Sunday, December 4, 2016

කොළඹ කොටුවේ පැරණි ස්මාරකයක් - Old Monument of Colombo Fort



කොළඹ කොටුවේ තරුණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ගොඩනැගිල්ල ඔබ බොහෝ දෙනෙක් දන්නා ස්ථානයක් විය යුතුය. . එහි ආපනශාලාවත් තැපැල් කාර්යාලයත් අතර පැසේජයේ පසෙකට වන්නට කුඩා එළිමහන් කොටසක් තිබේ.  මේ එළිමහන් කොටසට මුහුණ දී ඇති බිත්තියක සවිකොට තිබෙන මෙම පුවරුව කිහිප වතාවක්ම මා දැක තිබුණත් ආසන්නයට ගොස් පරීක්ෂා කරන්නට සිතුනේ නැත. කෙසේ නමුත් දැනට වසරකට මදක් වැඩි කාලයකින් එපිට දිනක එයට ගිය අතරතුරේ මෙයට කිට්ටු වී මෙහි ඡායාරූපයක් ගතිමි. නමුත් එය කුමක්දැයි සොයා බැලුවේ නැත. පසුගිය දිනක වෙනත් ඡායාරූපයක් සොයා පරිගණකය පීරමින් සිටියදී අහම්බෙන් මෙන් මෙය නැවත දුටුමි. එහි විස්තරය මා කියවා බැලුවේ එදාය. මේ ස්මාරකය ඓතිහාසික වශයෙන් අපට වැදගත් දෙයක් යැයි දැනගත්තේ එදාය. එම විස්තරයට අනුව මෙය සවිකොට තිබී ඇත්තේ කොළඹ පැරණි කොටුවේ ප්‍රධාන දොරටුවට ඉහළිනි. එය 1717 සවිකොට ඇති බව ද කියැවෙයි. කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමයේ ගොඩනැගිල්ල සඳහා අත්තවාරම් කපද්දී 1921 වසරේදී මෙය හමුවී ඇත.



මෙහි වෙනත් පැරණි ඡායාරූපයක් අන්තර්ජාලයේ ඇති දැයි සොයාගන්නට මා උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. අප රටේ පැරණි දෑ ගැන උනන්දුවන, මෙතෙක් මෙය දැක නැති සියලු දෙනාගේ දැනගැනීම පිණිස මෙය මෙසේ පළ කළෙමි. 

6 comments:

  1. . ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ඔබටත් ස්තූතියි

      Delete
  2. මේ පුවරුව කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කලානම් මීට වඩා වැඩි දෙනෙකුට නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. දැනට තියන ස්ථානය අසළින් මිනිස්සු ගමන් කරන්නේ ඔලුව ගිනිගත්තා වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. මේ ගොඩනැගිල්ල ඉදිකරද්දි හමුවූ එකක් නිසා මෙය මෙතැන සවිකරන්නට ඇති.

      Delete
  3. අන්තර්ජාලයෙන් දැනුම බෙදා හරින ඔබට හදවතින්ම ස්තුතී.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න