Wednesday, February 11, 2015

හිනා යයි කියලා හිතෙන කතාවක්



හිනා යන කතාවක් කියන්නද? මට නම් මේකට ඊයේ හිනා ගියා. ඒත් දැන් හිනා යන්නේ නෑ.

අපේ ඔෆීසියේ ප්‍රින්ටරයයි, වතුර ෆිල්ටරයයි මේ ටිකේ කැඩිලා. මේක හදලා දෙන්න කියලා ඒ අදාළ තැන්වලට කියලා තිබුණේ. විශේෂයෙන් වෝටර් ෆිල්ටරේ අවුල ගැන අපේ සිකුරිටිත් ඇවිත් කියනවා ඇහුණා.

මේ අස්සේ ඊයේ එක මනුස්සයෙක් ඇවිත් සිකුරිටිට කිව්වලු 

‘‘ප්‍රින්ටරේ හදන්න ආවා’’  කියලා.

ආ ඉන්න මම පෙන්නන්නම් කියලා සිකුරිටි අර මනුස්සයාව එක්කරගෙන ගියාලු ෆිල්ටරේ ළගට. මොකද සිකුරිටිට ඇහිලා තියෙන්නේ ප්‍රින්ටරේ කියන එක ෆිල්ටරේ විදිහට.

‘‘මෙන්න මේකේ තමයි ලෙඩේ තියෙන්නේ. මේකේ වතුර ලීක් එකක්’’
කියලා සිකුරිටි කිව්වලු.

අර මනුස්සයා කිව්වලු

මට කිව්වේ නම් ප්‍රින්ටරක් හදන්න මිසක් ෆිල්ටරක් හදන්න නෙවෙයි’’ කියලා.

මේක ඇහිලා තියෙනවා අපේ කෙනෙකුට. ඊට පස්සේ කිව්වලු

‘‘ආ ඔයා ප්‍රින්ටරේ හදන්නද ආවේ? ඒක තියෙන්නේ ඔතන නෙවෙයි ඔෆිස් එක ඇතුලේ’’

‘‘කොහේ යන එකෙක්ද මංදා. කියන එකක් තේරෙන්න කියන්න එපායැ’’ කියලා කියලා. සිකුරිටි බැන බැන ගියාලු.

හිනා ගියාද?

කොහොම හරි හිනාවෙන්න.
හිනා වී තරවෙන්න.

ප.ලි.



12 comments:

  1. Replies
    1. අම්මෝ යන්තම් ඇති. මම මේ බයේ උන්නේ මේකට හිනා යන එකක් නෑ කියලා.

      Delete
  2. හුලං විතර හිනාගියේ නෑනේ........

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. පොඩ්ඩක් හරි හිනා ගිය එක ලොකු දෙයක්.

      Delete
  3. කට කොණකින් වගේ...
    හිහි....
    අවුලක්ම නෑ

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒ ගාණට හිනා ගියා කියන්නේ ඉතිං ගොඩම තමයි.

      Delete
  4. හාස්‍යය රසය විඳින්න කටින් හිනා යන්න ඕනේම නෑ....! රසය විඳලා හිතෙන් හිනා වෙන්නත් පුළුවං.....මේක ඒ වගේ කතාවක්.....!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මමත් ඒ කතාව පිළිගන්නවා.

      Delete
  5. හිතෙන් හිනා ගියා

    ReplyDelete
    Replies
    1. හිතෙන් හරි හිනා ගිය එකත් ලොකු දෙයක්. දැන් නම් ෆිල්ටරෙත් හදලා. ඒත් ප්‍රින්ටරේ හදන්න බැරි නිසා අලුත් ප්‍රින්ටරයක් ලැබුණා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න