පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, December 5, 2017

ශෂී කපූර්ගේ නික්ම යාම ගැන සටහනක් . . .


අග්‍රගණ්‍ය බොලිවුඩ් රංගන ශිල්පියකු වන ශෂී කපූර් මේ දෙසැම්බර් 04 වැනිදා පස්වරු 5. 20 ට වසර 79 ක ජීවන ගමනකින් පසු සිනමා රසිකයන්ට සමු දී මෙලොවින් සදහටම සමුගත්තේය. ඒ බටහිර මුම්බායි හි කෝකිලබෙන් ධිරුභායි අම්භානි රෝහලේ දී ය. ඔහු වසර කිහිපයක් මුළුල්ලේ දරුණු වකුගඩු රෝගයකින් පෙළුණු බැව් පැවසෙන අතර ඔහුගේ මරණය දැනුම් දෙමින් ඔහුගේ බෑණනුවන් වන රන්දීර් කපූර් ද ඒ බව නිවේදනය කලේ ය. ඔහු දශක ගණනාවක් පුරා බොලිවුඩ් සිනමාවේ පතාක යෝධයන් ව සිටින කපූර් පවුලේ ආරම්භ සාමාජිකයෙකි.

ප්‍රීතිවිරාජ් කපූර්

1938 මාර්තු 18 වැනිදාවක ඉන්දියාවේ කල්කටා හි දී (වර්තමාන කොල්කොටා) උපත ලද ශෂී කපූර්ගේ මුල් නම වූයේ බල්බීර් ප්‍රීතිවිරාජ් කපූර් ය. රංගන ශිල්පියකු පමණක් නොව චිත්‍රපට නිෂ්පාදකයකු ද වූ ඔහු අති විශාල හින්දි සිනමා පට ගණනාවක මෙන්ම සුප්‍රකට ඉංග්‍රීසි චිත්‍රපට කිහිපයක ද චරිත නිරූපණය කළේ ය. ඔහුගේ පියා ප්‍රීතිවිරාජ් කපූර් වූ අතර මව රම්සර්නි කපූර් වූවා ය.  පවුලේ තෙවැන්නා මෙන්ම බඩපිස්සා ද වූ ශෂී බොලිවුඩ් සිනමාවේම පතාක යෝධයන්ව සිටි රාජ් කපූර්ගේ සහ ෂම්මි කපූර්ගේ බාල සොයුරා ද වූයේය.

රාජ් කපූර්

ෂම්මි කපූර්

1958 දී ඔහු ඉංග්‍රීසි ජාතික රංගන ශිල්පිනියක වන ජෙනිෆර් කෙන්ඩාල් සමග විවාහ වූයේය. ප්‍රීතිවිරාජ් පදනම පිහිටුවන්නට මුල් වූයේ ඇය ය. ඔවුන්ට මෙම විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලැබුණි. ඒ කුනාල් සහ කරන් යන පුතුන් දෙදෙනා සහ සන්ජන් නම් දියණිය යි. ඔවුන් ද විශාල ප්‍රසිද්ධියක් නොලැබුවා වුව ද බොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පීන් ය.


ශෂී සහ ජෙනිෆර්



ශසී කපූර්, බිරිඳ සහ දරුවන්



ශෂී කපූර් මුලින්ම රංගනයෙහි යෙදුණේ සිය පියා වූ ප්‍රීතිවිරාජ්ගේ ප්‍රීතිවිරාජ් තියටර්ස්විසින් නිෂ්පාදනය කරන ලද නාට්‍යවල ළමා නළුවකු වශයෙනි. ඔහු මුලින්ම චිත්‍රපටයක චරිතයක් නිරූපණය කළේ 1940 දශකයේ ය. ඒ වන විට ප්‍රීතිවිරාජ් නමින් වෙනත් ළමා නළුවකු සිටි බැවින් ඔහු පෙනී සිටියේ ශෂීරාජ්යන නමිනි. ඔහු ළමා නළුවකු ලෙස වඩාත්ම ජනාදරයට පත් වූ චරිතවල රංගනයෙහි යෙදුණේ ආග්’ (1948)  සහ ආවාරා’ (1951) යන චිත්‍රපටවලය. එම චිත්‍රපට දෙකෙහි ඔහු පෙනී සිටියේ සිය වැඩිමහලු සොයුරා වූ රාජ් කපූර්ගේ ළමා කාලය නිරූපණය කිරීම සඳහා ය. එමෙන්ම 1950 වසරේ තිරගත වූ සංග්‍රම්චිත්‍රපටයේ ද ඔහු කැපී පෙනෙන චරිත නිරූපණයක යෙදුණේ ය. ඔහු එහි නිරූපණය කළේ එවක සුප්‍රකට නළුවකු වූ අශෝක් කුමාර්ගේ ළමා කාලයේ චරිතය යි.

ශෂී කපූර් ට සුනිල් දත්ගේ මුල්ම චිත්‍රපටය වූ පෝස්ට් බොක්ස් 999’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස වැඩකටයුතු කරන්නට ද අවස්ථාව ලැබිණි. ඔහු ප්‍රධාන චරිතය සඳහා පෙනී සිටි මුල්ම චිත්‍රපටය වූයේ 1961 වසරේ තිරගත වූ ධර්මපුත්‍රයි. එතැනින් ආරම්භ කළ සිනමා චාරිකාවේ දී ඔහු හින්දි චිත්‍රපට 116ක රංගනයෙහි යෙදුණේ ය. 60, 70 සහ 80 දශකවල දී ඔහු බොලිවුඩ් සිනමාවේ ඉමහත් ජනාදරයක් දිනාගත් නළුවකු විය. 1961 වසරේ සිට ඔහු ඉංග්‍රීසි චිත්‍රපට සඳහා ද රංගනයෙන් දායක වූයේය. ඒවා අතර ද හවුස් හෝල්ඩර්’, ‛ශේක්ෂ්පියර් වාලායන චිත්‍රපට විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. ඔහු සමග වැඩිම චිත්‍රපට ගණනාවක රංගනයෙහි යෙදුණු රංගන ශිල්පිනිය වූයේ නන්දා ය. එම චිත්‍රපට අතිශය ජනප්‍රියත්වයට ද පත් විය. ඒවා අතර මොහාබත් ඉස්කෝ කාහේතේ හේන්’, චාර් දිවාරි’, ‛මෙහෙන්දි ලගී මේරේ හාත්’, ‛ජබ් ජබ් ෆූල් ඛීලේ’, ‛නීන්ද් හමාරි ඛාවබ් තුම්හාරේවැනි තවත් බොහෝ සිනමා නිර්මාණ විය.



පසු කාලයේ ඔහු රාඛී, ෂර්මිලා ථාගෝර් සහ සීනාත් අම්මාන් යන රංගන ශිල්පිනියන් සමග ද සාර්ථක චිත්‍රපට ගණනාවකම රංගනයෙහි යෙදුණේ ය. එමෙන්ම හේමමාලිනී, ප්‍රවීන් බාබි සහ මවුෂුමි චැටර්ජි යන රංගන ශිල්පිනියන් සමග ද චිත්‍රපට ගණනාවක් සඳහාම පෙනී සිටියේය.

ඔහු ද්විත්ව රංගනයෙහි යෙදුණු චිත්‍රපට දෙකක්  විය. ඒ හසීනා මාන් ජයේගිසහ ශන්කර් දාදාවිය. ඒ චිත්‍රපට දෙකම අතිශය සාර්ථකත්වයට පත් වූ ඒවා ය. ශන්කර් දාදා හි ඔහු එක් චරිතයක් සඳහා පෙනී සිටියේ ගැහැනියක ලෙස ය.

ඔහු මර්චන්ට් අයිවරි’, ‛ද හවුස් කීපර්’, ‛ශේක්ෂ්පියර් වාලා’, ‛බොම්බේ ටෝකි’, ‛හීට් ඇන්ඩ් ඩස්ට්’  ආදී තවත් බොහෝ ඉංග්‍රීසි සිනමා නිර්මාණවල රංගනයෙහි යෙදීමෙන් ජාත්‍යන්තර වශයෙන් ද කීර්තියට පත් වූයේය. මේ බොහෝ ඉංග්‍රීසි චිත්‍රපටවල ඔහු රංගනයෙහි යෙදුණේ සිය බිරිඳ වූ ජෙනිෆර් කෙන්ඩාල් සමගිනි.




ඔහු කලෙක බොලිවුඩ් සිනමාවේ වැඩිම ගෙවීමක් ලද රංගන ශිල්පියා ද වූයේ ය.

1984 වසරේ දී සිය බිරිඳ පිළිකාවක් වැළඳී මෙලොව හැර යාමත් සමග ශෂී කෙමෙන් සිනමාවෙන් දුරස් වන්නට පටන් ගත්තේය. ශෂී සිනමාව වෙනුවෙන් කළ ඉමහත් කැපවීම නිසා ඉන්දියානු රජය 2011 දී ඔහුට පද්ම භූෂන්සම්මානය පිරිනැමුවේ ය. 2014 දී ඔහුට සිනමාවෙ වෙනුවෙන් පිරිනැමෙන දදාෂාහෙබ් ෆල්කීසම්මානය ද හිමි විය. මෙම සම්මානය ඔහුගේ පියා වූ ප්‍රීතිවිරාජ් සහ සොයුරා වූ රාජ් කපූර් ද මෙයට පෙර හිමි කරගෙන තිබිණි.



ඔහුගේ මරණය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ ජනපති රාම් නාත් සිය ට්විටර් පණිවිඩවල ශෝකය පළ කොට තිබිණි.

සුප්‍රකට සිනමා කරුවකු වූ මහේෂ් භාත්ගේ ට්විටර් පණිවිඩය තුළ ශෂී කපූර්ගේ වෙන්ව යාම ඉමහත් සංවේදීව සටහන් කරයි. ඒ මෙසේය.


අහස ගගුරා මුම්බායි නගරයේ එක් පෙදෙසකට වැසි ඇද හැලෙන්නට විය. මගේ හදවත කෘතඥතාවෙන් පිරී ගියේය. මහත්මයාණෙනි, ඔබට මාගේ හද පිරි කෘතගුණය පිරිනමමි. ඔබ අපගේ හදවත් ස්පර්ශ කළේය. එසේ ස්පර්ශ කළ හැක්කේ ඔබටම පමණි.” 

12 comments:

  1. අපේ තාත්තගෙත් වීරයෙක්.. ඔය චිත්‍රපටි නම් ලිස්ට් එක මතකෙන් තාම කියනවා.. ඔහුට සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. ඔව් ශෂී කපූර් කියන්නේ අපට කලින් පරම්පරාවේ හින්දි සිනමා නිර්මාණ නැරඹූ බොහොමයකගේ සිත්ගත් රංගන ශිල්පියෙක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔවුන් තැනූ පාර තමයි තවමත් ඉදිරියට ගමන් කරන්නේ.

      Delete
  2. දක්ෂ නළුවෙක් නේද..අන්තිම පින්තූරය නම් ජීවිතේ අනියත බව මෙනෙහි කරවනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. ඒත් බොහෝ දෙනෙක් ඒ අනියත බව තේරුම් ගන්නවත්, ඒක තමන්ගේ ජීවිතයට මොන විදියට අදාළ කරගන්නවද කියන එක ගැනවත් අවබෝධයකින් නෙවෙයි ඉන්නේ.

      Delete
  3. එයා සාරංග දිසාසේකර වගේ නේද?

    ReplyDelete
    Replies
    1. කිව්වම පස්සේ තමයි මටත් හිතුණේ. උඩම පින්තූරේ නම් ටිකක් ඒ වගේ තමා.

      Delete
  4. ශෂි කපුර් අධ්‍යක්ෂණය කරපු "උත්සව්" අග්‍රගණ්‍ය චිත්‍රපටයක්. සංස්කෘත වේදිකා නාට්‍යයක් වුනු මැටිකරත්තය ආශ්‍රයෙන්...ඒකෙ ඔහු පැරනි භාරත සමාජය අපූරුවට නිරූපණය කරනව...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම ඒ බව දැන සිටියේ නැහැ. දැනුවත් කිරීම ගැන ස්තූතියි.

      Delete
    2. https://www.youtube.com/watch?v=vWD3DFXN9Ak

      Delete
  5. මගේ පියා සිටියානම් මෙවැනිම ලිපියක් ඔහු පිලිබඳ ලියාවි. 60 සහ 70 ධෂකවල සුපිරි තරුවක් වූ ඔහුව මගේ පියා අපට හඳුන්වා දෙන්නේ ප්‍යාර් කා මෝසම් හා ශර්මිලි චිත්‍රපට ද්විත්වය පෙන්වන්නට සැලැස්වීමෙනි. ඔහු එහි ගීත වලට මහත් ප්‍රියතාවයක් දැක්වූ අතර මමද ඒ ගීතවලට අදද ප්‍රිය කරමි. නිසුල් තනාරේ ........ ප්‍යාර් කාඅ මෝසම් ආයා... කිල් තෙහෙ ගුල් යහා..... මිල් කෙ බිචඩ්නෙ දෝ ................. මිල් තෙහෙ ගුල් යහා ......... ඒ අයුරින් අතමයි ඔහු අපේ රසඥතාවය හැදුවේ එනිසා අදත් අපිට රස හා අවර ගනය හොඳට වැටහෙනවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසටත් අදහස් දැක්වීමටත් ස්තූතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න