Friday, June 26, 2015

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වීර ක්‍රියා


අනුරාධපුරේ තිරප්පනේ අලිස්ථානයේ පුරාණ විහාරයක ගරාවැටුණු ස්ථූපයක් ප්‍රතිසංස්කරණය කළ බැව් පැවසුණු විහාරාධිපති හිමියන් සහ දායක සභාවේ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුවතක් දක්නට ලැබිණි. ඔවුන් සිදු කොට තිබූ වරද වූයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දේපළක් අනවසරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමය. පුරා විද්‍යා නීතයේ හැටියට මෙය නීති විරෝධී කියාවකි. සැබැවින්ම නීති ගරුක පුරවැසියන් හැටියට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මෙම පියවරට අප කිසිවකුට හෝ එරෙහිවන්නට හැකියාවක් නැත. විහාරාධිපති හිමියන් ඇතුළු පිරිස සිදු කොට ඇත්තේ පුරා විද්‍යා නීතියට පිටුපෑමය. අපට ගැටලුව ඇත්තේ එතැන නොවේ. පුරා විද්‍යාවේ මෙම නීතියට පිටුපාන සියල්ලන්ම මෙසේ අත්අඩංගුවට ගන්නේ ද යන්නය. 

අප උදාහරණයක් ලෙස ගත හොත් බෞද්ධ ආරාමයක් යැයි පුරා විද්‍යාවෙන් සඳහන් කරමින්, එම පරිශ්‍රයට ඇතුළුවීම පවා තහනම් කොට ඇති කුරගල ජනාවාස පිහිටුවීමට මුල් වූ කිසිවකු මෙසේ අත්අඩංගුවට ගෙන නැත. එහි ඉපැරණි බ්‍රාහ්මී අක්ෂර ඇති ලෙන් පවා ඉස්ලාම් අංග සහිතව නවීකරණ කොට තිබේ. නමුත් භික්ෂූණ් වහන්සේ ඉදිරියේ සිංහයන් වන මෙම පුරා විද්‍යා නිලධාරීන් සහ පොලීසිය කුරගලදී නගුට අධෝමුඛයේ රුවාගත් සුනඛයන්ටත් අන්ත ලෙස පහතට වැටී ඇත. 

නැගෙනහිර පළාතේ පොතුවිල් නගරයට ආසන්නේ පිහිටි මඟුල් මහා විහාරයට අත්වී ඇති ඉරණම ද මෙයමය. 

බෝධීන් වහන්සේලා ඉවත් කරන්නට සිංහයන් මෙන් පැමිණෙන බලධාරීහු අනවසර ඉස්ලාම් මස්ජිද ඉදිරියේ බලු තත්වයට වැටේ. 

අවසානයේ අයුක්තිය සිදුව ඇත්තේ සිංහලයාටම නොවේද? 

3 comments:

  1. ඔය පන්සල තියෙන ගමේ ඉන්නේ මන්. ඔතන නිදන් හේනට තියෙනවා. ඒවා ලග නයි පිරිලා ඒවා ආරක්ෂා කරන්න දුටු ගැමුණු රජ තුමා යුද්ද්ට යන්න කලින් අදිෂ්ඨාන කරලා තියන්නේ ඔතන කියලා කියන්නේ. විහාරමහා දේවියගේ කාලේ පන්සලක්. නිදන් තියෙන එකේ ඕක අල්ලපු එක හොදයි

    ReplyDelete
  2. Meke admin mata sambanda karaganna puluwanada?

    ReplyDelete
    Replies
    1. You can put your comments here. Then admin can read that.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න