දිනක් මගේ
දුරකතනයට ‛මිස් කෝල්’
එකක් ආවේය. මිස් කෝල්
දෙන්නේ කවුදැයි සොයා බලන්නට උපන් ගෙයිම කම්මැලිකමක් ඇති බැවින් දුරකතනය දෙස නොබලා
මගේ වැඩක්පලක් කරගන්නට පටන් ගතිමි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් යළිත් එම අංකයෙන්ම
මිස් කෝල් එකක් ආවේය. මේ ආකාරයෙන් කිහිප වරක්ම මිස් කෝල් පැමිණි බැවින් මේ කවුදැයි
සොයා බලන්නට මම දුරකතන ඇමතුමක් ගතිමි. අනෙක් පැත්තේ දුරකතනයෙන් යමෙක් කතා කළේය.
“ආ මචං මේ මම
බං”
යැයි පවසමින්
යමෙක් කතා කළ අතර ඔහු මගේ මිතුරකු විය.
“හුඟ දවසකින්
කතා කළෙත් නැති නිසා බං මං මේ විස්තර ටිකක් දැන ගන්නත් එක්ක මිස් කෝල් එකක්
දුන්නේ. ඉතිං කොහොම ජීවිතේ?”
කියමින් ඔහු
දිගු සංවාදයකට මුළ පිරුවේය.
‛මිස් කෝල්’
එකක් දී මේ ආකාරයෙන්
විස්තර කතා බහ කරන්නට හුරුපුරුදු වූ අය අද බොහෝ සිටිති. තමන්ගේ දුරකතන බිල ඉතිරි
කරගන්නට බොහෝ දෙනෙක් මෙම ක්‍රමය අනුගමනය කරති. ස්ථාවර දුරකතන ඔස්සේ කතා බහ කිරීමේ
පහුසුකම ඇති කාර්යාලයක වෙසෙන පුද්ගලයන් නම් සිය මිතුරන්ගෙන් ලබන්නේම මිස් කෝල් ය.
මිස් කෝල් එකක් ලැබුණු සැනින් ඔහු කරන්නේ සිය ආයතනයේ ස්ථාවර දුරකතනය ඔස්සේ එකී
අංකයට කතා කිරීමය. එවිට දෙදෙනාගේම දුරකතන බිල ඉතිරිවන අතර ආයතනයේ බිල ඉහළ යයි. එය
ගෙවන්නේ රජය හෝ ආයතනයේ අයිතිකරු නිසා ඇමතුම ගන්නාට ගැටලුවක් නැත. ස්ථාවර දුරකතන
පහසුකම් සහිත ආයතනවල සේවය කරන්නන් නිතරම පවසන්නේ,
“මට මිස් කෝල්
එකක් දීපන්. මම එහෙන් ගන්නම්” කියාය.
නිවාඩු දිනයක
තමන් සේවයට නොපැමිණෙන බව දන්වන්නට ද ඇතැම් අය මෙම මිස් කෝල් ක්‍රමය භාවිත කරති.
මෙහිදී කරන්නේ දුරකතන ඔපරේටර්වරයාගේ හෝ වරියගේ ජංගම දුරකතනයට මිස් කෝල් එකක් දීමය.
මෙය බොහෝ විට කලින් කතා බහ කරගෙන සිදු කරන දෙයකි. එවිට ඔපරේටර් ආදාළ අංකයට ආයතනයේ
ස්ථාවර දුරකතනයෙන් අමතුමක් ගෙන එම ඇමතුම අදාළ අංශයට යොමු කරයි. මේවා ලාබදායී වැඩය.
සිය එකම
විනෝදාංශය ලෙස ‛අසමජ්ජාති’
වැඩ කරන මිතුරන්
කරන්නේ රාත්‍රි කාලයේදී මිස් කෝල් දීමය. තද නින්දේ පසුවන්නකු අවදි කරවන්නට මිස්
කෝල් කිහිපයක් දී සිය ජංගම දුරකතනය ද ක්‍රියා විරහිත කොට නිදාගන්නට ඔවුහු පුරුදුව
හිඳිති. එවිට පසුවදාට ලුණු ඇඹුල් ඇතිව
කතන්දර අසාගැනීමට අවස්ථාව අදාළ පුද්ගලයන්ට අවස්ථාව හිමි වුවත් එය වුන්ගේ විනෝදාංශය
නිසා එසේ බැණීමෙන් පලක් වන්නේ නැත. ඔවුන්ගේ මේ ‛අසමජ්ජාති’ විනෝදාංශය නතර වන්නේ ද නැත. රාත්‍රියේ මෙසේ
මිස් කෝල් දුන් අවස්ථාවක අප හිතවතකු සිහිනෙන් සර්පයකු දකිමින් සිට ඇති අතර
දුරකතනයේ කම්පනය වීම දැනී ඇත්තේ සර්පයා තමාගේ ඇඳ මත සිටින ආකාරයකිනි. ඔහු
යටිගිරියෙන් කෑ ගසමින් අවදිවී ඇති අතර පවුලේ සියලු දෙනා ඉදිරියේ ඉමහත් ලජ්ජාවකට
පත්ව ඇත. පසුදා ඔහුට මිස් කෝල් දුන් මිතුරාගේ දෙමාපියන් සිහි කරනු කාටත් අසන්නට
අවස්ථාව උදා විය.
මිස් කෝල්
පිළිබඳ මෙවැනි බොහෝ කරුණු හා අත්දැකීම් බොහෝ දෙනෙකුට තිබෙන්නට පුළුවන. අප පහසුවට ‛මිස් කෝල්’ (Miss Call) කිව්වත් මෙහි නියම යෙදුම විය යුත්තේ ‛මිස්ඩ් කෝල්’ (Missed Call) ය. එනම් ‛මග හැරුණු ඇමතුම්’ යන්නය. නමුත් අප සුපුරුදු පරිදි භාවිතයේ
පහසුව පිණිසත්, කවුරුත් භාවිත
කරන නිසාත් මේ ලිපියේ ඉදිරියටත් ‛මිස් කෝල්’ යනුවෙන්ම යොදාගෙන කතා
බහ කරමු.
‛මිස් කෝල්’
ක්‍රමය ඇතැම් මිතුරන්
සන්නිවේදන උපක්‍රමයක් ලෙස ද භාවිත කරති. මෙය කලින් නියම කරගෙන සිටිය යුත්තකි. උදේ
දුම්රිය පැමිණෙන වේලාවට මිස් කෝල් දෙකක් එකවර දුන්නේ නම් එයින් හැඟවෙන්නේ තමා එදින
පමා වී පැමිණෙන බව වැනි පණිවිඩයක් එයින් හැඟවිය හැකිය. මේ ආකාරයෙන් කලින් නියම
කරගත් පණිවිඩ මිස් කෝල් එකකින් ලබා දිය හැකිය.
ඇතැම්
පුද්ගලයන්, බොහෝ විට
තරුණයන් තමන්ට සිතෙන අංකයකට මිස් කෝල් දෙයි. පසුව අනෙක් පැත්තෙන් ඇමතුමක් ලබා ගත්
විට එය පිරිමි හඬක් නම් ‛වැරදීමක්’
යනුවෙන් පවසයි. ගැහැනු
හඬක් නම් කුමක් හෝ ක්‍රමයකින් කතා බහට අල්ලාගන්නට උත්සාහ කරයි. අනෙක් පැත්තේ ප්‍රතිචාර
මත ඇමතුම දිගු වීම හෝ කෙටි වීම සිදු විය හැකිය. අනෙක් පැත්තෙන් ප්‍රතිචාර යහපත්
නම් මෙම මිස් කෝල් එකේ අවසන් ප්‍රතිඵලය මේ දෙදෙනා අතර යම් සම්බන්ධයක් වීමය. මෙහි
ගැටලුව වන්නේ මේ ආකාරයෙන් මිස් කෝල් ඔස්සේ ගැහැනුන් හා හාද වීම එක්තරා ආකාරයක
ජාවාරමක් බවට පත්ව ඇති බැවිනි. පුවත් පතක් ගෙන බැලුවහොත් මිස් කෝල් මගින් හාද වී
තරුණියන්ව දූෂණය කළ අවස්ථා මෙන්ම ඔවුන්ගේ වටිනා දෑ පැහැර ගත් අවස්ථාවන් පිළිබඳ
පුවත් ඕනෑ තරම් දැකිය හැකිය. මේ නිසා මිස් කෝල් එකකට අමතුමක් ගන්නා විට මේ බව මතක
තබාගෙන පරිස්සමි විය යුතුය.
මේ සම්බන්ධ පුවත් (පුවත් 1, පුවත් 2, පුවත් 3)
මේ සම්බන්ධ පුවත් (පුවත් 1, පුවත් 2, පුවත් 3)
ජංගම දුරකතනය
ක්‍රියා විරහිත කොට ඇති අවස්ථාවක යමෙක් ඇමතුමක් ගත හොත් එය දැන ගැනීමට මුල් කාලයේ
පහසුකමක් නොතිබුණු අතර පසුව ජංගම දුරකතන සමාගම් ‛මිස්ඩ් කෝල් ඇලර්ට්’ (Missed Call Alert ) පහසුකම ලබා දෙන ලදී. එවිට දුරකතනය ක්‍රියාත්මක
කළ විට කෙටි පණිවිඩයක් මගින් එම අංකයට ලැබුණු ‛මිස් කෝල්’ පිළිබඳ විස්තරයක් ලැබේ.
මිස් කෝල් ගැන ගීත මෙන්ම සිනමා පට ද නිර්මාණය වී තිබේ. එයින් One Missed Call සිනමා පටය නරඹන්නට අවස්ථාව ලද අතර එය හොල්මන් වර්ගයේ (Horror) එකකි.
මිස් කෝල්
ලබාදීම නිසා අප බොහෝ දෙනා නොසිතන තාක්ෂණික ගැටලුවක් ද ඇති වේ. ඒ ජංගම දුරකතන ජාල
පද්ධතියේ ඇතිවන තදබදයයි. සාමාන්‍යයෙන් එක් සංඥා කුලුණක් ඔස්සේ එක්වර හුවමාරු කළ
හැකි නිශ්චිත ඇමතුම් සංඛ්‍යාවක් තිබේ. එක් කුලුණකින් හුවමාරු කළ හැකි උපරිම ගණන
අපි පහසුවට දහයක් යැයි සිතමු (මෙයට වඩා බොහෝ ප්‍රමාණයක් හුවමාරු කළ හැකි බව
සළකන්න). එවිට දස දෙනෙක් එක අවස්ථාවක මිස් කෝල් දෙන්නේ නම් එම කුලුණ හරහා ගමන් කළ
හැකි උපරිම සංඛ්‍යාවට එය ළගා වෙයි. මේ අවස්ථාවේදී වෙනත් පුද්ගලයකු (11 වැනියා) සැබෑ ඇමතුමක්
ලබාගන්නට උත්සාහ කරන්නේ නම් පෙර කී දස දෙනොගෙන් එක් අයකු සිය ‛මිස් කෝල්’ දීම නතර කරන තුරු බලා
සිටින්නට සිදු වේ. මෙය හඳුන්වන්නේ ‛ජාල පද්ධතියේ සිදුවන තදබදය’ (Network Traffic) නමිනි. සැබෑ තත්වයේදී දුරකතන සංඥා කුලුණක් මිස් කෝල් නිසා සම්පූර්ණයෙන්ම අවහිර වන්නට ඇති ඉඩ ඉතා සීමිත වූවත් සැළකිය යුතු ප්‍රමාණයකින්
තදබදයක් ඇති විය හැකිය.
දකුණු ආසියානු
රටවල මේ ආකාරයට ‛මිස් කෝල්’
ලබාදීමේ පුරුද්ද ඉතා
ඉහළින් පවතින බැව් හෙළිවී තිබේ. අප රටෙන් සංඛ්‍යා ලේඛන සොයා ගත නොහැකි වුවත්
බංග්ලාදේශයේ ජංගම දුරකතන ජාල පද්ධතියේ තදබදයෙන් 70%ක්ට වඩා හේතු වන්නේ ‛මිස් කෝල්’ බව සොයාගෙන තිබේ. ‛ඉන්දියාවේ ජංගම දුරකතන
මෙහෙයුම්කරුවන්ගේ සංගමය’ (The
Cellular Operators Association of India - COAI) මිස් කෝල් මගින් ආදායමක් ලබාගත හැකි ද
යන්න පිළිබඳ සොයා බලමින් සිටින බව ද දැනගන්නට ලැබී තිබේ. ඉන්දියාවේ මිස් කෝල් නිසා
ජංගම දුරකතන සමාගම්වලට ලැබිය හැකි ආදායමින් 30%ක් පමණ අහිමි වන බව ද පැවසේ.
කෙසේ නමුත්
ඇතැම් රටවල නම් ‛මිස් කෝල්’ යනු සන්නිවේදන
සංඥාවක් ලෙස භාවිත වේ. උදාහරණයක් ලෙස භූතානයේ කිරි ගොවීන් අතර පවතින සම්මතයකට අනුව
යම් පාරිභෝගිකයෙකුගෙන් ලැබෙන ‛මිස් කෝල්’
සංඛ්‍යාවෙන් අදහස්
වන්නේ ඔහුට කෙතරම් කිරි ලීටර් සංඛ්‍යාවක් අවශ්‍ය ද යන්නය. ඉන්දියාවේ ඇතැම් ආයතනවලට
ලබාදෙන ඇණවුම් සම්පූර්ණ නම් ඔවුන් පාරිභෝගිකයාට ‛මිස් කෝල්’ එකක් ලබා දේ.
බංග්ලාදේශයේ
ජංගම දුරකතන භාවිත කරන්නන් ෆේස්බුක් හරහා සංවිධානය වෙමින් අන්තර්ජාල ගාස්තු අඩු
කරන ලෙස ජංගම දුරකතන සමාගම්වලට එරෙහිව උද්ඝෝෂණයක් කළේ ‛මිස් කෝල්’ හරහාය. 2013 ජනවාරි 27 වැනිදා එකවර දුරකතන භාවිත කරන්නන් දෙලක්ෂ
පනස් දහසක් පමණ දෙනෙක් මිස් කෝල් හුවමාරු කරගනිමින් ජාල පද්ධතියේ තදබදයක් ඇති කොට
ජංගම දුරකතන සමාගම්වලට සිය විරෝධය පළ කළහ.
මේ අනුව ‛මිස් කෝල්’ දෙස අපට
විවිධාකාරයෙන් බැලිය හැකි අතර එහි විවිධ
වාසි මෙන්ම අවාසි ද ඇති බව පෙනේ. අන්‍යයන්ට
කරදරයක් නොවන ලෙස මෙම පහසුකම පවත්වාගෙන යා හැකි නම් එයින් සියලු දෙනාටම ලද
හැකි ප්‍රයෝජනය අතිමහත්ය.
බලං ගියාම මින් කෝල් එකත් සුළු පටු වැඩක් නෙවී කරන්නෙ
ReplyDeleteඒත් මම නං ඔය මිස් කෝල් දෙන උංට ආපහු ගන්න යන්නෑ. හෙහ් කතා කරන්න උවමනාවක් ඇති එකා කෝල් එකක්ම ගන්න ඕන
වැදගත් විස්තරයක්..
ජයවේවා
මමත් ලේසියකට ගන්නේ නැහැ. ඒත් වදයක් වෙන කොට කවුද කියල බලන්න නොගෙනත් බැහැ නේ.
Deleteමමනං මිස් කෝල් දෙන උන්ට ආයෙත් ගන්නෙම නැහැ.
ReplyDeleteවැදගත් පණිවිඩයක් නම් කොහොමහරි කතා කරනවනේ.
මමත් බොහෝ විට එහෙම තමයි. ඒත් ගන්න වෙලාවල් තියෙනවා.
Deleteමිස්කෝල් වලින් කොරන්ඩ පුළුවන් වැඩ කෝටියයි.
ReplyDeleteකියලා නම් වැඩක් නෑ
Deleteසමහරක් එවුන් මෙෂින් හදාගන්ඩත් මිස්කෝල් ගහනවා
ReplyDeleteඒක තමයි නියම වැඩේ
Deleteඑයාගේ බ්ලොග් එකේ තියන ලින්ක් එකක් රයිටි ක්ලික් කරල තව ටැබ් එකක් ඕපන් කරගන්ඩ බැරි එක මහ වාතයක් . එක දිගට පෝස්ට් හත අටක් පෙලට කියවන්ඩ ගියහම අමාරුයි . ඒකෙන් අන්තිමට වෙන්නේ කියවන අය අතඇරලදාන එක , ඔය වැඩේ කලාකියල කොපි කරන එක නවතින්නේ නැ මචෝ , කොපා කරන එකා කොහොමත් කොපි කරනවා . අනික ඉතින් ජංජාලෙට දැම්මට පස්සේ කොපි වෙන එකනං වෙනවාමයි , ඇත්තටම ඒ ලිපිය පබ්ලිෂ් උනහම අපිට අයිති නැ.
ReplyDeleteමට දැන් ඒ කෝඩ් එක හොයාගන්න බැරිවයි ඉන්නේ
Deleteප්‍රෙයා්ජනවත්, වැදගත් ලිපියක්. ස්තූතියි!
ReplyDeleteබොහෝ ස්තූතියි
Delete