මේ වීඩියෝ එක බලන්න.
බැලූ බැල්මටම මෙහි ඇති ගැටලුව තමයි එහි යම්කිසි ගැස්සීමක් තිබීම. ජංගම දුරකතන කැමරාවෙන් වීඩියෝ පටිගත කරන බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ඒ වීඩියෝ ගැස්සෙන ආකාරයකින්, එසේත් නැත්නම් කම්පන තත්වයකින් පැවතීම. Shaky Video කියලා මේ තත්වය හඳුන්වනවා. නමුත් වෘත්තීය මට්ටමේ වීඩියෝ පටිගත කිරීම්වල මෙය දක්නට ලැබෙන්නේ නැහැ. ඒවා වීඩියෝ ගත කිරීම සඳහා ඇති උසස් තත්වයේ කැමරා, මෙම කම්පනය ස්වභාවය ඇති නොවන සේ පටිගත කරන්නට අවශ්‍ය තාක්ෂණයෙන් සමන්විත වෙනවා. කොහොම වුනත් ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කිරීමකින් පසුව විවිධ මෘදුකාංග භාවිත කරලා මේ කම්පන ස්වභාවය අවම කර ගන්නට පුළුවන්. එවැනි මෘදුකාංගයක් ගැනයි මේ කියන්න යන්නේ. ඒ තමයි Wondershare Filmora කියා කියන්නේ.
මෙයින් අපට පුළුවන් ජංගම දුරකතනයකින් පටිගත කරන ලද කම්පන ස්වභාවයකින් යුක්ත වීඩියෝ එකක් සෑහෙන උසස් මට්ටමක් දක්වා පරිවර්තනය කර ගන්න.
පහළින් තියෙන වීඩියෝ එක බැලුවොත් ඔබට පුළුවන් මේක කරන්නේ කොහොමද කියන එක දැනගන්න.
බොහොම හොඳ පාඩමක්. තාක්ෂණික ගැටලු වලට විසඳුම් දන්න අය ඉන්නේ බොහොම අතලොස්සයි.
ReplyDeleteවිචාරක දියණිය
බොහෝ ස්තුතියි අදහස් දැක්වීම ගැන.
Deleteමාකස් අයියා
ReplyDeleteබෝන් අගේන් කල්ලියටද?
පතෝලික කල්ලියද සපෝට් කරන්නේ?
වීඩියෝ එක ගැස්සීම සම්බන්ධව මේ අහලා තියෙන ප්‍රශ්නය අදාළ කර ගත්තොත් නම් කියන්න තියෙන්නේ ලෝකයේ ඉන්ධන අවසන් වූ දිනයක භාවිතයට ගන්න තවත් විකල්ප බලශක්තීන් මේ වන විටත් සොයාගැනීම අවසන් කොට තිබිය යුතු බවයි.
Delete