Sunday, May 10, 2015

දත්වලින් හෙළිවන ඔබේ බලු හෝ බළල් සුරතලාගේ වයස - How to tell the age of your pet by their teeth?




අපේ සමාජයේ බොහෝ දෙනෙක් තම නිවසේ සුරතලයට බල්ලකු හෝ බළලකු ඇතිදැඩි කරන්නට පුරුදුව සිටිනවා. ඔවුන් තම සුරතලා ගැන බොහෝ දේ දැන සිටියත් හදිසියේ කවුරුන් හෝ මේ සුරතලාගේ වයස විමසූ විට ටිකක් අපහසුවට පත්වෙනවා. ඇතැම් අයට තම සුරතලාගේ වයස මතක තිබුණත් ඇතැම් අයට මතක නැහැ. අපට වගේ උප්පැනයක් තියෙන්නේ වංශක්කාර බලු හෝ බළල් සුරතලුන්ට විතරයි නේ. ගමේ ගොඩේ හැදෙන බලු හෝ බළල් සුරතලුන්ට එවැන්නක් නැහැ. නමුත් ඔබට ඉදිරියේදී එවැනි ගැටලුවක් ඇති නොවෙන්න ක්‍රමයක් කියා දෙන්නයි දැන් හදන්නේ. මේක විද්‍යාත්මක ක්‍රමයක් නිසා වරදින්නෙත් නැහැ. දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.

මුළින්ම මෙහි පළ කොට ඇති පින්තූරය දෙස බලන්න. එහි ඇත්තේ බල්ලන්ගේ හෝ බළලුන්ගේ දත් පිහිටා ඇති ආකාරයයි. මෙහි බල්ලන්ට සහ බළලුන්ට වෙන් වශයෙන් පින්තූර යොදා නැත්තේ ඔවුන්ගේ හිස් කබලේ දත් පිහිටා ඇති ආකාරය සමාන නිසයි. ඔබේ සුරතලාගේ වයස කියන්නට යොදා ගන්නේ ඔවුන්ගේ දත්වල වර්ධනයයි. මෙහදී ඔබ මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මෙයින් පැවසෙන වයස දළ වශයෙන් කිව හැකි වයසක් වීම. අනෙක තමන්ගේ බලු හෝ බළල් සුරතගලාගේ දන්ත සෞඛ්‍යය ගැන කවුරුන් හෝ වැඩි උනන්දුවක් දක්වනවා නම් ඔවුන්ගේ දත්වල පෙනුම සාමාන්‍ය බලු හෝ බළල් සුරතලකුට වඩා යහපත් තත්වයක පවතින බවත් කිව යුතුයි. ඒ වගේම එකම මවගෙන් පැවැත එන පැටවුන්ගේ ද දත්වල වර්ධනයේ යම් යම් වෙනස්කම් තිබිය හැකි බව ද සඳහන් කළ යුතුයි. 


2 comments:

  1. අපේ බල්ලට දියවැඩියාව ඇස් දෙකේම සුද ඇවිල්ල ඇස් දෙකම පෙන්නෙ නැ දිනපතා දෙවරක් ඉන්සියුලින් එන්නත් කරනවා උදේ හවස. කන්න දෙන්නේ වෙටා නියමකරපු බලු කෑම පමණයි මාස 6කට සැරයක් වෙටාගවට ගෙනියන්න ඕනේ මෙඩිකල් චේකප් එකකට අන්තිම පර කිව්වා එක දතක් නරක වෙලා ගව්න්නා ඕනේ එකයි ඉන්සියුලින් දෙන ප්‍රමාණය අඩු කරන්න බැරි කියලා රැට නිදියනකොට රෙද්දකින් පොරවන්න ඕනේ නැත්නම් කෙඳිරි ගානවා දැනට අවුරුදු 10 අන් අපි බල්ලා හින්දා හොම්බෙන් යන්නේ
    අයි නම් බල්ලෝ හදන්නේ නැතෝ

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් මටත් මේ කතාවම තමයි කියන්න තියෙන්නේ. මටත් බල්ලෝ බළල්ලු හැදිල්ල එපා වෙලා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න