Sunday, August 3, 2014

නෝර්වේ රටේ වංගු පාර - Trollstigen in Norway


අලියා නොයන මග මොකක්ද කියලා ඇහුවොත් ඉනිමග කියලා කියන්න ඕන කෙනෙක් දන්නවා. මේ වගේ පාරවල් මිනිස්සුන්ටත් තියෙනවා. මිනිස්සු  මේ පාරවල්වල යනවා. හැබැයි ඒවා යන්න නම් ටිකක් අමාරු පාරවල්. ඒ වගේ එක පාරක් ගැන කියන්න තමයි මේ හදන්නේ.




මුහුදු මට්ටමේ සිට මීටර් 858ක උන්නතාංශයකින් පිහිටි මේ මාර්ගය තියෙන්නේ නෝර්වේවල රවුමා කියන පළාතේ. ට්‍රොල්ස්ටිජන් (Trollstigen) කියලා තමයි එය හඳුන්වන්නේ. ඒ නමේ තේරුම ‘ට්‍රොල්ගේ අඩිපාර‘ කියන එකයි. රවුමා පළාතේ ඇන්ඩල්ස්නස් නගරය සහ නෝර්ඩ්ඩාල් පළාතේ වෝල්ඩාල් කියන නගරය මේ භයානක මාර්ගයෙන් සම්බන්ධ වෙනවා. කඳු බෑවුමක් ඔස්සේ භයානක වංගු 11ක් ඔස්සේ ඇදී යන මේ මාර්ගය සංචාරකයන්ගේ අතිශය සිත්ගත් ස්ථානයක්. (මේක හරියට අපේ රටේ දහඅට වංගුව වගේ.) නෝර්වේ හි 7 වැනි හාකොන් රජු විසින් 1936 ජූලි 31 වැනිදා මෙය විවෘත කළා. එය නිමකරන්නට වසර 8ක් කාලයක් ගතවුණා. දිනකට මේ හරහා රථවාහන 7,000ක් පමණ ගමන් කරනවා. 





මෑතකදී මෙම මාර්ගය තරමක් පුළුල් කළ ද සමස්ථයක් ලෙස ගතහොත් එය පවතින්නේ පටු ස්වභාවයකින්. මීටර් 12.4 කට වඩා දිගින් යුක්ත වාහන මේ හරහා ගමන්කිරීම තහනම්. ඒ වාගේම පැයට කිලෝමීටර් 30කට වඩා වේගයෙන් වාහන පදවාගෙන යාමත් තහනම්. මෙම මාර්ගය මුදුනේ හොඳින් ඉඩකඩ සහිත වාහන නැවතුම්පළක් පිහිටා තිබෙනවා. එහි සිය වාහනය නතර කරන සංචාරකයන්ට මේ අසලම පිහිටි අඩි 320ක් උසින් යුක්ත ස්ටිග්ෆොසෙන් දිය ඇල්ල නැරඹීමට පුළුවන්.


ස්ටිග්ෆොසෙන් දිය ඇල්ල



ගිම්හාන සහ සිසිර කාලවලදී මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත වසා තැබෙනවා.



පහත වීඩියෝවෙන් මේ අපූරු මාර්ගයත් ස්ටිග්ෆොසෙන් දිය ඇල්ලත් ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්.

 

4 comments:

  1. කදිමයි..අපේ මහියංගන දහඅට වංගු පාරත් ඔය වගේ හදලා. ඒකත් වීඩියෝ කලානම් යසට තියේවි කියලා හිතුනා වීඩියෝව දැක්කාම.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුලුවන් මේ වගේ ස්ථාන ලෝකයට කියන්න අදාළ වගකිවයුතු නිලධාරීන් ක්‍රියාත්මක නොවෙන එක තමයි කණගාටුවට කරුණ.

      Delete
  2. aliya noyana para neweyi aliya noyana maga = inimaga

    ReplyDelete
    Replies
    1. වරද පෙන්වා දුන්නාට ස්තූතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න