කලකට පෙර තුන් වේලටම බත් කෑ අපි කාර්ය බහුලත්වය සමඟ නොයෙක් ආහාර රටාවන්නට හුරුවන්නට පටන් ගතිමු. මේ අනුව උදේ ආහාරය රජකු සේ ගත යුතු බව පැවසුන ද බොහෝ දෙනෙක් ඒ සඳහා පාන්, බනිස්, ෂෝර්ට් ඊට්ස් (කෙටි කෑම) වැනි දේ ආදේශ කරන්න පටන් ගත්හ. රාත්‍රී කෑමට ද බත් අතහැර පාන්වලට හුරුවිය. වැඩි කලක් යන්නට පෙර රාත්‍රී ආහාරය සඳහා පාන් පමණක් නොව තවත් කෑමක් අප අතරට පැමිණියේය. අසූව දශකයේදී පමණ අප අතරට පැමිණියේ යැයි සැළකිය හැකි මෙම කෑම වර්ගය අද වන විට අතිශය ජනප්‍රිය්තවයට පත්ව තිබේ. නම් කියූ පමණින් බාල මහළු භේදයක් නොමැතිව හඳුනන මෙය ‛කොත්තු රොටී’ නම් වේ.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේදී උපත ලබා ඇතැයි සැළකිය හැකි කොත්තු රොටිය එහි හඳුන්වනු ලබන්නේ ‛කොත්තු පරොට්ටා’ නමිනි. මෙහි අරුත වන්නේ ‛කැබලි කරන ලද පරොට්ටා’ නම් වේ. ‛පරොට්ටා’ යනුවෙන් හඳුන්වන්නේ අප අතර ද ජනප්‍රිය දෙමළ කෑමක් වන ‛පරාටා’ ය. කෙසේ නමුත් අප රටේ ද මේවා ‛පරෝටා’ යනුවෙන් හඳුන්වනු දැකිය හැකිය. මේවා ද රොටී විශේෂයක් වන අතර තැටියක පුළුස්සා පිළියෙළ කර ගනු ලබයි. සයිවර් කඩවලදී මේවා මිරිස් හොදි හෝ සාම්බාරු සමඟ ඉතා රසවත්ය. කොත්තු රොටී පිළියෙල කරගැනීම සඳහා යොදා ගන්නේ ද මෙම පරාටා ය. ඒවා සිහින්ව කපා කලින් සකස් කොට තබා ගනී. කොත්තුවක් ඇණවුම් කළ පසු උණු තැටිය මතට තෙල්, බිත්තර ආදිය දමා තරමක් පිළිස්සෙන්නට හැර එය මතට සිහින්ව ලියා ගත් ලීක්ස්, කැරට්, ගෝවා වැනි එළවළු දමයි. ඉන්පසු එයට සොයා සෝස්, ලුණු, මිරිස්, ඉඟුරු, සුදු ළූණු සහ වෙනත් රසකාරක දමා කළවම් කොට පසුව එම මිශ්‍රණය මතට සිහින්ව ලියා ගත් පරාටා දමා කොත්තු ගසන තහඩු දෙකකින් ‛ටකට ටකට ටකට ටකට’ යන රිද්මයට ගසනු ලබයි. කොත්තුව රසවත් වුවත් මේ හඬ අසා සිටින්නට බොහෝ දෙනෙකු කැමැති නැත. කෙසේ නමුත් කොත්තු කෑමට නම් අකැමත්තෙන් වුව ද මේ හඬ අසා සිටිය යුතුය. ඇතැම් කොත්තු බාස්ලා ගීතවල රිද්මයට ද කොත්තු ගසනු දකින්නට ලැබේ. අප රටේ එළවළු, මාළු, බිත්තර, කුකුල් මස්, හරක් මස්, ඉඳි ආප්ප, නූඩ්ල්ස් හා බත් කොත්තු ජනප්‍රිය බව පෙනේ. මෙයට අමතරව මිරිස් කොත්තු හා කොස් කොත්තු ද ඇතැම් ස්ථානවල පිළියෙල කරන බව දක්නට ලැබේ. මෙයට අධික ලෙස ලුණු එක කරනා බැවින් කොත්තු කෑමෙන් පසු ජය ගැලුමක් පමණ පානය කරන්නට සිදු වේ. ඇතැමුන් පවසන්නේ කොත්තුවක් කෑ පසු බඩට ‛කොන්ක්‍රීට් දැම්මා වාගේය’ කියාය. එනම් සෑහෙන වෙලාවකින් යළිත් කුසගින්නක් නොදැනෙන බවය.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිට කොත්තු කෙළින්ම පැමිණියේ යැයි සැළකෙන්නේ අප රටේ නැගෙනහිර පළාතේ ඇති දෙමළ සහ මුස්ලිම් හෝටල්වලටය. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ද කොත්තු යනු ජනප්‍රිය කෑමකි.
කොත්තු අප රටේ ආහාර සංස්කෘතියට කෙතරම් බලපෑ ඇතැදැයි කිවහොත් මෑත කාලයේදී කොත්තු ගැන ගීත ද බිහි විය. මේ අතරින් ‛ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය - සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය‛, ‛මට කොත්තුත් ඕන - මට ලයිමුත් ඕන’ වැනි ගීත තරුණ පරපුර අතර ජනප්‍රියය. මේවාට අමතරව තවත් ‛කොත්තු ගීත’ තිබිය හැකිය. එමෙන්ම කොත්තු රිද්මයට සකස් කළ ගීත ද අසන්නට ලැබේ. මේවායෙන් ගීත කෙසේ වෙතත් ‛ටකට ටකට’ යන හඬ නම් හොඳින් ඇසේ.
කොත්තු කෙතරම් ජනප්‍රිය ආහාරයක් වුව ද අපගේ සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ කල්පානා කිරීමේදී මෙවැනි ආහාර නිතර පරිභෝජනය එතරම් හිතකර නැති බව පෙනේ. අධික ලුණු, මිරිස්, පිටි ආදි අඩංගු ආහාර වර්ග නිතර පරිභෝජනය මගින් විවිධ සෞඛ්‍ය ගැටලු පැණ නගී. තරබාරු බව, අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ, රුධිරයේ කොලෙස්ටරෝල් ඇතිවීම මේවා අතරින් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. මේදය, රසකාරක, ලුණු අධික ආහාර ගන්නා පුද්ගලයන්ගේ ශරීරයේ රුධිරගත ලිපිඩ සංයුතියේ පැහැදිලි වෙනසක් සිදුවන බව වෛද්‍යවරු පෙන්වා දෙති. දිනපතාම පාහේ කඩවලින් කෙත්තු වැනි ආහාර කෑමට ගන්නා පුද්ගලයන්ගේ මෙම තත්වය දක්නට ලැබෙන බව බොහෝ අවස්ථාවලදී සොයා ගෙන ඇත. අපගේ ශරීරයේ ලිපිඩ සංයුතිය වෙනස්වීම මගින් රුධිර නාල ඝන තත්වයට පත් වන අතර එහි ප්‍රතිපලය වන්නේ හෘදය වස්තුව වෙත රුධිරය ගෙන යන රුධිර නාල අවහිර වීමය. එහි අවසන් ප්‍රතිඵල වන්නේ අනිවාර්යයෙන්ම හෘදයාබාධ වැළඳීමය. කොත්තු රොටීවල අධික ලෙස ලුණු අඩංගු බැවින් ඒවා නිතර පරිභෝජනය නිසා රුධිර පීඩනය වැඩිවීමට සහ හෘදයාබාධ ඇතිවීමට හේතුවක් වේ. කොත්තු මෙන්ම ආහාර වෙළෙඳ සැල්වල ඇති සියලුම කෑම වර්ග රසවත් කිරීමට යොදාගන්නා ජනප්‍රිය රසකාරකයක් වන ‛මොනෝසෝඩියම් ග්ලූටාමේට්’ (අජිනොමොටෝ) අපගේ ස්නායු පද්ධතිය අකර්මන්‍ය කිරීමට ද හේතුවක් වෙයි.
පසුගිය දෙසැම්බරයේ එක්තරා පුවත්පතක පළවී තිබුණු ප්‍රවෘත්තියක් වූයේ කොත්තු රොටියක් ආහාරයට ගත් සිසුවකු එදින රාත්‍රියේම මිය ගිය බවකි. මේ සිසුවාගේ මරණය සම්බන්ධව මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරු පවසා සිටියේ එම කොත්තු රොටියේ අධික රසකාරක සහ යීස්ට් නිසා අමාශයේ අධික යුෂ ප්‍රමාණයක් තැන්පත්ව තිබුණු බවත්, එම යුෂ පෙනහළුවල රැඳීමේ ප්‍රතිඵලයක් ලෙස සිසුවා මරණයට පත් වී ඇති බවත්ය.
කොත්තු බොහෝ දෙනෙකු ඉතා ප්‍රිය මනාපයෙන් කෑමට ගන්නා බව නොරහසකි. මුළින්ම මහාමාර්ග අයිනේ වූ කුඩා ආහාර කඩවල තිබුණු මෙය මේ වන විට තරු පංතියේ මෙන්ම වැදගතුන් හා ධනවතුන් පමණක් යනෙන හෝටල්වලට ද පැතිර ගොස් ඇති දක්නට ලැබේ. කෙසේ නමුත් කොත්තු නිතර කෑමට ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන බව පැහැදිලිව සඳහන් කළ හැකිය. ඇතැම් අවස්ථවලදී මේ සඳහා යොදාගන්නා පරාටා රොටී දින ගණන් පමණක් නොව සති ගණන් පරණ ඒවා බව ද සොයා ගත් අවස්ථා තිබේ. ඒවා ශීතකරණවල තබා ප්‍රයෝජනයට ගන්නා අතර ඇතැම් ඒවා නරක් වී තිබුණු අවස්ථාවන් ද ප්‍රවෘත්තිවලින් දැක තිබේ. මේවා නිතර ආහාරයට ගැනීමෙන් ලෙඩා රෝග බොහොමයක් බලෙන් ගෙන්වා ගන්නා බව පැහැදිලිවම පැවසිය හැකිය. එබැවින් කුමන දෙයක් හෝ පමණට වඩා අහිතකරය යන්න සිතේ තබාගෙන කොත්තු කෑමට ගන්නට හැකි නම් එය වඩා සුබදායක බව පැවසිය හැකිය.
රෙඩිමේච් කොත්තු රොටී ආවට පස්සෙ මම නං කඩෙන් කොත්තු කෑම අතහැරිය. එම්ඩී එකේ (ද කොහෙද) ගහන කොත්තු පැකට් එකක් අරගෙන අඩුම කුඩුම ගෙදරදි දාල කොත්තුව රසවත්ව වගේම පිරිසිදුව කන්න පුළුවන්. මොකද කඩවල කොත්තු ගැහිල්ල නැවැත්තුවම කැරපොත්තො මීයො හූනො ඇවිල්ල කොත්තු ගහල යනවනෙ.
ReplyDeleteකොත්තු මිශ්‍රණය ලාබයි සෑහෙන්න. අපට දෙපාරක් කන්න පුළුවන්. මිල එකසිය හැටයි(කොත්තුවක මිලටත් අඩුයි). මස් කරියක් හදාගැනීම විතරයි ලොකු වැඩකට තියෙන්නෙ.
ඇත්තටම මටත් ඒක ගාණක් වුණේ නැහැ. එකක් අරන් යන්න ඕනි බලන්න. අජිනොමොටෝ දාන්න ඕනත් නෑ. පිරිසිදුව කන්න පුලුවන්. ඒක හොද අදහස.
Deleteපරාටා යුගේ එන්න ඉස්සෙල්ලා ගෝදම්බ රොටිය කපලා හදපු කොත්තුව දැන් ජාතික ආහාරය වෙලා නේද? එංගලන්තෙත් ස්ට්‍රීට් මාකට්වලත් කොත්තු හදනවා.
ReplyDeleteමේ කැම්ඩන් මාකට් එකේ කොත්තු
ඔව් ඒ ඇත්ත. ඒ වගේම ලෝකයේ බොහෝ රටවලත් මේක ජනප්‍රිය කෑමක්. මේ වීඩියෝ එකේ වගේම තවත් බොහෝ වීඩියෝවලින් ඒක පෙනෙනවා.
Delete