Wednesday, December 19, 2012

නල්ලූර් කන්දසාමි කෝවිල - Nallur Kandasamy Temple

 මෙය යාපනය නගයේ සිට පේදුරු තුඩුව දක්‌වා ගමන් ගන්නා බී 71 මාර්ගයේ කි.මී. 2 ක්‌ පමණ ගමන් කළ විට කල්ලුර් කන්දසාමි කෝවිලට යා හැකිය. නල්ලූර් කෝවිල යාපන නගරයේ පිහිටි හින්දු බැතිමතුන්ගේ ප්‍රමුඛවු සිද්ධස්ථානයකි. බුවනෙකබාහු රජ අවධියේ නිර්මාණය කරන ලද යැයි පැවසෙන කෝවිල පෘතුගීසින් විසින් විනාශයට පත් කර ඇත. නව කෝවිල 18 වන ශත වර්ෂයේ ප්‍රති නිර්මාණයකි.
යාපන අර්ධද්වීපයේ පැවත්වෙන වැදගත් ම ආගමික උත්සවය නල්ලූර් කෝවිල මුල් කොට සෑම වසරකම අගෝස්තු මාසයේ දී පැවැත්වේ. අගෝස්තු පුර පෝයට දින විසිහයක් තිබියදී ඇරඹෙන උත්සව සමය පුර පෝයට නිමාවේ.



 මෙම කෝවිල අද හින්දු කෝවිලක්‌ ලෙස පැවැතියත් ෂඪ වැනි පැරකුම්බා රජු සමයේදී යාපනයේ පැවැති ආර්යය චක්‍රවර්තී පාලනය පරාජය කර යළි රට ඒකීය කිරීමට ෂඩ වැනි පැරකුම්බා රජුට උදව් කළ සපුමල් කුමාරයා විසින් කතරගම දෙවියන් උදෙසා මෙම දේවාලය ඉදිකළ බවත් ඉතිහාසයේ සඳහන්වී තිබේ. එම දේවාලයේ අදත් ගායනා කරනා ස්‌ත්‍රොaත්‍රවල සපුමල් කුමාරයාගේ අභිෂේක නාමය පිළිබඳ සඳහන්වී තිබීමෙන් ඒ බව තහවුරු වේ.







පෘතුගීසින් හා සටන් කිරීමට යාපනයේ සිටි පාලකයන්ගෙන් සහයෝගය ලබාගැනීමට යාපනයට ගියවීදිය බණ්‌ඩාර කුමාරයාට, එම දේවාල භූමියේ තිබූ නුග ගසක සිට එල්ල කරන ලද පහරකින් එම කුමාරයා මරණයට පත්වූ බවත් ඉතිහාසයේ සඳහන් වී තිබේ.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න