සෑහෙන කලකට පසු අප දැඩි උණුසුම් කාලගුණ තත්වයකට නතුව ඇති බව ඔබ අප කව්රුත් දන්නවා. පසුගිය දිනවල කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 පමණ දක්වා ඉහළ ගොස් තිබූ බව පෙනෙන්නට තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ලබන අප්‍රේල් මැද පමණ වන තෙක් මෙම තත්වය පැවතිය හැකි බවයි. ඇතැම් විට එය වෙනස් වන්නට පුළුවන්. එය යහපත් අතට වෙනස් වී වැසි වැටෙන්නට පටන් ගත්තොත් ගැටලුවක් වන්නේ නැහැ. නමුත් මෙම උණුස්ම් තත්වය දිගින් දිගටම පැවතියහොත් එය යම් යම් ගැටලු තත්වයන් ඇති කරන්නට හේතු විය හැකියි. සෙල්සියස් අංශක 34 යනු මිනිසකුට කෙටි කාලයක් තුළ ගැටලුවක් නොමැතිව දරාගත හැකි උෂ්ණත්වයක් වුවත් දීර්ඝ වේලාවක් තිස්සේ මෙම උෂ්ණත්වයට නිරාවරණය වී සිටීමට හැකියවක් නැහැ. ඇතැම් ක්‍රීඩා උත්සව පවා කල් දමන්නට බලධාරීන් තීරණය කොට ඇත්තේ මේ නිසා වන්නට පුළුවන්. මේ සියලු කරුණු නිසා උණුසුම් කාලගුණ තත්වය ගැන යම් දැනුවත්වීමක් ලබාගැනීම ප්‍රයෝජනවත් වේවි.
මාර්තු අප්‍රේල් කියන්නේ සාමාන්‍යයෙන් උණුසුමින් වැඩි මාස දෙකක්. අපේ රටට ඉහළින් සූර්යයා ඍජුවම ස්ථාන ගත වන්නේ මාර්තු මාසයේදී. මේ නිසා සෑම වසරකම මේ කාලය උණුසුමින් වැඩියි. මේ අවුරුද්දේ එය තරමක් දැඩිවී තිබෙන බවයි පෙනෙන්නේ. කෙසේ වෙතත් අධික උණුසුමට නිරාවරණය වීම නිසා මරණයට පත්වන තරම් උණුසුම් තත්වයක් අප රටෙන් වාර්තා නොවෙන තරම්. නමුත් ඉන්දියාවෙන් එවැනි තත්වයන් නිතරම පාහේ වාර්තා වෙනවා. අප රට එවැනි අධික උෂ්ණ්වයක් ඇතිවිය හැකි කලාපයේ පිහිටියත්, මහ සයුරින් වට වී තිබීම නිසා උෂ්ණත්වය එතරම් ඉහළ යා නොදී පාලනය වී තිබෙනවා. කොහොම වුණත් මෙවැනි උණුසුම් කාලයකදී යම් කරුණු ගැන අප වඩාත් සැළකිලිමත් විය යුතුයි.
උණුසුම් කාලගුණ තත්වයක් පවතිද්දී අප සිරුරේ ඇති ජල සාන්ද්‍රණය අඩුවන්නට ඇති හැකියාව ඉහළයි. එළිමහනක නිතර ගමන් බිමන් යන්නට සිදුවනවා නම් මේ ගැන වඩාත් සැළකිලිමත් විය යුතු වෙනවා. උණුසුම් කාලගුණික තත්වයක් නිසා බොහෝ දෙනෙක් මරණයට පවා පත්වන්නේ මේ ආකාරයෙන් ජල සාන්ද්‍රණය අඩු වී විජලන තත්වයට පත් වීම නිසයි. ඒ නිසා නිතර යහමින් ජලය පානය කරන්නට මතක තබා ගත යුතුයි.
උණුසුම් කාලගුණ තත්වයක් පවතිද්දී සිරුරට හොඳින් වාතාශ්‍රය ලැබෙන ඇඳුම් ඇඳිය යුතු බව සාමාන්‍යයෙන් අප සිතුවත් එහි එතරම් නිවැරදි බවක් නැහැ. අප උණුසුම් තත්වයෙන් ආවරණය වී ඇති ස්ථානයක සිටිනවා නම් මේ කරුණ සත්‍ය විය හැකි නමුත් එළිමහනේ ඇවිදින්නට යනවා එය සත්‍ය වන්නේ නැහැ. කාන්තාරවල ජීවත්වන පුද්ලයන් පිළිබඳ ඡායාරූප, වාර්තා වැඩසටහන් ආදිය ඔබ දැක ඇත්නම් මේ ගැන යම් අදහසක් ඔබ තුළ ඇති වන්නට පුළුවන්. ඔවුන් කෙතරම් උණුසුම් තත්වයක් යටතේ සිටිය ද සිය සිරුර ඇඳුම් කිහිපයකින් ආවරණය කරගෙන සිටින බව දකින්නට පුළුවන්. අරාබිකරයේ වෙසෙන ගැහැනු හා පිරිමි ද මෙවැනි ඇඳුම්වලින් සැරසී සිටින බව අප කවුරුත් දන්නා දෙයක්. අප රටේ වෙසෙන මුස්ලිම් කාන්තාවන් සිය සිරුර මුළුමනින්ම වැසෙන සේ අඳින ඇඳුම ද මේ ආකාරයට දැඩි උණුසුමක් පවතින අරාබිකරයේ ආභාෂයෙන් නිර්මාණය කරගත්තක්. මේ නිසා උණුසුම් කාලයක එළිමහනක සිටියනවා නම් වඩාත් සුදුසු වන්නේ වාතාශ්‍රය ලැබෙන සේ ඇඳිය හැකි සැහැල්ලු ඇඳුම් නොව සිරුර හොඳින් ආවරණය වන සේ ඇඳිය හැකි ඇඳුම් බව දැන් ඔබට අවබෝධ වන්නට ඇති. අප සිරුර දැඩි උණුසුමට නිරාවරණය වුවහොත් සම පිළිස්සී යාමත් අප විජලන තත්වයට පත්වීමත් ඇති වෙනවා. නමුත් සිරුර දැඩිව ආවරණය කරගෙන සිටිය හොත් සම පිළිස්සෙන්නේ නැහැ. මෙසේ සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන සිටින විට අවට වාතයේ පවතින උෂ්ණතවයට වඩා අප සිරුරේ උෂ්ණත්වය ඉහළ යනවා. එහිදී සිරුරෙන් පිටවන දහඩිය පිටතට ගළා නොයාමක් සිදුවන අතර සිරුර සිසිල්වීමක් සිදුවෙනවා.
මේ නිසා ඔබට එළිමහනේ වැඩි වේලාවක් ගතකරන්නට යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් වඩාත් සුදුසු ක්‍රමය වන්නේ සිරුර හොඳින් ආවරය වන සේ ඇඳුම් ඇඳීමයි. එය තරමක් උණුසුම් යැයි දැනුනත්, බොහෝ ගැටලුවලින් ඔබට ආරක්ෂාවන්නට එය උදව්වෙනවා.
මෙයට අමතරව ඔබ නිවසේ සිටිනවා නම් මෙම උණුසුම් කාලගුණ තත්වය සමහන් කරගැනීමට කළ යුතු සරල පියවර කිහිපයක් ද සඳහන් කළ හැකියි.
ඔබ හිරු එළියෙන් ආවරණය වූ ස්ථානයක සිටී නම් පමණක් සැහැල්ලු ඇඳුම් අඳින්න. හොඳින් ආවරණය වූ ඇඳුම් ඇඳිය යුත්තේ එළිමහනේ දීර්ඝ වේලාවක් සිටිනවා නම් පමණයි.
නිවස හැකි තාක් සිසිල්ව තබාගන්නට උත්සාහ කරන්න. සියලු කවුළු පියන් පත් විවෘත කොට හොඳින් වාතාශ්‍රය ලැබෙන්නට කටයුතු යොදාගන්න. රාත්‍රියේදී කවුළු විවෘතව තැබීම ආරක්ෂිත නම් අනිවාර්යයනේ එසේ කරන්න. එවිට නිවස සෑහෙන දුරකට හෝ සිසිල්ව තබාගන්නට පුළුවන්.
අධික ලෙස උණුසුම් තත්වයක් පවතින විට අව්වේ නිතර ගමන් බිමන් නොගියත් යම් යම් අයට සමේ රෝග තත්වයන් ඇති විය හැකියි. මේ නිසා ඒවා ගැන සැළකිලිමත්වීමත්, ඒ සඳහා නිසි පියවර ගැනීමත් කළ යුතු වෙනවා.
නිවස හෝ කාර්යාලය තුළ ඔබ සිටියත් විජලන තත්වය ඇති විය හැකි නිසා නිතර ජලය පානය කිරීම ගැන දැඩි සැළකිල්ලක් දැක්විය යුතු වෙනවා. මෙවැනි කාලයකදී වෙහෙස, කෑම අරුචිය, කරකැවිල්ල, කහ පැහැයෙන් මුත්‍ර පිටවීම වැනි ලක්ෂණ ඇති විය හැකියි. මේවා බොහොමයකට හේතුව වන්නේ සිරුරේ ජල සාන්ද්‍රණය අඩුවීමයි.
මේ කරුණු ගැන ඔබ සැළකිල්ලක් දක්වන්නේ නම් මේ පවතින උණුසුම් කාලගුණ තත්වය ගැටලුවක් නොවී පසුකරන්නට ඔබට හැකි වේවි.
අගනා ලිපියක් නෙරන්ජන්.ඇත්තටම අර එළියේ පරිසරයට යන විට ඇඟ නිරාවරණය කරගෙන්න ඉන්නවාට වඩා ආවරණය කරගෙන ඇඳුම් අඳින එකේ වැදගත් කම පෙන්වා දීම ගොඩක් වටිනවා.මොකද මේ වගේ ඌශ්න කාලගුණයක් තියෙන කොට ඇඳුම් අඩුවෙන් අඳින එක පහසුයි කියලා අපි ගොඩක් විට හිතන නිසා.
ReplyDeleteඇත්තටම මේ ලිපිය ලියන්න විස්තර හොයන කල් මමත් හිතුවේ උෂ්ණ කාලේට සිරුර ආවරණය කරගන්න එක අපහසුවක් කියලා. ඒත් ඒක වැරදි බව දැන් දන්නවා.
Deleteමාදුරු ඔය රස්නය නිසා යම් යම් අකරතැබ්බ කීපයක් සිදුවුණා නේද
ReplyDeleteමේ දවස් වල රස්නය වැඩිම කුරුණෑගලට. ඒක සෙල්සියස් 37ක්. යාපනයටතමා අඩුම.
රත්නපුරෙත් යාපනයට වඩා අංශන දෙකක්ද කොහද වැඩී...
වැදගත් ලිපියක් නෙරංජන්. මේ දවස් වල හැටියට වටිනා ලිපියක්
නමුත් මම මේ ලිපිය කියවන්න පටං ගත්ත වෙලාවෙ අහස කළු කරල තිබ්බෙ. දැං වහිනව
අපේ පැත්තටත් වැහි බර ගතියක් ඇවිත්.
Deleteඅරාබියේ සිටින අඵටනම් 34 C , සාමාන්‍ය අගයකි, උෂ්ණත්වය 46ට ගිය අවස්ථාත් තිබුණා.
ReplyDeleteඒක ඇත්ත. අරාබියේ හැටියට ඒක අඩු උෂ්ණත්වයක් වෙන්න ඇති.
Deleteඔබේ ලිපි ඇත්තටම හොඳයි තුති !
ReplyDeleteඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.
Delete