Wednesday, March 11, 2020

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන්නට නම් - To Protect from Corona (Covid 19) Virus

Image Credit: https://en.wikipedia.org/wiki/Coronavirus#/media/File:2019-nCoV-CDC-23312_without_background.png


කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වන්නට එය එය විනාශ කර දමන්නට යුනිසෙෆ් සංවිධානය මගින් ලබා දී ඇති මේ උපදෙස් පිළිපදින්න


  • කොරෝනා වයිරසය රෙදිපිළි මත තැන්පත් වුවහොත් එයට එම මතුපිටෙහි ජීවත් විය හැක්කේ පැය නවයක (9) කාලයක් පමණි. එබැවින් කළ යුත්තේ රෙදිපිළි සෝදා දැමීම හෝ පැය දෙකක් තද අව්වේ වියළා ගැනීමයි. වයිරසය විනාශ කිරීම සඳහා මේ පියවර ප්‍රමාණවත් ය.


  • කොරෝනා වයිරසය දෑත් මත මිනිත්තු දහයක් පමණ ජීවත් වේ. මද්‍යසාර සහිත ජීවාණුහරණ දියරයකින් දෑත් සේදීමෙන් මෙය පහසුවෙන්ම විනාශ කර දැමිය හැකිය.


  • සෙන්ටිග්‍රේඩ් අංශක 26 - 27 අතර උෂ්ණත්වයකට කොරෝනා වයිරසය නිරාවරණය වුවහොත් එය පහසුවෙන් විනාශයට පත් වේ. අධික උෂ්ණත්වය සහිත කලාපවල මේ වෛරසය නොපවතින්නේ ඒ නිසාය. උණු ජලය පානය කිරීම සහ සූර්යාලෝකයට නිරාවරණය වීම මගින් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිදී සිටිය හැකිය. එමෙන්ම අයිස් ක්‍රීම් සහ අධික සීතල සහිත ආහාර පානවලින් වැලකී සිටීම ඉතා වැදගත්ය.


  • උණුසුම් සහ ලවණ සහිත ජලයෙන් උගුර සේදීම මගින් සෙම් ගෙඩි ආසාදන වළක්වා ගත හැකි වන අතර යම් විෂබීජ පෙනහළු කරා ඇතුළුවීම ද වළක්වා ගත හැකිය.


  • කොරෝනා වයිරස (කොවිඩ් 19) සෛලයේ විෂ්කම්භය මයික්‍රෝ 400 - 500 අතර වේ. එය අනෙක් වෛරස සෛලවල විෂ්ම්කම්භයට වඩා විශාලය. එබැවින් මුහුණු ආවරණයක් පැලඳීම මගින් මෙය සිරුරට ඇතුළු වීම පහසුවෙන් වළක්වා ගත හැකිය.


  • කොරෝනා වයිරසය බරින් වැඩි නිසා වාතයේ තැන්පත් වීමක් සිදු නොවේ. එය තැන්පත් යම් මතුපිටකය. එබැවින් මෙය වාතයෙන් පැතිර යන්නේ යැයි බියක් ඇති කර ගත යුතු නැත.


  • කොරෝනා වයිරසය ලෝහ මතුපිටක් මත තැන්පත් වුවහොත් එයට පැය 12ක පමණ කාලයක් ජීවත් විය හැකිය. දොර අගුලු, බස් රථවල හැන්ඩ්ල් වැනි දෑ ඇල්ලීමෙන් පසු සබන් ගා ජලයෙන්  දෑත් සේදීම මෙයින් සිදුවන ආසාදනය වළක්වාගන්නට ප්‍රමාණවත්ය.




2 comments:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න