cultures, and communities of faith. Pope Leo XIV now faces the monumental task of shepherding over 1.3 billion Catholics through a complex, fast-changing world—armed with humility, deep faith, and a lifetime of service beyond borders.

Tuesday, February 18, 2025

දිනෙන් දින වැඩි වන අපේ රටේ වායු දූෂණය - Air pollution in our country is steadily increasing with each passing day.

 


මේ දිනවල ශ්‍රී ලංකාවේ වායු දූෂණයේ යම් ඉහළ යාමක් පෙන්නුම් කරන බව පුවත් වාර්තා වී තිබේ. වාහනවල වායු විමෝචන භාරකාර අරමුදල සඳහන් කර සිටියේ පසුගිය කාලයට සාපේක්ෂව මේ දින කිහිපය තුළ වායු ගුණත්වය යම් අයහපත් තත්ත්වයකට පත්ව ඇති බවය. වායු ගුණත්ව දර්ශකයට (Air Quality Index - AQI) අනුව යහපත් මට්ටම ලෙස සැලකෙන්නේ 0 - 50 දක්වා වුව ද ලැබී ඇති වාර්තාවලට අනුව කොළඹ, යාපනය, වව්නියාව, මහනුවර, ගාල්ල, හම්බන්තොට සහ මොනරාගල ඇතුළු නගර 15 ක වායු ගුණත්ව දර්ශකයේ අගය 101 - 150 අතර තත්ත්වයක පැවතී තිබේ. මේ තත්ත්වය වායු දූෂණයේ සුළු මට්ටමක් වුව ද නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ. පසුගිය දිනවල වායුගෝලයේ කැලඹීම සමග ඇතිවූ කුණාටු තත්ත්වය පහව ගිය ද මීදුම් ස්වභාවයක් තවමත් දක්නට ඇත්තේ සැබවින්ම කාලගුණය කැලඹීමේ තත්ත්වය තවමත් පවතින නිසා නොව මේ වායු දූෂණ තත්ත්වය නිසා බව පෙනෙන්නට තිබේ. 

යම් කිසි ස්ථානයට වායු දූෂණ කෙතරම්දැයි මැන බලන දර්ශකය ‘වායු ගුණත්ව දර්ශකය’ (Air Quality Index - AQI) යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහි අගය 0 - 500 අතර පවතින අතර වඩාත් හිතකර, යහපත් වායු තත්ත්වයක් පවතින්නේ නම් 0 - 50 දක්වා විය යුතු වේ. 50 අගය පසු කරද්දී එම ස්ථානය වායු දූෂණයට ලක්වෙමින් පවතින බවට නිගමනය කෙරේ.

ශ්‍රී ලංකාවේ වායු දූෂණ තත්ත්වයක් ඇතිවීම කෙරෙහි ඍජුවම බලපාන්නේ අප රටෙහි ඇති රථ වාහනවලින් හෝ කර්මාන්ත ශාලා මගින් වායුගෝලයට මුදා හැරෙන විවිධකාර දුමාරයන් නිසා නොව ඉන්දියාවේ බලපෑම නිසා බව වායුගෝලීය ගුණත්වය සම්බන්ධ ආයතන බොහොමයක් පෙන්වා දී තිබේ. ඉන්දියාවේ වායු දූෂණය ශ්‍රී ලංකාව කෙරෙහි බලපෑම සාපේක්ෂව මෑත කාලයේ සිට වාර්තා වූවක් වන අතර විශේෂයෙන් මෙය ශ්‍රී ලංකාව කෙරෙහි බලපාන්නේ ඉන්දියාවට සීත ඍතුව එළඹෙන මේ සමයේදීය. 

වායු ගුණත්ව දර්ශකයට අනුව 0 - 50 දක්වා යහපත් ලෙසින් ද, 50 - 100 දක්වා මධ්‍යස්ථ ලෙසින් ද, 100 - 150 දක්වා සංවේදීත්වයෙන් වැඩි පුද්ගලයන් සඳහා සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටම ලෙසින් ද, 150 - 200 දක්වා සියලු දෙනාටම සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටම ලෙසින් ද, 200 - 300 අතර නම් අතිශය සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටම ලෙසින් ද, 300 - 500 අතර අතිශය භයානක මට්ටම ලෙසින් ද වර්ග කොට තිබේ. මේ වර්ග කිරීම සිදු කොට ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගිනි. මේ දර්ශකයට අනුව මේ දිනවල ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයකම වායු ගුණත්වය ඇත්තේ අවදානම්කාරී තත්ත්වයකය. නවදිල්ලියේ මෙය 318 ක් ද, දකුණු ඉන්දියාවේ බොහෝ නගරවල 90 - 100 අතර පවතින බව ද වාර්තා වී තිබේ. 

වායු දූෂණය මැනීමේ දී වාතය තුළ කෙතරම් අංශුමය ද්‍රව්‍ය (Particulate Matter) අඩංගු ද යන්නත් මැන බැලීමක් සිදු කරයි. එනම් රථවාහන, කර්මාන්ත ශාලා, පරිසරයේ ඇති විවිධ සියුම් අංශු ආදී දේවල්වලින් වාතය කෙතරම් පිරී ඇති ද යන්න මෙහිදී සොයා බැලෙන අතර මෙය PM2. 5  දර්ශකය ලෙස හඳුන්වනු ලබයි. PM යනු ‘අංශුමය ද්‍රව්‍ය’ (Particulate Matter) යන්නය. මෙය 12 μg/m3 මට්ටමට වඩා අඩු නම්, එය ස්වසනය සඳහා හොඳ මට්ටමක් යැයි පැවසේ. මෙය  35 μg/m3 මට්ටම වඩා වැඩි වූ විට අහිතකර තත්ත්වයට පත් වෙයි. මෙහි අගය 0 - 999 අතර පවතින අතර දිල්ලියෙන් මේ අගය වාර්තා වන්නේ 410 වශයෙනි. මේ අනුව බලන විට උතුරු ඉන්දීය නගරයක් වන දිල්ලි නගරයේ වායු දුෂණ තත්ත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය ඉන්දියාවට පමණක් නොව එයට තදාසන්න රටවලට ද දැඩි සේ බලපෑමක් එල්ල කරයි. ශ්‍රී ලංකාවේ වායු දූෂණයට හේතු වී ඇත්තේ මේ තත්ත්වයය. 

ඔක්තෝබරයේ සිට දෙසැම්බරය දක්වා පවතින ඊශාන දිග මෝසම් තත්ත්වය නිසා උතුරු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දෙසට දැඩි සුළං ප්‍රවාහයක් ගලා එයි. මේ නිසා ශ්‍රී ලංකාවට දූෂිත වායුව සහිත සුළං වැඩි වශයෙන් හමා එන්නේ ආසන්නයේම පවතින දකුණු ඉන්දියාවෙන් නොව අධික වායු දූෂණයක් සහිත උතුරු ඉන්දියාවට අයත් දිල්ලි වැනි නගර හරහා බව පෙනේ. මේ තත්ත්වය මීට පෙර කොවිඩ් අර්බුදය පැවති සමයේ දී දකින්නට හැකි විය. එය වාර්තා වූයේ වසරේ මේ සමයේදීම වීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. එම සමයේ ප්‍රවාහනය සඳහා අතිශය දැඩි ලෙස සීමා පනවා තිබුණ බැවින් ශ්‍රී ලංකාව තුළ වාහනවලින් වායු විමෝචනයක් සිදු නොවුන ද නගර කිහිපයකින් වායු දූෂණයේ ඉහළ යාමක් පෙන්නුම් කෙරිණි. එයට හේතු වී තිබුණේ ද උතුරු ඉන්දියාවෙන් හමා ආ මෝසම් සුළං ය. මෙවර එය වාර්තා වන්නේ දෙවැනි වරටය. ඉන්දියාවේ පවතින අධික වායු දුෂණය සමග සලකා බලන කල මෙය මෙතැනින් නතර වන බවක් පෙනෙන්නට ද නැත. 

මෙතෙක් කලක් ශ්‍රී ලංකාව වායු දූෂණ තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලක් දැක්වූවේ නැති නමුත් එය දැන නො සලකා හැරිය නොහැකි තත්ත්වයක් දක්වා පත්ව තිබේ. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වර්ධනය වනු ඇති අතර කලාපීය වශයෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමෙන් මිසෙක මේ තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මේ සඳහා සෙසු දකුණු ඉන්දීය රාජ්‍යයන්ගේ සහයෝගයෙන් ඉන්දියාවට මේ සම්බන්ධයෙන් බලපෑම් කළ යුතු අතර වායු දූෂණය සම්බන්ධ වඩාත් දියුණු පුරෝකථන තාක්ෂණයකින් යුක්ත උපාංග ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කළ යුතු බව විශේෂඥයෝ පෙන්වා දෙති. එවිට අඩුම තරමේ වායු දුෂණය නවතාලිය නොහැකි වුව ද එයට සූදානම් වන්නට හෝ හැකියාවක් තිබේ. කෙසේ නමුත් අනාගතයේ දී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ වායූ දූෂණ තත්ත්වයෙන් මිදෙන්නට හැකියාවක් නොමැති බව නම් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව වායූ දුෂණයේ තෝතැන්නක් වනු ඇති දැයි පරිසරවේදීන්, පාරිසරික විශේෂඥයින් සැක පහළ කරන්නට පටන් ගෙන තිබේ.