පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, May 18, 2014

ඉන්දීය මැතිවරණය ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද? Impact of Indian General Election on Sri Lanka


දශකයකට අධික කාලයක් ඉන්දියාවේ පාලනය ගෙනගිය කොංග්‍රස් පක්ෂයද, භාරතීය ජනතා හා ආම් ආද්මි යන පක්ෂ තුනද ප්‍රධාන වශයෙන්ම මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් විණි. අවසානයේ නරේන්ද්‍ර මෝදි අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ භාරතීය ජනතා පක්ෂය සිය සන්ධාන පක්ෂ සමග එක්ව ආසන  336ක් දිනා ගනිමින් මේ ඡන්ද සටනේ පෙරමුණට පැමිණියේ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුක්ත කොංග්‍රස් පක්ෂය පරාජයට පත් කරවමිනි. මෙය එතෙක් මතෛක්  කොංග්‍රසය ලැබූ දරුණුතම පරාජය ලෙස සැලකෙයි. මිලියන 550කට වඩා ඡන්දය පාවිච්චි කොට ඇති බව මේ වනවිට ලැබෙන ආරංචි මාර්ගවලට අනුව පැවැසේ. රාහුල් ගාන්ධි හට කොංග්‍රස් පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට නොහැකි වෙතැයි යන සැකය නිසා මතෛක් කල් දේශපාලන කරළියේ තිරය පසුපස භූමිකාවේ සිටි ඔහුගේ සොයුරිය ප්‍රියංකා ගාන්ධි ද පෙරමුණට පැමිණියාය. ඉන්දිරා ගාන්ධි සිහිපත් කරන පෙනුමකින් යුක්තව දේශපාලන  කරළියට පැමිණි ඇයගේ ගමන ලත් තැනම ලොප් විය. පසුගිය වසර 10 පුරා ජනතාව වෙනුවෙන් කිසිදු සේවයක් කරන්නට නොහැකි වීම කොංග්‍රස් පක්ෂයේ පරාජයට හේතුව බව දේශපාලන විචාරකයෝ පවසති.

නරේන්ද්‍ර මෝදි සිය දේශපාලන ව්‍යාපාරය අතරතුර ජයලලිතා ඇතුළු දකුණු ඉන්දියානු දේශපාලනඥයින් සමග කුළුපගව කටයුතු කළ බැව් ප්‍රකට කරුණකි. දකුණු ඉන්දියානු දේශපාලනඥයින් යනු අප රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ කිසිවකුටත් වඩා උනන්දුවන පිරිසකි. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඉන්දීය අගමැති මන්මෝහන් සිං හට සිය ඡන්දය පාවිච්චි කිරීම  සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදු වූයේද දකුණු ඉන්දියානු දේශපාලනඥයින්ගේ බලපෑමට යටත්වය. ඔවුන් සියලුවිට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පිළිබඳ සේම එල්.ටී.ටී.ඊ. සංවිධානයට ද වාසි සහගත හැසිරීමක් පෙන්නුම් කළේය. ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ  පියා වූ රාජිව් ගාන්ධිගේ ඝාතනයේ සැකකාර එල්ටී ටී ඊ සාමාජිකයන් මරණ දඬුවමට නියමිතව තිබියදී කිසිදු වගවිභාගයකින් තොරව නිදහස් කරන්නට ක්‍රියා කළේද දකුණු ඉන්දියානු දේශපාලනයයි. නරේන්ද්‍ර මෝදි සන්ධානගතව සිටින්නේ එවන් පිරිසක් සමගය. එබැවින් ඔහු ඉදිරියේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට පෙර නොවූ විරූ ආකාරයේ හිතවාදී බවකින් ක්‍රියා නොකරන්නේ යැයි සිතිය නොහැකි බව දේශපාලන විචාරකයන්ගෙන් ඇතමෙක් පවසති. තමිල්නාඩු ප්‍රදේශයේ පැවැති දේශපාලන රැලිවලදී ඔහු කළ ඇතැම් ප්‍රකාශ මේ සඳහා නිදසුන් ලෙස ඔවුහු දක්වති. එම මතවලින් කිහිපයක් මෙසේය. 

1. ඉන්දියාවේ වැඩකටයුතුවලට ඇඟිළි ගසන පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය වැනි කුඩා රටවල් සමඟ සෘජුව ප්‍රශ්න විසඳාගත යුතුය. 

2. තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකාවේ හා පාකිස්තානයේ නාවික හමුදාවෙන් සිදුවන හිරිහැරවලට එරෙහිවන්නට ඉන්දීය මාධ්‍යම රජයට ධෛර්යයක් නැත. තමා බලයට පත් වූ විගස තමිල්නාඩු ධීවරයන්ගේ ආරක්ෂාව තහවුරු කෙරේ.

සිය පියාගේ මරණයට එල්.ටී.ටී.ඊ.ය සෘජුවම සම්බන්ධ බැවින් යම් හෙයකින් රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුක්ත කොංග්‍රසය බලයට පැමිණියේනම් ඉදිරියේදී මානව හිමිකම් ආදිය සම්බන්ධව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් එල්ල වූ බලපෑමෙහි යම් වෙනසක් සිදු වන්නට තිබුණු බවද මෝදිගේ නායකත්වය යටතේ තත්ත්වය හාත්පසින්ම වෙනස්වන්නට ඉඩ තිබෙන බැව්ද මේ විචාරකයෝ වැඩිදුරටත් පවසා තිබිණි.

කෙසේ වුවද තත්ත්වය එය නොවන බව දැන් පෙනෙයි. ඡන්දයෙන් පසු ට්විටර් පණිවුඩයන් මගින් මෝදි කියා සිටියේ අනාගතයේදී ශ්‍රී ලංකාව සමග සබඳතා දැඩි කර ගන්නා බවය. නරේන්ද්‍ර මෝදි යනු හින්දු ජාතිවාදියකු ලෙස හංවඩු ගැසුණු අයෙකි. ඉන්දියාව යනු මිලියන 180ක මුස්ලිම් ජනගහණයක් ඇති රටකි. එය පාකිස්තානයේ සමස්ත ජනගහණයට සමානය. 2002 වසරේදී මෝදී, ගුජ්රාත් ප්‍රාන්තයේ මහ ඇමැති බවට පත් වූ අවස්ථාවේදී එහි පැන නැගුනු මුස්ලිම් කැරැල්‍ලේදී මුස්ලිමුන් දහසකටත් වඩා මියගියේය. මෝදි මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දෝෂ දර්ශනයටද නතු විය. ඔහු හඳුන්වනු ලැබුයේ ගුජරාතයේ ඝාතකයායන නමිනි. නමුත්  අගමැතිවරයා ලෙසින් ඔහු මුස්ලිමුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවනු ඇතැයි ඇතැමෙක් පැවැසුවද මුස්ලිමුන් මොහුගේ ජයග්‍රහණය පිළිබඳව පළ කරන්නේ ත්‍රාසය මුසු හැඟීමකි. ඔහු වටා සිටින හින්දු ජාතිවාදීන් පවසන්නේ මුස්ලිමුන් ඉන්දියාවට තර්ජනයක් බවය. ඉන්දියාවේ දැඩි මුස්ලිම් නායකයින් මෝදිව සමාන කරන්නේ හිට්ලර්ටය. කෙසේ වුවද මෙම තත්ත්වය වෙනස් බව පෙනෙයි. පසුගියදා මෝදිගේ වබේ අඩවිය විවෘත කරන ලද්දේ  ප්‍රකට තිර රචකයකු හා ‍ලේඛකයකු වූ සලීම් ඛාන් විසිනි. (ඔහු සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ පියාය)

මෝදිගේ මුස්ලිම් විරෝධය අනාගතයේදීද මෙසේම පැවැතුණහොත් පාකිස්තානය හා මුස්ලිම් ලෝකයේ අනෙකුත් රටවල් සමග ශ්‍රී ලංකාවේ ඇති සංහිඳියාව කෙරෙහි ඔහු කෙසේ ක්‍රියා කරනු ඇතිදැයි ගැටලුවක් පැන නැගේ.  ඔහු නිසැකවම තමිල්නාඩු දේශපාලනඥයින්ගේ අදහස්වලට අනුව ක්‍රියා නොකරතැයිද සිතිය නොහැකිය. මේනිසා ශ්‍රී ලංකාව සෑහෙන අසීරුතාවයකට පත්වන්නට ඉඩ තිබේ. එය එසේ වුවත්  වඩා දුරදිග බලන දේශපාලන විචාරකයින් පවසන්නේ ඉන්දියාවේ සමීපතම අසල්වැසියා වන ශ්‍රී ලංකාව සමග ඔහු වෛරී රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ගොඩනගා ගන්නට තරම් අනුවණ තත්ත්වයට පත් නොවනු ඇත කියාය. යම් හෙයකින් ඔහු මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන්නට තීරණය කළහොත් එයම අවියක් වී ඔහුගේ අවසානයට එය හේතු විය හැකිබැව් දේශපාලන විචාරකයෝ පවසති. 2005 වසරේදී වීසා ගැටලුවක් හේතුවෙන් ඔහුට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල්වන්නටද අවසර නොලැබිණි.

ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා ශ්‍රී ලංකාවට එරෙහිව යම් යම් ක්‍රියා මාර්ග ගනු ලැබුවද රාජපක්ෂ රජයට එරෙහිව ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය තුළ කිසිදු තීරණයක් ගෙන නොමැත. නමුත් ඉන්දියාවේ අගමැතිවරයා ලෙස  මෝදි පත්නොකර ගන්නැයි ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටීම සඳහා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙක් දැනට වසරකට පමණ පෙර යෝජනාවක්ද ඉදිරිපත්  කොට තිබිණි. අනෙක නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැතිවරයා බවට පත්වීමෙන් පසු ඔහුට ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගැනීම පසෙක ලා බටහිර රටවලින් ඔහුට එරෙහිව පැමිණෙන විවිධ තර්ජනවලට  එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට වැඩ කාලයක් ගත කිරීමට සිදුවනු ඇත. ඔහුගේ නායකත්වය යටතේ බටහිර රටවල් ඉන්දියාව කෙරෙහි වැඩි මැදිහත්වීමක් සිදු කරනු ඇත.

ඉන්දීය දේශපාලනයේ තීරණාත්මක ප්‍රාන්තයක්වන  තමිල්නාඩුවේ මහ ඇමැතිනී ජෙයලලිතා  මැතිවරණයට පෙර ප්‍රකාශ කළේ 2014  මහමැතිවරණය වෙනුවෙන් තමන් රජය සමග සන්ධාන ගත නොවී තනිවම පැමිණෙන බවය. මේ අනුව ඉන්දීය මධ්‍යම රජයට සිය බලය පවත්වාගෙන යාම සඳහා තමිල්නාඩුවේ සහය දැඩිව අවශ්‍ය වනු ඇත. තත්ත්වය එසේ වුවහොත් පෙර පැවැති තත්ත්වයට වඩා තමිල්නාඩුව ඉන්දීය මධ්‍යම රජය සමග එක්ව ශ්‍රී ලංකාවේ වැඩකටයුතුවලට මැදිහත් නොවනු ඇතැයි සිතිය නොහැකි බව ඇතැම් විචාරකයෝ පවසති. මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය දක්වන්නෙකු වූ වයිකෝ මෙවර මැතිවරණයේදී පරාජය වූ බවද සඳහන් කළ යුතුය. ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත  සඳහන් කොට තිබුණේ ඔහුගේ පරාජය ශ්‍රී ලංකාව හා ඊළම සම්බන්ධව ප්‍රබල පසුබෑමක් බවය. ඉන්දීය පාර්ලිමේන්තුව තුළ හඬක් නැගීමට මෙම පරාජය නිසා  නොහැකි වන බැව් ඔවුහු වැඩිදුරටත් පවසති.


කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදි අතීතයේ කළ අනුවණ කම් ඉන්දීය අගමැතිවරයා ලෙස සිදු නොකරතැයි උපකල්පනය කළහොත්  තත්ත්වය අප සිතන තරම් බැරෑරුම් නොවනු ඇත. ශ්රීය ලංකාව සම්බන්ධව ඔහුගේ ආකල්පයන් තීරණය වන්නේ ශ්රීඅ ලංකාවේ රාජ්යො නායකයා ඉන්දියාවේ නව නායකත්වය සමග ඇතිකොට වර්ධනය කරගනු ලබන රාජ්ය  තාන්ත්රිරක සබඳතාවය මතය. මෙහිදී ශ්රීව ලංකාවේ රාජ්ය  නායකයා වඩාත් උපායශීලී විය යුතුය. මෝදිගේ ස්වාධීන ආකල්පවලට අකුල් හෙළන්නට සමස්ත ප්‍රාන්තයක් බලා සිටින බැවිනි. දෙමළ ඩයස්පෝරාවෙන්ද ඔහුට ගැළවීමක් නොවනු ඇත. ශ්රී‍ ලංකාව මුස්ලිම් රටවල් හා නව ඉන්දීය නායකත්වය සමග ඇති සබඳතාවය සමබරව පවත්වාගෙන යන්නට දරන උත්සාහය මත අනාගතයේ සියලු දේ තීරණය වනු ඇත.

1 comment:

  1. වැදගත් ලිපියක්.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න