Friday, July 4, 2014

බ්‍රෙසියරයේ කතාව - Story of the brassier


මේ දිනවල අප රටේ ජනප්‍රියතම ඇඟළුම බවට බ්‍රෙසියරය පත්ව ඇති නිසා ඒ පිළිබඳ කලකට පෙර ලියූ ලිපියක් යළි මෙසේ ඔබේ අවධානය පිණිස යොමු කරනු කැමැත්තෙමි.

ගැහැණියට ලස්සන පපුවක් දුන්නේ සොබා දහමයි. ඒ පපුව ලස්සන කළේ අයිඩා රොසෙන්තාල්ය.

1906 දී අයිඩා රොසේන්තාල් මිනිස්කිහී සිට ඇමෙරිකාවේ පදිංචියට යද්දී බ්‍රසියරය කියා දෙයක් තිබුණේ නැත. එවකට 19 හැවිරිදි ඇය ඇමරිකාවේ නිව්ජර්සි හි පදිංචි වී ඇදුම් සාප්පුවක් ඇරඹුවාය. ඇය ඇදුම් සාප්පුව පවත්වාගෙන යද්දී බ්‍රසියරය උපන්නේය. එහෙත් ඒ බ්‍රසියරයේ කාර්යය වූයේ අදට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. එනම් තරුණියන්ගේ පියයුරුවල උස්බව නැතිකොට පපුව පැතලි කොට ඔවුනට කොලු පෙනුමක් ලබා දීමය. බ්‍රසියරය යන නම උපන්නේද දරුවකුගේ යට බැනියම හදුන්වන ප්‍රංශ නමෙනි. 1913දී එය හදුන්වා දෙනු ලැබුවේ එවකට ප්‍රකට මෝසතරකරුවකු වූ කැරසි ක්‍රොස්බිය.

ඇදුම් මැසීමෙන් අතමිට සරු වූයෙන් ඇය කළේ 1922 දී නිව්යෝරක් නගරයේ ඇදුම් සාප්පුවක් දැමීමය. මසා නිමකළ ඇදුම් ඇගලූ විට ගැහැණුන් වඩාත් හැඩව නොපෙනෙන්නේ කිසියම් අඩුවක් නිසා යැයි තේරුම් ගත් ඇය එය කුමක්දැයි සොය ගත්තාය. කාන්තාවන්ගේ පියයුරු ඉදිරියට නෙරා ආවොත් ඇදුම් වඩාත් හැඩට පෙනෙනු ඇතැයි ඇයට අවබෝධ විය. ඒ අනුව ඇය කාන්තා පපුව පැතළි කරනු වෙනුවට ඉස්සී උල්ව යන පරිදි නව තාලයේ බ්‍රසියරයක් තනා තමා විකුණන ඇදුම් සමග නොමිලයේ දෙන්නට පටන් ගත්තාය. එය තම ඇදුම්වල ජනප්‍රියත්වයට හේතු වෙතැයි ඇය සිතුවාය.

එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි. කාන්තාවෝ ඇදුම් නැතිව බ්‍රසියර පමණක් ඉල්ලා සිටින්නය පටන් ගත්හ. ඇදුම් අළෙවිය යට වී බ්‍රසියර අළෙවිය ඉහළ නැග්ගේය. තම සැමියා වූ විලියම් සමග 1923දී මේඩ්න් ෆෝම් බ්‍රසියර සමාගම ඇය විසින් පිහිටුවන ලද්දේ ඒ ඉල්ලීම සපුරාලන්නටය. අද ලොව පුරා දොලොස් හැවිරිදි දියණියගේ පටන් හැට පිරුණු ආච්චි අම්මා දක්වාම මේ අපූරු නිර්මාණයේ විපුල පල නෙලන්නේය.

7 comments:

  1. මේ ඉතිහාසය මම දැනං උන්නේ නෑ. බ්‍රා ගැන තව ගොඩක් විස්තර ලියන්න තිබ්බත් ඒවා ලිව්වොත් මම වළත්තයෙක් කියා හංවඩු ගැහෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි. මේවා ගැන අනෙක් අය නොදන්න දේවල් ගැන කියලා දෙන්න ගියත් ඒකේ නරක නාමය එන්නෙත් ලියන කෙනාටම නේ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හොඳ ලිපියක් නිරන්ජන් ඇත්තටම මම අද තමයි බ්‍රා වල ඉතිහාසය ගැන දැන ගත්තේ. මගේ blog එකට මේක copy කරගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ගැටලුවක් නැහැ.

      Delete
  4. බ්රෙසියරයක් කල හදියක්

    ReplyDelete
    Replies
    1. කියලා නම් වැඩක් නෑ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න