Tuesday, July 19, 2016

ඇන්ඩ්‍රොයිඩ් නවතම සංස්කරණය - නුගා (Android N - Nougat)



ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයන් කරළියට එන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට බව අප කවුරුත් දන්නා දෙයක්. ඉංග්‍රීසි A සහ B සඳහා නම් නැති වුණත් එතැන් පටන් සියලු සංස්කරණයන් සඳහා නම් තිබෙනවා. ේවා විශේෂත්වය වන්නේ සියල්ලම රසකැවිලිවල නම්වලින් යුක්ත වීමයි. 

C - කප්කේක් - Cupcake (1.5)

D - ඩෝනට් - Donut (1.6)
 
E - එක්ලෙයාර් - Éclair (2.0 – 2.1)
F - ෆ්‍රයෝ - Froyo (2.2 – 2.2.3)
G - ජින්ජර්බ්‍රෙඩ් - Gingerbread (2.3 – 2.3.7)
H - හනිකොම්බ් - Honeycomb (3.0 – 3.2.6)
I - අයිස්ක්‍රීම් සැන්ඩ්විච් - Ice-cream Sandwich (4.0 – 4.0.4)
J - ජෙලිබීන් - Jellybean (4.1 – 4.3.1)
K - කිට්කැට් - Kitkat (4.4 – 4.4.4)
L - ලොලි පොප් - Lollipop (5.0 – 5.1.1)
M  - මාර්ෂ්මෙලෝ - Marshmallow (6.0 – 6.0.1)


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අලුත්මථ එසේත් නැත්නම් 7 වැනි සංස්කරණය ඉංග්‍රීසි හෝඩියේ N අක්ෂරයෙන් පටන් ගන්නා රසවත් කෑමක් වන නුගා’ (Nougat) ලෙස නම් කොට තිබෙනවා.  



මේ සංස්කරණයේදී අලුත් අංග බොහොමයක් ද එකතු වන බවයි දැනගන්නට ලැබෙන්නේ. ඔවුන් ඇලෝ’ (Allo) නමින් පණිවිඩ යැවීමේ යෙදුමක් ද ඩුවෝ’ (Duo) නමින් වීඩියෝ ඇමතුම් ගැනීමේ යෙදුමක් ද ඉදිරිපත් කරන්නට අදහස් කර තිබෙනවා. ගැලැක්සි නෝට් 6, ගැලැක්සි එස් 7 සහ ගැලැක්සි එක 7 එජ් යන දුරකතන සඳහා මෙහි යාවත්කාලීනයන් මුළින්ම ලබාගන්නට හැකිවනු ඇති බවයි දැනගන්නට ලැබී තිබෙන්නේ.  ඒ වගේම ගැලැක්සි 8 සහ ගැලැක්ස් 8 එජ් යන දුරකතන නුගා සංස්කරණය ඇතුළත් කොටම වෙළෙඳපලට නිකුත් කරන බව දැනගන්නට ලැබී තිබෙනවා. එමෙන්ම එල්.ජී. මෝටරෝලා, හුවාවේ, සෝනි සහ එච්.ටී.සී. යන දුරකතන සඳහා ද මෙම සංස්කරණය භාවිත කරන්නට සූදානමින් සිටින බව පැවසිය යුතුයි. මේ සියල්ල සඳහා ලබන වසරේ මුල් කාර්තුව වන තෙක් බලා සිටින්නට සිදු වෙනවා.

වැඩිදුර කියැවීම් - ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කතාව


2 comments:

  1. නුගා ක්රන්ච් කියලා කෑමක් ගැන අහලා තිබුනට Android සංස්කරණයක් ගැන අහලා තිබුණේ නෑ නොවැ...අපේ පෝන් වලටත් ඕක දාගන්න බැරි වෙයිද...?

    ReplyDelete
    Replies
    1. දැනට පාවිච්චි කරන ෆෝන්වලින් අලුත්ම ඒවාට නම් දාන්න පුළුවන් වෙයි. ඒත් පරණ ඒවාට දාන්න නම් බැරි වෙයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න