පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, October 31, 2023

හමාස් ත්‍රස්තයින් වනසන්නට ඊශ්‍රායලයෙන් ‘ස්පොන්ජ් බෝම්බ’ - Will the Sponge Bomb finish the Hamas completely?



ඊශ්‍රායල් ගොඩබිම් හමුදාව ගාසා තීරයට ඇතුළුවීම ආරම්භ කළ මොහොතේ සිට ‘ඊශ්‍රායල ආරක්ෂක බලකායට’ (Israel Defense Forces - IDF) මුහුණ දෙන්නට සිදුව ඇති විශාලතම අභියෝගය සහ බාධකය බවට පත්ව ඇත්තේ හමාස් ත්‍රස්තයන්ගේ උමං මාර්ග පද්ධතියයි. බිම් මට්ටමින් මීටර් 40 - 80 ක් පමණ යටින් පිහිටා ඇති මේවා කිලෝ මීටර් සිය ගණනක් දිගින් යුක්තය. මේ උමං පද්ධති හමාස් ත්‍රස්තයන්ට ආරක්ෂාවන්නට ඇති හොඳම ස්ථානය වන අතර සිවිල් ජනතාව ජීවත්වන ප්‍රදේශවලට යටින් මේවා පිහිටා තිබේ. 

සිය අවි ආයුධ තොග පිටින් හමාස් ත්‍රස්තයන් ගබඩා කොට ඇත්තේ මේවා තුළ වන අතර ඊශ්‍රායල හමුදා ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වන්නට ද මේවා යොදා ගැනේ. 1990 දශකයේ මැද භාගයේ දී පමණ ඔවුන් මේවා ගොඩනැගීම ආරම්භ කළ අතර හමාස් සංවිධානය 2006 වසරේ දී ගාසා කලාපයේ බලය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමෙන් පසු මේ ඉදිකිරීම් වඩාත් වේගවත් කරනු ලැබිණි. 

ඊශ්‍රායල් හමුදාව මේ උමං මාර්ග ඔස්සේ ඇතිවිය හැකි ප්‍රහාර වලක්වා ගැනීම සඳහා සුවිශේෂී බෝම්බ වර්ගයක් නිපදවා ඇති අතර ඔවුන් මෑතක් වන තුරුම මේ පිළිබඳ තොරතුරු හෙළි කළේ නැත. ‘ස්පොන්ජ් බොම්බ’ (Sponge bombs) මේ බෝම්බ වර්ගය ද අනෙක්වා මෙන්ම පුපුරණ ආකාරයෙන් සකස් කොට ඇති අතර පුපුරා යාමත් සමග පෙන වැනි ද්‍රව්‍යයක් එයින් ක්ෂණිකව ප්‍රසාරණය වී ක්ෂණිකව ඝන වෙයි. ඝන වීමත් සමග එහි වාතයට නිරාවරණය වී ඇති පැති ලෝහ තට්ටුවකින් ද ආවරණය වෙයි. මෙය උමං මාර්ගයකට ඇතුළුවන ස්ථානයේ පුපුරුවා හැරීමෙන් එම විවරය මුද්‍රා තැබෙන අතර උමගක් තුළින් ත්‍රස්තයන් පැමිණ ප්‍රහාරයක් එල්ල කිරීමේ තර්ජනය සෑහෙන පමණකින් අඩපණ කිරීමේ හැකියාව මේ බෝම්බ වර්ගයට පවතී. 

2021 වසරේ ගාසා තීරයේ යුද අභ්‍යාසයක යෙදුණු ඊශ්‍රායල ආරක්ෂ බලකාය මේ බෝම්බ වර්ගය යොදා ගනිමින් පුහුණුවීමක යෙදුණු බව වාර්තා වෙයි.

ස්පොන්ජ් බොම්බ’ උමං පද්ධති ඔස්සේ පැමිණිය හැකි තර්ජන සඳහා කදිම විසඳුමක් වුවද එය සදාචාරසම්පන්න බව පිළිබඳ ගැටලු ඇති කරන්නට හේතු වී තිබේ. මේ උමං ඉලක්ක කොට මේ වර්ගයේ ප්‍රහාරයක් එල්ල කිරීමේ දී සාමාන්‍ය ජනතාව අනතුරට පත්වීමේ ඉඩකඩ වැඩිය. එබැවින් අහිංසක ජනතවගේ ජීවිත අනතුරට නොදමමින් මේ කාර්යය ඉටුකරගැනීමේ අභියෝගයක් ඊශ්‍රායල් හමුදා ඉදිරියේ පවතී. එවැන්නක් සිදුවවුහොත් එය ජාත්‍යන්තරයේ අපවාදයට ලක්විය හැකි කාරණයක් වනු ඇත. කෙසේ නමුත් ඔවුන් මෑත දිනවල ජාත්‍යන්තරය කුමක් පැවසුවද ඒවා තුට්ටුවකට හෝ මායිම් නොකරමින් හමාස් ත්‍රස්තයන් වැනසීමේ කාර්යය අඛණ්ඩව සිදුකරගෙන යයි. එක්සත් ජාතීනගේ සංවිධානය පවා කරන්නේ  සිදුවන්නේ කුමක්දැයි සිතා ගනු නොහැකිව බලා සිටීම පමණි.

 

වැඩිදුර කියවීම්

ඊශ්‍රායල සහායට පැමිණි ඇමරිකානු නෞකාවන්ට ඉරානය පහර එල්ල කරයිද?

ඊශ්‍රායෙල් යුදෙව්වන් සහ මුස්ලිමුන් අතර පවතින සදාකාලික වෛරයට හේතුව මෙයයි

Friday, October 27, 2023

ඊශ්‍රායලයේ සහායට පැමිණි ඇමරිකානු නෞකාවන්ට ඉරානය පහර එල්ල කරයිද? - Will Iran attack American ships that came to Israel's aid?



මේ පිළිබඳ කතා කරන්නට පෙර මුලින්ම සිතියම දෙස අවධානය යොමු කිරීම වඩා හොඳ යැයි සිතමි.

ඉරානය මේ සිතියමේ ඇත්තේ දකුණු කෙළවරේය. ඊශ්‍රායලය, ම්‍යධරණී මුහුද සහ එක්සත් ජනපදයට අයත්, ප්‍රහාරක යානා ප්‍රවාහනය කරන නෞකාවන් ඇත්තේ වම් කෙළවරේය. ඉරානයේ සිට ඉරාකය, සිරියාව හෝ ජෝර්දානය පසුකරමින් පැමිණෙන්නට ඇති දුර සැතපුම් සිය ගණනකි.

එතරම් දුරකට ඉතා නිවැරදිව ප්‍රහාරයක් එල්ල කළ හැකි තරම් ඉහළ තාක්ෂණයෙන් යුක්ත ආයුධ ඉරානය සතුව නැත. ඔවුන් සතුව ඇති හොඳම අවිය වන්නේ inertially-guided missile  ය. මෙයට සිංහලෙන් ‘අවස්ථිති මගපෙන්වීමේ මිසයිල’ යනුවෙන් ද හැඳින්විය හැකිය. ගමන් කළ යුතු ස්ථානය ගණනය කොට තීරණය කිරීමේ හැකියාව මේවාට පවතී. නමුත් යුද විශේෂඥයන් පවසන්නේ සැතපුම් සිය ගණනක් ගමන් කරද්දී මේවා බොහෝ විට පතිත වන්නේ ඉලක්ක කළ ස්ථානයට සැතපුම් එකක් හෝ දෙකක් මෙපිටින් බවය. මේ වන විටත් යල් පැන ගිය තාක්ෂණයෙන් යුක්ත මේවායෙන් නෞකාවක් වැනි ගමන් කරමින් පවතින වස්තුවකට ප්‍රහාරයක් එල්ල කිරීමට භාවිත කිරීම නිෂ්පල කාර්යයකි. යම් හෙයකින් මේ මිසයිලයක් කෙසේ හෝ නෞකාව දෙසට ඉතා නිවැරදිව ගමන් කළේ යැයි මොහොතකට හෝ සිතුව ද, ඇමරිකා එක්සත් ජනපද නෞකාවන්ට inertially-guided missile  වලට පහර දී විනාශ කළ හැකි, ශබ්දයේ වේගය පරයා ගමන් කළ හැකි බැලස්ටික් යුධ ශීර්ෂවලින් යුක්ත තාක්ෂණය තිබෙන අතර ඔවුන් ඒවා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන් වූ අවස්ථාවන් ද බොහොමය. 

inertially-guided missile වලට පහර දී විනාශ කළ හැකි ඇමරිකානු යුධ නෞකාවක්

මීට අමතරව ඉරානයට හැකියාව පවතින්නේ ඇමරිකානු හමුදාවට කෙලින්ම මුහුණ මුහුණ සටනකට අවතීර්ණ වීමය. නමුත් ලෝකයේ ප්‍රබලතම හමුදාවක් ඇති ඇමරිකාව සමග එවැනි සටනකට එළැඹීමට තරම් ඉරානය අඥානයකු නොවනු ඇතැයි සිතේ. ත්‍රස්තවාදී කල්ලියක් ගතහොත් ඔවුන් සටන් කරන්නේ සැඟවීගෙන ය. ඔවුන් සිටින නිශ්චිත ස්ථානයක් පිළිබඳ අදහසක් නැත. නමුත් ඉරානය රටක් ලෙස ගතහොත් පැහැදිලි ස්ථානයක් පවතී. පැහැදිලි ඉලක්කයක් පවතී. ඇමරිකාවට පහර දීමෙන් සිදුවෙන්නේ හමාස්වරු ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ගාසා තීරයේ ගොඩනැගිලි සමතලා වූවා හා සමාන ප්‍රතිඵලයක් ඉරානයට අත්වීම පමණි. කෝටි ගණන් වටිනා ගොඩනැගිලි, දේපළ, මිනිස් ජීවිත විනාශ කරගන්නට ඉරානය වර්තමානයේ ඉදිරිපත් වේ යැය සිතිය නොහැකිය. 

එබැවින් ඔවුන් ඇමරිකාව සමග එළිපිට සටනකට එළැඹෙන්නට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අඩුය.


වැඩිදුර කියවීම්

හමාස් ත්‍රස්තයින් වනසන්නට ඊශ්‍රායලයෙන් ‘ස්පොන්ජ් බෝම්බ’

ඊශ්‍රායෙල් යුදෙව්වන් සහ මුස්ලිමුන් අතර පවතින සදාකාලික වෛරයට හේතුව මෙයයි





Wednesday, October 25, 2023

ඊශ්‍රායලය ඉරානයට පහර දුන්නොත් රුසියාව ඉරානය වෙනුවෙන් සටන් වදිනු ඇතිද?



රුසියාවට කිසිදා ඉරානය සමග සිට ගත නොහැකිය. රුසියාවට ඉරානය සමග ඇයි හොඳයිකම් පවත්වන්නට වුවමනා වී ඇත්තේ ඔවුන්ට පර්සියානු ගල්ෆ් ප්‍රදේශයට ප්‍රවේශවීමේ පහසුකම පවත්වාගැනීම සඳහා පමණි.

මේ කතාව ඉරානයේ කුමෙයිනිගේ පාලන සමය දක්වා ගොස් කතා කළ යුතු කාරණයකි. එසමයෙහි කුමෙයිනි විසින් දියත් කළ කුමන්ත්‍රණය වෙනුවෙන් අරගල කරන ලද්දේ සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන්ය. ඉස්ලාමය තුළ කොමියුනිස්ට් හෝ සමාජවාදයට ඉඩක් නොමැත. 

අනෙක එවකට පැවති සෝවියට් සමූහාණ්ඩුව පර්සියානු ගල්ෆ් ප්‍රදේශයට සහ ඉරාන සම්පත්වලට  ප්‍රවේශවීම බටහිර රටවල් කැමැති දෙයක් වූයේ නැත. එබැවින් කුමන්ත්‍රණයේ නායකයන් ලෙස ඉස්ලාම්වාදීන් ඉස්මතු කරවන්නට ඔවුහු රටවල් ක්‍රියා කළහ.

කුමෙයිනි, සිසු අරගලකරුවන් සමග සන්ධානයක් ගොඩ නගා ගත්තේය. ඔවුන්ගේ උදව්වෙන් බලයට පැමිණි වහාම කුමෙයිනි ඉස්ලාමය තුළ කොමියුනිස්ට්වාදයට  හා සමාජවාදයට ඉඩක් නොමැති බව පසක් කරමින් ලක්ෂයක පමණ අරගලකරුවන් පිරිසක් මරා දමන්නට, වදහිංසාවන්ට ලක්කරන්නට සහ සිසුවියන් සමූහ වශයෙන් දූෂණය කරන්ට කටයුතු කළේය. එය තුළ යම්කිසි ආකාරයටකින් සෝවියට් සංගමයට සම්බන්ධ අයෙක් සිටියේ නම් ඉරානයේ යහපත පිළිබඳ සිතා විනාශ කර දමන්නට ද කටයුතු කළේය.

මේ සියල්ල සිදුවන විට ද පුටින් සිටියේ කේ.ජී.බී. රහස් ඔත්තු සේවයේය. පර්සියානුවන් යනු කවුරනැ්දැයි ඔහු හොඳින්ම දන්නා අතර ඔවුන්ව අතේ දුරින් තබාගන්නට ඔහු වගබලා ගත්තේය. කෙසේ නමුත් ඉරානය ලෝකෙයන් හුදෙකලා වන විට එය තමන්ගේ වාසියට යොදා ගන්නට ද රුසියාව කටයුතු කළේය. 

කසාම් අල් සොලෙයිමානි

ඉරාන මේජර් ජෙනරාල්වරයකු වූ කසාම් අල් සොලෙයිමානි 2020 ජනවාරි 3 වැනිදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාකයේ දී ඝාතනය කරන ලදී. ඒ වන විට ඉරානයට අයත් IRGC සංවිධානය සහ එක්සත් ජනපදය යුක්රේනය තුළ ඒකාබද්ධ වැඩකටයුතු කරමින් සිටියහ. (IRGC සංවිධානය යනු Islamic Revolutionary Guard Corps යන්න කෙටි කර දැක්වීමකි. මෙය ඉරාන සන්නද්ධ බලකායන්ගේ ප්‍රාථමික ශාඛාවක් වන අතර එහි අරමුණ වූයේ ඉරාන විප්ලවයෙන් පසු රටින් බාහිරව පැමිණෙන බලවේගවලින් රට ආරක්ෂා කර ගැනීමේ කාර්යයන් කිරීමය.) කසාම්ගේ ඝාතනයෙන් දින 5 කට පසු ටෙහෙරානයේ සිට යුක්රේනයේ කිව් නගරය කරා පියසර කරමින් තිබුණු IRGC සාමාජිකයන්ගේ පිරි ගුවන් යානයක් ඉරානය විසින්ම වෙඩි තමා බිම හෙලන ලදී. මෙය අත්වැරදීමකින් සිදුවූවකැයි ඔවුන් නිවේදනය කළ නමුත් සැබවින්ම එය ඉරානය විසින් හිතාමතාම කරන ලද්දකි. ඉරානය විසින් තමාගේම පිරිසක් මෙසේ ඝාතනය කරන ලද්දේ ඔවුන් තවදුරටත් ඇමරිකාව සමග කිසිදු කටයුත්තක් ඒකාබද්ධව සිදුනොකරන බවට ජාත්‍යන්තරයට ඇඟවීමේ සංඥාවක් වශයෙනි. එයින් පසුව රුසියාව කෙමෙන් ඉරානයට සමීප වන්නට පටන් ගත්තේය. 

IRGC සාමාජිකයන්ගේ පිරි ගුවන් යානය බිම හෙලීමෙන් පසු සුන්බුන්


කෙසේ නමුත්, ඉරානය ආරක්ෂාවක් පිළිබඳ සිතන්නට රුසියාවට අවශ්‍යතාවක් ඇතැයි කිසිසේත් සිතිය නොහැකිය. ඔවුන් කිසිදා ඉරානය ආරක්ෂා කරගැනීම සඳහා යුද වදිනු ඇතැයි සිතිය නොහැකිය. එය කිසිසේත් සිදුනොවිය හැක්කකි.