Thursday, March 19, 2015

ගීතයක කෝඩ්ස් පහසුවෙන් සොයාගන්නට මෘදුකාංගයක් - Riffstation, the chords finding software



ගිටාර් වාදනය කරන්න පුරුදු වෙන කෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි තමන් කැමති ගීතයක කෝඩ්ස් මොනවද කියලා සොයා ගන්න එක. ගීතයක තනුව හරියටම තමන්ගේ කනෙන් ග්‍රහණය කරගන්න හැකියාවක් ඇති, මූලික ගිටාර් කෝඩ්ස් ගැන දැනුමක් තියෙන කෙනෙකුට නම් මේවා සොයාගන්න ලොකු උත්සාහයක් දරන්න ඕන වෙන්නේ නැහැ. නමුත් පුරුදු වෙන කාලේදි නම් බොහෝ දෙනෙක් කරන්නේ වෙන කෙනෙක් සකස් කළ කෝඩ්ස් බලාගෙන ගිටාර් වාදනය කරන එක. විවිධ කෝඩ්ස්වල නාදය කණට හුරු කරගන්නට පුළුවන් වන්නේ එවිටයි. ඒ සඳහා පොත් පත් ඕනෑ තරම් සොයා ගන්නත් පුළුවන්. නමුත් අන්තර්ජාලයේ තිබිලා අපූරු මෘදුකාංගයක් මට මේ ළඟදි හමු වුණා. එය හැඳින්වෙනනේ  Riffstation නමින්. http://www.riffstation.com  වෙතින් එහි අත්හදා බැලීමේ සංස්කරණයක් බාගත කරගත හැකියි. ඒවගේම මෙතැන ක්ලික් කිරීමෙන් එහි සම්පූර්ණ ක්‍රියාකාරී සංස්කරණයක් බාගත කරගන්නත් පුළුවන්.


මෙහි ක්‍රියාකාරීත්වය ඉතා සරලයි. ඔබ කළ යුත්තේ මෙම මෘදුකාංගය තුළින් ඔබ කැමති ගීතයක් විවෘත කරගැනීමයි. එසේ විවෘත වී තත්පර ගණනාවක් ඇතුළත ගීතය මත එයට අදාළ කෝඩ්ස් සටහන් වෙනවා. එහි ඇති Chord Viewer මත ක්ලික් කිරීමෙන් ගිටාරයේ තත් පුවරුව මත අදාළ කෝඩ් එක පිහිටා ඇති ආකාරය ද දිස්වෙනවා. මේ අවස්ථාවේදී ගීතය ප්‍රතිවාදනය කිරීමෙන් අදාළ කෝඩ්ස් ගීතයට අනුව වෙනස් වන ආකාරය ද දකින්නට පුළුවන්. මෙය ඔබටත් අත්හදා බැලිය හැකි මෘදුකාංගයක්.

පහත වීඩියෝ එකෙන් මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්





3 comments:

  1. ස්තූතියට ස්තූතියි

    ReplyDelete
  2. මමත් මේවගේ ලිපියක් හොය හොය අන්තර්ජාලයේ බැලුවා. බෙහොම ස්තුතියි සහෝදරයා... ලිපිය ගොඩක් වැදගත් වුනා

    ReplyDelete
    Replies
    1. ඔබට මෙය ප්‍රයෝජනවත් වීම ගැන මගේ සතුට.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න