Friday, November 13, 2020

ආණ්ඩුව බස්නාහිර පළාත වැසීමේ කුණුහරුපය



ආණ්ඩුව බස්නාහිර පළාත වැසීමට ගත් තීරණය කුණුහරුපයක් කියා මට සිතෙන්නේ ය. ඒ ගැන විස්තර කරනවා නම් මේ ආකාරය ය.


ආණ්ඩුව බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කියා ප්‍රවෘත්තිවලින් කිව්වේ ය. එසේ කියන්නට  ඇත්තේ බස්නාහිර පළාතේ කොවිඞ් ඉහළ යාම නිසා, එහි සිටින කොවිඞ් ආසාදනය වූ අය වෙන පළාත්වලට ඇතුළු වී මහා අලකලංචියක් වේ යැයි ආණ්ඩුව සිතන නිසා යැයි මම සිතුවෙමි ය. කෙසේ නමුත් බස්නාහිරට ඇතුළුවන්නට පුළුවන් ද බැරි ද කියා පැහැදිලිව කිව්වේ නැති ය. ස්ටේෂන් එකෙන් ඇසූ විට ස්ටේෂන් මාස්ටර් මහතා පැවසුවේ “කෝච්චි යනවා ය. හවසට ආපහු එයිද කියා දන්නේ නැති ය” කියා ය. මේ නිසා වැඩට ගියොත් කොළඹටම වී සිටින්නට සිදු වේ යැයි බයක් දැනුණු නිසා වැඩට ගියේ නැත්තෙමි ය. 


මා සිටින වෙන්නප්පුව පළාතේ සිට කොච්චිකඬේ පාළම පැන්න සැනින් පිවිසෙන්නේ බස්නාහිර පළාතට ය. ඊයේ උදේ කෝච්චි යනවා දැයි ඇහුම්කම් දීගෙන සිටියෙමි ය. උදේ කෝච්චි සියල්ලම කොළඹ බලා යනවා ඇසුණි ය. “එහෙනම් යන එවුන් පලයව්. තොපි කොළඹට වී ඉඳපියව්” කියා සිතින් සිතමින් වියරු ජොලියකින් පසුවුවෙමි ය. ජොලිය තිබුණේ හවස් වන තුරු විතර ය. කොළඹ ගිය කෝච්චි සියල්ල ආපහු ආවේ ය. 


දැන ගන්නට ලැබුණු විස්තරය වූයේ  කොළඹ සිට සෑම දෙනෙක්ම කිසි කරදරයක් නැතිවම පුත්තලම දක්වාම ගමන් කළ බව ය. මේ අතරේ බස්නාහිර සිටි කොව්ඩි අය ද ආවා ද නැද්ද තියා සොයන්නට කිසිවෙක් සිටියේ නැති බව ද දැනගන්නට ලැබුණේ ය.


අද උදේ ද ඊයේ වාගේම කෝච්චි ගියේ ය. අද හවස ද මේ විදියටම ගිය කෝච්චි කිසිදු කරදරයක් නොමැතිවම ආපසු එනවා නිසැක ය.


එසේ හෙයින් ආණ්ඩුව බස්නාහිර පළාතට ඇතුළුවීම කෙසේ වෙතත් පිටවීම තහනම් කළ කුණුහරුපය තවමත් තේරුම් ගැනීමට බැරි වී අඤ්ඤකොරොස් තත්වයකින් පසුවෙමි ය.


2 comments:

  1. ඔය ගැන සීජීආර් එක නියෝගයක් ගැහුවා. ආපහු යද්දි සීමාවට විතරක් එක්කරං යනවය. එතනිං හැමෝම බහින්න ඕනෙය. ඊට පස්සෙ ඊළඟ ස්ටේෂමෙන් නගින අය එතනිං එහාට අරං යනවය කියලා. සමහරවිට අර පළමු ස්ටේෂමෙන් ැහැලා, වෙන ක්‍රමේකිං ඊළඟ ස්ටේෂමට ගිහිං. එතන ඉඳං එන කෝච්චියක නැගලා යනව ඇති...?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන විදිය හරි. මොකද කොච්චිකඩේ ඉඳලා වෙන්නප්පුවට වැඩට ගිය අය ඕන තරම් හිටියා. කොච්චිකඩේ පාලම ඇරුනාම අනෙක් පැත්තට යන ඇතුළු පාරවල් තියෙනවා. අනෙක් පළාත්වලත් මේකම වෙන්න ඇති.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න