Monday, October 11, 2021

ඇගේ හිස්කබලේ කොටස් ආමාශයේ තැන්පත් කළා

හිස්කබලේ අස්ථි කැබලි ටිකක් පරිස්සමට ආමාශයේ තැන්පත් කරපු කතාවක් ගැන කිව්වොත් මේ මොන විකාරයක්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවොත් ඒ කතාව ගැන දැනගන්න පුළුවන්. 

මේ සිද්ධිය වුණේ ජේමි හිල්ටන් ට. ඇය වරක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉඩාහෝ ප්‍රාන්තයේ රූ රැජින බවට ද පත් වුණා. 2012 ජූනි 6 වැනිදා ඇයත් ඇගේ සැමියාත් විනෝද ගමනක් ගියා. ඔවුන් එහිදී මාළු අල්ලන්නත් ගියා. බෑවුමක සිට මාළු අල්ලද්දී ජේමි එකවරම ඇය සිටි තැන සිට මීටර් 30 ක් පමණ ප්‍රපාතයකට ඇද වැටුණා.

ඇගේ සැමියා වහා එතැනට දිව ගොස් බලද්දි ඇයට සිහිය තිබුණේ නැහැ. හුස්ම ගන්නා බවක් පෙනුණේ ද නැහැ.  ඔවුන් නගරයෙන් සෑහෙන දුරක සිටි නිසාත්, තත්ත්වය බරපතළ නිසාත් ඇයව රෝහලට රැගෙන ආවේ හෙලිකොප්ටරයකින්. 

ඇගේ හිස්කබල දැඩිව හානි වී තිබුණා. මොළය ඉදිමී තිබූ නිසා එයට සිදුවිය හැකි හානිය වළක්වාගන්නට හිස්කබලෙන් හතරෙන් පංගුවක් පමණ ඉවත් කරන්නට සිදුවුණා. සුව වූ පසු මේ හිස්කබලේ කොටස් නැවත හිසට තබා මැසිය හැකි වුවත්, ඒ වනතෙක් මේවා පරෙස්සමට තබාගන්නේ කෙසේදැයි වෛද්‍යවරුන්ට ඇතිවුණේ ගැටලුවක්. ඒවා ඇගේ ආමාශයේ තැන්පත් කරන්නට ඔවුන් කල්පනා කළේ ඒ අවස්ථාවේදියි. දින 42ක් මේවා ආමාශයේ තැන්පත් කොට තිබුණා. ඇය කෙමෙන් සුව වූ පසු ඒවා නැවත හිසට තබා මසා, හිස්කබල යථා තත්වයට පත් කළා. 

හිස්කබලේ කොටස් පරෙස්සමට ආමාශයේ තැන්පත් කළේ ඒ විදියටයි. 


4 comments:

  1. අම්මට සිරි! ඒක ඇඟ හිරි වැටෙන කථාවක්නේ. මට ඕක කිව්වාම මතක් උනේ . මගේ මිත්‍රයෙක් කියාපු. එයාලා රුසියාවෙ ඉන්නකොට දැක්කලු ; කැරපොත්තන් ගෙන් බේරීමට හෝදපු හැඳි ගෑරප්පු ශීතකරණය තුල තැන්පත් කල එකෙක්!?

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දි ඒ වැඩෙත් නරකම නැහැ.

      Delete
  2. අම්මට සිරි දැන්නේ දැක්කේ ඔයාගෙ ප්‍රශ්ණාවලීය! මොන විකාරයක්ද? දිගටම ලියන්න! වටිනා කියන ලිපි ගොනුවක් ඔබේ බ්ලොගය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා. මම එහෙම ප්‍රශ්නාවලියක් දැම්මේ ලෝකය ගෝලාකාර නිසා සහ මිනිසුන් විවිධාකාරයි. විවිධ අය විවිධ විදියට හිතන්නේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න