Wednesday, May 2, 2018

ලොව වයස්ගතම මකුළුවා දෙබර දෂ්ටනයකින් මිය යයි - World's Oldest Spider Passed Away



පසුගිය අප්‍රේල් 30 වැනි සඳුදා ෆොක්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කොට සිටියේ ඕස්ට්‍රේලියාවේ සිටි ලොව වයස්ගතම මකුළුවා වසර 43ක්  ආයු වළදා මිය ගිය බවයි. මකුළුවාගේ මිය යාමට හේතුව පරපෝෂිත දෙබරකුගේ දෂ්ටනයක් බව පැවසෙනවා.

අංක 16’ (Number 16) යන අනවර්ත නමින් හඳුන්වනු ලැබූ Giaus Villosus  වර්ගයට අයත් විෂ සහිත මේ මකුළුවා මෙයට පෙර වැඩිම කලක් ජීවත්ව සිටි මෙක්සිකානු මකුළුවාට වඩා වසර 15ක් වැඩිපුර ජීවත් වී තිබෙනවා. මේ මකුළුවා මේ තරම් කාලයක් ජීවත් වීමට හැකි වීම පසුපස ඇති එක කාරණයක් නම්, ඔවුන් තමා ජීවත් වන ගුලෙන් දුරබැහැරට යාමේ අඩු නැඹූරුවක් පැවතීමයි.

මේ මකුළුවා මිය ගොස් ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබරයේ වුවත්, නිල වශයෙන් එම පුවත නිකුත් කරන ලද්දේ 2018 අප්‍රේල් මස නිකුත් වන Pacific Conservation Biology සඟරාව තුළිනුයි.

මේ මරණය ඇසීමෙන් අප මහත් දුකට පත් වුණා. අපි බලාපොරොත්තු වූයේ මේ මකුළුවා අවුරුදු 50ක් වත් ජීවත් වනු ඇතියි කියායි.ඕස්ට්‍රේලියාවේ කර්ටින් සරසවියේ ආචාර්ය උපාධිය සඳහා ඉගෙනුම ලබන, පාද අටක් ඇති සතුන් පිළිබඳ අධ්‍යයන කරන්නියක වන ලියැන්ඩා මේසන් පවසනවා.

මෙම වර්ගයේ මකුළුවන්ගේ ඇති විශේෂත්වය නම්, තම ගුලට ආසන්නයෙන් මග රැක සිට කුඩා ගොදුරු අල්ලා ආහාරයට ගැනීමයි. සිය ගුලෙන් දුර බැහැරකට නොයාම ඔවුන් පිළිබඳ පර්යේෂණ පවත්වන්නන් හට ඉතා පහසුවක් වී තිබෙනවා. මේ නිසා පර්යේෂකයන්ට මෙම මකුළුවන්ගේ ස්වාභාවික වාසස්ථානයේම ඔවුනට සිටින්නට සලස්වා ඔවුන්ගේ චර්යාවන් පරීක්ෂා කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මේ අනුව පර්යේෂකයන්ගේ අවධානයට මේ අංක 16’ මකුළුවා ලක්ව තිබුණේ 1974 වසරේ සිටයි.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න