Thursday, May 9, 2013

Top Asian Sexiest Women - ආසියාවේ අනුරාගීම කාන්තාවෝ



යම්කිසි තරගයක්, එසේත් නැත්නම් දර්ශකයක් ගොඩනැංවීමේදී එය වඩාත් සාධාරණවීමට නම් ඒ සඳහා සළකා බැලෙන්නාවූ සෑම දෙයක්ම සැළකිල්ලට ගත යුතුය. එසේ නොවුනහොත් අපට ලැබෙන ප්‍රතිඵල සාධාරණවන්නේ නැත. නමුත් ඉන්දියාවේ සුප්‍රකට රූපවාහිනි ආයතනයක් වන NDTV හා  බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ආසියානු පවත්පතක්වන ‛ඊස්ටර්න් අයි’ එකතුව මගින් සෑම වසරකම පවත්වනු ලබන්නාවූ ‛අනුරාගීතම ආසියානු කාන්තාව’ තේරීමේ තරගය හෙවත් දර්ශකය මෙසේ සාධාරණ ප්‍රතිඵලයක් නොලැබෙන්නක් බැව් පෙනේ. ඒ පිලිබඳ අනෙකුත් ඉන්දියානු හා ආසියානු මාධ්‍ය ආයතන ද චෝදනා නගන්නට පටන්ගෙන තිබේ. ඔවුන් සිය වෙබ් අඩවියෙහි අනුරාගීතම ආසියානු කාන්තාවන් 50 දෙනෙකුගේ ලැයිස්තුවක් ඉදිරිපත් කොට ඇති අතර එහි අඩංගුවන්නේ ආසියානු රටවල් තුනකට අයත් කාන්තාවන් පමණි. ඒවා නම් ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලාදේශය පමණි. නමුත් ආසියාව යනු රටවල් ගණනාවක එකතුවකි. ඒ සෑම රටකම සුරූපී හා අනුරාගී කාන්තාවන් කොතෙකුත් සිටින්නට පුළුවන. නමුත් ඔවුන්ගේ නාලිකාව ඉන්දියා සමග තවත් රටවල් තුනක් පමණක් මේ සඳහා සැළකිල්ලට ගෙන අවසන් ප්‍රතිඵලය සඳහා ‛ආසියාවේ අනුරාගීතම කාන්තාවන්’ යනුවෙන් නම් කිරීම සාධාරණ නැති බැව් දැන් බොහෝ දෙනෙකු පවසන්නට පටන්ගෙන තිබේ. 
තත්වය එසේ වුවත් ඔවුන් ඉදිරිපත්කොට ඇති තොරතුරු ඔබට පවසන්නට අපි තීරණය කළෙමු. එය සාධාරණ නොවන බව ඔබට ද හැඟී යනු ඇති මුත් මෙය අපූරු දර්ශකයක් බැවින් ඔබ ඒ පිළිබඳ දැනගන්නට කැමැතත්තෙන් ඇතැයි අපේ හැඟීමයි. 
ඔවුන් මෙසේ ඉදිරිපත් කොට ඇති ලැයිස්තුවේ 42 දෙදෙනකුම ඉන්දීය ජාතික කාන්තාවන් වන අතර පාකිස්ථානයෙන් 6 දෙනෙකු ද බංග්ලාදේශයෙන් 2 ක් ද සිටිති. ඉන්දීය කාන්තාවන් 42 ක්ම සිටීමෙන්  පෙනී යන්නේ ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ ඉන්දියානු කාන්තාවන් උසස් හෝ දක්ෂතාවයන්ගේ යුක්ත බැව් ලෝකයට හඟවන්නට පුළුවන. නමුත් ලැයිස්තු දෙස බලනාවිට මෙය සාධාරණ නොමැති බවට චෝදනා එල්ළවන්නේ ද මේ නිසාමය. 
ඔවුන්ගේ මේ ලැයිස්තුවේ පළමු පස් දෙනාම ඉන්දියානු ජාතික කාන්තාවන්ය. ඔවුන්ගෙන් 4 දෙනෙක් ඉන්දියාවේ සුප්‍රකට සිනමා නිළියන් ද වන්නේය. ඔවුන්ගේ ලැයිස්තුව මෙසේය. 
1. කත්රිනා කායිෆ් 
2. ප්‍රියන්කා චොප්රා 
3. ෆ්‍රීඩා පින්ටෝ - ස්ලම් ඩෝග් මිලියනයර් හි රඟපෑ නිළිය ඇයයි 
4. ලයිලා රූසස් -  ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියකි 
5. කරීනා කපූර් 
පළමු 10 දෙනො ගතහොත් එහිද ඉන්දියානු කාන්තාවන් 9 දෙනෙකු සිටී. ඔවුන්ගෙන් ද බහුතරයක් සුප්‍රකට සිනමා නිළියන් ය. බිපාෂා බාසු, ලාරා දත්තා, අයිෂ්වර්යා රායි බච්චාන් හා දීපිකා පදුකෝන් එම නිළියන්ය. පළමු 10 දෙනා අතරින් 9 වැනි තැන පසුවන කාන්තාව අයත්වන්නේ පාකිස්ථානයටය. 
ඊට අමතරව මෙම 50 දෙනොගේ ලැයිස්තුවේ තවත් ඉන්දියානු සිනමා නිළියන් කිහිප දෙනෙකුම සිටී. ඔවුන් අතර අසින්, ශිල්පා ෂෙට්ටි, විද්‍යා බාලන්, සෝනාම් කපූර්, රානි මුඛර්ජි, ප්‍රිටි සින්ටා, ඊෂා ඩියොල් හා කමල් හාසන්ගේ දියණිය වන සෘති හසන් ද වෙති. 
ඉන්දියාවේ සිටි සුප්‍රකට සිතාර් වාදනක ශිල්පියකු වූ රවි ශන්කර්ගේ දියණිය වන, දැනට එංගලන්තයේ වෙසෙන දක්ෂ සිතාර් වාදන ශිල්පිනියක වූ අනුෂ්කා ශන්කර් ද මෙම ලැයිස්තුවේ දක්නට ලැබේ. ඇය පසුවන්නේ 45වැනි ස්ථානයේය. 
බංග්ලාදේශයෙන් මෙම ලැයිස්තුවට අයත්ව සිටින කාන්තාවන් දෙදෙනා අතරන් එක් තැනැත්තියක් වන කොනී හක් 48 වැනි ස්ථානයේ පසුවන අතර අනෙක් තැනැත්තිය වන ටස්මින් ලුසියා ඛාන් 28 වැනි ස්ථානයේ පසුවන්නීය. 
මේ ඉන්දියාවේ භෘඔඪ හා  බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ආසියානු පවත්පතක්වන ‛ඊ්ස්ටර්න් අයි’ මගින් ඉදිරිපත් කළ ලැයිස්තුවයි. නමුත් මෙයට චෝදනා කරනා පාර්ශ්ව පවසන්නේ මෙය වඩාත් සාධාරණවන්නේ සියලු ආසියානු රටවල කාන්තාවන් මේ සඳහා සැළකිල්ලට ගැනීමෙන් බවය. ඔවුන්ගේ මීළඟ ලැයිස්තුව එවැනි සාධාරණත්වයකින් යුක්ත වේ යැයි කවුරුත් බලාපොරොත්තු වෙති. 


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න