Saturday, May 27, 2017

කාලගුණය යහපත් ද අයහපත් ද? Weather - Fine or Bad?

Source : https://ak6.picdn.net/shutterstock/videos/4609580/thumb/5.jpg?i10c=img.resize(height:160)

කාලගුණයේ යහපත් සහ අයහපත් බව හඳුන්වන්නට අප යොදා ගන්නා වදන එතරම් ගැළපෙන්නේ නැතැයි මට සිතේ.

Source : http://w0.fast-meteo.com/system/images/8858/large/Ripon.jpg?1344248633


දීර්ඝ කාලයක නියඟයකින් පසු වර්ෂාව ඇද හැලෙද්දී එය අවිවාදයෙන් ම යහපත් කාලගුණ තත්වයක් වේ. සිඳී ගිය ළිං, නිසරු වූ වගා බිම්, ගහ කොල, සතා සීපාවා වැස්සක් අපේක්ෂාවෙන් සිටි බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. නමුත් වැස්ස ඇද හැලෙන්නට පටන් ගත් මොහොතේ සිටම මාධ්‍ය ඇතුළු අප බොහෝ දෙනා පවසන්නට වූයේ ‘අයහපත් කාලගුණ තත්වය නිසා  . . . . ‘ අරවා මේවා කරගන්නට නොහැකි වූ බවය. අවසානයේ මෙය වදනයේ පරිසමාප්තාර්ථයෙන්ම අයහපත් වෙමින් ගංවතුර ගළා, කඳු නාය ගොස් මිනිසුන්ගේ ජීවිත බිලි ගෙන, අවතැන් කොට අයහපත් කාලගුණයක් ම නිර්මාණය විය. මා පවසන්නේ වර්ෂාව අයහපත් යැයි හැඳින්වීම මෙයට හේතුව කියා නොවේ. ඒ අතර සම්බන්ධයක් නැත. නමුත් මා සිතන්නේ කාලගුණ තත්වය හැඳින්වීම සඳහා යහපත් හෝ අයහපත් යන වදන් නොව

පැහැපත්

සහ වැසි බර හෝ වැසි සහිත


කාලගුණ තත්වයක් යැයි හැදින්වීම වඩාත් සුදුසු බව ය.

4 comments:

  1. Replies
    1. ඔබේ අදහසට ස්තූතියි.

      Delete
  2. Replies
    1. ඔව් ඒක හරි. නොහොම වුනත් මේ මට නිකං හිතුණ දෙයක් විතරයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න