විවාහයකදී
කාන්තාවක හා පිරිමියකු අතර පැවතිය යුතු වයස් පරතරය පිළිබඳ අප සමාජයේ බොහෝ දෙනෙකු
තුළ නොයෙක් ආකාරයේ අදහස් පවතිනු බැව් පෙනේ. වයස අවුරුදු 21 සම්පූර්ණ වූ ඕනෑම
අයෙකුට විවාහ වීමේ නීතිමය අයිතිය හිමි වේ.
කෙසේ නමුත් කාන්තාවගේ වයස කොපමණ විය යුතුද හෝ පිරිමියාගේ වයස කොපමණ විය යුතුද හෝ
යනුවෙන් නීතියේ අර්ථ දැක්වීමක් එතැනදී සිදු කොට නැත. එම වයස් සීමාව සම්පූර්ණ වූ
ඕනෑම අයෙකුට ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී විවාහ වීමේ අයිතිය තිබේ. නමුත් මේ පිළිබඳව
සංස්කෘතික හා සමාජමය පසුබිමක් පවතී. කෙසේ නමුත් මෙම පසුබිම මුළු ලෝකයටම පොදු වූවක්
නොවේ. මෙය ජන සමාජයෙන් සමාජයට, ජන
සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වේ. කෙසේ නමුත් විවාහයකදී කාන්තාවට වඩා පිරිමියා
වැඩිමහල් විය යුතුය යන්න ලෝකයේ බොහෝ රටවල්
පවතින පොදු සම්මතයකි.
මුළු ලෝකය
පුරාම ඉහත සම්මතය පැවතුන ද මේ සම්බන්ධ අර්ථකථන සමාජයෙන් සමාජයට වෙනස් වේ. කෙසේ
නමුත් ලෝකයේ සෙසු රටවල් සේම අප රටේ ද ලාබාල පිරිමින් සමග කාන්තාවන් විවාහ වනු ඕනෑ
තරම් අසන්නට දකින්නට ලැබේ. එය සමාජමය වශයෙන් කිසියම් අකාරයට ප්‍රශ්නයක් බවට පත් විය
හැක තත්වයකි. කෙසේ නමුත් වැඩිහිටි කාන්තාවක සමග ලාබාල පිරිමියක විවාහ වූ
අවස්ථාවකදී වෙනත් විවාහයන්ට වඩා ඒ කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීමට අප සමාජයේ
වැඩි නැඹුරුවක් අති බැව් පැහැදිලිව පෙනෙන්ට ඇති දෙයකි. එමෙන්ම ඉතාම ලාබාල කාන්තාවක
සමග වැඩිහිටි පිරිමියකු විවාහ වුවහොත් ඒ සම්බන්ධව විශේෂ සැලකිල්ලක් දැක්වීම ද
සමාජයේ දක්නට ලැබෙන දෙයකි. මෙය අපගේ සමාජ සංස්කෘතිමය පසුබිම මුල්කොට ගෙන ඇති
වූවකි. කාන්තාව සහ පිරිමියා අතර විවාහයකදී වයස් පරතරය කෙතරම් විය යුතුද යන
කතිකාවක් පැන නගින්නේ මේ නිසාය. නමුත් ඒ සම්බන්ධව නිශ්චිත පිළිතුරක් මෙතෙක් ඉදිරිපත්
වී නැති අතර එවැන්නක් ඉදිරියේදී ඉදිරිපත් වේද යන්න ද සැකසහිතය.
අවුරුදු
විස්සක කාන්තාවක් අවුරුදු හතළිහක පිරිමියකු හා විවාහ වුවහොත්, එනම් අවුරුදු විස්සක
වයස් පරතරයක් ඇතිව විවාහයක් සිදු වුවහොත් එයට වඩා අඩු වයස් පරතර ඇති විවාහ සමාජයේ
එතරම් සැලකිල්ලකට බඳුන් වන්නේ නැත. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මක වශයෙන්
කාන්තාවක් අවුරුදු 21 න් පසුව
දරුවන් ලැබීමට සුදුසු වෙතැයි පැවසේ. කෙසේ නමුත් කාන්තාවකගේ මේ හැකියාව අවුරුදු 40 වන විට අවම තත්වයට
පත්වේ. පසුව අවුරුදු 45 පමණ වන විට
ආර්තවහරණයට පත්වී ඇය දරුවන් නොලබන තත්වයට පත්වේ. නමුත් පිරිමියකු සතු ප්‍රජනන හා
ලිංගික හැකියාව ඒ ආකාරයෙන් ක්ෂය වී යන්නේ නැත. යම්කිසි ආකාරයකට අඩුවක් පෙන්නුම් කළ
ද පිරිමියකු සතු ප්‍රජනන ශක්තිය සාමාන්‍යයෙන් අවුරුදු 70ක් පමණ තෙක් පවතී.
අවුරුදු 21 ක පිරිමියකු අවුරුදු 41 ක කන්තාවක සමග විවාහ
වූයේ යැයි මඳකට සිතමු. එවිට යටකී කාරණය මුල් කොට
ඔවුනට දරුවන් ලැබීමේ ගැටලුවක් පැන නැගීමට ඇති හැකියාවක් තිබේ. ඒ හැරුණු කොට
ජෛවමය වශයෙන් මෙහි වෙනත් විශාල බලපෑමක් ඇතිවන්නේ නැත. නමුත් ඉහත සඳහන් කළ ආකාරයට
මෙවැනි කැපී පෙනෙන විශේෂ වයස් පරතරයක් සහිත යුවලක් (බිරිඳ බොහෝ වැඩිමහලු හෝ සැමියා
ඉතා වැඩිමහලු) සමාජගත ගත ජීවිතයේදී සමාජ සංස්කෘතෘකමය වශයෙන් විවිධ බලපෑම් එල්ල විය
හැකිය. මෙය ඔවුනට මානසික වශයෙන් ගැටලුකාරී තත්වයක් ඇති කළ හැකි තත්වයකි. උදාහරණයක්
ලෙස අවුරුදු 50 ක පමණ
පිරිමියකු සමඟ විවාහ වුණු අවුරුදු 21ක පමණ කාන්තාවක මහමග යද්දී ඔවුන් දෙදෙනා විවාහක යුවලක්
බැව් අන්‍යයන් දැනගැනීමෙන් පසුව ඔවුන් දෙස
විශේෂ ආකාරයකින් බලනු වැළැක්විය හැකි දෙයක් නොවේ. එහිදී ඇතැම් විට පිරිමියාට මෙසේ
සිතෙන්නට පුළුවන.
“අනේ මම වයසයි
නේ. මගේ බිරිඳ මට වඩා ගොඩක් තරුණයි නේ.”
එපමණකින්
සමාජමය බලපෑම නතර වන්නේ නැත. පිරිමියාගේ වැඩි වයස් සහගත තත්වය නිසා ඔහුට කායික හා
මානසික වශයෙන් යටකී ලාබාල කාන්තාව සතුටු කිරීමට හැකියාවක් නොමැති බව සමාජයේ සිටින
ඇතැමුන් සිතන්නට ඉඩ තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජයේ ඇතැම් පිරිමින්ගේ නොමනා බලපෑම්
යටකී කාන්තාව වෙත එල්ල වන්නට පුළුවන. එය පිරිමියෙකු තුළ මානසික ආතති තත්වයක් ඇති
කිරීමට බොහෝ විට ඉඩකඩ තිබේ. නිරන්තරවම මෙවැනි මානසික ආතතියකින් පසුවීම නිසා තුළ ඔහු
‛විෂාදය’
වැනි මානසික රෝග
තත්වයකට ඇතිවන්නට ඉඩ තිබේ. එහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ පෞරුෂ හා පවුල් අර්බුද පැන
නැගීමය. එමෙන්ම බොහෝ වියපත් කාන්තාවක ලාබාල තරුණයකු සමඟ විවාහ වුවහොත් අර කාන්තාවට
ද සමාජයෙන් නොයෙක් ආකාරයේ බලපෑම් එල්ල වේ. එවිට ඇයට මෙසේ සිතෙන්නට හැකිය.
“අනේ මම
මහලුයි. ඔහුට තරුණියන්ගේ ඇල්ම බැල්ම යොමු වෙනවා. මට ඒක නවත්තන්න බැහැ.”
මෙය යටකී
අවස්ථාවේදී මෙන් විෂාද තත්වයක් තත්වයක් දක්වා වර්ධනය වන්නට ඉඩ ඇත.
සාමාන්‍යයෙන්
අවරුදු 50න් පමණ පසුව බොහෝ
දෙනෙකු තුළ කායික හා මානසික බෙලහීනතා ඇති වේ. ‛ඩිමන්ෂියා’ නම් රෝග තත්වය එවැන්නකි. මෙය පවුල් ආරවුල්
තත්වය දක්වාම ඔඩු දිවිය හැකි මානසික බලපෑමක්
වේ. එම නිසා පොදු වේ හැකිතාක් දුරට වයස් සීමාව නිශ්චිතව පැවසිය නොහැකි මුත්
විවාහයකදී සම වයසේ හෝ අවම වයස් පරතරයක් තුළ දෙදෙනා සිටිනවා නම් ගැටලුව නිරාකරණය
වේ. කෙසේ නමුත් සැමියා සියලු විටම
වැඩිමහලු විය යුතු යැයි අපට පැවසීමේ හැකියාවක් නැත. කෙසේ නමුත් කාන්තිව වැඩිමහලු
නම් සහ ඇය අවුරුදු 45 පමණ වියෙහි
පසුවන්නේ නම් ඇයට එම වයසේදී පිරිමියකතුගේ තරමට ප්‍රජනන හෝ ලිංගික හැකියාව පවතින්නේ
නැත. මෙය සැලකිල්ලට ගැනීමේදී පැවසිය හැක්කේ බිරිඳ ලාබාල වීම වඩා යහපත් බවය. අප සමාජයේ
‛ඩවුන්ගේ
සහලක්ෂණය සහිත දරුවන් බිහිවීමේ ප්‍රතිශතය අතින් බැලුවහොත් අවුරුදු 36 ට වැඩි මව්වරුන්ගෙන්
බිහිවන දරුවන් එම තත්වයට පත්වීමේ වැඩි හැකියාවක් පවතින බව බොහෝ පර්යේෂණ මගින්
හෙළිවී තිබේ. එමෙන්ම නවීනතම විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් දී සොයාගෙන ඇති තවත්
සුවිශේෂ කරුණක් වන්නේ වයස අවුරුදු 40ට වැඩි පියවරුන්ට දාව ලැබෙන දරුවන්ට ‛ඕටිසම්’ නම් රෝගය වැළඳීමේ වැඩි
නැඹුරුවක් පවතින බවය. මෙය සියලු දෙනාටම බලපාන තත්වයක් නොව වැඩි සම්භාවිතාවකින්
සිදුවන්නක් බව සැලකිය යුතුය. අපට පොදු වේ හැඟී යන කාරණයක් වන්නේ වයස අවුරුදු 35ට අඩු කාන්තාවකුත් වයස
අවුරුදු 40කට අඩු
පිරිමියකුත් අතර විවාහයක් සිදුවන්නේ නම් එය ප්‍රජනන කටයුතු අතින් වඩාත් සුදුසු
බැව් සඳහන් කළ හැකිය. ඒ අනුව අපට පෙනී යන කාරණය වන්නේ මේ වයස් පරතරය සඳහා හොඳම
වයස් සීමාව වසර 6ක් බව ය. කෙසේ
නමුත් මෙය අවුරුදු 10 - 16 වුව ද එහි
විශාල ගැටලුවක් ඇති නොවන බව ද පැවසිය යුතුය.
පියදාස සිරිසේන මෙසේ කියා ඇත.
ReplyDeleteමිනිහාට වඩා ගැහැණිය වයසෙන් අඩු විය යුතුයි. මිනිහා ගේ වයස දෙකෙන් බෙදා හතක් එකතු කළ විට ගැහැණිය ගේ ප්‍රශස්ත වයස ලැබේ.
25 ==> 20
30 ==> 22
40 ==> 27
50 ==> 32
මේක නම් නියම සූත්‍රයක්. අපේ අලුත් පරම්පරාවේ කට්ටිය මේක තවම දන්නේ නැතිව ඇති මයෙ හිතේ.
Delete