Sunday, August 6, 2023

යළි කිසිදා ගෙදර නොඑන එවරස්ට් ගිය මිනිස්සු - Why are the bodies of people who died in Everest not brought back?



එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ ඉලක්කය ජය ගත නොහැකිව අතරමග දී ජීවිතයට සමු දුන් පුද්ගලයන්ගේ මළ සිරුරු එවරස්ට් තරණය යන්නන් නිතර දකින සුලබ දසුනක්. මේ අතරින් නැවත නිවසට රැගෙන එන්නේ ඉතාමත් ස්වල්ප සිරුරු ප්‍රමාණයක් පමණයි. බහුතරයක් ඒවා එසේම තිබෙන්නට හරිනවා.

මේවා නැවත නිවසට රැගෙන නො එන්නට හේතු කීපයක් ම තියෙනවා.

මේ ප්‍රදේශයේ පවතින අධික ශීතල දේශගුණය සහ දුෂ්කර භෞතික තත්ත්වය හැරුණු විට මේවා නැවත නිවසට රැගෙන ඒමට ඇති විශාලතම දුෂ්කරතාවක් වන්නේ මේ සිරුරු ඉතා ඉක්මනින් අයිස්වලින් වැසී යාමයි. ඒවා හොයා ගත්තත් අයිස්වලට ඉතාමත් ඉතා තදින් ඇලී අධික ලෙස මිදී පවතින නිසා නැවත රැගෙන ඒමක් ගැන සිතීම පවා කළ නො හැකි දෙයක්.



මේ කඳු මුදුන ආශ්‍රිතව පවතින අධික වායු පීඩනය නිසා මිනිස් සිරුරක් සාමාන්‍ය තත්ත්වයට වඩා දස ගුණයක පමණ බරකින් යුක්ත වෙනවා. සාමාන්‍ය පුද්ගලයකුට පවා තම සිරුරේ බර දරා ගෙන ගමන් කිරීම අධික වෙහෙසකාරී කාර්යයක්. එවන් තත්ත්වයක දී මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් රැගෙන ඒම, ජීවත් ව සිටින පුද්ගලයාගේ ජීවිතයට ද මරණය කැඳවීමක් වෙනවා.



ඒ වගේම එවරස්ට් කඳු මුදුන තරණය සඳහා සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් පනස් දහසක් (දැනට රුපියල පවතින තත්ත්වය අනුව එය රු. ලක්ෂ 15 කට ආසන්න මුදලක් වෙනවා) පමණ වියදම් වෙනවා. මළ සිරුරක් නැවත පහළට රැගෙන ඒම සඳහා ද ඒ තරම් ම මුදලක් වැය කළ යුතු වෙනවා.

මේ වගේ හේතු නිසා එවරස්ට් තරණයට ගොස් මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුර නැවත නිවෙස්වලට රැගෙන ඒම සිදු වන්නේ නැහැ. ඒවා සදා කල් එවරස්ට් කඳු අතරම තිබෙන්නට හරිනවා.

5 comments:

  1. ඒකට කමකුත් නැහැ වගේ නේද
    නොදැන යන ගමනකුත් නෙවෙයිනේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මේ වගේ දේවල් වෙනවා කියලා දැනගෙන තමයි හැමෝම මේ ගමන යන්නේ.

      Delete
  2. ඔන්න මම දන්න දන්න අයට කිව්වා. බ්ලොග් එක බලලා ආවා කිව්වොත් පොඩි සැලකීමක් කරන්න එහෙනම්.

    ReplyDelete
  3. මිනිස්සුන්ට ඇයි ඉතින් එච්චර අවදානමක් ගන්න ඕනි?

    ReplyDelete
    Replies
    1. සමහරුන්ගේ සතුට වැඩිවෙන්නේ අවදානම වැඩිවෙන තරමට. ඒක ඉතින් මිනිස් ගතිය

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න