පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, December 29, 2013

ඉසිවර වෙදැදුරු ටෙලි නාට්‍යයේ බෙක් ක්වන්ග් හ්‍යු - Baek Kwang-hyun of The King's Doctor - Isiwara Wedaduru


කොරියානු ටෙලිනාට්‍යවලට කැමති ඔබ වෙනුවෙන්ම මේ දිනවල ජාතික රූපවාහිනිය විකාශනය රන අලුත්ම නිර්මාණය තමයි ඉසිවර වෙදැදුරු’. කොරියානු බසින් Maui වන මෙය  ඉංග්‍රීසි බසින් The King's Doctor, Horse Doctor, The Horse Healer යන නම්වලින්ද ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. නමුත් වඩාත් ජනප්‍රියව ඇත්තේ The King's Doctor නමින්. මෙය නිර්මාණය කොට ඇත්තේ ද ඓතිහාසික කතාවක් පදනම් කරගෙනයි. ඔබ මෙයට පෙර නැරඹූ සුජාත දියණිහා අභීත දියණීනාට්‍යයන් අධ්‍යක්ෂණය කළ ලී බ්‍යුන්ග් - හූන්මෙහි ද අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. නමුත් ඔබ ඒවායේ දුටු නළු නිළියන් කිසිවෙක් මෙහි දක්නට ලැබෙන්නේ නැහැ.

ජෝසෙන් රාජ්‍ය සමයේ අවසාන භාගයේ දී පමණ ජීවත් වූ අශ්වයිනට ප්‍රතිකාර කිරීමට දක්ෂකම් දැක් වූ බෙක් ක්වන්ග් - හ්‍යුන්නම් පශු වෛද්‍යවරයකු වටා මෙම කතාව ගෙතී තිබෙනවා. කුලයෙන් පහත් පුද්ගලයකු වන බැවින් පශු වෛද්‍යවරයකු ලෙස පවා ඉහළට පැමිණෙන්ට ඔහු ඉදිරියේ ඇති බාධාවන් අපමණයි. නමුත් වැඩවසම් සමාජ ක්‍රමයේ තාඩන පීඩනවලින් නොසැලී දිරියෙන් ජීවිතය ජයගන්නා මේ පශු වෛද්‍යවරයා අවසානයේ රජමාලිගාවේ රාජකීය වෛද්‍යවරයා බවට පත්වෙනවා.  එමෙන්ම ජෝසෙන් රාජ වංශයේ ප්‍රථම ශල්‍ය වෛද්‍යවරයා වන්නේ ද ඔහුයි. කොරියාවට ආවේණික වූ වෛද්‍යක්‍රම හා කටු චිකිත්සාව පිළිබඳ දක්ෂයකු බවට පත්වන ඔහු කිසිදා තමන් සිටි තැන අමතක නොකරන උතුම් පුද්ගලයකු බව තහවුරු කරමින් දිළිඳු, අසරණ ජනතාවගේ රෝග පීඩාදිය සුව කරන්නට ජීවිතයම කැප කරනවා. ඉසිවර වෙදැදුරුනාට්‍යයේ ප්‍රධාන චරිතය වන බෙක් ක්වන්ග් - හ්‍යුන්ගැන කෙටියෙන් සඳහන් කළොත් ඒ විස්තර තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඔබ දැනටමත් මේ නාට්‍යයේ හොඳ ප්‍රෙක්ෂකයෙක් නම් මේ ගැන ඔබ හොඳින්ම දන්නවා ඇති. නොදන්නා කෙනෙක් නම් මේ විස්තරය දැනගත්තාම නාට්‍යය බලන්න හිතෙන්නත් ඇති.


බෙක් ක්වන්ග් - හ්‍යුන්නම් ඉසිවර වෙදැදුරාගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ 1980 පෙබරවාරි 12 වැනිදා දකුණු කොරියාවේදී මෙලොව එළිය දුටු දක්ෂ හා අතිශය ජනප්‍රිය කොරියානු සිනමා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියකු වන ජෝ සුන්ග් - වූ’. ඔහු හැදී වැඩුණේ සංගීත රසකාමී පවුලක. ඔහුගේ පියා ජෝ ක්‍යුන්ග්-සූගායකයෙක්. අක්කා, ඒකියන්නේ ජෝ සෝ-යොන්සංගීත සංදර්ශනවල රංගන ශිල්පිනියක්. අපේ මේ කතා නායකයා, ඒ කියන්නේ ජෝ සුන්ග් - වූසිහින මැව්වෙත් සංගීතය පැත්තෙන් ජීවිතය ගොඩනගාගන්න. නමුත් 1999 දී ඔහුට අහම්බෙන් වගේ සිනමා නිර්මාණයකට දායකවන්නට අවස්ථාව ලැබුණා. ඒ ඉම් ක්වොන්-ටේක්ගේ චුන්ය්‍යාන්ග්සඳහායි. මෙය සාර්ථක නිර්මාණයක් වුණේ නැහැ. නමුත් කෑන්ස් සම්මාන උළෙල සඳහා  පවා මෙම නිර්මාණය නිර්දේශ වුණා. ඒ නිසා ජෝ සුන්ග්ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන්ගත්තා.

ඔහු තමාගේ මේ පළමු සිනමා නිර්මාණයෙන් පසුව නැවතත් සංගීත කටයුතු ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තත් සිනමාවෙන් ගැළවෙන්න නම් ඉඩක් ලැබුණේ නැහැ. 2001 වසරේදී ඔහුට වානීසහ ජූනාසිනමා නිර්මාණවල සහාය චරිතත්, 2002 වසරේදී හූ ආර් යූහි ප්‍රධාන චරිතයක් රඟපාන්නත් අවස්ථාව ලැබුණා. ඉන් පස්සේ 2003දී ක්වක් ජේ-යොන්ග්ගේ ක්ලැසික් සිනමා නිර්මාණයට දායකවන්නට අවස්ථාවත් හිමි වුණා. ඔහුගේ ජනප්‍රියත්වය මේ විදියට ටිකෙන් ටික වැඩිවෙන්න පටන්ගත්තා. 2004 ඔහු රඟපෑ ලෝ ලයිෆ්චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා පවා තැබුවා. අවසානයේ ඔහු කොරියාවේ ජනප්‍රියතම තරුවක් බවට පත්වුණා. කෙසේ මුත් ඔහු රංගනයෙන් දායක වුණු මැරතන්’, ටාස්සා - ද හයි රෝලර්ස්’, ජෙකිල් ඇන්ඩ් හයිඩ්’, ද කිංග්ස් ඩොක්ටර්හෙවත් ඔබ දැන් නරඹන ඉසිවර වෙදැදුරුයන නිර්මාණ වැඩි කතාබහට ලක්වුණා.

කොරියානුවන්ට අනිවාර්ය යුද සේවයක් තිබෙනවා. ජෝ සුන්ග් - වූටත් එය අදාළයි. 2010 දී ඔහු ජෙකිල් ඇන්ඩ් හයිඩ්’  සඳහා දායක වුණේ මේ අනිවාර්ය යුද සේවයෙන් පසුවයි. සංගීතයද අමතක නොකළ ඔහු ප්‍රසංග වේදිකාවේ ද නිතර දක්නට ලැබෙන චරිතයක්. එක් ප්‍රවෘත්තියකට අනුව කොරියාවේ වැඩිම මිලක් අය කළ සංගීත ශිල්පියා ලෙසින් ද ඔහු වාර්තාවක් තබා තිබෙනවා. ඔහුගේ මේ අධික අයකිරීම නිසා ඇතැම් නිෂ්පාදකවරුන් ඔහු සහභාගීවන සංදර්ශන සඳහා අනුග්‍රහ දක්වන්නට බියක් පළ කළත්, ඔහු සහභාගී වන සංදර්ශනවල ප්‍රවේශපත්‍ර අළෙවිවන්නේ උණු කැවුම් වාගෙයි. ඔහුට ඒ තරමටම ඉල්ලුමක් කොරියාවේ පවතිනවා.

පුංචි තිරයේ ඔහු දායක වුණු ප්‍රථම නිර්මාණය තමයි හෝර්ස් ඩොක්ටර්’. ඒ කියන්නේ ඉසිවර වෙදැදුරු’.  එහි කළ රංගනය උදෙසා කොරියාවේ එම්.බී.සී, සම්මාන උළෙලේ ලද හැකි ඉහළතම සම්මානය වූ ඩේසෑන්ග්දිනාගැනීමටත් ඔහු වාසනාවන්ත වුණා.


ඔහු මේවන විට සිනමා නිර්මාණ 19කටත්, සංගීතමය නාට්‍ය 12කටත් තවත් විවිධ නිර්මාණ ගණනාවකටත් දායක වී තිබෙනවා. මේවන විට දිනා ඇති සම්මාන ගණන 23කටත් අධිකයි. 

Friday, December 27, 2013

පැරණි චින ජ්‍යොතිෂට අනුව එළැඹෙන 2014 ඔබට ජයද? - Chinese Astrological Forecasts for Year 2014

නව වසරක් එළැඹෙන්නට ඇත්තේ තව දින කිහිපයකි. බොහෝ දෙනකු නව වසරට සැරසෙන අතරේ එළැඹෙන වසර තමාට කෙතරම් සුබදායක ද යන වග සොයා බලන්නට බොහෝ දෙනෙක් අමතක නොකරති. තව නොබෝ දිනකින් සියලු ජාතික පුවත්පත්වල මේ පිළිබඳ ‍ජ්‍යොතිෂ අනාවැකි පළවන්නට පටන් ගනු ඇත. 

කෙසේමුත් මෙසේ පළවන සියල්ල ඉන්දීය ‍ජ්‍යොතිෂ සිද්ධාන්තයන් අනුව සකස් කළ ඒවා බව පෙනෙයි. රැජින පාඨක ඔබට ඉන් බැහැර වූ වෙනත් සිද්ධාන්තයක් මත පිහිටමින් එළැඹෙන වසර සඳහා අනාවැකි ඉදිරිපත් කරන්නට අප සිතුවේ එබැවිනි. මේ අනුව අප අනාවැකි ඉදිරිපත් කරන්නේ පෞරාණික චීන ‍ජ්‍යොතිෂ සිද්ධාන්තයන්ට අනුවය.

චීන ‍ජ්‍යොතිෂය සහමුලින්ම පවතින්නේ සතුන් මත යැයි කීවද එහි වරදක් නැත. එහි එක් එක් වසර සඳහා යම්කිසි සත්වයකු වෙන්ව පවතී. 2014 වසරට අධිපති සත්වයා වන්නේ අශ්වයාය. අශ්වයා යනු නවීන රථ වාහන පිහිටවන්නට පෙර මිනිසුන් සිය ගමන් බිමන් සඳහා යොදාගත් සත්වයෙකි. අශ්වයා ඉතා ඉක්මණින් අප ගමනාන්තය කරා රැගෙන යයි. මේ ආකාරයට අප ජීවිතයේ ඉරණමට ද වේගයෙන් ගමන් කරන්නට අශ්වයාට හැකිය. අශ්වයා යනු තවකෙකු සමග තරග වදින්නට රිසි සතෙකි. ඔවුහු නිදහස හා නායකත්වය පසුපස නිරතුරු හඹා යති. එබැවින් අශ්වයාගේ වසර යනු මිනිසුන් සිය සාර්ථකත්වය, ජයග්‍රහණය පසුපස හඹා යන වර්ෂයකි. චීන ‍ජ්‍යොතිෂයට අනුව අශ්වයා බලවත්ව පවතින්නේ සෑම දිනකම පෙ.ව. 11.00 සිට පස්වරු 1.00 දක්වාය. මේ කාලය ඇතුළත අධික සූර්ය ශක්තියක් ‍පොළොව මත පතිත වේ. එබැවින් අශ්වයා යනු උණුසුම, තාපය, ගින්දර ආදියට සම්බන්ධය. එමෙන්ම අශ්වයා යනු සමාජ සම්බන්ධතාවලට ප්‍රකට සත්වයෙකි. එමෙන්ම ආදරයට ද සම්බන්ධය, එබැවින් චීන ‍ජ්‍යොතිෂයට අනුව අශ්වයා යනු ආදරයේ ද එක් සංඛිෙතයකි. චීනයේ අශ්වයා ගොවිපළ වැඩකටයුතු සඳහා සම්බන්ධ කරගන්නේ නැත. ඒ එම සත්වයා ඉතා උසස් ලෙස සලකන නිසා බව ඔවුහු පිළිගනිති. අශ්වයාගේ පිට මත යමකු හිඳින විට ඔහු නිතැතින්ම සමාජයේ උසස් තරාතිරමක යැයි කවුරුත් හඳුනාගනිති. එබැවින් අශ්වයාගේ ලග්නයෙන් උපන් අය සිය පෙනුම, කතාබහ ආදිය පිළිබඳ නිතර සැලකිලිමත් වෙයි.

චීන ‍ජ්‍යොතිෂයට අනුව අශ්වයා අයත්වන්නේ ‘අග්නි’ කාණ්ඩයටය. එය අපගේ පංච මහා භූතයන්ගේ ‘තේජෝ’ ධාතුවට සමානය. චීන ලග්න 12 සතුන් අතරින් ශක්තිවන්තයා අශ්වයා ය. 2014 වර්ෂය යනු දැව අශ්වයාගේ වර්ෂයයි. දැව ගිනි ගනී. එබැවින් දැව, දර ඇත්නම් ගින්නට වැඩි කාලයක් දැවිය හැකිය. යම්කිසි ලග්න හිමියකුට අග්නි යනු අසුබදායක දෙයක් නම් ඒ තැනැත්තාට 2014 වර්ෂය එතරම් සුබපල ගෙන නොදෙනු ඇත.

චීන ‍ජ්‍යොතිෂයට අනුව ඔබට හිමි ලග්නය සොයාගන්නා ආකාරය මේ වගුවේ දැක්වේ.

මීයා

එළදෙන

කොටියා

හාවා

මකරා

සර්පයා

අශ්වයා

බැටළුවා

වඳුරා

කුකුළා

බල්ලා

ඌරා

1900
1912
1924
1936
1948
1960
1972
1984
1996
2008

2020

1901
1913
1925
1937
1949
1961
1973
1985
1997
2009

2021

1902
1914
1926
1938
1950
1962
1974
1986
1998
2010

2022

1903
1915
1927
1939
1951
1963
1975
1987
1999
2011

2023

1904
1916
1928
1940
1952
1964
1976
1988
2000
2012

2024

1905
1917
1929
1941
1953
1965
1977
1989
2001
2013

2025

1906
1918
1930
1942
1954
1966
1978
1990
2002
2014

2026

1907
1919
1931
1943
1955
1967
1979
1991
2003
2015

2027

1908
1920
1932
1944
1956
1968
1980
1992
2004
2016

2028

1909
1921
1933
1945
1957
1969
1981
1993
2005
2017

2029

1910
1922
1934
1946
1958
1970
1982
1994
2006
2018

2030

1911
1923
1935
1947
1959
1971
1983
1995
2007
2019

2031


චීන ‍ජ්‍යොතිෂයට අනුව වර්ෂයක් ආරම්භ වන්නේ ජනවාරි පළමුවැනිදා නොව සෑම වසරකම පෙබරවාරි 4 වැනිදාය. මේ අනුව ඔබගේ ලග්නය සොයා ගත යුත්තේ මේ ආකාරයටය. ඔබ උපන්නේ 1986 වර්ෂයේ පෙබරවාරි 5 වැනිදා නම් ලග්නය වන්නේ කොටියාය. නමුත් ඔබ 1986 පෙබරවාරි 3 වැනිදා උපන්නේ නම් ඔබ බැලිය යුත්තේ 1985 වර්ෂයයි. මන්ද වෙනත් ‍ජ්‍යොතිෂ ක්‍රමවලට අනුව එය 1986 වර්ෂයම වුවද චීන ක්‍රමයට අනුව එය 1985 වර්ෂය බැවිනි. එවිට ඔබේ ලග්නය වනුයේ එළදෙනය.

දැන් ඔබගේ ලග්නය සොයා ගන්නා ආකාරය පිළිබඳ දන්නා නිසා අපි දැන් එක් එක් ලග්නයට 2014 වර්ෂය වෙනුවෙන් වූ ඵලාපල විමසා බලමු.


මීයා


ඔබ උපන්නේ පෙබරවාරි 4 වැනිදාට පෙර නම් ඔබේ ලග්නය වන්නේ මීයා නොව ඌරාය. අශ්වයා මීයන්ට කැමැති නැත. චීන විශ්වාසයට අනුව මීයාගේ අසූචි ආහාර වුවහොත් අශ්වයන් මිය යයි. එබැවින් මීයාගේ ලග්නයට අයත් පුද්ගලයන්ට 2014 වර්ෂය එතරම් සුබදායක නැත. මීයා අයත් වන්නේ ජල කාණ්ඩයට වන අතර අශ්වයා අග්නි කාණ්ඩයේය. මේ දෙදෙනා සතුරන්ය.

රැකියාව

2014 එතරම් සුබ නැත. එයට හේතුව අශ්වයාගේ හා මීයාගේ ඇති සතුරුකමය. එබැවින් රැකියාවට නිතර බාධා ඇතිවන්නට පුළුවන. රැකියාවේ කාර්ය බහුලබව වැඩිවන්නට ඉඩ තිබේ. රැකියා වෙනස් වන්නට ද පුළුවන. ඔබ අභියෝග ජය නොගතහොත් ජීවන තරගයෙන් ඔබ පරාජය ලබනු ඇත.

මුදල්

මුදල් තත්ත්වය සාමාන්‍ය පරිදි වනු ඇත. මුදල් ඉපැයීමේ අවස්ථා බොහෝ ඇති මුත් එය ළඟාකරගන්නට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවනු ඇත.

ආදරය

ආදර සම්බන්ධය කාන්තාවන්ට වඩා පිරිමි පාර්ශ්වයට සුබපල ගෙන දෙනු ඇත. අඬදබර ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ සැකිලිමත් විය යුතුය.

සෞඛ්‍යය

මේ වසර දැඩිව මනස වෙහෙස කරවිය යුතු කාලයකි. එබැවින් මානසික විවේකය අඩුවිය හැකිය. පසුගිය වසරේ ඔබට යම් යම් අසනීප තත්ත්වයන් තිබුණේ නම් මේ වසරේදී ද ඒවා පිළිබඳ පෙරටත් වඩා සැලකිලිමත් විය යුතුය. මන්ද අශ්වයාගේ වර්ෂය ඔබට සුබ නොමැති හෙයිනි.



එළදෙන


ඔබ උපන්නේ පෙබරවාරි 4 වැනිදාට පෙර නම් ලග්නය වන්නේ එළදෙන නොව මීයාය. එළදෙන යනු ගොවිපළවල ජීවත්වන සතෙකි. මිනිස්සු එළදෙනට වඩා අශ්වයාට සැලකිල්ලක් දක්වති. එබැවින් මේ දෙදෙනා අතර සම්බන්ධය එතරම් යහපත් නැත.

රැකියාව

රැකියාව කෙරෙහි පීඩනයක් එල්ල විය හැකි වසරකි. නමුත් ගොවිපළකදී බර වැඩ සඳහා එළදෙනුන් සමග අශ්වයන් යොදා ගන්නා බැවින් මෙවැනි අවස්ථාවලදී ගැටලුවලින් ගැළවෙන්නට ඔබට අශ්වයාගේ උදව් ලැබෙන්නේය. එබැවින් ඔබට පෙර වසරට වඩා මේ වසර යහපත් වනු ඇත.

මුදල්

මුදල් තත්ත්වය සාමාන්‍ය මට්ටමක පවතී. කෙටිකාලීන අවදානම් සහිත මුදල් ආයෝජන හිතකර නැත.

ආදරය

ආදරය සම්බන්ධව සුබපල ඇති බැව් පෙනේ. නමුත් ඔබේ සහකරුවාගේ අභ්‍යන්තර සිතුවිලිවලට පෙරට වඩා සැලකිලිමත්විය යුතු වේ. එළදෙන ලග්නයට අයත් පුද්ගලයන් ආදරය සම්බන්ධව නිතර සැකයෙන් යුක්ත බැවින් එම තත්ත්වයන් මැඩපවත්වා ක්‍රියාකිරීමට සිතට ගත යුතුය.

සෞඛ්‍යය

මෙම ලග්නයට අයත් පුද්ගලයෝ තමන්ගේ සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන ආකාරය පිළිබඳ දනිති. නමුත් අශ්වයා අතින් එළදෙනට රිදවීමක් සිදුවිය හැකිය. එබැවින් හදිසි අනතුරු පිළිබඳ සැලකිලිමත්විය යුතුය. බඩවැල් හා ආමාශයේ ලෙඩ රෝග වැළඳිය හැකිය.


කොටියා


ඔබ උපන්නේ පෙබරවාරි 4 වැනිදාට පෙර නම් ඔබ අයත් වන්නේ එළදෙනගේ ලග්නයටය.

කොටියා යනු මාංශභක්ෂක සත්වයෙකි. නමුත් යම්කිසි භූමියක් අශ්වයා සමග බෙදාහදාගන්නට කොටියාට පුළුවන. මේ දෙදෙනාම අග්නි කාණ්ඩයට අයත් නිසා ඔවුනට එකට ජීවත්වීමට ඇති බාධාවන් අඩුය. එබැවින් මෙය යහපත් වසරක් වනු ඇත. නමුත් සතුරු උපද්‍රව පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

 

රැකියාව

රැකියාව දියුණු විය හැකි වර්ෂයකි. ඔබ වටා සිටින පුද්ගලයන් ඔබට සහය වනු ඇත. එය ඔබට නායකත්වය අත්කරදෙන තත්ත්වයකි. නිර්මාණශීලී පුද්ගලයන්ට මෙය යහපත් කාලයකි.

මුදල්

වාසනාව නිසා මුදල් ලැබෙන කාලයක් නොව වෙහෙසවී මුදල් ඉපැයිය යුතු කාලයකි. ඔබ යම් යම් ස්ථානවල මුදල් ආයෝජනය කොට ඇත්නම් ඒවායේ ලාභය ඉබේ ලැබෙන තුරු බලා නොසිට ඒවා පිළිබඳ සැලකිල්ලෙන් සිටිය යුතුය.

ආදරය

මෙය ආදරයට යහපත් වර්ෂයකි. පසුගිය වර්ෂයේ ආදරයට බාධා තිබුණේ නම් මේ වසරේ ඒ සියල්ල මැඩපවත්වා බලා‍පොරොත්තු ඉටුකරගත හැකිය.

සෞඛ්‍යය

යහපත් මානසික වාතාවරණයක් ඇති වර්ෂයකි. සංචාරය කිරීම තුළින් මානසික සෞඛ්‍යය වඩ වඩාත් යහපත්ව තබාගත හැකිය. නමුත් හදිසි අනතුරු පිළිබඳ සැළකිලිමත් විය යුතු වේ. අත හා පය අනතුරුවලට ලක්වන්නට පුළුවන. හෘද රෝග පිළිබඳවත් සැලකිලිමත් විය යුතුවේ.


හාවා


ඔබ උපන්නේ පෙබරවාරි 4ට පෙර නම් ඔබ අයත් වන්නේ කොටියාටය. අශ්වයා හාවා යනු මිත්‍රශීලී ලග්න දෙකකි.

රැකියාව

මෙම වර්ෂයේ හාවා ලග්න හිමියන්ට බුද්ධිය, ධෛර්යය, මුදල් හා හැකියාව වැඩිකරයි. සිය රැකියාවන්ගෙන් ආදායම් ඉපැයීමට ඔවුනට ශක්තිය ලැබෙන අතර ඕනෑම අභියෝගයක් ජයගන්නට ද පුළුවන. එමෙන්ම මෙම ලග්න හිමියන් උඩඟු ගති ලක්ෂණ ඇත්තන් වන අවස්ථා තිබේ. එය ඔබගේ රැකියාවට බාධාවකි.

මුදල්

මුදල් ලැබිමේ වාසනාව ඉහළය. මෙය සෑම වසරකම සිදු නොවන්නක් බැවින් මුදල් ඉපයීම පිළිබඳ මේ වසරේ වැඩි සැලකිල්ලක් දැක්වීමෙහි වරදක් නැත.

ආදරය

ආදරය සම්බන්ධව ඉතා සුබදායක වේ. ඔබගේ ක්‍රියාකාරකම් නිසා බොහෝ දෙනකුගේ අවධානය ඔබ වෙත යොමුවන කාලයකි. ඔබගේ සහකරුවාගේ අදහස් පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතුවේ.

සෞඛ්‍යය

මොළය වෙහෙසවා වැඩකටයුතු කළ යුතු අතර කාර්ය බහුල සමයක් වනු ඇත. එබැවින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සිදු කළ යුත්තකි. මහ මගදී ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය. මුත්‍රා රෝග ඇතිවීමේ අවදානමක් තිබේ.



මකරා


ඔබ උපන්නේ පෙබරවාරි 4 වැනිදාට පෙර නම් ලග්නය වනුයේ මකරා නොව හාවාය. මකරා යනු අහසේ සිටිනා සතෙකි. අශ්වයා සිටින්නේ ගොඩබිමය. එය එකිනෙකට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. එබැවින් මේ දෙදෙනා අතර සමානකම් අඩුය. එබැවින් මේ වසර එතරම් සුබපල නැත.

රැකියාව

රැකියා ස්ථානයේ මිතුරන් හා සතුරන් හඳුනාගන්නට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවනු ඇත. එබැවින් රැකියාවේ තරගකාරී බවකින් යුක්තව සිටින්නට අධිෂ්ඨාන කරගත යුතුය.

මුදල්

ධනවත් පුද්ගලයන් හඳුනාගන්නට අවස්ථාව හිමි වේ. එනම් ඔබට මුදල් සම්බන්ධ වැඩකටයුතුවලට නිතර සම්බන්ධ වන්නට සිදුවේ. නමුත් ඔබට මුදල් යහමින් හිමිවන බවක් එයින් කියැවෙන්නේ නැත.

ආදරය

සාමාන්‍ය තත්ත්වයක් පවතී. මාර්තු, අගෝස්තු, සැප්තැම්බර් හා නොවැම්බර් මාසවලදී ආදරයක් පිළිබඳ සිතීම සුබපලදායකය.

සෞඛ්‍යය

සාමාන්‍ය තත්ත්වයටත් වඩා පහළ තත්ත්වයක පවතී. මානසික සෞඛ්‍යය ද යහපත් නැත. මහමග අනතුරු පිළිබඳ

සැලකිලිමත් විය යුතුය. රෝහල් ගතවී සිදුකරන ප්‍රතිකාරවලින් ද වැළකී සිටිය යුතුය. යහමින් විවේක ගත යුතුය.


සර්පයා


ඔබ උපන්නේ පෙබරවාරි 4ට පෙර නම් ලග්නය වනුයේ සර්පයා නොව මකරාය.

බොහෝ සර්ප ලග්න හිමියන්ට 2014 යහපත් වර්ෂයකි.

රැකියාව

පසුගිය වසරේ වෙහෙස මහන්සිව සේවය කළ සියලු දෙනාට මේ වසරේ ඒ සියල්ල වෙනුවෙන් සුබපල අත්වන්නේය. මේ වසර දැව අශ්වයාගේ බැවින් දැව යනු සර්පයාට බුද්ධිය හා අධ්‍යාපනය ළඟා කරවන්නකි. වැටුප් වැඩිවීමක් අපේක්ෂා කළ හැකිය. ඔබ අධ්‍යාපනය ලබන්නෙක් නම් ඔබගේ එම වැඩකටයුතු අතිශයින් සාර්ථක වන්නේය.

මුදල්

ස්ථාවර ආදායමක් හිමි වර්ෂයකි. අවදානම් සහිත ආදායම් මාර්ගවලට යොමුවීම අනතුරුදායකය.

ආදරය

මේ වසර ආදරයට යහපත් වර්ෂයකි. ඔබ දැනටමත් ආදරය කරන්නෙක් නම් එය වඩාත් සුන්දර බවට පත්වනු ඇත. ඔබ විවාහක නම් මේ වසරේ ඔබගේ විවාහ ජීවිතය වඩාත් පී්‍රතිමත් එකක් වනු ඇත.

සෞඛ්‍යය

තරමක් අසනීපදායක කාලයකි. නමුත් බරපතළතත්ත්වයන් ඇති නොවේ. යහපත් ආහාර පුරුදු ඇතිකරගැනීම සුබදායක වේ.


අශ්වයා


ඔබ උපන්නේ පෙබරවාරි 4ට පෙර නම් ලග්නය වනුයේ අශ්වයා නොව සර්පයාය.

අශ්වයකුට තවත් අශ්වයකු හමුවීම සුබ නැත එබැවින් අශ්ව ලග්න හිමියන්ට මෙය එතරම් යහපත් වර්ෂයක් නොවේ.

රැකියාව

නායකත්වය පිළිබඳ සලකුණු ඇති වර්ෂයකි. අශ්වයකුට අශ්වයකු මුණගැසීම යනු තරගකාරී තත්ත්වයකි. බොහෝ අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. ඉවසීමෙන් යුක්තව සියලු දෙයට මුහුණ දිය යුතුය.

මුදල්

මුදල් සම්බන්ධ කටයුතු හා සම්බන්ධවන්නට අවස්ථාව හිමිවේ. අවට සිටින්නන් ඔබගේ මුදල්වලින් ප්‍රයෝජනය ගන්නට කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. මේ නිසාම ඔබට මිතුරන් පවා අහිමිව යා හැකිය.

ආදරය

සාමාන්‍ය තත්ත්වයක් පවතී. ආදරය වෙනුවෙන් තරග කරන්නට සිදුවනු ඇත. ඔබ විවාහක නම් සුළු අඬදබර ඇතිවිය හැකිය.

සෞඛ්‍යය

තරමක් අසනීප තත්ත්වයක් පැවැතිය ද සමස්තයක් ලෙස ගතහොත් යහපත් තත්ත්වයක් පවතී. නිරන්තරව ව්‍යායාම කිරීම යහපත්ය. අයහපත් මානසික තත්ත්වයන් නිසා එය සෞඛ්‍යය කෙරෙහි අහිතකර ලෙස බලපාන්නට ඉඩ තිබේ.


බැටළුවා


ඔබ උපන්නේ පෙබරවාරි 4ට පෙර නම් ලග්නය වන්නේ බැටළුවා නොව අශ්වයාය.

බැටළුවා හා අශ්වයා සතුව සමානකම් බොහොමයක් තිබේ. එබැවින් මෙය බැටළු ලග්න හිමියන්ට සුබදායකය.

රැකියාව

වෙහෙස වී වැඩකටයුතු කළ යුතු වර්ෂයකි. ඔබේ වෙහෙස මත රැකියා උසස්වීම්වලට පවා හිමිකම් කිව හැකිය. නිහතමානී බව ඔබේ රැකියාවට ආභරණයක් විය හැකිය.

මුදල්

මුදල් තත්ත්වය යහපත්ය. දිගුකාලීන මුදල් ආයෝජනවලින් සුබපල ලැබිය හැකිය.

ආදරය

ඔබ බැටළු ලග්න හිමි තරුණියක නම් මෙය ඔබට වඩාත් යහපත් වර්ෂයකි. ඔබට සුදුසුම පුද්ගලයා හමුවන වර්ෂය මෙයයි. ඔබ දැනටමත් ආදරයක පසුවන්නේ නම් එය වඩාත් වර්ධනය කරගැනීමට මෙම වර්ෂය ඉවහල් වනු ඇත.

සෞඛ්‍යය

සෞඛ්‍යය අතින් බරපතළ ගැටලු ඇති නොවේ. විවේකය අවශ්‍ය කාලයකි. මුත්‍රා, වකුගඩු වැනි ආබාධ ඇතිවන්නට ඉඩ තිබේ.


වඳුරා


ඔබ උපන්නේ පෙබරවාරි 4ට පෙර නම් ලග්නය වනුයේ වඳුරා නොව බැටළුවාය. අශ්වයා සහ වඳුරා අතර විශේෂ සම්බන්ධකමක් නැත.

රැකියාව

රැකියා ස්ථානයේ පීඩාකාරී තත්ත්වයක් පැවැතිය හැකිය. රැකියාව වෙනුවෙන් ගමන් බිමන් යාමට සිදු වේ. කාර්යබහුල තත්ත්වයක් ඇතිවිය හැකිය.

මුදල්

මුදල් ඉපැයීමේ අවස්ථාව පහළ වේ. නමුත් ඒවා හිමිකරගත යුත්තේ කෙසේද යන්න හොඳින් සොයා බැලිය යුතුය. නමුත් පහසු මාර්ග හිමිවන්නේ නැත.

ආදරය

සාමාන්‍ය තත්ත්වයක පවතී. ගැටලුකාරී තත්ත්වයක් පැවතුණ ද ඒවා ඉක්මනින් තුරන්ව යනු ඇත. නමුත් එය ආදරවන්තයා හමුවීමට අපහසුවන තරම් කාර්යබහුල තත්ත්වයක් ඇති වන්නට පුළුවන. විවාහ දිවියේ සුළු ගැටුම් ඇතිවිය හැකිය.

සෞඛ්‍යය

විවේකය අවශ්‍ය වර්ෂයකි. අනතුරුදායී ක්‍රීඩාවන්ගෙන් වැළකී සිටිය යුතුය.


කුකුළා


ඔබ උපන්නේ පෙබරවාරි හතරට පෙර නම් ලග්නය වනුයේ කුකුළා නොව වඳුරාය. අශ්වයා හා කුකුළා ගොවිපළ සතුන් වුවද දෙදෙනාට දෙදෙනා කැමැති නැත.

රැකියාව

කුමන රැකියාවක නිරත වුවද පීඩනයෙන් ගැළවිය නොහැකිය. කාර්යාලයේ යහපත් මිතුරු පිරිසක් නොමැති නම් ඔබට වැඩකටයුතු කරගෙන යාමට අපහසු තත්ත්වයක් ඇතිවන්නට පුළුවන.

මුදල්

මුදල් ඉපැයීමේ මාර්ග ඇති මුත් ඒවා ලබාගැනීමට උපක්‍රම සොයාගත යුතුය. ඒ සඳහා උනන්දුව හා උත්සාහය අවශ්‍යය. මුදල් අපහසුතාවයන් ඇතිවිය හැකි වර්ෂයකි.

 

ආදරය

ආදරය සම්බන්ධයෙන් මොවුන් වාසනාවන්තය. මිතුරන් අතර ඉතා ජනප්‍රිය පුද්ගලයන් වේ. නමුත් ආදරය නිසා මුදල් පාඩු සිදුවිය හැකි බැව් පෙනේ.

සෞඛ්‍යය

සුළු අසනීප ඇතිවිය හැකිය. ශ්වසන ආබාධ ඇතිවන්නට පුළුවන. දීර්ඝ ගමන් සුදුසු නැත.


බල්ලා



ඔබ උපන්නේ පෙබරවාරි 4ට පෙර නම් ලග්නය වන්නේ බල්ලා නොව කුකුළාය. බල්ලා හා අශ්වයා යන දෙදෙනාම බුද්ධිමත් අතර ස්වාමීවරු වෙනුවෙන් සේවය කරති.

රැකියාව

රැකියා ස්ථානයේ ඔබ නිසා අනෙක් අයට පීඩා ඇතිවිය හැකිය. නායකත්වය හිමි වේ. නමුත් රැකියා ස්ථානයේ තරගකාරී බවක් තිබිය හැකිය.

මුදල්

වැටුපට අමතරව වෙනත් ආදායම් මාර්ග නොමැති තරම්ය.

ආදරය

ආදර සම්බන්ධය සුබදායක වන අතර ඒ වෙනුවෙන් වැඩිකාලයක් ගත කරන බැව් පෙනේ. නව සබඳතා ඇතිවන්නට පුළුවන.

සෞඛ්‍යය

රැකියාව නිසා මානසික අසහනය ඇතිවන අතර ශාරීරික වශයෙන් ගතහොත් සුළු අසනීප තත්ත්වයන් ඇතිවිය හැකිය. මුත්‍රාශය හා වකුගඩු ආශ්‍රිත රෝග ඇතිවන්නට පුළුවන.



ඌරා


ඔබ උපන්නේ පෙබරවාරි 4ට පෙර නම් ලග්නය වනුයේ ඌරා නොව බල්ලාය.

චීන ‍ජ්‍යොතිෂයට අනුව ඌරා යනු වාසනාවන්ත සතෙකි.

රැකියාව

මෙම ලග්නයෙන් උපන් පුද්ගලයන් සියලු විටම කාර්යබහුලය. සිය වැඩකටයුතු සඳහා ඔවුනට බොහෝ ශක්තියක් අවශ්‍ය වේ. මේ වසර ඔවුනට සුබදායකය. ආදායම වැඩි වේ. ඔබ වැඩකටයුතු කරගෙන යාමට අ‍පොහොසත් වුවහොත් ඔබගේ තැන ගැනීමට බොහෝ දෙනෙක් බලා සිටිනා බැව් කිව යුතුය.

මුදල්

මොවුහු සිය බුද්ධිය යොදා මුදල් උපයති. ඔවුනට මුදල් ලැබිමේ සහජ වාසනාවක් තිබේ. නමුත් වියදම ද ඉහළය. මුදල් දනට දීමට කැමැතිය.

ආදරය

මොවුන් රහසේ ආදරය කරන්නට කැමැතිය. කතාබහ ද මෘදුය. එබැවින් ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක හමුවීමට කලක් ගත විය හැකිය.

සෞඛ්‍යය

සෞඛ්‍යය එතරම් යහපත් නැත. විවේකයක් අවශ්‍ය යැයි හැඟුනහොත් එවැන්නකට යොමුවීම සෞඛ්‍යය සම්පන්න වේ. වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය. වෛද්‍ය පරීක්ෂණයක් කිරීම වුව යහපත් දෙයකි.