පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Friday, December 8, 2017

PhotoScan - ඡායාරූප පිටපත් කරන්නටම හදපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක


අද කාලේ ඡායාරූප අර ගන්නේ එක්කෝ ජංගම දුරකතනයෙන්. එහෙමත් නැත්නම් ඩිජිටල් කැමරාවෙන්. මේ නිසා හැම ඡායාරූපයක් ම තියෙන්නේ ඩිජිටල් ආකාරයටයි. නමුත් කාලෙකට පෙර ඡායාරූප ගත්තේ දළ සේයා පටල (Film Roll) දාන්න පුළුවන් කැමරාවලින්. ඒවා වර්ණ රසායනාගාරයකට ගිහින් මුද්‍රණය කළාට පසුවයි ඡායාරූපය බලන්න ලැබෙන්නේ. අද වගේ ගත්තු ගමන්, තමන් ගත්තේ මොකක්ද කියලා බලා ගන්න ලැබෙන්නේ නැහැ. මෙහෙම ගත්තු ඡායාරූප ඩිජිටල් ආකාරයෙන් ගබඩා කරලා තියා ගන්න නම් ඒවා ස්කෑන් (Scan) කරන්න වෙනවා. ඒ සඳහා ස්කැනර් යන්ත්‍රයක් අවශ්‍ය වෙනවා. කොහොම වුනත් අපට යන යන හැම තැනකම ස්කැනර් එකක් රැගෙන යන්න අමාරුයි. මේ නිසා අපේ ඥාති නිවසකට, මිතුරකුගේ නිවසකට ගිය විට අපට සම්බන්ධයක් තියෙන මෙවැනි පැරණි ඡායාරූපයක් දුටු විට කරන්නේ තමන්ගේ අතේ තියෙන ජංගම දුරකතන කැමරාවෙන් එහි ඡායාරූපයක් අර ගන්න එක. නමුත් මෙසේ ගන්නා ඡායාරූප සෑම විටම හොඳ තත්වයෙන් පවතින්නේ නැහැ. ජංගම දුරකතන කැමරාවේ තිබෙන ෆ්ලෑෂ් ආලෝකය නිසා පැරණි ඡායාරූපය දිලිසෙන්න පුළුවන්. එවිට එහි පැහැදිලි කම නැතිව යනවා. දහවල් කාලයේ නම් ෆ්ලෑෂ් ආලෝකය නොමැතිව හොඳින් ආලෝකය පතිත වන ස්ථානයකට ගිහින් ඒ ඡායාරූපය පිටපත් කර ගන්න පුළුවන්. නමුත් එහි ද බොහෝ විට අඩුපාඩු පවතිනවා. අනෙක රාත්‍රි කාලයේ නම් ෆ්ලෑෂ් ආලෝකය හැරෙන්න වෙන ආලෝක ක්‍රමයක් හොයා ගන්නත් අමාරුයි.
මෙවැනි අවස්ථාවල දී ප්‍රයෝජනයට ගැනීම සඳහා බොහෝ ඇන්ඩ්‍රොයිඩ් ඇප් බාගත කර ගන්නට තිබෙනවා. මේ ඇතැම් ඒවා යම් යම් මට්ටම්වලින් සාර්ථක වුනත් සෑම විටම සාර්ථක වන්නේ නැහැ. නමුත් ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද PhotoScan ඇප් එක වඩාත් ඉදිරියෙන් තිබෙන බව පැවසිය හැකියි. මෙය ඇපල් දුරකතන සඳහා ද වෙනමම සංස්කරණයක් පවතිනවා.
මේ ඇප් එකෙන් ඡායාරූපයක් ස්කෑන් කළ විට ෆ්ලෑෂ් ආලෝකය දැල්වුනත්, අවසන් ඡායාරූපයේ එය ඇතුළත් වන්නේ නැහැ. ඒ වගේම උසස් තත්වයෙන් අවසන් ප්‍රතිඵලය ලබාගන්නටත් පුළුවන්. ඔබට නිකමට මෙය අත්හදා බලන්න.






5 comments:

  1. මරු ඇප් එක ඇත්තටම වටිනවා ..

    ReplyDelete
  2. මරු ඇප් එක ඇත්තටම වටිනවා ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සෑහෙන්න ප්‍රයෝජනවත් එකක්.

      Delete
  3. අතුරු ප්‍රශ්න

    ඉබ්බ අහසිං ගිය එක ජාතක කතාවක්ද? මොකද්ද දන්නෑ ජාතක කතාවෙ නම? අර පොත ඔයා ළඟ තියෙනවනං හොයල කියනවද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක නම් ඉන්දියාවේ මුද්‍රිත පොතක්. මෙහි මේ පොත් ඇතැම් විට අළෙවිට තිබෙන්නට ඉඩ තිබෙනවා. එසේ නැතත් මෙම කතාව ඇතුළත් ළමා පොත් පහසුවෙන් සොයා ගන්නට පුළුවන්. අනෙක මා දන්නා තරමින් මෙය ජාතක කතාවක් නොවේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න