පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, November 24, 2019

වැරදුණු ජනපතිවරණ අනාවැකි



2019 ජනපතිවරණය පිළිබඳ විවිධ අය විවිධ අනාවැකි ඉදිරිපත් කළහ. ඒවා අතර දේශපාලනමය වශයෙන් සහ ජ්‍යොතිෂමය වශයෙන් වූ අනාවැකි බොහෝ විය. නමුත් ඒවා වැරදී ගියේය. කෙසේ නමුත් රටේ සාමාන්‍ය මිනිසුන් සිතන පතන ආකාරය ගැන දැනුවත්ව සිටියේ නම් දේශපාලනය හෝ ජ්‍යොතිෂය නැති වුව ද නිවැරදි අනාවැකි පළකරන්නට පුළුවන් කම තිබිණි. අපට උපදෙස් දෙන්නට මාධ්‍යවලින් පැමිණෙන මොවුනට නැත්තේ ද ඒ අවබෝධමය. එසේ හෙයින් මොවුන් මාධ්‍යවලින් තවදුරටත් පිම්බීමේ තේරුමක් තිබේද?





Friday, November 22, 2019

දෙමළ මුස්ලිම් ඡන්ද වැටුනේ ද සිංහල නායකයකුටමද?

Source : https://en.wikipedia.org/wiki/2019_Sri_Lankan_presidential_election


මෙවර ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලවලට අනුව සමාජ ජාලවල සහ තවත් බොහෝ වෙබ් අඩවිවල පැතිර යමින් පවතින එක් කරුණක් වන්නේ ලංකාවේ සුළු ජාතීන් සියලු දෙනා එක් රොක් වූයේ දෙමළ හෝ මුස්ලිම් නායකයන් වටා නොව සිංහල නායකයන් වටා යන්නය. ගෝටාබය රාජපක්ෂ ජනපතිතුමා රුවන්වැලි සෑය අසලදී පැවසූයේ තමා ජයග්‍රහණය කළේ සිංහල ඡන්දවලින් ය යන්නය. මෙය මෙය ඇතැමුන්ට වහකදුරු මෙන් තිත්ත කතාවක් බවට පත්ව ඇති බව පෙනේ. මෙය ප්‍රතිඋත්තර ලෙස සමාජ ජාලවල පැතිරෙන්නට වූයේ සුළු ජාතික ඡන්ද වැටුණේ ද සිංහල නායකයකුට බවය. නමුත් සැබවින්ම සිදුව ඇත්තේ එයද?


උතුරු නැගෙනහිර ඡන්ද වැටුණේ සජිත් ප්‍රේමදාස මහතාටය. බැලූ බැල්මට ඔහු ද සිංහල නායකයකු නිසාත් ඔහුට සුළු ජාතික ඡන්ද ලැබුණු නිසාත් මතුපිටින් පෙනෙන්නේ සුළු ජාතීන් ද සිංහල නායකයකු වටා පෙළ ගැසෙන බවකි. නමුත් සිදුවූයේ එය නොවන බව ද මෙම කතාව පතුරුවන්නන්ගේ හෘද සාක්ෂිය දනිති. නමුත් මේ සියලු දෙනා ඉන්නේ සංහිඳියා මානසිකත්වය තුළය. එම මානසිකත්වය තුළ දෙමළ ජාතිකවාදය ඉස්මතු වූවාට ගැටලුවක් නැත. මුස්ලිම් ජාතිකවාදය ඉස්මතු වූවාට ගැටලුවක් නැත. නමුත් ගැටලුව වන්නේ සිංහල ජාතිකවාදය ඉස්මතුවීමය. ගෝටාබය රාජපක්ෂ ජනපතිතුමන් සිංහලයන් ඉහළට ඔසවා තැබීම මොවුනට රුස්සන්නේ නැත. ඔවුන් මෙවැනි කතාවක් පතුරුවමින් සිටින්නේ මේ නිසාය. 


සුළු ජාතිකයන් නියෝජනය කරනා දේශපාලුවන්ට ඕනෑ කළේ ඉදිරියේ පත්වන ජනපතිවරයා ලවා තම අවශ්‍යතාවන් ඉටු කරවා ගැනීමය. විශේෂයෙන් දෙමළ සංධානය ඉල්ලීම් ගණනාවක් ම මේ සඳහා ඉදිරිපත් කළේය. මේ ඉල්ලීම්වලට ගෝටාබය රාජපක්ෂ මහතා අකැමැත්ත පළ කළ අතර සුළු ජාතික ඡන්දවලින් ගොඩ යාමට හැකිය කියා සජිත් ප්‍රේමදාස මහතා ඒවාට කැමැත්ත පළ කළේය. මේ නිසා සුළු ජාතීන් නියෝජනය කරන දේශපාලුවන් එම පළාත්වල රැස්වීම පවත්වමින් පැවසූයේ තම අයිතිවාසිකම් දිනාගැනීමට නම් සජිත් දිනවිය යුතුය කියාය. එම පළාත්වල ජනතාව තමා නියෝජනය කරන දේශපාලුවන් පවසන දේ කරනවා මිස ඉන් බැහැර යමක් නොකරන බව ඉතිහාසය පුරා සාක්ෂි තිබේ. මේ නිසා ඔවුන් සිය ඡන්දය පාවිච්චි කළේ සජිත් වෙනුවෙනි. යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා මේ ඉල්ලීම්‍ ප්‍රතික්ෂේප කළේ නම් තත්වය වෙනස් වන්නට ද ඉඩ තිබිණි. සුළු ජාතීන් ඉතිහාසයේ බොහෝ අවස්ථාවල දී ඡන්ද භාවිත කළේ තමා නියෝජනය කරන දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් සපුරාලනු පිණිස මිස සිය කැමැත්ත අනුව නොවේ. මෙවර සිදුවූයේ ද එයයි.



Tuesday, November 19, 2019

අවසානයේ සිංහලයා ජයග්‍රහණය කළේය - At last, Sinhalese Won



2015 ඊනියා යහපාලන පාලන තන්ත්‍රයක් බිහි වීමෙන් පසු ‘සිංහල‘ යන වචනය පවා පැවසීම සංහිඳියාවට තර්ජනයක් යැයි මතයක් පැතිරී ගියේය. සිංහලයා නපුංශක ජාතියක් කිරීමට එකී පාලකයන් ගත් ප්‍රයත්නයන් දරා සිටින්නට නොහැකි තැන මම 2015 ජූනි මාසයේ බ්ලොග් සටහනක් තැබුවෙමි. (කැමති නම් එය මෙතැනින් කියවන්න) ඉන් වසර 4 කට පසුව නව ජනපතිවරයෙක් පත්ව සිටී. ඔහු ගෝටාභය රාජපක්ෂයි. පවුල් පාලනයක් හෝ වෙන මලඉලව්වක් ද කියා මට පලක් නැත. සිංහල යැයි නිර්භයව පවසන නායකයෙක් පත්ව තිබේ. ඔහු රුවන්වැලිසෑය අසල සිට කළ කතාවෙන් ඇඟ හිරි වැටී ගියේය. ඔහු රට හදාවී යැයි මට සිතේ.

නව ජනපතිතුමනි, රැකියාවක් කොට මුදල් උපයා ජීවත්වන්නට අපට හැකිය.
නොමිලේ කිසිවක් අවැසි නැත.
මේ රට හදා දෙන්න
පුරවැසියෙක් වශයෙන් මගේ ඉල්ලීම එයයි.
සෞභාග්‍යයේ දැක්මක් ඇති ඔබට ජය!