Thursday, October 15, 2020

Alms Hall at Mihintale - මිහින්තලේ දාන ශාලව











ගලින් කරන ලද ඔරු දෙකක් දක්නට ලැබෙන නටබුන් ගොඩනැගිල්ල මිහින්තලයේ දාන ශාලාව ලෙස හඳුනාගෙන තිබේ. විශාල ඔරුව බත් ඔරුව ලෙසත්, කුඩා ඔරුව කැඳ ඔරුව ලෙසත් හඳුන්වනු ලබයි. මෙය මිහින්තලා ආරාම සංකීර්ණයේ වැඩ විසූ දහස් ගණනක් වූ භික්ෂූණ් වහන්සේලාගේ දානය සැපයූ අති පූජනීය ස්ථානයකි. මෙහි මුළුතැන්ගෙය, ගබඩා කාමරය, ආදී අංගයන්ගෙන් යුක්තව මහා විහාරයේ හා අභයගිරි දාන ශාලාවන් හි සැලැස්මට සමාන ආකාරයෙන් ඉදිකොට ඇත. 

මෙහි ජල සැපයුම නාග පොකුණෙන් ලැබුණු ජල නල පිහිල්ල මගින් සපුරාගෙන ඇත. දාන ශාලාවේ එදිනෙදා කටයුතු පිළිබඳව කරුණු බොහොමයක් හතරවන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපිය ආශ්‍රයෙන් ලබාගත හැකිය. 














No comments:

Post a Comment

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න