Tuesday, August 4, 2020

මනාලියගේ හිතවතා හෙවත් අල්මාරිය


අතීතයේත් වර්තමානයේත් තරුණියක් විවාහ වනවිට දෙමාපියන් විසින් දෙන දායාද අතර අනිවාර්යයෙන්ම තියෙන ගෘහ භාණ්ඩයක් තමයි අල්මාරිය කියන්නේ. මේ නිසාම තමයි මෙයට මනාලියගේ හිතවතාකියන නම පටබැඳී තිබෙන්නෙත්.

කොහොම වුනත් අතීතයේ දී නම් අල්මාරිය භාවිත වෙලා තියෙන්නේ මනාලියගේ තනි රකින්න නොවෙයි. මුල් කාලයේ මෙය භාවිත වෙලා තියෙන්නේ යුද උපකරණ තබන්නට බව කියැවෙනවා. අල්මාරියකියන්නේ පෘතුගීසි වචනයක්. පෘතුගීසි භාෂාවේ දී මෙය අල්මාරිහෝ අර්මාරිකියන නම්වලින් හැඳින්වෙනවා. කොහොම වුනත් පෘතුගීසි භාෂාවට මේ වචනය ලැබී තිබෙන්නේ ආර්මාරියුම්කියන ලතින් වචනයෙන්. එහි අර්ථය වන්නේ යුද උපකරණ තැබීම සඳහා ඇති පෙට්ටගමවැනි දෙයක්. මේ පෙට්ටගමට කකුල් හතරක් සවි කොට ඉදිරියට විවෘත කළ හැකි පියන් පැමිණීමත් සමග අද අප දකින හැඩවැඩ වුණු අල්මාරිය ලොවට බිහි වූ බව කියැවෙනවා.

අල්මාරිය අප රටේ සෑම නිවසකම පාහේ තිබුණත්, මෙය අපේ රටේ බිහි වූ ගෘහ භාණ්ඩයක් නොවන බව ඉහත විස්තර තුළින් අපට අවබෝධ කරගන්නට පුළුවන්. අල්මාරිය වෙනුවට සිංහලයා අතර චිරාත් කාලයක් පැවති දෙය වූයේ පෙට්ටගමයි’. සිංහල මිනිසුන් මුලින්ම පෙට්ටගම භාවිත කොට ඇත්තේ පෘතුගීසි පාලන සමයේ අගභාගයේ දී යි.


No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න