Wednesday, August 16, 2023

ලෝක ඉතිහාසයෙන් සැඟව ගිය මහා දුර්භික්ෂයක සාක්ෂිය - Great Famine of 1876–1878 in India

 


එය ඉංග්‍රීසි ජාතිකයන් ඉන්දියාව පාලනය කළ සමය විය. අතිශයින් කේඩෑරී වී ගිය මිනිසෙක් සිය පවුල ආරක්ෂා කර ගනු වස් මෙසේ බලා සිටියි. එසේ ආරක්ෂා කරන්නට සිදුව තිබුණේ මිනිසෙක් තවත් මිනිසෙකුගේ මාංශ කෑමට තරම් වූ වාතාවරණයක් ඇති වී තිබුණු බැවිනි.

මෙය බලාගෙන සිටින්නට තරම් නෙතට සුවපහසුවක් දැනෙන ඡායාරූපයක් නොවේ. කෙසේ නමුත් ඉතිහාසයේ ලිය වී ඇති, අප කියවා ඇති, බටහිර ලෝකය මුහුණ දුන් දරුණු දුර්භික්ෂවලටත් වඩා වැඩි යමක් ඉන්දියාවේ සිදු වූ බව බොහෝ දෙනෙක් දන්නේ නැත.

මේ 1876 - 1878 සමයේ ඉන්දියාව මුහුණ දුන් අතිශය දරුණු දුර්භික්ෂය පිළිබිඹු කරන එක් ඡායාරූපයක් පමණි.  මේ මහා දුර්භික්ෂයට ඇති වී තිබුණේ සුදු ජාතිකයන් ඉතා අධික ලෙස තිරුඟු අපනයනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.  ස්වදේශිකයන්ට පරිභෝජනය කරන්නට තරම් කිසිවක් ඉතිරි වූයේ නැත. ඒ සමගම පැමිණි නියඟය නිසා තත්ත්වය තව තවත් දරුණු අතට හැරුණි. නිවැරදිම සංඛ්‍යාලේඛන සොයා ගන්නට නැතත් මේ දුර්භික්ෂය නිසා ඉන්දියානු ජාතිකයෝ මිලියන 5 - 9 අතර පිරිසක් ගියහ.

මේ සංඛ්‍යාලේඛන ලෝක ඉතිහාසය තුළ කතා නොවෙන තරම් ය.

පෙනෙන අනාගතය තුළ ආහාර ලැබේ කිසිදු සළකුණක් නොවූ බැවින් මේ මිනිසුන්ගේ දෑස්වල ගැබ්ව ඇත්තේ බලාපොරොත්තු රහිත බවකි. තමාට හෝ සිය අඹුදරුවන්ට හෝ ජීවිතට රැකගන්නට කිසිදු පිහිටක් නොලැබෙන බව ඔවුහු ඉඳුරාම දැන සිටිය හ. ඉදිරියේ වූයේ මරණය පමණි.

මේ ඡායාරූපය හේතු කිහිපයක් නිසාම අප සිත් කම්පනය කරවයි. කෙතරම් කේඩෑරී විය ගොස් තිබුණ ද ඔවුහු තවමත් ජීවතුන් අතර සිටින්නට උත්සාහ කරමින් සිටින බව පෙනෙයි. ඔවුන් මුහුණ දී තිබෙන්නේ catabolysis  නම් තත්ත්වයට ය. එහිදි සිදුවන්නේ ශරීරය පෝෂණය කරවන්නට වෙනත් පෝෂණ මූලාශ්‍ර නොමැති නිසා ශරීරයේම පටක බිඳ දමා ඒවායෙන් ශරීරය පෝෂණය වීම ය.

පවුලේ පියා සිය ශරීරයේ අවසන් සවිය ද වැයකරමින් සිය පවුල ආරක්ෂා කරන්නට කල්පනා කරමින් සිටියි. ඉන්දියාවේ දිළින්දන් කුසගින්නේ මිය ගිය වග අනාගතය හමුවේ සනාථ කරන්නට මේ ඡායාරූපය කදිම සාක්ෂියක් ලෙස ශේෂවී පවතී.

2 comments:

  1. අධිරාජවාදය යටත් විජිත වලට ගෙනාවෙ කුසගින්න විතරයි. ඒක ආහාර ගැන විතරක් නෙවෙයි. හැමදේම ගැන.

    ReplyDelete
    Replies
    1. ඔව් සුද්දන්ගෙන් යම් යම් දේවල් ලැබුණත් ඊට වඩා දේවල් අපට නැතිවුණා. සුද්දේ ගියත් උන් කලු සුද්දෝ ටිකක් ඉතිරි කරලනේ ගියේ. උන් අරුන්ට වඩා අපිව හූරගෙන කනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න