Saturday, March 14, 2015

අශ්ව කෝච්චියේ කතාව - Story of Horse Mail Service of Sri Lanka


අශ්ව කෝච්චිය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් විවිධ අය විවිධ උත්තර දෙයි. සමහර අයට මේ ගැන කිසිම අදහසක් නැහැ. සමහරු මේක උපහාසාත්මක විදිහටත් යොදාගන්න  බව පේනවා. නමුත් අතීතයේ නම් අශ්ව කෝච්චිය කියන්නේ ඉතා ගෞරවනීය සේවයක් විදිහට පැවතුණු දෙයක්. 

අපේ රටේ දුම්රිය සේවය ආරම්භ වන්නට පෙර තැපැල් සහ මගීන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත්තේ අශ්ව කෝච්චියයි. කොළඹ - මහනුවර රාජකීය අශ්ව කෝච්චිය හා වෙළෙඳ කෝච්චිය, ගාලු රාජකීය වික්ටෝරියා අශ්ව කෝච්චිය, කොළඹ - මීගමු අශ්ව කෝච්චිය හා කොළඹ - රත්නපුර අශ්ව කෝච්චිය ආදී වශයෙන් අතීතයේදී අශ්ව කෝච්චි සේවාවන් කිහිපයක්ම පැවතුණා. 

අපේ රටේ අශ්ව කෝච්චිය ආරම්භ වූයේ ක්‍රි.ව. 1832 දී බව පැවසෙනවා. ඒ එවකට සිටි ආණ්ඩුකාර හෝටන් විසින්. මුළින්ම ආරම්භ වූ කොළඹ - මහනුවර සේවයේ මහහේන දක්වා වූ කොටස ආසියාවේම ප්‍රථම අශ්ව කෝච්චි සේවාවයි. 

අශ්ව කෝච්චි සේවාව අප රටේ පවත්වාගෙන යනු ලැබුයේ සමාගමක් විසින්. අශ්ව කෝච්චියට කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීම සඳහා පැය 14ක් පමණ ගත වූ බව පැවසෙනවා. මුල් කාලයේ අශ්ව කෝච්චි ඇදගෙන ගියේ තනි අශ්වයෙක් විසින්. පසු කාලයේ මේ සඳහා අශ්වයන් දෙදෙනෙකු යොදා ගැනුණා.
 

2 comments:

  1. ලිපිය හොදයි,වටිනා ඉතිහසික විස්තරයක්.(ranjan)

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න