පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, October 25, 2023

ඊශ්‍රායලය ඉරානයට පහර දුන්නොත් රුසියාව ඉරානය වෙනුවෙන් සටන් වදිනු ඇතිද?



රුසියාවට කිසිදා ඉරානය සමග සිට ගත නොහැකිය. රුසියාවට ඉරානය සමග ඇයි හොඳයිකම් පවත්වන්නට වුවමනා වී ඇත්තේ ඔවුන්ට පර්සියානු ගල්ෆ් ප්‍රදේශයට ප්‍රවේශවීමේ පහසුකම පවත්වාගැනීම සඳහා පමණි.

මේ කතාව ඉරානයේ කුමෙයිනිගේ පාලන සමය දක්වා ගොස් කතා කළ යුතු කාරණයකි. එසමයෙහි කුමෙයිනි විසින් දියත් කළ කුමන්ත්‍රණය වෙනුවෙන් අරගල කරන ලද්දේ සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන්ය. ඉස්ලාමය තුළ කොමියුනිස්ට් හෝ සමාජවාදයට ඉඩක් නොමැත. 

අනෙක එවකට පැවති සෝවියට් සමූහාණ්ඩුව පර්සියානු ගල්ෆ් ප්‍රදේශයට සහ ඉරාන සම්පත්වලට  ප්‍රවේශවීම බටහිර රටවල් කැමැති දෙයක් වූයේ නැත. එබැවින් කුමන්ත්‍රණයේ නායකයන් ලෙස ඉස්ලාම්වාදීන් ඉස්මතු කරවන්නට ඔවුහු රටවල් ක්‍රියා කළහ.

කුමෙයිනි, සිසු අරගලකරුවන් සමග සන්ධානයක් ගොඩ නගා ගත්තේය. ඔවුන්ගේ උදව්වෙන් බලයට පැමිණි වහාම කුමෙයිනි ඉස්ලාමය තුළ කොමියුනිස්ට්වාදයට  හා සමාජවාදයට ඉඩක් නොමැති බව පසක් කරමින් ලක්ෂයක පමණ අරගලකරුවන් පිරිසක් මරා දමන්නට, වදහිංසාවන්ට ලක්කරන්නට සහ සිසුවියන් සමූහ වශයෙන් දූෂණය කරන්ට කටයුතු කළේය. එය තුළ යම්කිසි ආකාරයටකින් සෝවියට් සංගමයට සම්බන්ධ අයෙක් සිටියේ නම් ඉරානයේ යහපත පිළිබඳ සිතා විනාශ කර දමන්නට ද කටයුතු කළේය.

මේ සියල්ල සිදුවන විට ද පුටින් සිටියේ කේ.ජී.බී. රහස් ඔත්තු සේවයේය. පර්සියානුවන් යනු කවුරනැ්දැයි ඔහු හොඳින්ම දන්නා අතර ඔවුන්ව අතේ දුරින් තබාගන්නට ඔහු වගබලා ගත්තේය. කෙසේ නමුත් ඉරානය ලෝකෙයන් හුදෙකලා වන විට එය තමන්ගේ වාසියට යොදා ගන්නට ද රුසියාව කටයුතු කළේය. 

කසාම් අල් සොලෙයිමානි

ඉරාන මේජර් ජෙනරාල්වරයකු වූ කසාම් අල් සොලෙයිමානි 2020 ජනවාරි 3 වැනිදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාකයේ දී ඝාතනය කරන ලදී. ඒ වන විට ඉරානයට අයත් IRGC සංවිධානය සහ එක්සත් ජනපදය යුක්රේනය තුළ ඒකාබද්ධ වැඩකටයුතු කරමින් සිටියහ. (IRGC සංවිධානය යනු Islamic Revolutionary Guard Corps යන්න කෙටි කර දැක්වීමකි. මෙය ඉරාන සන්නද්ධ බලකායන්ගේ ප්‍රාථමික ශාඛාවක් වන අතර එහි අරමුණ වූයේ ඉරාන විප්ලවයෙන් පසු රටින් බාහිරව පැමිණෙන බලවේගවලින් රට ආරක්ෂා කර ගැනීමේ කාර්යයන් කිරීමය.) කසාම්ගේ ඝාතනයෙන් දින 5 කට පසු ටෙහෙරානයේ සිට යුක්රේනයේ කිව් නගරය කරා පියසර කරමින් තිබුණු IRGC සාමාජිකයන්ගේ පිරි ගුවන් යානයක් ඉරානය විසින්ම වෙඩි තමා බිම හෙලන ලදී. මෙය අත්වැරදීමකින් සිදුවූවකැයි ඔවුන් නිවේදනය කළ නමුත් සැබවින්ම එය ඉරානය විසින් හිතාමතාම කරන ලද්දකි. ඉරානය විසින් තමාගේම පිරිසක් මෙසේ ඝාතනය කරන ලද්දේ ඔවුන් තවදුරටත් ඇමරිකාව සමග කිසිදු කටයුත්තක් ඒකාබද්ධව සිදුනොකරන බවට ජාත්‍යන්තරයට ඇඟවීමේ සංඥාවක් වශයෙනි. එයින් පසුව රුසියාව කෙමෙන් ඉරානයට සමීප වන්නට පටන් ගත්තේය. 

IRGC සාමාජිකයන්ගේ පිරි ගුවන් යානය බිම හෙලීමෙන් පසු සුන්බුන්


කෙසේ නමුත්, ඉරානය ආරක්ෂාවක් පිළිබඳ සිතන්නට රුසියාවට අවශ්‍යතාවක් ඇතැයි කිසිසේත් සිතිය නොහැකිය. ඔවුන් කිසිදා ඉරානය ආරක්ෂා කරගැනීම සඳහා යුද වදිනු ඇතැයි සිතිය නොහැකිය. එය කිසිසේත් සිදුනොවිය හැක්කකි. 


6 comments:

  1. හොද වැදගත් ලිපියකි

    ReplyDelete
  2. රණ්ඩු සරුවල් වෙන්නෙපා niranjan මල්ලි වූ වාගේ මොනාද හම්බෙන්නෙ අපි හැමෝම මැරෙනවා සිංහල බෞද්ධයෙක් වශයෙන් අප මේ වෙලාවේ තේරුම් ගත යුත්තේ අනිත්‍යයි ඊස්‍රායලය වුනොත් පනස් තියෙන්නේ වුණත් එකම පවුලේ එකම ගෙවල් ළඟ ඉන්නා අය ඇයි අපි ඒ හින්දා ඒ පාට උල්පන්දම් දෙන්නේ දෙමළ මිනිස්සු පවා අපගේ සහෝදරියන් බව අප සිටිය යුතුයි ඉන්දියාවේ සිටින්නෙත් අපගේ සහෝදරයන් ඊළඟට එතනින් එහා පකිස්ථානය බංගලදේශ මාලදිවයින ඉන්නේ හැමෝම එකම පවුලේ අයයි ඉතින් ඒ හින්දා අපි හැමෝම එක සතුටින් ජීවත් වෙමු තෙරුවන් සරණයි ඔබ සැමට ස්තුතියි

    ReplyDelete
  3. මා කාලයක් සෝවියට් රුසියාවේ අධ්‍යාපනය ලැබුවා. එහිදී මට විශාල ජාත්‍යන්තර සබඳතා හඳුනා ගැනීමට හැකිවුණා එමගින් මා තේරුම් ගත්තේ එය තමයි ඊශ්‍රායල පලස්තීන යුද්ධය රුසියානු යුක්රේන අර්බුදය යනු ගරිල්ලන්ගේ අර්බුදය ඉන්දීය පකිස්තාන සහයෝගීතාවය කාශ්මීර විමුක්ති හමුදාව වැනි දෑ පිටුපස සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය බවයි එය මට ඉතාම පැහැදිලිව කිව හැක ස්තුතියි

    ReplyDelete
  4. මුලින්ම කිව යුත්තේ පලස්තීනය යනුවෙන් රටක් වත් ජනවර්ගයක්වත් නොසිටි බවයි.
    පලස්තීනුවෝ කියන්නේ අරාබීන්ට.
    දෙවියන් වහන්සේ අරාබීන්ට රටවල් 21ක් දී තියෙනවා එව්වා පොඩි රටවලුත් නෙමෙයි හලෝලුව්වා.
    ඒත් උන් යුදෙව්වන්ටවත්, කුර්දීන්ටවත් පොඩි කෑලි දෙකක් දෙන්න කැමති නෑ. තුහ් නොදකිං
    කලයුත්තේ දෙවිගේ අනට කීකරුව පලස්තීනය කියන කෑල්ල යුදෙව්වන්ට බාරදී එම ප්‍රෙද්ශවල අරාබීන්ව අනිත් ආරබි රටවල පදිංචිකරවීමයි. එතකොට දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරනවා
    ආමෙන්!

    ReplyDelete
  5. අජිත් ධර්මකීර්ති කියන්නේ ආවොත් සෙන්ට් ගියොත් ඕඩීකොලොන් ජාතියේ පොරක්. යකෙකුටවත් බය නෑ. මෑන් ගාව මරනෙත් පදිරිවෙලා තියෙනව. ගහනව කිව්වොත් ගැහුවා. මරනව කිව්වොත් මැරුව. මීට පෙරත් ඒවගේ ගේම් ගහපු සුපිරි චරිතයක්. අනික් අටදෙනාම ගියත් නොමැරුනොත් මෙයා තනියම හරි ගේම් එක ප්ලේ කරනව. මීට පෙරත් 88/89 භීෂණ සමයේ රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවේ ලංකාවට ඇවිත් ඒ ගමන්ම තුන්දෙනෙක් එක්ක මාතර ගිහින් කැරලිකරුවන් පිරිසක් පස්සෙන් පන්නල බාවපු සුපිරි චරිතයක්.

    ඒ කාලේ ජේආර් ජනාධිපති. රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමති. ජේආර්ගේ පුතා රවී තමයි ජනපති ඇතුළු ප්‍රභූ ආරක්ෂාව භාරව හිටියේ. එයා ඒකටනේ විශේෂ කාර්ය බලකාය හැදුවෙත්. ඉතින් ඔය කාලේ ජේවීපී ත්‍රස්තවාදය තදටම තියෙනවා. රජයේ දේපල මංකොල්ල කනවා, ගිනි තියනවා, මිනිස්සු මරනවා. එකම අවුලයි.

    ඔය කාලේ මාතර පැත්තේ ගමට ජේවීපී ටෙරාලා සංවිධානය වෙමින් ඉදලා ලොකු ප්‍රහාරයකට. ප්‍රාණ ඇපකරුවන් විදියට ඇමතිවරු දෙදෙනෙකුත් අල්ලා ගෙන. ඕක විසදා ගන්න එක ජේආර් භාර දීලා රවී ජයවර්ධනට සහ රනිල්ට. රනිල් ඒ වෙලේ හිටියේ බියගම බටලන්දේ.

    රනිල්ට එක පාරටම ඔලුවට ඇවිත් තියෙන්නේ මේකට සුදුස්සා නං අජිත් ධර්මකීර්ති කියලා. රනිල් ඒ වෙලේම මොස්කව් වල ශ්‍රී ලංකා තානාතිපති කාර්යාලට රහසිගත කේබල් පණිවිඩ දෙකක් යවලා. එකක් තානාතිපති කාර්යාලය හරහා අජිත් ධර්මකීර්තිට යවලා තියෙන්නේ. අනික එවකට රුසියාවේ ජනාධිපති ගොර්බවෙච්ට.

    රුසියන් ජනාධිපතිට ඉල්ලලා තියෙන්නේ රනිල්ට මේ වෙලේ ලංකාවට ගෙන්න ගන්න අවශ්‍යම කෙනෙක් ඉන්නවා, ඒ අජිත් ධර්මකීර්ති. ඔහුව ගෙන්වා දෙන්න කියලා. අජිත්ගේ පණිවිඩය ලබා දෙන්න අජිත් කොහෙද කියලා කෙජිබි එක දාලා හොයලත් හොයාගන්න බැරි වෙලා.

    පස්සේ බලද්දී අජිත් ඒ වෙලේ කේජිබි ලොක්කා ගැන ඔත්තු බල බලා ඉදලා තියෙන්නේ.

    ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි අජිත්ට පණිවිඩේ දීලා. අජිතුත් කම්මැලි කමේ ඉදලා තියෙන්නේ. ඒ නිසා එක පාරම කැමති වෙලා මාතර ඇවිත් ජේවීපී ටෙරාලා එක්ක සටන් කරන්න.

    රුසියන් ජනාධිපති විසින් රනිල්ගේ ඉල්ලීමට ඇති පදම් ඉන්ධන පුරවපු ඇන්ටනෝව් ගුවන්යානයක් ලබා දීලා අජිත්ට අමතර ඉන්ධන බැරලුත් එක්කම. ඒ පාර අජිත් සහයට තව ගුවන් නියමුව්ක් ඉල්ලාගෙන අජිත්ම යානය අරගෙන ඇවිත් කොග්ගලට.

    එතනින් යානය නවත්තවපු ගමන් පළාත් සභා පැජරෝවක් අරගෙන අජිත් කෙලින්ම ගියේ මාතරට. අජිත්ට තව සෙබළු තුන්දෙනෙක් රනිල් දීලා තිබ්බා.
    අජිත් ධර්මා මාතර ගිහින් ත්‍රස්තයන් බාවලා ඇමතිවරු බේරාගත්තා. අජිත්ට හිරීමක් වත් නැහැ. එක සෙබලෙක් නං එනගමන් ගහක මුලක කකුල පැටලවිල වැටිලා කකුල දෙරි ගහගෙන තිබ්බා. එච්චරයි.

    එකපාරක් තිහගොඩ අපේ කට්ටියක් ජේවීපී ත්‍රස්තයන්ට කොටුවෙලා පන පිටින් අල්ලගන්න කිට්ටුම වෙනකොට තුන්දෙනෙක් එක්ක ගේමට බැහැල ජේවීපී ටෙරාව නන්නත්තාර කරල පොකුරු පිටින් එලොව යවල ටැට්ටරේකුත් අල්ලල අපේ කොටුවුන ටීම් එකත් සීරීමක්වත් නැතුව බේරාගත්තු ජාත්‍යන්තර පොරක්.

    එයාට යුධ පුහුණුව ලබා දීමට රුසියාවෙ කෙජිබි බුද්ධි අංශයට යැව්වේ ඒ කාලේ රනිල් වික්‍රමසිංහ ඇමතිතුමාගේ උවමනාවට.

    ඊට පස්සේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය, ඉන්දියාවේ රෝ ඔත්තු සේවය, බ්‍රිතානයේ බුද්ධි අංශ මගින් පුහුණුව ලබා දුන්නා.

    අජිත් ධර්මකීර්ති මහතා කොතරම් දක්ෂයෙක් දැයි කිවහොත් කොටි සංවිදානයේ ටොසි බුද්ධි අංශයෙනුත් පුහුණුව ලබා ගැනීමට ඔහු සමත් උන.
    බුද්ධි අංශ නායක කර්නල් සුසෙයිගේ අභ්‍යන්තර කවයේත් හිටියා. ඒ ආණ්ඩුවේ උවමනාවට.

    ReplyDelete
    Replies
    1. 1) අජිත් ධර්මකීර්ති මහත්තයා රාජකීය විද්‍යාලයේ පන්ති නායක කම ගත්තේ හම්බුනේ නැති නිසා නෙමේ. උදේම ඇවිත් පන්තිය අතුගාන්න වෙන නිසා.

      2) අජිත්ගේ ඔලුවේ එක කොන්ඩේ ගහක් වත් නැහැ. මොකද අජිත්ගේ ඔලුවට උඩින් කොන්ඩේ වත් ඉන්නේ නෑ, බයට.

      3) එක පාරක් ඇෆ්ගන් යුධ බිමේදී අජිත් ධර්මාගේ මාරයාගේ ගෙදර දොරකඩට ගිහින් ආවා. ඊට පස්සේ අජිත් මාරයාගේ ගෙදර අල්ලා ගත්තා. දැන් මාරයාට ඉන්න තැනක් නැ.

      4) අජිත් කොච්චර අරක්කු බිව්වත් අජිත්ට වෙරි වෙන්නේ නැහැ. ඒ වෙනුවට බෝතලේ වෙරි වෙනවා.

      5) ටයිටනික් චිත්‍රපටියේ ජැක් ගේ චරිතෙට අජිත් ධර්මාකීර්ති තමයි කැමරන් තෝරා ගත්තේ. ඒත් රෝස් ලස්සන මදි කියලා අජිත් බෑ කිව්වා.

      6) කේජිබි එකේ ලොක්කා ගැන ඔත්තු බලන්න දාලා හිටියේ අජිත්ලු.

      7) ජේආර් ව්‍යවස්ථාව හැදුවෙත් අජිත් ධර්මාගේ උපදෙස් අරං

      8) අජිත් ඉපදෙනකොට අජිත් ලෑ තාත්තා ආච්චිගේ බඩේ. අජිත් තමයි තාත්තට නම දාලාත් තියෙන්නේ.

      9) මහින්ද මහත්තයා උඩු රවුල වවන්නේ අජිත් කිව්ව නිසාලු.

      10) අජිත් කොට නිසා ඉස්සර ඉස්කෝලේ බුලි වෙලා, ඒ නිසා අජිත් එයාගේ ළමයි අජිත්ට වඩා උසට හැදුවලු.

      11) අජිත් කවදාවත් අව්ව තපින්නේ නෑ. ඒ වෙනුවට අව්ව අජිත්ව තපිනවාලු.

      12) කොටි එක්ක යුද්දෙදි ඕමන්තෙයි ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගන්න බැරුව හමුදාව මාස තුනක් විතර බලං ඉද්දි අජිත් ඇවිත් ඒක විනාඩියෙන් කඩලා දුන්නලු.

      13) අජිත් කෝච්චි පාරේ ඇවිදන් යනකොට කෝච්චි අයින් වෙලා යනවලු.

      14) අජිත් ධර්මා හුස්ම අරං එලියට දාන්නේ නැල්ලු. මොකද කාබන්ඩයොක්සයිඩ් හොද නැති නිසා. වෙනුවට අජිත් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ඔක්සිජන් එලියට දානවලු.

      15) අජිත්ගේ ඔළුවට උඩින් ඉර උනත් පායන්නේ නැල්ලු, බයට.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න