ශ්‍රී ලංකාවෙන් හමු වූ 18 වැනි සියවසට අයත් පනාවක් |
හිස කෙස් ක්‍රමවත් ව සකස් කිරීමෙන් තමන් වඩාත් පියකරු වන බව ගැහැනිය අවබෝධ කර ගත්තේ කවදාද, එදින පනාව ද උපත ලබන්නට ඇතැයි මතයකි. හිස කෙස් තුළින් ඇදෙමින් එම හිස කෙස සකස් කරන 'දත්' සහිත උපකරණයක් ලෙස පනාව දැක්විය හැකිය.
නිව්ගිනියාවේ වෙසෙන පැපුවන් වරුන්ගේ
හිස කෙස් කැරලි ගැසී වැටෙන, තරමක් ගොරෝසු හිසකෙස් වූ බවත් මේ හිසකෙස් හිස මැදට
පීරා හිස මැද බඳින්නට පනාව උපකාරී වූ බවත් මේ නිසා පනාවට උපත දෙන්නට ඇත්තේ මේ
පැපුවන් වරුන් බවට ද මතයකි.
වයිකින් වරුන්ගේ යුගයට අයත් යැයි සැලකෙන මේ පනාව ඩෙන්මාර්කයෙන් සොයා ගන්නා ලද්දකි. |
කෙසේ වෙතත් පනාව මිනිසා ඉතා නොදියුණු
යුගයේ දී පවා මිනිසා සතු වූ උපකරණයක් බව පිළිගත හැකි සාක්ෂි ද ඇත. සතුන්ගේ ඇට,
ලී සහ අං වලින් නිපදවූ පනා ආදි මිනිසුන් ස්විට්සර්ලන්න්තයේ
විල් විසු අසබඩ කළ කැණීම්වලදී හමුවීම මෙයට හොඳ උදාහරණයකි. පුරාණ මිසර ජාතිකයන් ඇත්
දත් සහ කළුවර ලීවලින් තැනූ පනා වසර දහස් ගණනකට පෙර භාවිතා කර ඇති පෙර පෙනෙන්නට
තිබේ. මෙහි ඇති පුදුමය නම් මේ පනා අද භාවිතා කරන පනාවලට බෙහෙවින් සමාන වීමය.
ශ්‍රී ලංකාවෙන් හමු වූ 17 - 18 වැනි සියවසට අයත් ඇත් දළ පනාවක් |
ආසියාවේ සමහර ප්‍රදේශවල විසූ ආදිමයන්
උණ ලීයෙන් පනා තනද්දී නවගිනියාවේ මී හරක් අංවලින් පනා තැනීමට එහි ආදිතමයෝ සමත්
වූහ.
අද අප සාක්කුවේ. බහා ගෙන යන පනාව ද
අළුත් නිෂ්පාදනයක් නොවේ. පුරාණ රෝම කෞතුක වස්තු අතර සාක්තු පනා ද වේ. ඒවා සමහරක්
දළවලින් තැනු ඒවා වේ. වර්ණ වීදුරු, රත්තරන්,
ආදියෙන් යෙදු කැටයම් මෙන්ම අකුරු කෙටු පනා ද
ආදි යුගයේ පනා අතර තිබී ඇත.