Friday, May 10, 2019

මුස්ලිම් සහෝදරවරුණි, අපි කෙසේ නම් ඔබ විශ්වාස කරන්නෙමු? - Dear Muslim Brothers, How can we trust in you?



මුස්ලිම් සහෝදරවරු අපෙන් ඉල්ලන්නේ ඔවුන් දෙස සැකයෙන් බලන්නට එපා ය කියාය. අපේ රටේ දේශපාලකයන් කියන්නේ අසල්වැසි මුස්ලිම් සහෝදරවරු දෙස සැකයෙන් බලන්නට එපාය කියාය. තවත් අය පවසන්නේ අප අසල්වැසි මුස්ලිම් සහෝදරයන් මනුෂ්‍යත්වයේ නාමයෙන් ආරක්ෂා කරගන්නට කියාය. නමුත් මුස්ලිම් සහෝදරවරුන් කියන කතා අප විශ්වාස කරන්නේ කෙසේද?

ඔවුන්ගේ පල්ලිවලින් සය නිවෙස්වලින් කඩු, කිනිසි හසු වේ.

මුස්ලිම් ආගමික ඇමතිවරයා පවසන්නේ ඒවා කැලෑ කපන්නට ගෙනා ඒවා බවය.

මරික්කාර් මන්ත්‍රීතුමා පවසන්නේ ඒවා සුන්නත් කරන්නට ගෙන ආ ඒවා බවය.

රාවුෆ් හකීම් ඇතුළු පිරිස මෑතකදී මාධ්‍යය හමුවේ පැවසුවේ ඒවා සිය කාන්තාවන්ගේ ආරක්ෂාවට ගෙන ආ ඒවා බවය.

මේ කතාවලින් කියවෙන්නේ මුස්ලිම් සහෝදරවරුන් කුමක් හෝ හොරයක් වසා ගන්නට වරින් වර විවිධ කෙප්ප ඇද බාන බවය.

ඔවුන් කියන මේවා අප විශ්වාස කරන්නේ නැති බව ඔවුහු ද දනිති.
නමුත් ඔවුහු කෙප්පම ඇද බාති.

නොබෝ දිනකින් අප රටේ දේශපාලකයන් ද කියනු ඇත්තේ මේ කඩු ගැන බිය වන්නට දෙයක් නැති බවය.

නමුත් ඒවා පසුපස පවතින බියකරු සත්‍යය මේ සියලු දෙනාම අනාගත ඡන්ද ගැන සිතමින් වසන් කරති.

බුර්කාව පිළිබඳ පනවන ලද නීතියට මුස්ලිම් සහෝදරියන් ගරු කරන්නේ නැත.

මේවා පිළිබඳ සත්‍යය පවසන එක් මුස්ලිම් සහෝදරයෙක් හෝ නැත.

මෙසේ හෙයින් මුස්ලිම් සහෝදරයිනි, අපි ඔබලා කෙසේ විශ්වාස කරම්ද?

3 comments:

  1. කිසි ලෙසකින් වත් ඔවුන් විශ්වාස නොකල හැකි තරමට විශ්වාසය පලුදු කොට ඇත්තෙමු! මෙවන් බයිලා ඇසීමට තරම් අප කාලකන්නින් වී ඇත!

    ReplyDelete
  2. මමත් ජාතිවාදියෙක් නෙවෙයි. හැබැයි ජාතිකවාදියෙක්. හැම ජාතියකම වැරදි මිනිසුන් ඉන්නවා; හොඳ අය වගේම.
    ඒත් මේ අප්පුහාමිලා වරින්-වර දෙසා බාන කෙප්ප දකිනකොට නම් හිකෙන් පුනා යනවා. හැමෝම නැතත් උමතුවූ කොටසක් ඉන්නවා වගෙයි. ඉස්සර කියමනකුත් තිබුණා 'තම්බිගේ තොප්පිය හැරෙන-හැරෙන පැත්තට' කියලා.

    මේ තත්ත්වය නිවැරදි කරන්නට එයාලාට කරන්න තියෙන කොටස සුවිශාලයි. 'විශ්වාසය නිදන් කෙරුව හිතක් බිඳුණු පසු- කල්පයක්ම සොයා ගියත් නොවෙයි කිසිම ඔසු".

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නයේ දී මුස්ලිම් ජාතිකයන් අවංක විය යුුතුයි. නමුත් දැනට පෙනෙන්න තියෙන විදියට ඔවුන් ඔවුන්ගේම වැරදි වසා ගන්නට විවිධ බොරු දෙසාබානවා හැරෙන්නට වෙන කරන යමක් නැහැ. ඒ නිසා විශ්වාසයක් ගොඩ නැගේය කියා හිතන්නට අමාරුයි. අනෙක රජයත් අවංක නැහැ. ඔවුන් තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් රට ජාතිය පාවා දෙමින් සිටිනවා. පත්වෙන රජයක් ගැනත් ලොකු විශ්වාසයක් තියන්න අමාරුයි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න