Sunday, December 29, 2013

ඉසිවර වෙදැදුරු ටෙලි නාට්‍යයේ බෙක් ක්වන්ග් හ්‍යු - Baek Kwang-hyun of The King's Doctor - Isiwara Wedaduru


කොරියානු ටෙලිනාට්‍යවලට කැමති ඔබ වෙනුවෙන්ම මේ දිනවල ජාතික රූපවාහිනිය විකාශනය රන අලුත්ම නිර්මාණය තමයි ඉසිවර වෙදැදුරු’. කොරියානු බසින් Maui වන මෙය  ඉංග්‍රීසි බසින් The King's Doctor, Horse Doctor, The Horse Healer යන නම්වලින්ද ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. නමුත් වඩාත් ජනප්‍රියව ඇත්තේ The King's Doctor නමින්. මෙය නිර්මාණය කොට ඇත්තේ ද ඓතිහාසික කතාවක් පදනම් කරගෙනයි. ඔබ මෙයට පෙර නැරඹූ සුජාත දියණිහා අභීත දියණීනාට්‍යයන් අධ්‍යක්ෂණය කළ ලී බ්‍යුන්ග් - හූන්මෙහි ද අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. නමුත් ඔබ ඒවායේ දුටු නළු නිළියන් කිසිවෙක් මෙහි දක්නට ලැබෙන්නේ නැහැ.

ජෝසෙන් රාජ්‍ය සමයේ අවසාන භාගයේ දී පමණ ජීවත් වූ අශ්වයිනට ප්‍රතිකාර කිරීමට දක්ෂකම් දැක් වූ බෙක් ක්වන්ග් - හ්‍යුන්නම් පශු වෛද්‍යවරයකු වටා මෙම කතාව ගෙතී තිබෙනවා. කුලයෙන් පහත් පුද්ගලයකු වන බැවින් පශු වෛද්‍යවරයකු ලෙස පවා ඉහළට පැමිණෙන්ට ඔහු ඉදිරියේ ඇති බාධාවන් අපමණයි. නමුත් වැඩවසම් සමාජ ක්‍රමයේ තාඩන පීඩනවලින් නොසැලී දිරියෙන් ජීවිතය ජයගන්නා මේ පශු වෛද්‍යවරයා අවසානයේ රජමාලිගාවේ රාජකීය වෛද්‍යවරයා බවට පත්වෙනවා.  එමෙන්ම ජෝසෙන් රාජ වංශයේ ප්‍රථම ශල්‍ය වෛද්‍යවරයා වන්නේ ද ඔහුයි. කොරියාවට ආවේණික වූ වෛද්‍යක්‍රම හා කටු චිකිත්සාව පිළිබඳ දක්ෂයකු බවට පත්වන ඔහු කිසිදා තමන් සිටි තැන අමතක නොකරන උතුම් පුද්ගලයකු බව තහවුරු කරමින් දිළිඳු, අසරණ ජනතාවගේ රෝග පීඩාදිය සුව කරන්නට ජීවිතයම කැප කරනවා. ඉසිවර වෙදැදුරුනාට්‍යයේ ප්‍රධාන චරිතය වන බෙක් ක්වන්ග් - හ්‍යුන්ගැන කෙටියෙන් සඳහන් කළොත් ඒ විස්තර තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඔබ දැනටමත් මේ නාට්‍යයේ හොඳ ප්‍රෙක්ෂකයෙක් නම් මේ ගැන ඔබ හොඳින්ම දන්නවා ඇති. නොදන්නා කෙනෙක් නම් මේ විස්තරය දැනගත්තාම නාට්‍යය බලන්න හිතෙන්නත් ඇති.


බෙක් ක්වන්ග් - හ්‍යුන්නම් ඉසිවර වෙදැදුරාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ 1980 පෙබරවාරි 12 වැනිදා දකුණු කොරියාවේදී මෙලොව එළිය දුටු දක්ෂ හා අතිශය ජනප්‍රිය කොරියානු සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු වන ජෝ සුන්ග් - වූ’. ඔහු හැදී වැඩුණේ සංගීත රසකාමී පවුලක. ඔහුගේ පියා ජෝ ක්‍යුන්ග්-සූගායකයෙක්. අක්කා, ඒකියන්නේ ජෝ සෝ-යොන්සංගීත සංදර්ශනවල රංගන ශිල්පිනියක්. අපේ මේ කතා නායකයා, ඒ කියන්නේ ජෝ සුන්ග් - වූසිහින මැව්වෙත් සංගීතය පැත්තෙන් ජීවිතය ගොඩනගාගන්න. නමුත් 1999 දී ඔහුට අහම්බෙන් වගේ සිනමා නිර්මාණයකට දායකවන්නට අවස්ථාව ලැබුණා. ඒ ඉම් ක්වොන්-ටේක්ගේ චුන්ය්‍යාන්ග්සඳහායි. මෙය සාර්ථක නිර්මාණයක් වුණේ නැහැ. නමුත් කෑන්ස් සම්මාන උළෙල සඳහා  පවා මෙම නිර්මාණය නිර්දේශ වුණා. ඒ නිසා ජෝ සුන්ග්ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන්ගත්තා.

ඔහු තමාගේ මේ පළමු සිනමා නිර්මාණයෙන් පසුව නැවතත් සංගීත කටයුතු ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තත් සිනමාවෙන් ගැළවෙන්න නම් ඉඩක් ලැබුණේ නැහැ. 2001 වසරේදී ඔහුට වානීසහ ජූනාසිනමා නිර්මාණවල සහාය චරිතත්, 2002 වසරේදී හූ ආර් යූහි ප්‍රධාන චරිතයක් රඟපාන්නත් අවස්ථාව ලැබුණා. ඉන් පස්සේ 2003දී ක්වක් ජේ-යොන්ග්ගේ ක්ලැසික් සිනමා නිර්මාණයට දායකවන්නට අවස්ථාවත් හිමි වුණා. ඔහුගේ ජනප්‍රියත්වය මේ විදියට ටිකෙන් ටික වැඩිවෙන්න පටන්ගත්තා. 2004 ඔහු රඟපෑ ලෝ ලයිෆ්චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා පවා තැබුවා. අවසානයේ ඔහු කොරියාවේ ජනප්‍රියතම තරුවක් බවට පත්වුණා. කෙසේ මුත් ඔහු රංගනයෙන් දායක වුණු මැරතන්’, ටාස්සා - ද හයි රෝලර්ස්’, ජෙකිල් ඇන්ඩ් හයිඩ්’, ද කිංග්ස් ඩොක්ටර්හෙවත් ඔබ දැන් නරඹන ඉසිවර වෙදැදුරුයන නිර්මාණ වැඩි කතාබහට ලක්වුණා.

කොරියානුවන්ට අනිවාර්ය යුද සේවයක් තිබෙනවා. ජෝ සුන්ග් - වූටත් එය අදාළයි. 2010 දී ඔහු ජෙකිල් ඇන්ඩ් හයිඩ්’  සඳහා දායක වුණේ මේ අනිවාර්ය යුද සේවයෙන් පසුවයි. සංගීතයද අමතක නොකළ ඔහු ප්‍රසංග වේදිකාවේ ද නිතර දක්නට ලැබෙන චරිතයක්. එක් ප්‍රවෘත්තියකට අනුව කොරියාවේ වැඩිම මිලක් අය කළ සංගීත ශිල්පියා ලෙසින් ද ඔහු වාර්තාවක් තබා තිබෙනවා. ඔහුගේ මේ අධික අයකිරීම නිසා ඇතැම් නිෂ්පාදකවරුන් ඔහු සහභාගීවන සංදර්ශන සඳහා අනුග්‍රහ දක්වන්නට බියක් පළ කළත්, ඔහු සහභාගී වන සංදර්ශනවල ප්‍රවේශපත්‍ර අළෙවිවන්නේ උණු කැවුම් වාගෙයි. ඔහුට ඒ තරමටම ඉල්ලුමක් කොරියාවේ පවතිනවා.

පුංචි තිරයේ ඔහු දායක වුණු ප්‍රථම නිර්මාණය තමයි හෝර්ස් ඩොක්ටර්’. ඒ කියන්නේ ඉසිවර වෙදැදුරු’.  එහි කළ රංගනය උදෙසා කොරියාවේ එම්.බී.සී, සම්මාන උළෙලේ ලද හැකි ඉහළතම සම්මානය වූ ඩේසෑන්ග්දිනාගැනීමටත් ඔහු වාසනාවන්ත වුණා.


ඔහු මේවන විට සිනමා නිර්මාණ 19කටත්, සංගීතමය නාට්‍ය 12කටත් තවත් විවිධ නිර්මාණ ගණනාවකටත් දායක වී තිබෙනවා. මේවන විට දිනා ඇති සම්මාන ගණන 23කටත් අධිකයි. 

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න