ජීවිතයම
තරගයක් කියලා කියනවා. ජීවන අරගලය කියන්නෙත් ඒකට. ඊට අමතරව තවත් තරග තියෙනවා. ක්‍රීඩා
තරග, ගීත තරග,
නවකතා තරග කියන්නේ ඒ
වගේ ඒවාට. ඒ අපි දන්නා තරග. නොදන්න, ඒ වගේම ඉතා හොර රහසේ ක්‍රියාත්මක වෙන තරගත් තියෙනවා. බලු
පොර, කුකුළු පොර
කියන්නේ ඒ වගේ තරග. ප්‍රසිද්ධ මාධ්‍යයක කියන්න බැරි විදියේ තරගත් තියෙනවා. ඒවා
අන්තර්ජාලය පැත්තේ ගියා නම් හොයාගන්න පුළුවන්. මේ කිසිම තරගයකට අයිති නොවන,
ඒත් ප්‍රසිද්ධියේ කතා
කරන්නට ගැටලුවක් නැති තරගත් තියෙනවා. කොහොම වුනත් මේවා බැලූ බැල්මටම ටිකක් අසාමාන්‍ය
ගතියක් තියෙනවා. සමහර ඒවා ටිකක් විකාරයි. ඒවා පවත්වන මිනිස්සුන්ට පිස්සු නැත්නම්
ෂෝක් කියලත් හිතෙනවා. අන්න ඒ වගේ තරග ටිකක් ගැන කතා කළොත් මොහොතකට අසාමාන්‍ය වෙලා
ආයෙත් සාමාන්‍ය වෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.
ඉන්න
හිටින්නවත් බැරි තැන්වල සිට රෙදි මැදීමේ තරගය
රෙදි මදිනවා
කියන්නේ සීරුවට කරන්න ඕන වැඩක්. ඇතැම් අයට එක ඇඳුමක් ලස්සනට මදින්න විනාඩි 15
- 20 ක්, සමහර විට ඊටත් වඩා ගත
වෙනවා. එහෙම තත්වයක් තියෙද්දි හරියකට හිටගන්නවත් බැරි තැනක ඉඳන් රෙදි මදින්න
කිව්වොත්, ඒක ටිකක්
අමාරු වැඩක් වෙනවා. අමාරු නිසාම ඒක තරගයක් බවට පත් වෙලා තියෙනවා. එක්සත් රාජධානියේ
ලයිසෙස්ටර් ප්‍රාන්තයේ 1997 වර්ෂයේ පටන්
මේ වගේ තරගයක් පවත්වන්නට පටන් අරන් තියෙනවා. මේ තරගය තරමක් අවදානම්. එයට හේතුව
තමයි මෙයට සහභාගී වෙන අය භයානක කඳු මුදුන්වල, භයානක කඳු බෑවුම්වල, අවදානම් සහිත
දෙබොක්කාවල, අයිස්
කුට්ටිවල වගේම දිය යටත් රෙදි මදින්න සූදානම් පිට සිටිය යුතු නිසයි. තරගයේ සංවිධායක
මණ්ඩලය මේ ගැන පවසන්නේ මෙහෙම දෙයක්. “මේක අවදානම සහ කුල්මත් බව පිරුණු එළිමහන් තරගයක්. අවසන්
ප්‍රතිඵලය විය යුත්තේ හොඳින් මදින ලද කමිසයක්. ඉතාමත් දුෂ්කර තැනක සිට කමිසයක්
ඇතුළු තවත් රෙදි කිහිපයක් මෙහිදී මැදිය යුතු වෙනවා.” මෙය 1997 වර්ෂයේ පටන් ගත්තත්, විකිපීඩීයා විශ්වකෝෂය
පවසන ආකාරයට මුල්ම ජාත්‍යන්තර තරගය පවත්වා තිබෙන්නේ 2002 වසරේ ජර්මනියේ මියුනික් නුවරයි. මේ සඳහා
කණ්ඩායම් 12 සහභාගී වී
ඇති අතර එයින් 3 ක්ම ඉදිරිපත්
කොට තිබුණේ එක්සත් රාජධානියෙන්. දැනට නිත්‍ය වශයෙන් මේ තරගය සඳහා ඔස්ට්‍රියාව,
ඕස්ට්‍රේලියාව,
චිලිය, ක්‍රොඒෂියාව, එක්සත් රාජධානිය සහ
ජර්මනිය සහභාගී වෙනවා.
අවලස්සනම සුනඛයා තේරීමේ තරගය
සුනඛයන්ට
සාමාන්‍ය බුද්ධියක් තියෙන බව පිළිගත් දෙයක් වුනත්, මිනිස්සු එකතු වෙලා තමන් අතර ඉන්න අවලස්සනම
සාමාජිකයන් තෝරන තරග පවත්වනවා කියා තේරුම් ගන්න පුළුවන් නම් මේ වගේ තරගයකට විරෝධය
පළ කරන්නත් ඉඩ තියෙනවා. කොහොම වුනත් ලෝකයේ එහෙම තරගයක් පැවැත්වෙනවා. ඇමරිකා එක්සත්
ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පෙටලූමා නගරයේ දී වාර්ෂිකව පවත්වනු ලබන මෙය ආරම්භ
වී ඇත්තේ 1970 දශකයේ දී බව
පැවසෙනවා. මේ තරගයෙන් ජයග්‍රහණය කරන අවලස්සනම සුනඛයාගේ හිමිකරුවාට ඇමරිකානු ඩොලර් 1500 ක් (අපේ රටේ මුදලින්
නම් රුපියල් 238,000 පමණ) සහ
කුසලානයක් හිමි වෙනවා. මේ සඳහා සැලකිය යුතු අන්දමේ මාධ්‍ය ආවරණයක් ද සැපයෙන අතර
සුනඛ හිමියන් ඇතුළුව තවත් සෑහෙන පිරිසකගේ සහභාගිත්වය ද ලැබෙනවා. මේ වසරේ මේ
තරගයෙන් ජයග්‍රහණය කළේ ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ අනෝකා සිට පැමිණි
පුද්ගලයකුට අයත් 9 හැවිරිදි
බුල්ඩෝග් වර්ගයේ සුනඛයෙක්. සුනඛයාගේ නම ‛සා සා’. ‛සා සා’ ගේ හිමිකරුවා මෙගාන් බ්‍රේනාර්ඩ්. මේ සුනඛයා
අවලස්සන යැයි පිළිගැනීමට එකම හේතුව වී තිබුණේ ඉතා දිග දිවක් තිබීමයි. එය බිම ගෑවෙන
තරමට දිගු කරන්නට හැකියාව තිබෙන බැව් පැවසෙනවා. කෙසේ වෙතත් මේ තරගයෙන් සති දෙකකට
පසුව ‛සා සා’
මිය ගියා.
පණුවන් ආකර්ෂණය කර ගැනීමේ තරගය
මේ තරගය ගැන
අසද්දී නම් බොහෝ දෙනෙකුගේ ඇඟ හිරි වැටෙන්න ඇති කියලා හිතෙනවා. ඒ පණුවෝ ගැන අපේ
හිතේ තිබෙන එක්තරා ආකාරයක පිළිකුල් සහගත ආකල්පය නිසයි. මේ වගේ තරගයක් පැවැත්වීමේ
අරමුණත් එයම වෙන්න පුළුවන්. මෙම තරගයට ඉදිරිපත් වන තරගකරුවන් කළ යුත්තේ, තමාට ලබා දෙන භූමියේ,
ලබා දෙන කාල සීමාව තුළ
පණුවන් විශාල සංඛ්‍යාවක් එකතු කර ගැනීමයි. පොළොව යට සිටින පණුවන් පිටතට ගැනීම සඳහා
බොහෝ විට සිදු කරන්නේ පොලොව කම්පනය කිරීමයි. මේ සඳහා පැත්තක් මීටර් 3ක් වූ සමචතුරස්‍රාකාර
බිම් කොටසක් ලැබෙනවා. මේ තරගය ආරම්භ වූයේ 1980 වර්ෂයේ දී එක්සත් රාජධානියේ චෙෂයර් ප්‍රාන්තයේ
විලස්ටන් නගරයේ වූ ප්‍රාන්තයේ වූ ප්‍රාථමික පාසලක යි. මේ වන විට වාර්ෂිකව පවත්වනු
ලබන මෙහි ආරම්භකයා මෙන්ම නීති රීති සම්පාදකයා වන්නේ මෙම පාසලේ විදුහල්පතිවරයා වන
ජෝන් බේලි. දැනට වැඩිම පණුවන් සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමේ වාර්තාව හිමි ඇත්තේ 2009 ජුනි 29 වැනිදා පැවැත්වූ
තරගයේ ජයග්‍රාහකයා වූ 10 හැවිරිදි සොෆී
ස්මිත් ටයි. ඇය පණුවන් 567 දෙනෙක් තමා
කරා ආකර්ෂණය කරගන්නට සමත් වුණා. තරගයෙන් පසුව මේ සෑම පණුවෙක්ම යලිත් ආරක්ෂිත
ස්ථානයකට මුදා හැරිය යුතු වෙනවා.
මහපටඟිල්ලෙන් පොර බැදීමේ තරගය
මෙය 1974 වසරේ දී එක්සත් රාජධානියේ
ස්ටැෆර්ඩ්ෂයර් හිදී බීමතින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු විසින් ආරම්භ කරන ලද්දක්
බව පැවසෙනවා. බමන මතින් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයට බිහි වුවත්, දැන් එය ලෝක මට්ටමේ
තරගාවලියක් බවට පත් ව තිබෙනවා. මෙය අත්වලින් සිදු කෙරෙන පොර බැදීමට බොහෝ සමාන කමක්
දක්වනවා. තරගයට සහභාගී වන තරගකරුවන් දෙදෙනාගේ පාවහන් සහ මේස් ගළවා ඉවත් කරන්නේ
තරගය ආරම්භ කරන මොහොතේ දී වන අතර, එක් තරගකරුවෙක් අනෙකාගේ පාවහන් සහ මේස් ඉවත් කිරීම සිදු
කළ යුතු වෙනවා. ඉන් පසුව මහපටඟිලි එකිනෙක පටලවා අනෙක් තරගකරුවාගේ පාදය පොළොවේ ස්පර්ශ
කිරීම සිදු කළ යුතුයි. තත්පර තුනක කාලයක් මෙසේ ස්පර්ශ කොට තබාගෙන සිටි යුතුයි. වට
තුනක් වශයෙන් පැවැත්වෙන තරගයේ දී 3 - 2 වශයෙන් ජයග්‍රහණය කළ යුතු වෙනවා. මුලින්ම දකුණු කකුල ද,
පසුව වම් කකුල ද,
නැවත දකුණු කකුල ද
වශයෙන් යොදා ගත යුතු වෙනවා.
බිරිඳ කරේ තබාගෙන දිවීමේ තරගය
බිරිඳ කරේ
තබාගෙන දුවනවා කියන වැඩේ ලේසි පාසු දෙයක් නම් නෙවෙයි. ඒ නිසාම වෙන්න ඇති මෙහෙම
තරගයක් සූදානම් කරන්න ඇත්තේ. මේ තරගය ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ‛යුකොන්කන්ටෝ’ නමින්. එය ෆින්ලන්ත
වචනයක්. එවැනි නමකින් මෙය හඳුන්වන්නේ මෙහි ආරම්භය සිදු වී ඇත්තේ ෆින්ලන්තයේ නිසයි.
මේ ක්‍රීඩාව ඇති වූ ආකාරය ගැන ෆින්ලන්තය පුරා ජන කතා පවතිනවා. ඉන් එකක් තමය 1800 ගණන්වල කැලෑවක සිටි
සොරෙක්, අසල පිහිටි
ගමකට ආ විගස ඒ ගමේ සිටින ගැහැනුන්ව කරේ තබාගෙන පැහැර ගෙන ගිය බවයි. අනෙක් කතාව නම්
අතීතයේ සිටි ෆින්ලන්ත තරුණයන් වෙනත් ගම්වලට බලහත්කාරයෙන් ඇතුළු වී ඒවායේ සිටින
ගැහැනුන්ව බලෙන් කරේ තබාගෙන පැහැර ගෙන ඒමයි. මෙය බැලූ බැල්මට හාස්‍යජනක තරගයක්
වුවත්, තරගකරුවන් නම්
මෙය ඉතා බරපතළ දෙයක් ලෙස සලකා තරග වදින බව පෙනෙනවා. බිරිඳ කරේ තබාගෙන දුවනවා කියා
පැවසුවත්, සාමාන්‍යයෙන්
සිදුවන්නේ මේ සඳහා ඉදිරිපත් වන කණ්ඩායමේ කාන්තාවක්ව කරේ තබාගෙන දිව යාමයි. නොයෙක්
ඉරියව්වලින් බිරිඳව කරේ තබාගෙන දිව යා යුතු වෙනවා. මුලින්ම ෆින්ලන්තයට පමණක්
ආවේණික තරගයක් ලෙස මෙය පැවැත්වුනත් 1922 වර්ෂයේ සිට මෙහි ලෝක ශූරතා තරගය පැවැත්වෙන්නට පටන්
ගත්තා. මේ සඳහා අනුගමනය කළ යුතු නීතිරීති මාලාවක්ම තිබෙනවා. මීටර් 253.5ක දුරක් යාම, ගොඩ බිම බාධක දෙකක් සහ
මීටර් එකක් ගැඹුරු ජලයේ බාධක දෙකක් පසු කර යාම, කාන්තාව අවුරුදු 17 කට වඩා වැඩි වීම, කාන්තාවගේ බර කිලෝග්‍රෑම් 49කට වඩා වැඩි වීම (එයට
වඩා අඩු නම් නියමිත බර ලැබෙන සේ වැලි මලු එල්ලයි) ආදී වශයෙන් බොහොමයක් තිබෙනවා. 2018 ලෝක ශූරතාවේ ජයග්‍රාහකයන්
වී ඇත්තේ ලිතුවේනියාවේ සිට පැමිණි වයිටෝටස් කර්ක්ලියාස්කාස් සහ නෙරින්ගා
කර්ක්ලියාස්කීනේ. ඔවුන්ට මේ දුර ගමන් කිරීම සඳහා තත්පර 65ක් ගත වී තිබුණා. මෙහි ජයග්‍රාහකයන්ට
බිරිඳගේ බරට සමාන වන සේ බීර තිළිණ කෙරෙනවා.
සැර මිරිස් කෑමේ තරගය
අප අතර ඉන්න
ඇතැම් අය බත් සමග කොච්චි කෑමට ගන්නා පුරුද්දක් තිබෙනවා. එයට හේතුව ඔවුන්ගේ දිවට
අධික සැරක් දැනෙනවාට ඔවුන් තුළ ඇති කැමැත්තයි. මේ වගේ අයට ගැළපෙනම තරගයක් තමයි ‛සැර මිරිස් කෑමේ තරගය’
කියා කියන්නේ. මෙය
ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාවේ දී වාර්ෂිකව පැවැත්වෙනවා. මෙය වට 5 කින් සමන්විත වන අතර
ටිකෙන් ටිකේ සැර අධික වන ස්වභාවයේ මිරිස් කෑමට ගත යුතු වෙනවා. මිරිස්වල සැර බලන්නේ
ජාත්‍යන්තරව පිළිගත් ‛ස්කොවිල් සැර
පරිමාණය’ පදනම්
කරගෙනයි. ස්කොවිල් කියන්නේ මිරිස්වල සැර මැනීම සඳහා සම්මත කරගත් පරිමාණයක්. වර්ෂ 1912 දී ඇමරිකානු
ඖෂධවේදියකු වූ විල්බර් ස්කොවිල් විසින් මේ පරිමාණය සොය ගනු ලැබුවා. මේ පරිමාණයට
අනුව අප කෑමට දමන අමු මිරිස් කරලක සැර ප්‍රමාණය ඒකක 250 ක් පමණ වෙනවා. කෙසේ නමුත් පළමු වටය ආරම්භයේ
දී ලබා දෙන මිරිස්වල සැර මෙම ඒකක 500 - 2500 ත් අතර පවතිනවා. අවසාන වටයේ දී ඒකක 100,000
- 300,000 අතර සැර ප්‍රමාණයක
පවතින මිරිස් කෑමට ගත යුතු වෙනවා. මෙහි තවත් ජාත්‍යන්තර තරගයක් චීනයේ දී ද
පැවැත්වෙනවා. මෙයට ලැබෙන තිළිණය එතරම් වටිනාකමක් නැතත්, මේ සඳහා බොහෝ දෙනෙක් ඉදිරිපත් වන බව නම්
පෙනෙනවා.
මුහුණ විකෘති කර ගැනීමේ තරගය
ඈන් වුඩ්ස් |
ඒඩ්‍රියන් සිවෙලොන්ගි |
මෙය එක්සත්
රාජධානියේ ආරම්භ කරන ලද තරගයක් ලෙස පවසන්නට පුළුවන්. තුන්වැනි හෙන්රි රජු
එංගලන්තයේ රජ වූ සමයට අයත්, 1267 වර්ෂයෙදී මෙය
මුලින්ම ආරම්භ වී තිබෙනවා. සිය මුහුණ හැකිතාක් විකෘති කරගන්නට සමත් වන පුද්ගලයාට
මේ තරගයේ ජයග්‍රහණය හිමි වෙනවා. සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දී මේ තරගය පැවැත්වෙන
අතර පසුගිය වසරේ මෙහි ජයග්‍රාහකයා වූයේ ඒඩ්‍රියන් සිවෙලොන්ගි. දැනට ලෝකයේ සිටින
හොඳ මුහුණ විකෘති කරන්නා වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ බෙලා ලුගොසි යි. මේ තරගය 15 වතාවක් ජයග්‍රහණය කරන
ලද තරගකරුවෙක් ගැන ද වාර්තා ලැබෙනවා. ඒ ටොමී මැටින්සන්. ඈන් වුඩ්ස් මෙම තරගයට
සහභාගී වී 28 වතාවක් ජයග්‍රහණය
කොට තිබෙනවා.
+++++++++++
ReplyDeleteThank you
Delete