පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, October 31, 2023

හමාස් ත්‍රස්තයින් වනසන්නට ඊශ්‍රායලයෙන් ‘ස්පොන්ජ් බෝම්බ’ - Will the Sponge Bomb finish the Hamas completely?



ඊශ්‍රායල් ගොඩබිම් හමුදාව ගාසා තීරයට ඇතුළුවීම ආරම්භ කළ මොහොතේ සිට ‘ඊශ්‍රායල ආරක්ෂක බලකායට’ (Israel Defense Forces - IDF) මුහුණ දෙන්නට සිදුව ඇති විශාලතම අභියෝගය සහ බාධකය බවට පත්ව ඇත්තේ හමාස් ත්‍රස්තයන්ගේ උමං මාර්ග පද්ධතියයි. බිම් මට්ටමින් මීටර් 40 - 80 ක් පමණ යටින් පිහිටා ඇති මේවා කිලෝ මීටර් සිය ගණනක් දිගින් යුක්තය. මේ උමං පද්ධති හමාස් ත්‍රස්තයන්ට ආරක්ෂාවන්නට ඇති හොඳම ස්ථානය වන අතර සිවිල් ජනතාව ජීවත්වන ප්‍රදේශවලට යටින් මේවා පිහිටා තිබේ. 

සිය අවි ආයුධ තොග පිටින් හමාස් ත්‍රස්තයන් ගබඩා කොට ඇත්තේ මේවා තුළ වන අතර ඊශ්‍රායල හමුදා ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වන්නට ද මේවා යොදා ගැනේ. 1990 දශකයේ මැද භාගයේ දී පමණ ඔවුන් මේවා ගොඩනැගීම ආරම්භ කළ අතර හමාස් සංවිධානය 2006 වසරේ දී ගාසා කලාපයේ බලය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමෙන් පසු මේ ඉදිකිරීම් වඩාත් වේගවත් කරනු ලැබිණි. 

ඊශ්‍රායල් හමුදාව මේ උමං මාර්ග ඔස්සේ ඇතිවිය හැකි ප්‍රහාර වලක්වා ගැනීම සඳහා සුවිශේෂී බෝම්බ වර්ගයක් නිපදවා ඇති අතර ඔවුන් මෑතක් වන තුරුම මේ පිළිබඳ තොරතුරු හෙළි කළේ නැත. ‘ස්පොන්ජ් බොම්බ’ (Sponge bombs) මේ බෝම්බ වර්ගය ද අනෙක්වා මෙන්ම පුපුරණ ආකාරයෙන් සකස් කොට ඇති අතර පුපුරා යාමත් සමග පෙන වැනි ද්‍රව්‍යයක් එයින් ක්ෂණිකව ප්‍රසාරණය වී ක්ෂණිකව ඝන වෙයි. ඝන වීමත් සමග එහි වාතයට නිරාවරණය වී ඇති පැති ලෝහ තට්ටුවකින් ද ආවරණය වෙයි. මෙය උමං මාර්ගයකට ඇතුළුවන ස්ථානයේ පුපුරුවා හැරීමෙන් එම විවරය මුද්‍රා තැබෙන අතර උමගක් තුළින් ත්‍රස්තයන් පැමිණ ප්‍රහාරයක් එල්ල කිරීමේ තර්ජනය සෑහෙන පමණකින් අඩපණ කිරීමේ හැකියාව මේ බෝම්බ වර්ගයට පවතී. 

2021 වසරේ ගාසා තීරයේ යුද අභ්‍යාසයක යෙදුණු ඊශ්‍රායල ආරක්ෂ බලකාය මේ බෝම්බ වර්ගය යොදා ගනිමින් පුහුණුවීමක යෙදුණු බව වාර්තා වෙයි.

ස්පොන්ජ් බොම්බ’ උමං පද්ධති ඔස්සේ පැමිණිය හැකි තර්ජන සඳහා කදිම විසඳුමක් වුවද එය සදාචාරසම්පන්න බව පිළිබඳ ගැටලු ඇති කරන්නට හේතු වී තිබේ. මේ උමං ඉලක්ක කොට මේ වර්ගයේ ප්‍රහාරයක් එල්ල කිරීමේ දී සාමාන්‍ය ජනතාව අනතුරට පත්වීමේ ඉඩකඩ වැඩිය. එබැවින් අහිංසක ජනතවගේ ජීවිත අනතුරට නොදමමින් මේ කාර්යය ඉටුකරගැනීමේ අභියෝගයක් ඊශ්‍රායල් හමුදා ඉදිරියේ පවතී. එවැන්නක් සිදුවවුහොත් එය ජාත්‍යන්තරයේ අපවාදයට ලක්විය හැකි කාරණයක් වනු ඇත. කෙසේ නමුත් ඔවුන් මෑත දිනවල ජාත්‍යන්තරය කුමක් පැවසුවද ඒවා තුට්ටුවකට හෝ මායිම් නොකරමින් හමාස් ත්‍රස්තයන් වැනසීමේ කාර්යය අඛණ්ඩව සිදුකරගෙන යයි. එක්සත් ජාතීනගේ සංවිධානය පවා කරන්නේ  සිදුවන්නේ කුමක්දැයි සිතා ගනු නොහැකිව බලා සිටීම පමණි.

 

වැඩිදුර කියවීම්

ඊශ්‍රායල සහායට පැමිණි ඇමරිකානු නෞකාවන්ට ඉරානය පහර එල්ල කරයිද?

ඊශ්‍රායෙල් යුදෙව්වන් සහ මුස්ලිමුන් අතර පවතින සදාකාලික වෛරයට හේතුව මෙයයි

2 comments:

  1. අජිත් ධර්ම-ලන්ඩන්October 31, 2023 at 11:28 AM

    මා සෝවියට් දේශයේ අධ්‍යාපනය ලබා, දැන් ලන්ඩනයේ පරිගණක විද්‍යාඥයෙක්.
    හමාස් සංවිධානය සිදුකරන දෑ අනුමත කරන්නේ නැහැ. එසේම මේ වන විට බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුද්ධය ප්‍රකාශ කර තිබෙන්නේ. එම නිසා යුක්රේනය ගැන ලියන්න බැහැ මට.

    කොහොම උනත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපගේ සහය.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න