Thursday, March 8, 2018

VPN කියන්නේ මොකක්ද හැබෑටම?

Image Copyright - http://techtrendske.co.ke/beginners-guide-vpn-terms-2/


VPN ගැන බොහෝ දෙනෙක් දැන සිටියත් එහි ප්‍රයෝජනය සීරියස් ලෙසම දැනුණේ රජය විසින් අන්තර්ජාලයේ ඇතැම් වෙබ් අඩවි අවහිර කරන්නට පියවර ගත් නිසාය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ රජයේ තොරතුරු තාක්ෂණ දැනුම මෙය වඩා බොහෝ ඉහළ තැනක තිබිය යුතු බව බොහෝ දෙනෙක් කතා කරන්නට වූයේ ද මේ කාලයේමය. එයට හේතුව බොහෝ කාලයක් තිස්සේ VPN ගැන දැන සිටියත් මේ දිනවල එය භාවිත කරමින් තහනම් කළ වෙබ් අඩවිවල සැරිසරන්නට බොහෝ දෙනෙක් දැනටම වැඩ පටන් අරන් තිබෙන නිසාය. මේ නිසා ඇත්තටම VPN කියන්නේ මොකක්ද කියා ටිකක් කතා කිරීමේ වරදක් කොහෙත්ම  නැතැයි සිතේ.

VPN කියන්නේ Virtual Private Network කියන එකය. එය සිංහලයෙන් කියන්න ගියොත් ‘අතාත්වික පුද්ගල ජාල‘ කියා කියන්නට පුළුවන්ය. නමුත් එසේ කියනවාට වඩා VPN කියන එක තේරෙන නිසා මින් මතුවට ඒ වචනයට භාවිත කරන බව සැලකිය යුතුය.

VPN කියන්නේ තවත් එක් පරිගණක ජාල පද්ධතියකි. මෙහි වෙනස වන්නේ මේ තුල තමන්ගේ පෞද්ගලිකත්වය ඉහළින් ම ආරක්ෂා කරගන්නට පුළුවන් නිසාය. මෙහි නමින් ඒ බව කියවෙන්නේ ය. ‘අතාත්වික‘ කියා කියන්නේ පවතින සැබෑ ස්වරූපය නොවේය කියන එකය. එනම් පවතින සැබෑ ස්වරූපයෙන් අප අන්තර්ජාලය සමග සම්බන්ධ වෙනවා නම් අපගේ IP Address එක තුළින් අප ශ්‍රී ලංකාවේ බව පහසුවෙන් ම අවබෝධ කරගන්නට ඕනෑම කෙනෙකුට පුළුවන් ය. නමුත් VPN එකක දී අප අන්තර්ජාලය හරහා සම්බන්ධ වන්නේ අතාත්වික හෙවත් සැබෑ ස්වරූපයෙන් නොවන නිසා අපට ලෝකයේ ඕනෑම රටක් පවතින සේවාදායක පරිගණකයක් (Server) ඔස්සේ අන්තර්ජාලය හා සම්බන්ධ වන්නට පුළුවන් ය. අප ලංකාවේ සිටියත් අන්තර්ජාලය හා සම්බන්ධ වන්නේ එක්කෝ ඉන්දියාව හරහාය. නැත්නම් ඇමරිකාව හරහාය. නැත්නම් තුර්කිය හරහාය. මේ ආදී වශයෙන් ය. එවිට අපේ IP Address එක කාටවත් පෙනෙන්නේ නැත. අප රටේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හෝ අන්තර්ජාල සේවා සපයන ආයතනවලට ද පෙනෙන්නේ නැත. මේ නිසා අප රටේ IP Address සඳහා පමණක් තහනම් වුණු වෙබ් අඩවි කරා යන්නට කාගෙන්වත් බාධාවක් ද නැත. මේ දිනවල සියලු දෙනාම VPN පාවිච්චි කරන්නේ මේ නිසාය. අනෙක VPN හරහා යැවෙන සියලු දත්ත ගුප්ත කේතනයකට හෙවත් Encrypt කිරීමකට ලක් වන නිසා තමන්ගේ දත්ත වෙන කෙනෙක් අතට යාවී කිය බයක් ඇති කරගත යුතු ද නැත. 


ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනවලට නම් ගූගල් ප්ලේස්ටෝර් වෙතින්  VPN ඇප් එකක් භාවිතයෙන් පහසුවෙන්ම මෙම අවහිර කළ වෙබ් අඩවිවලට පිවිසෙන්නට පුළුවන. පරිගණකවලින් ද මේ පහසුකම ලබාගැනීමේ වැඩි අපහසුවක් නැත්තේය.


VPN ගැන දැනට මේ ටික ඇතැයි කියා සිතමි. VPN පරිගණකයට දා ගන්නා ආකාරය ගැන වෙබ් අඩවි වලින්, යූටියුබ්  වීඩියෝවලින් දැනගන්නට පුළුවන. මේ වව විට බොහෝ දෙනා මේ ගැන දන්නා නිසා අමුතුවෙන් කීමෙන් පලක් වන්නේ ද නැත.

අවවාදයයි
VPN ගැන සියලු දෙනා දැනගත් විට එක්කෝ වෙබ් අඩවි තහනම ඉවත් විය හැකිය.
එසේත් නැත්නම් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය අඩු වීමට හෝ අන්තර්ජාලය තහනම් වීමට ඉඩ ඇත.



පලිබෝධනාශක අනතුරු සහිතයි. 
ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න